ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) පළමු කණ්ඩායම් හතරට පැමිණීමට සන්රයිසස් හයිද්‍රාබාද් පිල අද (19) සමත් විය. චෙන්නායි සුපර් කිංග්ස්, මුම්බායි ඉන්දියන්ස් සහ රාජස්ථාන් රෝයල්ස් යන කණ්ඩායම් මීට පෙර අවසන් සිවුදෙනාට සුදුසුකම් ලබා සිටියහ.
පළමු වටයේ අවසන් තරගය මෙන්ම මෙවර තරගාවලියේ 72 වැනි තරගය ලෙස කොල්කටාහිදී අද පැවැති තරගයේදී කඩුලූ 5 කින් කොල්කටා නයිට් රයිඩර්ස් පිල පරාජය කරමින් හයිද්‍රාබාද් පිල අවසන් වටයට සුදුසුකම් ලබා ගත්තේය.
චෙන්නායි සහ මුම්බායි යන කණ්ඩායම් තරග 16 න් තරග 11 ක් ජය ලබමින් ප‍්‍රසාද ලකුණු 22 බැගින් ලබා ශූද්ධ ලකුණු වේගය අනුව පිළිවෙළින් පළමු සහ දෙවැනි ස්ථාන හිමිකර ගත්හ.
රාජස්ථාන් සහ හයිද්‍රාබාද් යන කණ්ඩායම් තරග 16 න් තරග 10 ක් ජය ලබා ප‍්‍රසාද ලකුණු 20 බැගින් හිමිකර ගනිමින් පිළිවෙළින් තෙවැනි සහ සිවුවැනි ස්ථාන වෙන්කර ගත්හ.
චෙන්නායි සහ මුම්බායි අතර අනිද්දා (21) පැවැත්වෙන තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි. රාජස්ථාන් සහ හයිද්‍රාබාද් අතර තරගය මේ මස 22 වැනිදා පැවැත්වේ.
රාජස්ථාන් සහ හයිද්‍රාබාද් අතර තරගයෙන් ජය ලබන කණ්ඩායම සහ චෙන්නායි සහ මුම්බායි අතර තරගයෙන් පරාජයට පත්වන කණ්ඩායම අතර මේ මස 24 වැනිදා කොල්කටාහිදී තරගයක් පැවැත්වෙයි. එම තරගයෙන් ජය ලබන කණ්ඩායම අවසන් මහ තරගයට සුදුසුකම් ලබයි.
අවසන් මහ තරගය මේ මස 26 වැනිදා කොල්කටාහිදී පැවැත්වේ.
රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් (18), කිංග්ස් XI, පංජාබ් (16), කොල්කටා නයිට් රයිඩර්ස් (12), පූනේ වෝරියස් (8) සහ දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් (6) යන කණ්ඩායම් මෙවර තරගාවලියේ පස්වැනි ස්ථානයේ සිට නවවැනි ස්ථානයට පත්වූහ.
හයිද්‍රාබාද් පිල නියෝජනය කරන තිසර පෙරේරා විශිෂ්ට උඩ පන්දු දෙකක් රැකගනිමින්, ඕවර හතරේදී ලකුණු 33 ට එක කඩුල්ලක් දවා ගත්තේය.
පළමු වටයේ 71 වැනි තරගය ලෙස පූනේහිදී ඊයේ පැවැති දිනයේ පළමු තරගයේදී පූනේ වෝරියස් පිල ලකුණු 38 කින් දිල්ලි ඩෙයාර් ඩෙවිල්ස් පිල පාරජය කළේය.
කොල්කටා නයිට් රයිඩර්ස් පිල ඕවර 20 කදී කඩුලූ 7 ට 130 (මන්වින්ඩර් බිස්ලා 15, ජැක් කලිස් 24, යුසුෆ් පතාන් නොදැවී 49)
සන්රයිසස් හයිද්‍රාබාද් පිල ඕවර 18.5 කදී කඩුලූ 5 ට 132 (පර්තිව් පටෙල් 47, ශීකර් දාවන් 42, ඩැරන් සැමී නොදැවී 17, ඉක්බාල් අබ්දුල්ලා 29/3)
තිසර පන්දු යවමින්...
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
හයිද්‍රාබාද් අවසන් සිවුදෙනා අතරට එයි
අරුණ Monday, 20 May 2013 11:12 AM
අවසන් තරඟයෙදි තිසරට තරගයේ වීරයා වන්නට සුබ පතනවා.(ස)
සුදේශ් Tuesday, 21 May 2013 12:26 PM
සාර්ථකයි ...සාර්ථකයි ...
චන්දන Monday, 20 May 2013 12:19 PM
තිසර හදට සෙල්ලම් කරනවා.(ස)
යොහාන් Monday, 20 May 2013 02:15 PM
එටෝකොට අපේ සංගා කොහෙද? අනේ මම දන්නේ නැහැ මේවා (නි)
තත්සරණි Monday, 20 May 2013 07:43 PM
හයිද්‍රාබාදයට ජය. සංගා ඔබ අවංක නායකයෙක්. තිසර සංගා සමී , මේ ජයග්‍රහණයේ නියමුවන් (නි)
තලල්ලේ Monday, 20 May 2013 02:57 PM
තිසර හොදයි. කැමරන් වයිට් හරි නැහැ. සංගා හොදයි (නි)
බුද්ධික Monday, 20 May 2013 03:58 PM
අපිට මොකද අනේ