ඉදිරි අය වැය යෝජනාවලියෙන් ගෙන ඒමට යෝජිත ‘ජාතික විශ්‍රාම පරිතොෂික අරමුදල‘ ගැන විපක්ෂය අනිසි බියක් මහජනතාව අතර අති කරන බව විදුලිබල හා බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී පෙරේරා මහතා පැවසීය.
‘අපි මේ ආයතනයට විශේෂ අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කරනවා. අධ්‍යක්ෂ මණ්ඩලය යටත් වෙනවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට. තාම සංකල්පයක් විතරයි. කෙටුම්පත සකස්කර නෑ. මේ අරමුදල සුපරික්ෂා කිරීමේ සම්පූර්ණ වගකීම මහජන ධන භාරයට පැවරෙනවා. ඒ නිසා මේ ගැන කිසිම බයක් වෙන්න ඕනෑ නැහැ. ආණ්ඩු වෙනස් වුණාට, පුද්ගලයන් වෙනස් වුණාට මේ අරමුදලට හානියක් වෙන්නේ නැහැ.‘
නියෝජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය හර්ෂ ද සිල්වා, ඉරාන් වික්‍රමරත්න, කරුණාරත්න පරණවිතාන සහ මහින්ද සමරසිංහ මහත්වරු ද මේ අවස්ථාවට එක් වූහ.‘
(ජායාරූප හා විඩියෝ රොමේෂ් ධනුෂ්ක සිල්වා)




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි මේ රටේ ජනතාව හැටියට සිදුවෙන දේවල් දන්නවා.මෙම ආණ්ඩුව සැරසෙන්නේ මුල්‍ය අර්බුදයෙන් ගොඩ එන්න අර්ථසාදකයට වැඩේ දෙන්න ඔය විදියටද ආර්ථිකය ගොඩ ගන්න යන්නේ. (ම)
ආණ්ඩුව පරිහානිය කරා ගමන් කරන හැරවුම් ලක්ෂය (ම)
ඇග හීතල වෙනවා අපේ .. අපි අවුරුදු ගානක් දුක් විදලා ගන්න බල ඉන්න මුදල අපිට නැති වෙලා සොච්චම් විශ්‍රාම මුදලක් විතරක් ලැබෙයිද දන්නැ (ම)
හරියට හරි උපුල් මතකද ලොකුගේ කියල කෙනෙකුත් මේවගේ කරන්න ගිහිලා ඇනෙන ගත්තා (අ)
බලමු ඉස්සරහට... (ර)
අනේ මහත්තයෝ, අපි හම්බකරපු දේ අපිම රැකගන්නම්, බොහොම ස්තුති, අපේ අන්තිම තුරුම්පුවටත් විදින්න නම් ලැස්ති වෙන්න එපා! (අ)
ඒ සැරේ මේ මොකක්ද වෙන්න යන්නේ? මෙහෙම එකක් ඡන්ද පොරොන්දු වල තිබුණේ නැහැනේ. (නි)
මේ කටින්ම තමයි මෙයාලා කිව්වේ ඡන්දෙ කාලේ පිටරට රැකියා කරන සෑම කෙනෙකුටම විශ්‍රාම වැටුපක් දෙනවා කියලා දිනපු ගමන්. බොරුවට වැඩි ආයුෂ නැහැ මහත්වරුනේ. මිනිස්සු එක සැරයයි වළේ වැටෙන්නේ. (නි)
අනේ මම අවුරුදු 55 වෙනතුරු ඉන්නේ අර්ථසාධකේ ගන්න. ඒකත් නැතිවෙයිද දන්නෙ නැහැ. එහෙම වුණොත් අනේ මගේ සල්ලි දෙයියනේ! (නි)
මතකනේ ගිය ආණ්ඩුවෙනුත් උත්සාහ කළා. එකම දෙය අලුත් ක්‍රමයකට වෙන එකයි එකම වෙනස. අපි ප්‍රවේශම් වෙන්න ඕනෑ. (නි)
ගිය ආණ්ඩුව වගේම, පරණ කතාවමයි නැවතත් එළියට එන්නේ. අවුරුදු 55 වෙනතුරු බලාඉඳලා එකවර ලැබෙන්නට තිබෙන ප්‍රතිලාබයත් නැතිකරන්නද මේ කැසකවන්නේ? (නි)
අනේ අපිට නම් කතා අහලා ඇතිවෙලා (නි)
අද කාලේ ජනතාව බුද්ධිමත් මහත්තයෝ (නි)
ලාල්කාන්ත මේකට කොහොම හරි උත්ඝෝෂණයක් මෙහෙයවයි. බලාපොරොත්තුව වෙන්නේ බිල්ලක් පක්ෂයේ සහ තමන්ගේ නම ප්‍රසිද්ධ කර ගන්න. (අ)
කුම්බලා මාළු කෑවා නම් දුක විඳපන් බළලෝ කිවුවලු. මොනවා කරනද? අපිනේ උඩ පැනගෙන ගිහින් දුන්නේ. දැන් ඉතින් යහපාලනය කරන හැටි බලාඉන්න තමා තියෙන්නේ (නි)
අනේ අපි දැන් ඕවා ගැන එච්චර හිතන්න යන්නේ නැහැ (නි)
මේ යුඇන්පී කාරයින්ට විශ්‍රාම කියන වචනය පෙන්නන්න බෑ. අපිට මතකයි 2002 දී විශ්‍රාම වැටුපට කෙලින්න අපු හැටි. ඉති බය නොවී පුලුවන්ද? (ම)
අපි බලාගෙන ඉමුකො මොකද වෙන්නේ කියලා. (නි)
අද රටේ මිනිස්සු යමක් කී පමණින් පිළිගන්නේ නැහැ (නි)
කාත ඇති. දැන් වැඩයි අවශ්‍ය (නි)