ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 68 වැනි තරගය ලෙස හයිද්‍රාබාද්හිදී අද (17 වැනිදා) පැවැති තීරණාත්මක තරගයේදී සන්රයිසස් හයිද්‍රාබාද් ක‍්‍රීඩකයෝ රාජස්ථාන් රෝයල්ස් පිලට එරෙහිව ලකුණු 23 ක ජයක් ලබමින් ප‍්‍රසාද ලකුණු සටහනේ සිවුවැනි ස්ථානයට පැමිණීමට සමත් වූහ.
හයිද්‍රාබාද් පිල මෙම ජයග‍්‍රහණයත් සමග තරග 15 කදී ප‍්‍රසාද ලකුණු 18 ක් ලබා සිටියි. මෙම තරගයට පෙර අවසන් සිවුදෙනාට සුදුසුකම් ලබා සිටි රාජස්ථාන් පිල තරග 16 යේදී තරග 10 ක් ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 20 ක් ලබා තෙවැනි ස්ථානයේ පසු වෙයි. මුම්බායි සහ චෙන්නයි යන කණ්ඩායම් ප‍්‍රසාද ලකුණු 22 බැගින් ලබා ශූද්ධ ලකුණු වේගය අනුව පළමු සහ දෙවැනි ස්ථානවල රැදී සිටිති.
තරග 15 කට සහභාගි වී ප‍්‍රසාද ලකුණු 16 ලබා බැංගලෝර් පිල පස්වැනි ස්ථානයේ පසු වෙයි. බැංගලෝර් පිල අද (18) චෙන්නායි පිලට එරෙහිව සහභාගි වන අවසන් තරගය ජය ලබා හෙට (19) කොල්කටා පිලට එරෙහිව අවසන් තරගයෙන් හයිද්‍රාබාද් පිල පරාජයට පත්වුවහොත් අවසන් සිවුදෙනාට පැමිණීමට බැංගලෝර් පිලට ශුද්ධ ලකුණු වේගය අනුව අවස්ථාව තිබේ.
පළමු සහ දෙවැනි කණ්ඩායම බවට පත්ව එක තරගයකින් අවසන් මහ තරගයට පැමිණීමට පෙරමුණේ සිටින කණ්ඩායම් උත්සහ ගැනීම නිසා මේ වන විට තරගාවලිය උණුසුම් වී තිබේ.
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 136 (හනුමා විහාරි 19, බිබ්ලාප් සමන්ත‍්‍රි 55, ඩැරන් සැමී 23, තිසර පෙරේරා නොදැවී 17, ජේම්ස් ෆයුක්නර් 16/5)
රාජස්ථාන් රෝයල්ස් පිල ඕවර 20 කදී කඩුලූ 9 ට 113 (රාහුල් ද්‍රාවිඞ් 25, කෙවින් කූපර් 26, ඬේන් ස්ටෙයින් 17/2, කරන් ශර්මා 33/2, අමිට් මිෂ්රා 8/2, තිසර පෙරේරා 25/2)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මොකද එහෙම කියන්නේ? චානක, සංගා මැච් දිනවනවා දැකලා නැද්ද? සංගා ලංකාවට කීර්තියක් ගෙනත් දීපු කෙනෙක්. එහෙම කතාකරන්න එපා (නි)
කාට මොනවා ලැබුනත් මේ ගමන අයිපීඑල් එකෙන් තිසර හැරෙන්න අපේ අයියලා ඇදගෙනම නානවා (නි)
සන්තෝසයි
සංඟාට අඩුතරමේ බංකුවේ වාඩි නොවී සෙමි ෆෛනේල්වත් සෙල්ලම් කරන්න දෙයිද?(නදී)
සංගක්කාර ඉවත් කළාට පසු 4 වෙනි ජයග්‍රහණය. අපේ අයට මේක අවසාන අය් පී එල් එක. දැන් ඉතින් උගන්ඩාවෙන් කෙනෙක් ලංකාවට ගෙන්නලා පුහුණුව දෙන්න තියෙන්නේ. (නි)
සංගා, දැන්වත් තේරුම් ගන්න 20 - 20 ට , එක් දින තරග වලට ඔයා හරියන්නෙ නැහැ කියලා. (නි)
සංගක්කාර එක්දින තරග වලට හොදයි. හැබැයි 20 20 ට සංගා,මහේල,දිල්ෂාන්,චන්දිමාල්,තිරිමාන්න වගේ අය කව්රුත් හරියන නැහැ. ඒත් එයාලා එක්දින වලට හොදයි (නි)
තිසර ඔබට අපේ සුබ පැතුම්.(ස)
මොකද සංගට එක්දින හරියන්නේ නැත්තේ? 20-20 පොඩ්ඩක් මදි.දන්නවද අද අයි.සී.සී. එකෙන් සංගට තියෙන තත්වේ? ලැබිල තියෙන සම්මාන, ප්‍රසාදය? එවැනි නායකයෙක්,ක්‍රීඩකයෙක් අපේ රටට ලැබීම ගැන අපි ආඩම්බර වෙන්න ඕනෑ. (නි)