බලපත්‍ර නොමැතිව ඇති කළ බව කියන අවුරුදු 11ක පමණ අලි පැටවකු මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසල නිවසකින් අද (23) අත් අඩංගුවට ගත් බව රහස් පොලිසිය කියයි.

වනජීවී නිලධරයන් ගේ සහායට රහස් පොලිසිය ගිය බවත් එම නිවස වෘත්තීයවේදියකුගේ බවත් පොලිසිය පවසයි.

මෙවැනි අලි පැටවුන් තවත් නව දෙනකු අත් අඩංගුවට ගැනීමට නියමිත බවත් කියති.