රුපියල් තුන් කෝටි අසු හතර ලක්ෂයක් වටිනා වල්ලාපට්ටා තොගයක් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා රැගෙන යාමට උත්සහ කළ ඉන්දියා ජාතිකයෝ දෙදෙනෙක් සහ ශ්‍රී ලාංකිකයෙක් කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අද අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක රේගු නිති අංශයේ අධ්‍යක්ෂක ලෙස්ලි ගාමිණී මහතා කීවේය.
සැකකරුවෝ වයස අවුරුදු 30,40 සහ 55 වියේ පසුවෙති.
අත්අඩංගුවට ගනු ලැබු වල්ලා පට්ටා තොගයේ බර කිලෝග්‍රෑම් 48 කි.
සැකකරුවෝ අද (20) උදෑසන යු.එල් 121 දරණ ගුවන්යානයෙන් ඉන්දියාවේ චෙන්නායි නුවර බලා යාමට කටනායකට පැමිණ ඇති බවත් මෙම වල්ලා පට්ටා ගමන් මළු තුනක බහා රැගෙන යාමට උත්සහ කළ බව රේගුව කියයි.
මේ පිළිබද විමර්ශන කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක දීපාල් සිරිබද්ධන මහතාගේ උපදෙස් මත රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර මහතාගේ අධීක්ෂණය යටතේ නියෝජ්‍ය රේගු අධිකාරී නිශාන්ත ජයසිංහ, සහකාර රේගු අධිකාරි ු නුවන් අබේනායක, මනෝජ් සමරසේකර, මංජුල කුමාර, තිලංක සමරවීර, චින්තක ශ්‍යාමාල්, නිරෝෂා විෙජ්තුංග යන නිලධාරීහු සිදු කරති.
.gif)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ෆොටෝ එකේ දකුණු පැත්තේ ඉන්න කෙනා රේගුවට අලුත් මුහුණක් නේද? (නදී)
මම නම් හිතන්නේ මේක අපට ආනයනය කරලා මුදල් උපයන්න පුළුවන්. ඇයි මේක තහනම් කරල තිබෙන්නේ. (අ)
ප්‍රමිතියක අනුව මෙම ගස් කපන්න ඉඩ දුන්නොත් මේ ගස් රැක ගන්න පුළුවන් නැත්නම් මේ ශාඛය විනාශ කරනවා. (අ)
පළමුව මෙම රේගු නිලදාරින්ට ස්තුති කලයුතුය. අඩු ආර්ථික ශක්තියක් ඇති පුද්ගලයින් රේගු නිලදාරින් ලෙස බැදුණු පසු ලක්ෂ ගණන් වටිනා වාහන සහ කෝටි ගණන් වටිනා නිවාස සාදන්නේ කෙසේ දැයි කියා සොය බැලුවොත් බහුතරයක් අවංක රේගු නිලදාරින්ට ගෞරවයක් වන අතර රටේ ආර්තිකයත් හොද වනු ඇත.(නදී)