
(සුජිත් හේවාජුලිගේ)
අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල සියලුම මගීන්ට අගෝස්තු 1 වැනිදා සිට ආසන බඳ පටි පැළඳීම අනිවාර්ය කිරීමට රජය තීරණය කර ඇත.
එසේම අධිවේගී බස් රථවල සියලුම මගීන්ට ආසන බඳ පටි පැළඳීම සැප්තැම්බර් මස 1 වැනිදා සිට අනිවාර්ය කෙරෙන බව ප්‍රවාහන මහාමාර්ග වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක මහතා පැවසීය
රත්නායක මහතා අද උදෑසන කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළේ නිරීක්ෂණ චාරිකාවකට එක්වෙමින් මෙසේ පැවසීය.
රිය අනතුරුවලින් දිනපතා විශාල ප්‍රමාණයකගේ ජීවිත අහිමිවන හෙයින් එම තත් වය මගහැරීම සඳහා මෙම තීරණය ගත් බවද ඔහු කීවේය.
අධිවේගී මාර්ගවල සැහැල්ලු වාහනවල පිටුපස ආසනවල යන අයටද ආසන පටි පැළඳීම අනිවාර්ය බව අමාත්‍යවරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බඳ පටි ගැන කතාකරනවා ඇමතිතුමෝ, මතුගම යන සමහර බස්වල හිටගෙනත් අරගෙන යනවා. පොලීසිය අහක බලාගෙන ඉන්නවා. චෙක් කරන්නෙ නැහැ.
පිටුපස මඟීන්ට බඳපටි සවිකර නැති වාහන ගොඩක් තියෙනවා. ඒවාට මොකද කරන්නෙ. මේ ගැන අධ්‍යයනයකින් පස්සෙ තීරණය කරා නම් නේද හොඳ.