කොළඹ හයිඩ් පිටියේ මැයි දින රැලිය පැවැත්වීමට ලංකා බැංකු සේවක සංගමය ට කොළඹ කොටුව මහේස්ත්‍රාත් තිලිණ ගමගේ මහතා අවසර දුන්නේය.
එම පිටිය ප්‍රමාද වී ඉල්ලා සිටි සෞඛ්‍ය සේවා වෘත්තීය සමිති මහ සම්මේලනයට හා ලංකා ගුරු සංගමයට අවසර නොලැබිණි. බැංකු සේවක සංගමය මුලින්ම එම පිටිය ඉල්ලා ඇති බව කොම්පඤ්ඤවීදීය පොලීසිය අධිකරණයට දැන්වීය.
හයිඩ් පිටිය,ඩාලි පාර,යුනියන් පෙදෙස හා වොක්ෂෝල් වීදීය වෘත්තිය සමිති සම්මේලනය ට මැයි දා තහනම් ප්‍රදේශ බව ද ඔවුන් උසාවි අණ නොතකා එම ප්‍රදේශවල මැයි පෙළපාළි පැවැත්වුවහොත් උසාවියට අපහාස කිරීමේ චෝදනාව යටතේ නීතීය ක්‍රියාත්මක වන බවද මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හයිඩ් පිටිය ඉස්සර ඉඳලා කාගේ මැයි දින රැලි පවත්වපු තැනද කියලා හැමෝම දන්නවා ඇතිනේ... (නි)
පිටිගල, දන්නවද මෙයාලා මැයි දිනය වගේ දේවල් වලට කැමති ඇයි කියලා? (නි)
රතු මැයි රැලි නිකම්ම නිකම් බෙර සද්දයක් වගෙයි. 1948 ඉඳලාම ගහන්නේ එකම පදයයි. දැන් විප්ලව කාරීන්ට හැටත් පැනලා. ගහපු නටපු පදේකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ. ඒත් තවම ගහනවා. සාරී පොටක හරි වේට්ටියක හරි එල්ලුනේ නැත්නහ් යන එන මන් නැහැ.(නදී)