කොට්ටාව හයිලෙවල් පාරේ දොළොස් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා අඩි 40ක් පමණ ගැඹුරට පොළොව කැපීම නිසා අවට නිවාස හා අනෙකුත් අතුරු මාර්ග රැසක් නායයාමේ අවදානමට ලක්ව ඇතැයි ලැබුණු පැමිණිලි අනුව මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය එහි ඉදිකිරීම් අත්හිටුවා ඇත.
දොළොස් මහල් ගොඩනැගිල්ලක් ඉදිකර මුවාවෙන් පර්චස් 80ක පමණ ඉඩමේ අඩි 40ක් පමණ ගැඹුරට පස් කැපීමෙන් අවට නිවාසවලට ගමන් ගන්නා එක් මාර්ගයක් නායගොස් ඇති බවත් එහි භූගතව පිහිටි කළු ගල බෝර දමා පිපිරවීම හේතුවෙන් අවට පදිංචිකරුවන්ට ස්වසන රෝගපවා සෑදී ඇති බවත් දැඩි පරිසර හානියක් ද සිදුව ඇතැයි ද කියති.
ලැබුණු පැමිණිලි සලකා බලා මේ පිළිබඳ නීතිමය කටයුතු කිරීම සඳහා ඉදිකිරීම් අත්හිටුවන බවට ප්‍රාදේශිය ලේකම්වරයාගේ අත්සනින් යුත් ලිපියක් නිකුත් කැර ඇත.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැඩක් නවත්වන්න නිසි බලය තියෙන්නේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයටද? නාගරික සංවර්ධන අධිකාරියටද? අධිකරණයටද? (නි)
සැළසුම අනුමත කරන්නෙත් ප්‍රාදේශීය සභාවෙන්ම තමයි. එතනදීම මේක නවත්තන්න තිබුනා. අතරමඟ මිනිසුන්ව අමාරුවෙ දාන්නෙ නැතුව. (නි)
උඩ ගොඩනැගිල්ල ඉදි කලානම් හරිනේ. (ර)
ගොඩනැගිලි හදන එක හොඳයි. ආරක්ෂක පියවර ගන්න ඕනෑ. මේකේ ආරක්ෂක වැට නැහැ. ආරක්ෂක බැමි නැහැ. (නි)
කැන්ගරු රටේ ඕනෑම ජනාකීර්ණ තැනක ගොඩනැගිලි හදනවා, කුරා කුහුඹුවෙකුටවත් අවහිරයක් නොවන ලෙස. සැළැස්ම බලාගෙන ඉන්නත් ලස්සනයි. (නි)
මොකද ඔච්චර යටට පොළොව හෑරුවේ? එහි සමූහ මිනීවළක්වත් තිබේ යැයි කියා ඔත්තුවක් නිසාවද්ද? නැත්නම් අර කොළඹ පිහිනුම් තටාකයේ වැලි හිස්කළා වගේ කරලා රත්තරන් ඉල්ලමක් හොයාගන්නද දන්නෙත් නැහැ. කෙසේ වුණත් මේ වගේ බලපත්‍ර දෙන්න කලින් හොඳට හොයාබැලීම කළයුතු වෙනවා (නි)
පහුගිය රජය සමයේ කළා වගේ ප්‍රභූන් වෙනුවෙන් ආරක්‍ෂිත භූගත බංකර හදන්නද දන්නෙ නැහැ මෙච්චර යටට පොළොව හෑරුවේ? (නි)
මෙවැනි ගොඩනැගිලි ඉදිරියට අවශ්‍ය වෙනවා. මේ තමයි නියම ක්‍රමය. (නි)
මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හොඳට හොයලා බලලා අපක්ෂපාතීව නම් මේක නැවැත්තුවේ, කමක් නැහැ. නමුත් කාගෙවත් බලපෑම් වලට යටවෙලා නම් වැඩ නවත්න්තන එපා. මහජනතාව අවදියෙන් ඉන්නේ. (නි)
දොළොස් මහල් ගොඩනැගිල්ලක් ඉදිකිරීම සඳහා ගැඹුරට පොළොව කැපීම අවශ්‍ය වෙනවා නේද? දන්නේ නැති නිසයි අහන්නේ (නි)
ඔහොම බැලුවොත් ඉතින් ගොඩනැගිලි හදන්න බැහැනේ. (නි)
ප්‍රාදේශීය ලේකම් කාර්යාල සෑම එකක්ම, සෑම වැඩක්ම 100% ක් විනිවිදභාවයෙන්, බලපෑම් වලට නතු නොවී සාධාරණව කළයුතුයි. පොඩි මිනිහව දවස් ගණන් පැය ගණන් රස්තියාදු කරවන එක නම් වහාම නැවැත්විය යුතුයි. මේ අය බහුතරය හිතන්නේ අපි රස්සාවල් කරන්න නැහැ, කියන ඕනෑම දවදක කාර්යාලයට ඇවිල්ලා දවසම බලා ඉඳලා අද වෙලා නැහැ හෙට එන්න කිව්වහම ආයෙත් හෙටත් නිවාඩු දාලා එන්න පුළුවන් කියලයි. (නි)
සැළසුම අනුමත කරන්නෙත් ප්‍රාදේශීය සභාවෙන්ම තමයි. එතනදීම මේක නවත්තන්න තිබුනා. නැත්නම් වෙන විකල්ප ක්‍රමයක් පාදමට යොදන්න තිබුනා. නිලධාරීන් මුදලට යටවෙලා හොයන්නේ බලන්නේ නැතුව අනුමත කරනවා. මම හිතන්නේ පළමු වැරදිකාරයා වෙන්නේ සැළසුම අනුමතකළ නිලධාරියායි. (නි)
හේතුවක් නැතුව,පොඩි මිනිහව දවස් ගණන් රස්තියාදු කරවන එකට අපිට කරන්න දෙයක් නැති නිසා අපි කරන්නේ උඩ ඉන්න දෙයියොම බලාගන්න ඕනෑ කියලා එතනින් එන එකයි. ඔවැනි ශාප සිය දහස් ගණනක් එකතු වුණාම කවදහරි වදිනවා වදිනවාමයි. ඒ තරම් වේදනාවකින් මේ ලියන්නේ. (නි)
වැඩ නවත්වන්න නම් හරිම දක්ෂයි. ඕවා හදන්න අවසර දෙනකොට සොයලා බලලා දෙන්න එපැයි. අතරමග වැඩ නවත්වනවා කියන්නේ මොන තරම් අමාරුවක වැටෙනවද? (නි)
සැළසුම අනුමත කරන්න කලින් මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හොයලා බලලා නෙමෙයිද අනුමැතිය දුන්නේ? අතරමග මේ වගේ ලොකු වැඩක් නවත්වන එක සාධාරණද? (බ)
මහරගම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය ශක්‍යතා අධ්‍යන කරලා නැද්ද අනුමත කරන්න කලින්? මුද්දර ගාස්තු හා අනිකුත් ගාස්තු අය කරන එක නම් හරියට කෙරෙනවා. (ම)
මේ වගේ විශාල ඉදිකිරීම සඳහා නියමිත ප්‍රමිතියක් තිබෙනවා. එය අනුගමනය කර නැහැ. (නි)