ඉතාලියේ ඇතැම් ශ්‍රී ලාංකික ගුවන් ටිකට් පත් වංචා ආයතන දිනෙන් දින ඉහළ යතියි එරට ලාංකිකයෝ පවසති.
පසුගියදා වෙරෝනා නුවර ලාංකිකයකුට අයත් ගුවන් ටිකට් පත් අලවි සැලකින් ගත් ගුවන් ටිකට් පත් පහක් අතැතිව වැනිස් ජාත්‍යන්තර ගුවන් තොටුපළින් ශ්‍රී ලංකාව බලා පිටත්වීමට ගිය පස් දෙනෙකුට නැවත හැරී ඒමට සිදු විය.
එම ටිකට් ව්‍යාජ බව ගුවන්තොට නිලධරයෝ කීහ.
එම ගුවන් ටිකට් පත් විකුණු ආයතනයේ කිසිවෙකු මේ වන විට සොයා ගැනීමට නොහැකි බවත් එම ආයතනයේ තවත් ශාකා දෙකක් මිලානෝ හා රෝම නගරයන් හි පවත්වාගෙන යන බවත් ගුවන් ටිකට් පත් වංචාවට හසුවූවෝ පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජෝය් ඩයස්, ඉතාලියේ වංචා සිදුවීම ලංකාවේ ප්‍රශ්නයක් නොවෙයි නේද? ලංකාව කොහොමද ඒකට පිළියම් යොදන්නේ. ඉතාලි පොලිසියට පැමිණිලි කලේ නැද්ද? (නදී)
දැන් අන්තර්ජාලය හරහා තරඟකාරී මිළකට ගුවන් සමාගම් මගින් කෙලින්ම ගුවන් ටිකෙට් පත් මිළදී ගැනීමට හැකියාව තිබෙද්දිත් කවුද හොර ඒජන්සිවලට සල්ලි පුජ කරන්නේ ? ලංකාවේ පිටිසර ගම්වල ජිවත්වන මිනිස්සුත් දැන් අන්තර්ජාලය හරහා ටිකෙට් පත් වෙන්කර වගනී . මේ ගොල්ල ඉතාලියේ ඉඳගෙනත් මේ මොනවද කරන්නේ ? (අ)
ඉතාලියේ සිදුවෙන වංචා දූෂණ එමටයි. ඉන් විශාල ශ්‍රී ලාංකිකයන් පිරිසක් අද වෙනකොට අපහසුතාවයට පත්වෙලා ඉන්නවා .මේවාට නිසි පිලියම් යොදනවානම් මෙවෑනි සිදුවීම් අවම වෙනවා.ලංකාදීප එසෑණට ස්තුතියි. මෙවා ලෝකයට නිරාවරණය කරනවාට. (අ)
මේ සිද්දිය වෙලා දැන් සතියකටත් වැඩියි මේ සල්ලි අරන් පැනපු ජෝඩුව ලංකාවේ මහරගම පමුණුවේ (දී)
මේවා මුළු ලෝකයම හිනස්සන වැඩ (දී)
මොදෙනා නගරයේත් හොද පොලු කාරයෝ ඉන්නවා.ඕනනං නම් වශයෙනුත් දෙන්න පුළුවන්.(දී)
කට්ටියගේ නම් පලකරන්න හැමෝටම දැනගන්න. නැත්නම් තව කොහෙන්හරි පොප් අප් වෙයි.
මේ දේවල් ගැන මීට වඩා සොයා බැලිය යුතුයි (දී)
ඇ මේ තවම ලංකාවේ අයගෙන් ටිකෙට් ගන්නේ ,ඉතාලි රජයේ අනුමත ඉතාලි අජන්සි වලින් නේද ටිකට් ගන්න එක විශ්වාස. (අ)
අන්තර්ජාලයෙන් ටකට් එක ගන්ක.(නදී)