භික්ෂූන් වහන්සේලා නමින් පෙනී සිටිමින් ජනතාව රවටා මුදල් ලබාගන්නා ජාවාරම්කරුවන් දස දෙනකු මාතලේ දිස්ත්‍රික්කයේ සිටින බව සිවිල් සංවිධාන මාධ්‍ය සංවිධාන එක්ව කළ ගවේෂණයක දී තහවුරු කරගෙන ඇත.
විවිධ සේවා ලබාදෙන බව පවසමින් මොවුන් අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය ගෙන යමින් මුදල් ගැරීම සිදුකරයි. ඔවුන් පෙනී සිටින්නේ ප්‍රදේශයේ ප්‍රචලිත කීර්ති නාමයක් හිමිකරගත් ජ්‍යේෂ්ඨ භික්ෂූන් වහන්සේලාගේ නමිනි. මෙලෙස ව්‍යාජ ලෙස පෙනී සිටිමින් දෙස් විදෙස් පුද්ගලයන්ගෙන් මුදල් ගරා ගැනීම සිදුකරන බව ද දැනගන්නට ඇත.
මේ ජාවාරම්කරුවන් හේතුවෙන් භික්ෂූන් වහන්සේලා දැඩි අපහසුතාවකට පත්ව සිටිති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිර්මල බොදු දහම කෙළෙසන මෙවැනි අධමයන්ට විරුද්ධව සංඝරත්නය මෙන්ම ගිහි ජනයාද මොවුන් ගැන සෙවිල්ලෙන් සිට ඔවුන්ට විරුද්ධව නීති මඟින් ක්‍රියාකිරීමට වහාම කටයුතු කළයුතුය. තවද මෙසේ ආධාර බලාපොරොත්තුවෙන් නිවෙස් වලට පැමිණෙන හිමිවරුන්ට ආධාර දීමේදී අනන්‍යතාවය පරික්ෂා කිරීමද අමතක නොකළයුතුය (නි)
මේ අර බලු සේනාවද දන්නේ නැහැ (බ)
සියලු දේ අනිත්‍ය ලෝකයේ මොනවාද මේ වැඩ? (නි)