දක්ෂිණ අධිවේගී මාර්ගයෙන් තේක්ක උළුවහු හා ලෑලි තොගයක් කොට්ටාවට රැගෙන ඒමට පෞද්ගලික බස් රියදුරකු ගත් උත්සාහයක් වළක්වා රියදුරා හා කොන්දොස්තර බසයද සමග ගොඩගම පිවිසුමේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.
කටුවන සිට ආ මෙම බසය ගොඩගම පිවිසුමේ අයකැමි කවුන්ටරය අසල කණුවක ද වැදී අලාබ සිදුවී ඇතැයි පොලිසිය පවසයි.
මෙම බස් රථයේ පිටුපස වීදුරුවේ ‘අපි යක්කුන්ටත් කුක්කු පෙව්වේ කොක්කු පෙන්නලා‘ යනුවෙන් වැකියක්ද සඳහන්ව තිබිණි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් කොක්කු පෙනෙයි හොඳට (නි)
ඔය කුක්කු හම්බවුණේ... මොනතරම් කාලෙක ඉඳලා ඔය ජාවාරම කරන්න ඇද්ද? (නි)
ඩිෆෙන්ඩර් වලින් ගේනවා නම් මොකුත් ප්‍රශ්න නැහැනේ. (නි)
මේගොල්ලෝ කාලයක් පොලිසියට "කොක්කු" පෙන්න පෙන්නා, දේශපාලුවන්ට "කුක්කු"පොව පොවා මේ බිස්නස් එක කරගෙන යන්න ඇති. නමුත් අවසානයේදී පොලිසියේ ඉන්න "කුක්කු බොන්නේ නැති යක්කු" ටිකකට අහුවුණා. මොක්කු වුණත් කමක් නැහැ, දිය හැකි උපරිම දඬුවම දෙන්න ඕනෑ. (නි)
හරි නම් මේ වගේ වැඩවලට සහයදුන් රියදුරු කොන්දොස්තර සේවයෙන් පහකිරීමත්, මෙම බස් රථය හිමිකරුත් මේ පිටුපස සිටීනම් බසයේ මාර්ග බලපත්‍ර තහනම් කිරීමත් සිදුකළ යුතුයි නේද? පිටුපස සදහන් වචන වලින් මේගැන ලොකු දෙයක් කියාපානවා. (නි)
මොවුන්ට හැකි උපරිම දඬුවම් දෙන්න (නි)
හොඳ වෙලාවට මුස්ලිම් ජාතිකයෙක් නොවුනේ, නෙත්තම් එකත් විල්පත්තුවටම බර වෙනවා (කෞ)