දකුණු පළාතේ ලොකුම හෙරොයින් කුඩු වැටලීම දින දෙකක මෙහෙයුමකින් අද උදේ සාර්ථක ලෙස නිම විය.
ගාල්ල වංචාවලින් කුඩු කිලෝවක් හා ග්‍රෑම් හැටක් ද, එළවළු වෙළෙන්දකු , සංචාරක මග පෙන්වන්නන් හතර දෙනකු ඇතුළු හය දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
කුඩු තොගයේ වීදි වටිනාකම රුපියල් හාර කෝටියකි.
මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමාල් රොෂාන්ත මහතා වැටලීම මෙහෙයවීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕනෑ කවුරුවත් නොවේ.. හේමාල් මහත්තයා. (නි)
හාර කෝටියක්! (නි)
අනේ මේ කුඩු ග්රෑම් එකක ගණන් දැන ගන්නේ කොහොමද කියලා මට පොඩ්ඩක් දන්නා කෙනෙක් කියන්නකෝ.රත්තරන් මිල නම් ැන්තර්ජාලයෙන් බලන්න පුළුවන්.. ඒත් කුඩු? (නි)
ෂුවර් එකටම මෙයා අපේ කෙනෙක්. සන්තෝෂයි. අපේ අය එයාලගේ ඒකාධිකාරිය නැති කරලා. (නි)
කරුණාකර පහත් ක්‍රියාකාරකම් සමාජයට දෙන අය මුළුමනින් ඉවත් කරන්න .අනාගත පරපුර ගොඩගන්න වෙනත් ක්‍රමයක් නැහැ (නි)
කුඩු ග්‍රෑම් 2 ට මරණිය දඬුවම දුන්න නම් මේකට මොකක්ද දෙන දඬුවම?. (දී)
කසිප්පු බීපු මිනිහගෙන් පෙරන තැන දැනගන්න පුළුවන් පොලිසියට මොකද බැරි මේ කුඩු රාජ්‍යයේ මූලස්ථානය හොයා ගන්න? (නි)
සෙනරත්, ඔය මාරයි අනේ. මටත් ඔය ප්‍රස්නේ කලක ඉදන් තියෙනවා (දී)
හාල්මැස්සෝ 6 දෙනෙක් අල්ලාගෙන වගේ මට පේන්නේ. මේකේ තෝරා අල්ලගන්න ඕනෑ, නැතුව හරියන්නේ නැහැ. ඒත් කවදාවත් නොවෙන්නෙත් ඒක තමයි. (නි)
පසුගිය දවසක පකිස්තාන් ජාතිකයෙකුත් කොටු කරගත්තා නේද? (නි)
කණට නෙමෙයි කටට මී පැණි වක් කරනවා වගේ පුවතක්. ඒත්..ඒත්.. මේ ඉන්නේ නම් හාල් මැස්සෝ. අනේ කොහොම හරි මේ ගමනවත් තෝරු මෝරු ඉන්නේ කොහෙද කියල හාල් මැස්සන්ගෙන් හරියට අහගන්න මහත්තුරුනේ. (දී)
මට තියෙන ප්‍රශ්නය මේවා කොහොමද ලංකාවට ආවේ (දී)
දෙවියනේ ගාල්ල ට මේ මොකද වෙලා තියෙන්නේ මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමාල් රොෂාන්ත ඇතුළු පිරිසට අපේ ප්‍රණාමය (දී)
ඕව ගෙන්නන ලොක්කන්ට දේශපාලන රැකවරණ නොදී නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් කොහෙන්ද ලංකාවට කුඩු ගෙන්නන්නේ? (දී)
බුදු අම්මෝ! (නි)