දකුණු පළාතේ ලොකුම හෙරොයින් කුඩු වැටලීම දින දෙකක මෙහෙයුමකින් අද උදේ සාර්ථක ලෙස නිම විය.
ගාල්ල වංචාවලින් කුඩු කිලෝවක් හා ග්‍රෑම් හැටක් ද, එළවළු වෙළෙන්දකු , සංචාරක මග පෙන්වන්නන් හතර දෙනකු ඇතුළු හය දෙනෙක් ද අත්අඩංගුවට ගනු ලැබූහ.
කුඩු තොගයේ වීදි වටිනාකම රුපියල් හාර කෝටියකි.
මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමාල් රොෂාන්ත මහතා වැටලීම මෙහෙයවීය.
2025 දෙසැම්බර් මස 18
364
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
221
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1009
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හාර කෝටියක කුඩු ගාල්ලෙන් අල්ලයි
චමිල නුවන් පෙරේරා Monday, 29 July 2013 01:06 PM
වැඩියෙන්ම පරිස්සම් වෙන්න ඕනෑ කවුරුවත් නොවේ.. හේමාල් මහත්තයා. (නි)
විජය Monday, 29 July 2013 01:12 PM
හාර කෝටියක්! (නි)
සෙනරත් Monday, 29 July 2013 01:27 PM
අනේ මේ කුඩු ග්රෑම් එකක ගණන් දැන ගන්නේ කොහොමද කියලා මට පොඩ්ඩක් දන්නා කෙනෙක් කියන්නකෝ.රත්තරන් මිල නම් ැන්තර්ජාලයෙන් බලන්න පුළුවන්.. ඒත් කුඩු? (නි)
විජේසිංහ Monday, 29 July 2013 01:39 PM
ෂුවර් එකටම මෙයා අපේ කෙනෙක්. සන්තෝෂයි. අපේ අය එයාලගේ ඒකාධිකාරිය නැති කරලා. (නි)
ධර්මසේන Monday, 29 July 2013 01:42 PM
කරුණාකර පහත් ක්‍රියාකාරකම් සමාජයට දෙන අය මුළුමනින් ඉවත් කරන්න .අනාගත පරපුර ගොඩගන්න වෙනත් ක්‍රමයක් නැහැ (නි)
පිටිගල Monday, 29 July 2013 10:22 PM
කුඩු ග්‍රෑම් 2 ට මරණිය දඬුවම දුන්න නම් මේකට මොකක්ද දෙන දඬුවම?. (දී)
දයා අළහකෝන් Monday, 29 July 2013 01:53 PM
කසිප්පු බීපු මිනිහගෙන් පෙරන තැන දැනගන්න පුළුවන් පොලිසියට මොකද බැරි මේ කුඩු රාජ්‍යයේ මූලස්ථානය හොයා ගන්න? (නි)
විජේසිංහ Monday, 29 July 2013 02:22 PM
සෙනරත්, ඔය මාරයි අනේ. මටත් ඔය ප්‍රස්නේ කලක ඉදන් තියෙනවා (දී)
ප්‍රදීපා Monday, 29 July 2013 11:43 PM
හාල්මැස්සෝ 6 දෙනෙක් අල්ලාගෙන වගේ මට පේන්නේ. මේකේ තෝරා අල්ලගන්න ඕනෑ, නැතුව හරියන්නේ නැහැ. ඒත් කවදාවත් නොවෙන්නෙත් ඒක තමයි. (නි)
අසංග Monday, 29 July 2013 03:11 PM
පසුගිය දවසක පකිස්තාන් ජාතිකයෙකුත් කොටු කරගත්තා නේද? (නි)
උපුලි Monday, 29 July 2013 11:14 AM
කණට නෙමෙයි කටට මී පැණි වක් කරනවා වගේ පුවතක්. ඒත්..ඒත්.. මේ ඉන්නේ නම් හාල් මැස්සෝ. අනේ කොහොම හරි මේ ගමනවත් තෝරු මෝරු ඉන්නේ කොහෙද කියල හාල් මැස්සන්ගෙන් හරියට අහගන්න මහත්තුරුනේ. (දී)
සේනක Monday, 29 July 2013 03:13 PM
මට තියෙන ප්‍රශ්නය මේවා කොහොමද ලංකාවට ආවේ (දී)
නුවන් Monday, 29 July 2013 03:37 PM
දෙවියනේ ගාල්ල ට මේ මොකද වෙලා තියෙන්නේ මාතර මූලස්ථාන පොලිස් පරීක්ෂක හේමාල් රොෂාන්ත ඇතුළු පිරිසට අපේ ප්‍රණාමය (දී)
වරුණ Monday, 29 July 2013 11:54 AM
ඕව ගෙන්නන ලොක්කන්ට දේශපාලන රැකවරණ නොදී නීතිය හරියට ක්‍රියාත්මක වෙනවා නම් කොහෙන්ද ලංකාවට කුඩු ගෙන්නන්නේ? (දී)
විදානගේ Monday, 29 July 2013 12:30 PM
බුදු අම්මෝ! (නි)