තමන් නිදහස් කරන ලෙස ඉල්ලා බන්ධනාගාර හතරක කොටි සැකකරුවන් ආරම්භ කර තිබූ ආහාර වර්ජනය අද (17) උදෑසන අත්හිටවූ බවට දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ සම්බන්ධීකාරක එන්.සත්‍යවේ පියතුමා කියා සිටියේය.
පියතුමන් එසේ කියා සිටියේ උපවාසයේ නිරත සිරකරුවන් බැලීමට ගොස් ආපසු එමින් සිටියදී අද(17) උදෑසන මාධ්‍යට අදහස් දක්වමිනි.
මෙම රැදවියන්ගෙන් කොටසකට රජය මගින් ඇප ලබාදුන් අතර තවත් පිරිසකට පුනරුත්ථාපන පහසුකම් ලබාදීමට රජය එකඟත්වය පළ කිරීමත් දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇති බවට කියා සිටියේය.
ඒ අනුව එල්.ටී.ටී.ඊ. සැකකරුවන් තම උපවාසය තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ඉදිරි දින 10 තුළ පුනරුත්ථාපන පහසුකම් සලසන ලෙස රජය වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කර ඇති බවට සත්‍යෙව්ල් පියතුමා වැඩි දුරටත් කියා සිටියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පවිත්‍රා ඔබේ අදහස නිවැරදි (ම)
හැමෝම සනසන්න කියන කියන දේ කරලා අන්තීමට කොටි වලිගේ අත හැරපු ගමයාට වෙච්ච දේ මිනිසුන්ටත් වේවිද? (ම)
කෙලින් කතා කරන්න ඉදිරිපත් වෙන මිනිස්සු අද හරි අඩුයි. හිටියත් මොකක් හෝ වාසියට මිසක වෙන දෙකට නෙමෙයි. එසේ හෙයින් මෙවැනි පුවත් අහන්න දකින්න ලැබෙන එකත් අරුමයක් නෙමෙයි.(ම)
ඒ මිනිස්සුන්ව නිදහස් කලා කියලා මුකුත් වෙන්නෙ නෑ..තවත් ඇතුලෙ තියන් ඉන්න ඉන්න අපේ කට්ටියගෙ ගෝත්‍රික බව ඔප්පු වෙනවා. (ස)
දහස් ගණන් අහිංසකයන්ව මරපු උන් දේශපාලන සිරකරයෝද හැබැට (රේ)
මේ පිය නමගෙන් කටක් ඇරලා අහන්න එක මාධ්‍යවේදියෙක් නැද්ද මොවුන් කොහොමද දේශපාලන සිරකරුවන් වුනේ කියල..එක අතකට ඉතින් ඕපාදුප කුණු වෙබ් වලට අනුන්ගේ පවුල් ජිවිත ලිංගික චර්යා ගැන ලියන එකා මාධ්‍යවේදියෙක් හැටියට සලකන රටේ මේ රටට මරබිය ගෙන දුන්න ත්‍රස්තවාදීන් දේශපාලන සිරකරුවන් වීම අරුමයකුත් නෙමෙයි..(බ)
ගමයට අමතක වෙලා වගේ අතීතයේ තම පරම්පරාවේ කෙනෙක් කොටි වලිගෙ අල්ලාගෙන ඉඳල ඇත හරියට පස්සේ මොකද උනේ කියල .....අන්තිමට ඔය කිට්ටුවෙන පියතුමන්ලත් කොහේදී හරි පුපුරපු තැනකදී ස්වර්ගස්තවෙනබව හිතෙන්නේ නැතුව ඇති(රේ).