රජයේ දෙපාර්තමේන්තු හා ප්‍රමුඛ පෙළේ තේ අපනයනකරුවකුගේ ලිපි ශීර්ෂ හා මුද්‍රා හොරට හදා තේ අපනයනය කළැයි කියන පුද්ගලයෙක් කොළඹ මහේස්ත්‍රාත් උසාවියේදී අද වරද පිළිගත්තේය.
කැළණිය දළුගම රෝයල් ප්ලේස් හි ඒ එම් ආර් පුෂ්ප කුමාර් පෙරේරා නම් වු මොහු ව්‍යාජ ලියැවිලි ඉදිරිපත් කරමින් තේ පිටරට යවා ඇතැයි පොලිස් විශේෂ කාර්ය බළකාය බොරැල්ල කොටා පාරේදී ඔහු අත්අඩංගුවට ගෙන ඇතැයි රහස් පොලිස් උප පරීක්ෂක සුනිල් සරණපාල මහතා පැමිණිල්ල ඉදිරිපත් කරමින් කියා සිටියේය.
ඔහුට දඩුවම් නියම කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා ඔහුට දඩුවම් නියම කිරීම ජනවාරී 21 ට කල් තැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඔය කියන ප්‍රසිද්ධ ව්‍යාපාරිකයාට නොව රටට කල අපරාධයක්. පිළිගත් නමකින් කුණුරොඩු විකිණීම නිසා නම කැතවෙන්නේ අපේ රටේ. බලමුකෝ 'වරදට සරිලන දඬුවමක්' ලැබෙයිද කියල.(අ)
අරයා කිවුවේ කාටද ධම්ම? (නි)
"අරයා කිව්වේ කාටද?" දන්නැද්ද අනේ අර අරයා. (ස)
අනේ අපට තේ එකක්වත් බොන්න බැරි වෙයිද?මෙයාට පැය 6ක වත් දඬුවම් ලැබේද? (නි)
සුභ මොහොතින් අදම දඬුවම දෙන්න තිබුනේ,(ස)
අරයා කිව්වේ කාටද? (නි)
අරයාට දැන් අපල කාලයක්. ළඟකදී කොහෙද රැස්වීමක ඉඳගන්න පුටුවක් නැතිව හිටගෙන හිටියා කියල පත්තරේක තිබුන (නදී)
කැලණිය නේද? රජ කාලේ දඬුවමක් දෙන්න. (අ)
සමාවෙන්න දයා අලහකෝන්, මොහොමඩ්, ඒක නම් කියන්නේ නැහැ, මට කැලණියේ ජීවත්වෙන්න ඕනෑ නිසා. (නි)
'අරයාත්' ඕකේ කොණක නැතිවෙන්න නම් බැහැ.(ස)