නීති විරෝධී වීසා භාවිත කරමින් ඩුබායි ඔස්සේ ඕස්ට්‍රේලියාවට යාමට උත්සාහ කළ උතුරේ තරුණයෝ දෙදෙනෙක් අබුඩාබි ගුවන් තොටුපළින් පිටුවහල් කිරීමෙන් පසු කටුනායක දී අද රහස් පොලිසියෙන් අත්අඩංගුවට ගනු ලැබූහ.

සැකකරුවෝ වයස අවුරුදු 23 සහ 27 හැවිරිදි වැල්වැටිතුරේ සහ යාපනයේ පදිංචිකරුවෝ වෙති.

මොවුහු ඔස්ට්‍රියා බලා යාමට කොළඹ තැරැව්කරුවකුට රුපියල් ලක්ෂ 60ක් දී ඇති බව අනාවරණය විය.

මොවුන් දෙදෙනා වලංගු ගුවන්පත් භාවිත කරමින් පසුගිය නව වැනි දා ඔස්ට්‍රියා බලා යෑම අරමුණින් අබුඩාබි බලා ගොස් තිබේ.

පසුව ඔවුන් වෙනත් ගුවන්පත් දෙකක් භාවිත කරමින් ඔස්ට්‍රියා බලා යෑමට වීසා ලබාගෙන ඇත.

මෙම වීසා ඉන්දියාවේ නවදිල්ලි නුවර දී ලබා ගෙන ඇති බවත්, ගුවන් බලපත් දෙක මින් පෙර අස්ථාන ගත වූ බවට ආගමන විගමන දෙපාර්තමේන්තුවට දැනුම් දී නව ගුවන් පත් දෙක ලබාගෙන ඇති බවත් කියති.