මහව මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වූ නඩු දෙකකට වරද පිළිගත් සැකකරුවකු සම්බන්ධයෙන් දඩුවම් නියම කිරීමට පෙර ඇඟිලි සලකුණු වාර්තා කැදවීමේ දී ඔහු මනුෂ්‍ය ඝාතනයක් සිදුකර ජීවිතාන්තය දක්වා සිරදඩුවම් නියමවූවකු බවට ලද වාර්තාවක් සැලකිල්ලට ගත් මහව අතිරේක මහේස්ත්‍රාත් දමිත විජේසිංහ මහතා ලබන හෙට (08) තෙක් ඔහු රිමාන්ඩ් කරන ලෙස නියෝග කළේය.
ජීවිතාන්තය දක්වා බන්ධානාගාර ගත කැරුණු පුද්ගලයකු නිදැල්ලේ සිටින්නේ කෙසේදැයි සොයා බලන ලෙසත්, ඊට අදාළ තොරතුරු නැවත වරක් ඇඟිලි සලකුණු අංශයේ ලේඛකාධිකාරීට යොමු කර වාර්තාවක් ලබා ගන්නා ලෙසත් නියෝග කළ මහේස්ත්‍රාත් එම වාර්තාව ලැබෙන තෙක් ඔහු රිමාන්ඩ් කළේය.
1985 දී හිරේට නියම වූ ඇති මොහු වසර 29ක්ම එළියේ සිටි බව උසාවියේ දී කැයිවිණි.
2025 දෙසැම්බර් මස 04
690
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
554
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
449
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
හිරේ ගිය මිනිහා වසර 29ක්ම එළියේ
අල්විස් Monday, 07 April 2014 08:33 PM
තටු ආ කුරුල්ලෙක් කූඩුවෙන් පියඹලා.... (නි)
උපුල් Monday, 07 April 2014 08:40 PM
මේක නම් ආශ්චර්යයක් (නි)
චන්ද්‍රා Monday, 07 April 2014 09:04 PM
පුදුම වෙන්න දෙයක් නැහැ. මහව කියන්නෙත් ලංකාවම තමා.... (නි)
ජෝන් Monday, 07 April 2014 09:07 PM
අපේ අතිගරු ජනාධිපතිතුමාව දන්නා කෙනෙක් වෙන්න ඇති (නි)
අස්මිත් Monday, 07 April 2014 09:12 PM
අයියෝ! ඕවා සුළු දේවල්නේ. මීටත් වඩා 'කෙරුමෝ' නිදැල්ලේ කීදාහක් ලංකාවෙත් පිටරට වලත් යහතින් ජීවත් වෙනවද? ඒ නිසා නේද අපේ රට මෙතරම් ආශ්චර්යවත් වෙලා තියෙන්නේ! (නි)
ලීලා Monday, 07 April 2014 09:41 PM
ඔන්න තියෙනවා තරම (දී)
ෆාතිමා Monday, 07 April 2014 10:31 PM
ජිවිතේ අන්තිම කාලේ ඒ මනුස්සයාව හිරේ තියන්න ඕනේ නැහැ ගෙදරම ඉන්න දෙන්න (දී)
මුණසිංහ Monday, 07 April 2014 10:46 PM
වසර 29 කියන්නේ සෙල්ලම් කාලයක්ද (දී)
ශිෆාන් Monday, 07 April 2014 07:25 PM
මානව හිමිකම් ගැන කතාකරන අයට මේවා දැනගන්න තියන්න ඕනෑ (නි)
සුජානි Monday, 07 April 2014 07:39 PM
ඔබට සුභ පැතුම්! කවුද ඔබගේ බලපුළුවන්කාරයා? (නි)
සේන Monday, 07 April 2014 07:54 PM
අනේ ඔන්න ඔය මනුස්සයට ඉතුරු ටිකත් එළියේම ඉන්න දෙන්න.මීට වැඩිය කොච්චර මිනීමරුවෝ, ස්ත්‍රී දුෂකයෝ හොරු කොච්චර නම් දේශපාලක රැකවරණයෙන් එළියේ ඉන්නවාද? (නි)