IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හිරේ උපවාසය කොටි අත්හරිති

තමන් නිදහස් කරන ලෙස ඉල්ලා බන්ධනාගාර හතරක කොටි සැකකරුවන්  ආරම්භ කර තිබූ ආහාර වර්ජනය  අද (17) උදෑසන අත්හිටවූ බවට දේශපාලන සිරකරුවන් නිදහස් කරගැනීමේ ජාතික ව්‍යාපාරයේ සම්බන්ධීකාරක එන්.සත්‍යවේ පියතුමා කියා සිටියේය.

පියතුමන් එසේ කියා සිටියේ උපවාසයේ නිරත සිරකරුවන් බැලීමට ගොස් ආපසු එමින් සිටියදී අද(17) උදෑසන මාධ්‍යට අදහස් දක්වමිනි.

මෙම රැදවියන්ගෙන් කොටසකට රජය මගින් ඇප ලබාදුන් අතර තවත් පිරිසකට පුනරුත්ථාපන පහසුකම් ලබාදීමට රජය එකඟත්වය පළ කිරීමත්  දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් පිරිසක් සහ උතුරු පළාත් ප්‍රධාන අමාත්‍යවරයා අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ පැවැති සාකච්ඡාවකින් පසුව මෙම තීරණය ගෙන ඇති බවට කියා සිටියේය. 

ඒ අනුව එල්.ටී.ටී.ඊ. සැකකරුවන් තම උපවාසය තාවකාලිකව අත්හිටුවා ඇති අතර, ඉදිරි දින 10 තුළ පුනරුත්ථාපන පහසුකම් සලසන ලෙස රජය වෙත ඉල්ලීමක්ද ඉදිරිපත් කර ඇති බවට සත්‍යෙව්ල් පියතුමා වැඩි දුරටත් කියා සිටියේය.



අදහස් (0)

හිරේ උපවාසය කොටි අත්හරිති

ජානක Wednesday, 18 November 2015 03:41 AM

පවිත්‍රා ඔබේ අදහස නිවැරදි (ම)

:       0       0

පෙරේරා Tuesday, 17 November 2015 09:06 AM

හැමෝම සනසන්න කියන කියන දේ කරලා අන්තීමට කොටි වලිගේ අත හැරපු ගමයාට වෙච්ච දේ මිනිසුන්ටත් වේවිද? (ම)

:       0       0

ඉසුරන්දි Wednesday, 18 November 2015 05:26 AM

කෙලින් කතා කරන්න ඉදිරිපත් වෙන මිනිස්සු අද හරි අඩුයි. හිටියත් මොකක් හෝ වාසියට මිසක වෙන දෙකට නෙමෙයි. එසේ හෙයින් මෙවැනි පුවත් අහන්න දකින්න ලැබෙන එකත් අරුමයක් නෙමෙයි.(ම)

:       0       0

ගමයා Tuesday, 17 November 2015 09:40 AM

ඒ මිනිස්සුන්ව නිදහස් කලා කියලා මුකුත් වෙන්නෙ නෑ..තවත් ඇතුලෙ තියන් ඉන්න ඉන්න අපේ කට්ටියගෙ ගෝත්‍රික බව ඔප්පු වෙනවා. (ස)

:       0       0

චතුර Wednesday, 18 November 2015 05:41 PM

දහස් ගණන් අහිංසකයන්ව මරපු උන් දේශපාලන සිරකරයෝද හැබැට (රේ)

:       0       0

පවිත්‍ර Tuesday, 17 November 2015 10:19 AM

මේ පිය නමගෙන් කටක් ඇරලා අහන්න එක මාධ්‍යවේදියෙක් නැද්ද මොවුන් කොහොමද දේශපාලන සිරකරුවන් වුනේ කියල..එක අතකට ඉතින් ඕපාදුප කුණු වෙබ් වලට අනුන්ගේ පවුල් ජිවිත ලිංගික චර්යා ගැන ලියන එකා මාධ්‍යවේදියෙක් හැටියට සලකන රටේ මේ රටට මරබිය ගෙන දුන්න ත්‍රස්තවාදීන් දේශපාලන සිරකරුවන් වීම අරුමයකුත් නෙමෙයි..(බ)

:       0       0

මහින්ද ආර් කිතුල්ගොඩ සී ෂෙල්ස් Wednesday, 18 November 2015 07:31 PM

ගමයට අමතක වෙලා වගේ අතීතයේ තම පරම්පරාවේ කෙනෙක් කොටි වලිගෙ අල්ලාගෙන ඉඳල ඇත හරියට පස්සේ මොකද උනේ කියල .....අන්තිමට ඔය කිට්ටුවෙන පියතුමන්ලත් කොහේදී හරි පුපුරපු තැනකදී ස්වර්ගස්තවෙනබව හිතෙන්නේ නැතුව ඇති(රේ).

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 489 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site