බලපත්ර නොමැතිව නීතීවිරෝධී ආකාරයෙන් රඳවාගෙන සිටින බවට තොරතුරු හෙළි වී ඇති අලි පැටවුන් දස දෙනෙකු අත්අඩංගුවට ගැනීමට වනජීවි නිලධරයෝ ද සැරසෙති.
කැලයෙන් හොරෙන් අල්ලා ගෙන හොර බලපත‍්‍ර හදාගෙන සිටින බව කියන අලි පැටව් දෙදෙනෙක් පසුගිය සතියේ දී අත්අඩංගුවට ගනු ලැබුහ.
වනජීවී අධ්‍යකෂක ජනරාල් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා පැවසුවේ අලි ප්‍රවාහන ලොරිය කාර්මික දෝෂයකට ලක් වීම නිසා අලි මෙහෙයුම් කටයුතු කල් දැමීමට සිදු වු බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හැබැයි පන්සල් ගාව අත ඇරලා යන අලි නම් හොර අලි නෙවයි. (බ)
බලාගෙන යනකොට විරුද්ධ පක්ෂය අලින්ට හරිම ආදරෙයි වගේ. (නි)
කැළයෙන් අල්ලාගෙන විත්, හදාගත් හොර බලපත්‍ර මඟින් නීතීවිරෝධී ආකාරයෙන් රඳවාගෙන සිටින මේ අලි හොරුන්ට දියයුතු එක දඬුවමක් තිබෙනවා. එනම් පැරණි රජ කාලෙ වගේම මේ හොරු යදම් වලින් බැඳ ප්‍රසිද්ධ ස්ථානයකට ගෙනවිත්, හොරකම් කළ අලි ලවාම පාගා මරණයට පත්කිරීමයි. අලින් හොරකම් කිරීමට බලාපොරොත්තුව සිටින අය නම්, දෙවියන්ගේ නාමෙට එවැනි හොරකම් වලට තවදුරටත් අතදාන එකක් නම් නැහැ. (නි)
ඒක නම් හොඳයි (නි)
වන ජීවී දෙපාර්තමේන්තුවට තියෙන්නේ එක අලි ප්‍රවාහන ලොරියක් විතරද? ඒක කියන්න ලජ්ජා වෙන්න ඕන. (බ)
අනේ වාසේ උනේ වැඩිවේ.....!!! (බ)
මිනිස්සු අලි මරනවා. අලි මිසිස්සුන්ව මරනවා. ඒ අතරේ සමහරු අලි හොරකම් කරනවා.මේක අලි ප්‍රශ්නයක්. රජ කාලේ අලින්ව බුරුමෙට එහෙම ඉම්පෝට් කෙරුවා කියලා ඉතිහාසේ කියනවා. එක්කෝ ඒ විදිහෙ යමක් කරන්න. එහෙම නැත නම් අලි පට්ටි පාලනයක් ඇති කරලා, අලිකිරි, අලිමස් ඉම්පෝට් කරන්න අමාත්‍යංශයක් ඇති කරන්න. (බ)
සම්බන්දන් උන්නැහේ දීපු බෙන්ස් එකක් තියනවා එ්ක එවන්නද. (බ)
හොර අලි කියන්නේ , ඇතින්න මරා දමල කැලෙන් අල්ලගන්න අලි පැටව්. කා ළඟ හිටියත් මේ අපරාධ වලට දඩුවම් කළ යුතුයි . හීලැ අලි පැටව්ට අනිවාර්යෙන්ම බලපත්‍ර තියෙනවා (බ)
ඔයිට වඩා නරකද ගම වදින අලින්ව අල්ලලා අදාළ තැනකට ගිහින් දැම්ම නම්..(බ)
දිය වන්නාවේ ඉන්නේ හොර අලිද?පර්මිට් අලිද .? (බ)
ඒ මිනිස්සුත් කියාවි ගේට්ටුව ගාවට ගෙනල්ල දාල තිබ්බ සත්තුන්ට ආදරේ හින්ද කන්න බොන්න දීල හදාගත්ත කියල (කෞ)
මෙහි හොර අලි කියලා සඳහන් වෙන්නේ අහිංසක ඇත් පැටවුන්ද නැත්නම් මව ඝාතනය කර පැටවුන්ව ගෙන්වාගෙන ළඟ තබාගෙන සිටින අලිහොරුන්ද? (බ)
දියවන්නාවේ ඉන්නේ කලවන් උන අලිනේ. ඒක නිසා ප්‍රශ්නයක් නැහැ. (බ)