අපරාධ 16කට සම්බන්ධ තිදෙනෙක් පාදුක්කේදී සැකපිට අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.
ඉන් දෙදෙනකු මේ වසරේ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පැන ගිය අය වන අතර එක් අයකු පොලිසියෙන් නෙරපූ කොස්තාපල්වරයෙකි.
බන්ධනාගාර නිලධාරියකුගේ සමීප නෑයෙකු ඔවුනට රැකවරණය දී ඇතැයි කියති.
යතුරුපැදි දෙකකින් යද්දී ඔවුහු අත්අඩංගුවට ගනු ලැබූහ.
හිරෙන් පැන මාස පහක් ඇතුළත රුපියල් කෝටියකට අධික බඩු භාණ්ඩ සොරකම් කර ඇතැයි පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙවල් බිඳින්නෙ නැතුව කෝටි ගණන් හොරකම් කරපු සමහර අය වෙසක් පුද පූජා පවා කරමින් යහතින් වැජඹෙති. (නි)
මම හිතුවේ මුලින් පාර්ලිමේන්තුවේදී කියලා ඇල්ලුවේ (නි)
යකෝ , අපි අපරාදේ මැරෙනවා. කීයක් හරි හොයාගන්න මෙන්න කරනවා නම් වැඩ. (නි)
වදක බෙරේත් හොරකම් කරයි එහෙනම්.(නදී)
හොරකම් කරපුවාගෙන් කොමිසන් එකක් ඔය කට්ටියටම යනවා ඇති (නි)
බන්ධනාගාර නිලධාරියාගේ සමීපතම නෑයමද දන්නෙ නැහැ රිමාන්ඩ් බන්ධනාගාරයෙන් පනින්නත් උදව් කරන්න ඇත්තේ. අනේ අම්මපා මෙහෙමත් නාටක. නිලධාරීන් සුද්ධයි, ඔවුන්ගේ නෑයන් අසුද්ධයි. (නි)
බලාගෙන ගියාම අද කව්ද හොරුන් නොවන්නේ ?(නදී)
දැන් දැන් පොලිසියට සම්බන්ධ අය අපරාධවලට අහුවෙන හැටියට බය හිතෙනවා. කට්ටිය වැලිකඩ විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධියක් කරපු අය වගෙයි. නැත්නම් 6 මාසෙට කෝටියක්? (නි)
බඩු මිල පාලනයකින් තොරව අහස උසට නගින එක මදිවට දැන් ගෙදරක ඉන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නේ. රට බේරා ගත්තා කියලා උත්සව නම් තාම අඩුවක් නැහැ. (නි)
ලුම්බිණි ඔබ හරි, මෙයාලට දැනෙන්න නම් ජීවිත් කාලෙටම හිරේ දාන්නා ඕනේ.(නදී)
හොරු කිව්වම පුදුම හොරු . පොලිසියෙනුත් එක හොරෙක්. වැටත් කුඹුරත් ගොයම් කනවා කියන්නේ මේවට.(නදී)
හොරුන්ගෙත් හොරු පොලිස් හොරු.(නදී)