ව්‍යාජ ලිපි ලේඛන සහිත අලින් 21 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයයි ද, තවත් 22 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත යැයි ද තිරසාර සංවර්ධන හා වනජීවී ඇමැති ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා කියයි.
අලින් අත්අඩංගුවට ගැනීමට ප්‍රමාද වූයේ ඔවුන් රඳවා තැබීමට පින්නවල ඉඩ කඩ සීමිත නිසා බවත්, ඊට පිළියම් ලෙස උඩවලවේ ද වෙනම ස්ථානයක් විවෘත කිරීමට නියමිත බවත් ඇමැතිවරයා පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටට ආභරණයක් වූ අලි සම්පත හොරකම් කර හිස් මිනිසුන්ගේ දේපලක් බවට පත්කරගැනීම නුදුටුවා සේ සිටි නිලධාරින් ගැන සොයා බැලීමක් කළයුතුය. (නි)
ඔබ තුමා විල්පත්තුව ගැන මොකද කරන්නේ සතුන්ගේ නිජ බූමිය ආපහු දෙන්නේ නැද්ද (ම)
කරුණාකර පුද්ගලයන් භාරයේ සිටින සියලුම අලි රාජසන්තක කරන්න. මින්පස්සේ කිසිම කෙනෙකුට බලපත්‍ර දෙන්න එපා. එතකොට කැලේ ඉන්න අලි පැටවූ ටික පරිස්සම් වේවි. අලින්ගේ කකුල් වලට දම්වැල් දමා ඇඳුම් අන්දවා වදදෙමින් පෙරහැර පවත්වන්න කියලා බුදුහාමුදුරුවෝ කවදාවත් දේශනාකර නැත. පන්සල් වල අලි ඇතිකිරීම තහනම් කිරීම කළයුතුය (නි)
හොඳ පුවතක් (නි)
අලි ඔලු තිබෙන සමහර අය අලි ඔලුවෙන් සිටීමට අලි හොරකම් කරලා, අලින්ගේ නිදහස නැති කරලා අලි ප්‍රශ්න ගොඩක් දාගෙන, අලි අමාරුවක වැටිලා වගෙයි. (නි)