ඉතාලියේ පැවති ගුඩ්විල් ජාත්‍යන්තර කරාටේ තරගාවලිය නියෝජනය කිරීමට ආරාධනා ලැබුවද විවිධ හේතු මත එහි යාමට නොහැකි වු ශ්‍රී ලංකික ක්‍රීඩික ක්‍රීඩිකාවක් වෙත ඉතාලි ඔලිමිපික් කමිටුවේ එන්ඩාස් ක්‍රීඩා දෙපාර්තමේන්තුවව විසින් ක්‍රීඩා උපකරණ සහ ඇඳුම් තොගයක් පසුගියදා පිරිනමනු ලැබීය.
ඉතාලි ඔලිම්පික් කමිටුවේ ත්‍රෙවිසෝ නුවර පිහිටි එන්ඩාස් ක්‍රිඩා දෙපාර්තමේන්තුවේ ආචාර්‍ය අල්බර්තෝ සල්ගාරෝ මහතා විසින් එම උපකරණ තොගය ශ්‍රී ලංකාවට යැවීම සඳහා ඉතාලි කරාටේ සම්මේලනයේ ප්‍රධාන විදායක නිලධාරියෙකු වන සඳුන් ලක්සිරි මහතාට බාර දෙමින් කියා සිටියේ ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ජාත්‍යන්තර අත්දැකීම් ලබා ගත හැකි මෙවැනි යුරෝපීය තරගාවලියකට පැමිණීමට නොහැකිවීම පිළිබඳව තමන් ඛෙහෙවින් කනගාටුවන බවයි.
කෙසේ වෙතත් ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් දිරිමත් කිරිම සඳහා ඉදිරියේදි ශ්‍රී ලංකාවේ කරාටේ ක්‍රීඩාව ඉහළට ඔසවා තැබිමට යම් යම් පියවර කිහිපයක් ගැනීමට බලාපොරොත්තු වන බවත් 2017 වසරේ පැවැත්වෙන මීලඟ තරගාවලිය සඳහා ශ්‍රී ලාංකික ක්‍රීඩක ක්‍රීඩිකාවන් ගෙන්වා ගැනීමට හැකි සියළු දේ කල් වේලා ඇතිව සිදුකරන බවත් ඔහු එහිදි පවසා ඇත.
මෙම තරගාවලිය සඳහා සහභාගී වන ලෙස ඉතාලි ජාතික ඔලිම්පික් කම්ටුවේ ‘එන්ඩාස්‘ ක්‍රීඩා දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකාවේ ‘ජිකෝ‘ ජාතික කරාටේ කණ්ඩායමට කර තිබු ආරාධනාවක් මත මෙරට ජාතික තලයේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙක් තරගාවලිය සඳහා සහභාගී විමට නියමිතව තිබුණි.
එසේ වුවද විවිධ හේතු මත ශ්‍රී ලාංකා කණ්ඩායමට තරගාවලිය සඳහා මෙරටින් පිටත්ව යාමට නොහැකි වී ඇත.
කෙසේ වෙතත් ශ්‍රී ලංකාවට මෙම අවස්ථාව ලබා දීම සඳහා ඉතාලි රජය සමග මැදහත්කරුවෙකු ලෙස කටයුතු කළ ඉතාලි කරාටේ සම්මේලනයේ ප්‍රධාන විදායක නිලධාරියෙකු වන සඳුන් ලක්සිරි විසින් ඉතාලියේ සිටින ශ්‍රී ලාංකික කරාටේ ක්‍රීඩකයන් කිහිපදෛනකු තරගාවලිය සඳහා සහභාගී කරවීමට සමත් වු අතර එහිදී ශ්‍රී ලංකාව රිදී පදක්කමක් හිමි කරගත්තේය.
මේ පිළිබඳව සඳුන් ලක්සිරි මහතා එසැනට පැවසුවේ
‘ශ්‍රී ලංකාවේ ජාතික කරාටේ සංචිතයේ වසර 10 යක පමණ කාලයක් තිස්සේ ක්‍රීඩා කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් හය දෙනෙක් මේ තරගාවලියට ඉතාලියට පැමිණීමට සුදානම්ව සිටියා.
ඉතාලි ඔලිම්පික් කමිටුවෙන් ශ්‍රී ලාංකිික කරාටේ ක්‍රීඩකයන්ට ඉතාලියට පැමිණීම අසාදු ලේඛන ගත කර තිබුන මොහොතක මා වසර ගණනක් තිස්සේ ඉතාලි රජයේ අනුමැතිය ලත් ජාතික කරාටේ පුහුණුකරුවෙකු හා ජාත්‍යන්තර කරාටේ විනිසුරුවරයෙකු ලෙසත්, විශේෂයෙන් ගුඩිවිල් ජාත්‍යන්තර සම්මේලනයේ විධායක කමිටු සාමාජිකයෙකු හා එම සම්මේලනයේ ආසියාතික රටවල් සඳහා සම්බන්ධීකරන නිලධාරියෙකු වශයෙන් සේවය කිරීම යන කරුනු මත මා ගැන විශ්වාසය තබා මගේ විශේෂ ඉල්ලීමට මතයි මේ අවස්ථාව අපේ ක්‍රීඩකයන්ට ලැබුනේ.
මේ සදහා මා ඉතාලියේ ඔලිම්පික් කමිටුවේ අනුමත එන්ඩාස් ක්‍රිඩා දෙපර්තමේන්තුව හරහා අපේ ක්‍රීඩකයන්ට අවස්ථාවක් ලබා දීමට විශේෂ ආරාධනාවක් පවා ලබා ගත්තා.
ඕනෑම ක්‍රීඩකයෙකුගේ සිහිනයක් තමයි යුරෝපයේ තරගාවලියකින් පදක්කමක් ලබා ගැනීම. නමුත් මේ අයට විවධ හේතූන් මත ඒ අවස්තාව අහිමි වුනා. ඒ ගැන මා ඛෙහෙවින් කනගාටුවෙනවා.
ඒ කොහොම වුනත් ශ්‍රී ලංකා නාමය රැක ගැනිම සඳහා ඉතාලියේ ජීවත් වන කරාටේ ක්‍රීඩකයින් කිහිප දෙනෙක් සහභාගී කරවා රිදී පදක්කමක් ලබා ගෙන ශ්‍රී ලංකාවට ගෞරවයක් හිමි කර දීමට හැකිවීම ගැන මා ඛෙහෙවින් සතුටු වෙනවා.‘
මෙම තරගාවලිය පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් ඉතාලියේ ‘ත්‍රෙවිසෝ කොමෝනේ‘ හි පැවති බවත් එයට ත්‍රෙවිසෝ නගරාධිපති මහජන කටයුතු සහ ක්‍රීඩා අමාත්‍ය අසොසෝරේ ඔපේලියෝ මිකේලාන්, සින්දකෝ නිතීඥ ජොවන්නි මනිල්ඩෝ, ඔලිම්පික් කමිටුවේ සභාවතියරයා සහ එන්ඩාස් සහභාගී අතර ජිකෝ ඉතාලි සම්මේලනයේ ප්‍රධාන ලේකම් මාරාධි ජෝර්දා ඇතුළු මහත්ම මහත්මීන් සමග තමන්ටද සහභාගී විමට අවස්ථාව ලැබුන බවත් එහිදී ශ්‍රී ලංකාවේ කරාටේ ක්‍රීඩාව සංවර්ධනය කිරීම පිළිබඳව සාකච්ඡා වු බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බොහෝ විට, වෙනත් කෙනෙකුට මෙවැනි අවස්ථාවක් ලැබුන විට කෙසේ හෝ බලන්නේ තමුන්ටත් ඒ ගමනට මුක්කුවක් ගැසිය හැකිද කියායි.ඒ ක්‍රමවේදය හරි ගියේ නැතහොත් බලන්නේ සුදුස්සාට යාමට තිබු ගමන කෙසේ හෝ කඩාකප්පල් කර නැතිකර දැමීමටයි.ඉන් පසුවයි ඔවුන්ට නින්ද යන්නේ. මෙතන වෙන්න ඇත්තේ කුමනාකාරයේ දෙයක්ද කියා සිතාගන්න පුළුවන් (නි)
ලංකාව පාලනය කරන කට්ටියගේ මොකක්හරි ප්‍රශ්නයක් නිසාද දන්නෙ නැහැ යන්න ලැබිලා නැත්තේ (නි)
නිලධාරීන් හැටක් විතර යන්න ලෑස්ති වෙන්න ඇති ක්‍රීඩකයෝ කීප දෙනත් එක්ක.මං හිතන්නෙ ඒක වෙන්න ඇති ක්‍රීඩකයන්ට, මේ තරගාවලියට සහභාගී වීමට බැරිවූ හේතුව. (ස)
සමහර විට නිලධාරීන් කඹ අදින්න ඇති. එහෙම නැත්නම් ඉතාලිය නිසා යන්න පොරකන්න ඇති. (ස)
මෙන්න අපේ රටට අවශ්‍ය තරුණ ජවයක් ඇති අපේ රටට වැඩක් කළ හැකි බව ෙප්න කරාතේ නිලධාරියක්. (ස)
මමත් ලංකාවේ ක්‍රීඩා කරපු කෙනෙක් මට හිතන විදියට .ඔය වැඩේට ලංකාවේ ක්‍රීඩා අමාත්‍යංශය හා ඒ සම්මේලානේ නිළධාරීන්ගේ එයට අවශ්‍ය ලියකියවිලි ගැනීමට තවමත් ඒ තැන්වලට බඩ ගන්න වෙලා ඇති . අපේ ලංකාවේ වැඩක් කර ගන්න ඕනෙනම් වසර 10 පෙර ඉදලවත් එම නිළධාරී පස්සේ බඩ ගන්න්න ඕනේ එත් සුවර් නැහැ , (අ)
රැක ගත යුතු ශ්‍රී ලාංකික ජවයක්. ගොඩක් රට වල ඉන්න ශ්‍රී ලාංකික අය කටින් තමයි වැඩ ඔක්කොම .හොයල බලද්දී කාඩ් බෝඩ් විරයෝ . මෙතන වැඩ පුළුවන් නියම ශ්‍රී ලංකා සිංහ කකුලක් මේ පොටෝ වලින් අපිට පේනවා. මොනවා වුණත් දිගටම ලංකාවට උපරිම දේ කරන්න අපෙන් සුබ පැතුම්. (ස)
ලංකාවේ ක්‍රීඩාවට ආදරය නැති නිලධාරී ඉන්නකම් ලංකාවේ ක්‍රීඩකයන්ට දෙවියන්ගේම පිහිටයි . (ස)
ඔය මම දන්නා ක්‍රීඩා හදවතක්. ඔය ලංකාවේ ජාතික කරාටේ කණ්ඩායමේ හිටපු හොද දක්ෂ ක්‍රීඩකයෙක් . මට මෙයාව 2007 වසරේ ලංකාවේ පැවතී 10 සාෆ් ගේම්ස් ක්‍රීඩා උළලේදී අපේ බැජ් එකේ හිටපු ක්‍රීඩා ලෙසන් ඔෆිසවරයාය . ඔහු ඒ කණ්ඩායමේ හිටපු ලාබාලම ක්‍රීඩා ලෙසන් ඔෆිස වරයාය . මට ගොඩක් සතුටුයි ඉතාලියේ හොඳ වැඩක් කිරීම පිළිබදව . මා හට ඇති ක්‍රීඩා අත්දැකීම් අනුව කිව හැක්කේ ඔහුට හොද ගමනක් යන්න පුළුවන් කෙනෙක් හැටියට. ඒ වගේම මම නිවැරදිනම් මම හිතනවා ඔහු මිට වඩා යමක් දැනටමත් ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවට කර ඇති බවයි. මගෙන් සුබ පැතුම්. (ස)
සෙන්සෙයි මගෙන් සුබ පැතුම් . (දිල්)
මේ වගේ අය රජ කරන තැනක ඉපදීමත් පාපයක්.(නදී)
මේ වගේ අවස්ථාවක් නැති කිරීමට දායක වුණ අයට හොඳක් සිද්ධ නොවේවා !!!!! ළමයෝ ඔයාගේ උත්සාහයන් අතහරින්න එපා .පුළුවන් හැම විටම ලංකාවට උදව් කරන්න පුතේ. (ස)
හය දෙනාට වරද්දපු වගකිය යුතු අයට හය කෝටි වාරයක් වරදිවා. (ස)
සදුන් මගේ ඕ ලෙවල් පන්තියේ යාළුවෙක්. ඒ කාලෙත් හොද පපුවක් තිබුණු කොල්ලෙක්. ධෛර්‍ය අත් අරින්න එපා. රටට යමක් කරන්න ඔබට ජය.(නදී)
කරාටේ සංගම් වල ඉන්න නිලධාරීන් සහ ක්‍රීඩා අමාංත්‍යංශය මේ ගැන හොයා බලන්න. ඇයි මේ ළමයිට යන්න බැරිවුනේ කියලා. අනික ඉතාලිය වගේ යුරොපීය රටකට යන්න ආරාධනවාක් ඒ රජයෙන් ගන්නවා කියන එකත් පොඩි වැඩක් නෙමෙයි. මෙතන යන්න හිටියේ ජාතික තලයේ ක්‍රීඩකයෝ නම් ඇයි එයාලට යන්න අවශ්‍ය ලිපි ලේඛන ලංකාවෙන් ගන්න බැරිවුනේ. ඉතාලි විසා ගන්න සති දෙකකට කලින් ලියකියවිලි තානාපතිකාරයාලයට බාරදෙන්න ඕනේ. මට පේන විදියට මේ සදුන් ළමයා මේ ක්‍රීඩකයෝ ගෙන්න ගන්න ඕන කරන ලියකියවිලි ලංකාවට එවලා ඇති. නමුත් ලංකාවේ මොකක් හෝ කඹ ඇදිල්ලකින් වැඩේ අතරමග නතරවෙන්න ඇති. (නදී)
දන්න නිලදාරියෙක් ඉන්නව නම් ලියන්න ඇයි මෙහෙම වුනේ කියලා.(නදී)