කොළඹ හයිඞ් පිටියේ සිදුකරන අලූත් වැඩියා කටයුතු හේතුවෙන් හෙට (30) සිට ඉදිරි කාලය දක්වා කර ඇති සියලූ වෙන්කිරීම් දින නියමයක් නොමැතිව අවලංගු කළ බව කොළඹ නාගරික කොමසාරිස් වී.කේ.ඒ අනුර මහතා පැවසීය.
ඒ අනුව ඒකාබද්ධ විපක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී වාසුදේව නානායක්කාර මහතාට ද ඔහු විසින් කර ඇති වෙන්කිරීම අනුව ලබන 1 වැනිදාට හයිඞ් පිටිය ලබානොදෙන බවත්, ඉදිරි වෙන්කිරීම් සියල්ල ද අවලංගු කර ඇති බවත් කොමසාරිස්වරයා කීය.
හයිඞ් පිටිය වෙන්කරගත් අයදුම්කරුවන්ට අදාළ මුදල් ආපසු ලබාගැනීමට හෝ අලූත්වැඩියා කටයුතුවලින් පසු වෙනත් දිනයක් වෙන්කරගැනීමට හැකි බව ඔහු වැඩිදුරටත් පැවසී්‍ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ අම්මප මෙහෙමත් බියගුළු ආණ්ඩුවක්?? (බ)
1990 ගණන් මුලදී බින්දුවට වැටිලා හිටපු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ගොඩ ආවේ මහින්ද සංවිධානය කරපු පාද යාත්‍රාවෙන්. ඒ නිසයි අද අනික් කට්ටියම බය වෙලා තියෙන්නේ. (අ)
ඔය ඔක්කොම කරන්න පෙර නිවහල් නිදහස් අපේම කියල රටක් අපිට තියෙන්න ඕන නේද සුරංග. මෙහෙම ගියොත් අපිට අපේ රටේ සුද්දෝන්ගේත් ඉන්දියන් කාරයගේත් වහල්ලු විදියට තමා ඔපීස් යන්න වෙන්නේ.(රේ).
බයට මොනවාද යනවලු. ඒ වගේ තමයි හයිඩ් පිටියේත් හදිසි වැඩ යන්නේ. (බ)
බයයි, ලැජ්ජයි, හිරිකිතයි, අප්පිරියයි. ඇඳිරි නිතිය දැම්මොත් විතරක් පා ගමන නවත්ත ගන්න පුළුවන්. ජනතාවගේ නැගිටීම වෙන කිසිවකින් යටපත් කල නොහැකියි.(අ)
සසිකා, හොරකම් අහුවෙනවටද බය?පැහැදිලි නැත. (අ)
මොකද මේ හදිස්සියේ අලුත් වැඩිය කරන්න හිතුනේ. රාජ්‍ය නිලධාරීන් වුණම ටිකක් හිතන්න තිබුණ දෙන්න බැරිනම්. අනෙක ඒ අය කල් ඇතිව සල්ලි ගෙවන වෙලාවේ ඕක සැලසුම් කරලා තිබුනේ නැහැනේ. පල් වැඩ කරන්න එපා . (අ)
මේක යහපාලන ආණ්ඩුව නිසා මට නම් වරදක් පෙන්නේ නැහැ. (අ)
2015 ජනපති වරණය වෙලෙත් මේ පිට්ටනි සේරම හදිසියේ වහගත්ත ඒ කලේ ආණ්ඩුවෙන් මොනාද දන්නේ ඒකාලේ කලේ අලුත් වැඩියාවන් හරියට කරලා නැතුව ඇති එවෙලාවේ (රේ)
මුදල් ගෙවා ලබා ගන්නා ලද පොරොන්දුවක් කැඩීම නීති විරෝධී. වානිජ අධිකරණයේ නඩුවක් ගොනු කිරීමට මෙය ප්‍රමාණවත්.(රේ)
දැන් සනීපෙ නේද කට්ටියටම මාර වෙනස අනේ.... අන්න වෙනස ඕනේ කියල කඩේ ගිය නිළියත් මේපාර ඒකාබද්ද විපක්සෙ පැත්තේ පාගමන් යනවා. හික්..හික්..හික්...(රේ)
හයිඩ් පාක් එක කියන්නේ සතර අතින්ම වටවුණ කුඩා පිට්ටනියක්. ඕනෑම පොඩි රැස්වීමකදී යුනියන් පෙදෙසයි ඩාලි පාරයි දෙකම විශාල තදබදයකට ලක්වෙලා මාර්ග දෙකම අවහිර වෙනවා. ලංකාවේ තියන සහ තිබුන සියලුම පක්ෂ තම රැස්වීම් වලට පැමිණෙන ජනකාය අඩු වේයැයි සැකසිතන සැම විටකදීම මෙහි රැස්වීම් පැවැත්වීම විශේෂත්වයක්. පන්දහසක සෙනඟක් පිරී ඉතිරී ගිය ජන සන්නිපාතයක් ලෙසට හයිඩ් පිටියෙන් පෙන්නුම් කළාට සුගතදාස ස්ටේඩියම් එක වගේ තැනක් මේ සඳහා යොදාගත්තොත් අඩුම ගානේ ලක්ෂයක්වත් සිටිය යුතුයි (නි)
කලින් ආණ්ඩුවට වඩා වෙනස් එකම එක දෙයක්වත් යහපාලනේ තියනවද අනේ? අපරාදේ ආණ්ඩුව වෙනස් කරේ සමහරු පන දාගෙන.(අ)
මේක කුහක කමට කරන වැඩක් වුනත්, ඔෆිස් යන මිනිස්සු රස්තියාදු කරවන, වාහන තදබද ඇති කරන මේ වගේ දේවල් වලට නොදෙන එක හොදයි. මෙයාලට ඕනේ නම් කෙත්තාරාමේ හරි බුක් කර ගන්න පුළුවන්නේ දවසකට. මොන යාත්‍රා ගියත්, මිනිසුන්ට කරදර නොවෙන තැන වල මීටින් තියන්න ඕන.(අ)
පව් අනේ මෙයාලගේ වැඩ වලට මොන ආකාරයටද හිනා වන්නේ(අ)
පා ගමනට අනවශ්‍ය ප්‍රචාරයක් ලැබෙන වැඩ මේවා. සංහිඳියාව මහජනයාට එපා කරවන්නයි කරන්නේ (නි)
ඔෆිස් යන්න රැකියාවක් තියෙන්න ඕනෑ. එට්කා අත්සන් කළාම ඔෆිස් යන්නේ ඉන්දියන්කාරයෝ විතරයි සුරංග. ඒක නවත්වාගන්නයි මේ පාද යාත්‍රාව. (නි)
අනේ..මෙහෙම බයවීමක්...(අ)
මේක නම් කැත වැඩක් (නි)
ජේ ආර් ගේ ආණ්ඩුවටත් වඩා මෙම ආණ්ඩුව ඒකැධිපතියි!!!
යහපාලනයේ රැස් විහිදේ! 60% මෝඩයෝ සිටින ලෝකයේ එකම රට ශ්‍රී ලංකාවයි (නි)
මෙයාලට කිසිම තැනක් දෙන්න වටින්නේ නැහැ (නි)
ඔබට සතුටුයිද දැන්! (නි)
රජයේ සේවකයෙක් නිසා අනුරට ගන්න වෙලා තියෙන්නේ ඉහලින් එන නියෝග ක්‍රියාත්මක කිරීමයි. එත් මේවගේ වැඩ හොද නැහැ. 1 දායින් පස්සේ ඔය අලුත් වැඩියාව කරන්න තිබුනානේ. තවත් ප්‍රමාද නැහැ වලවල් ටික වහල ඒ අයට හයිඩ් පිටිය දෙන්න. අසරණ අනුරට අපි අනුකම්පා කරමු.(අ)
මෝඩ වඳුරන්ගේ අඩුවක් නෑ (අ)
මහින්ද අවු 8-9 ගිහින් පටන් ගත්ත බියගුළු වැඩ යහපාලනය අවු 2 ක් යන්න කලින් පටන් ගෙන වගේ. අපරාදේ ආණ්ඩුව වෙනස් කරේ. (අ)
මේ වගේ දේවලින් පෙන්නන්නේ ඒඅ අයගේ අධ්‍යාපන තත්වය වගේම නොහැකියාව. මේ වගේ අය තබාගැනීමෙන් වෙන්නේ ලංකාවේ නීතිගරුක බව හදන්න බැරිවීමයි. ඉතින් කොහොමද යහපාලනය කරන්නේ? (නි)
මරු යහපාලනේ අප්පා (බ)