හෝමාගම උසාවි භූමියේ කලහකාරී ලෙස හැසිරීමට සැකපිට සඳුදා (15) පොලිසියට බාරවීමෙන් පසු රිමාන්ඩ් කරනු ලැබූ හිමිවරුන් සිව්දෙනා අද (16) හෝමාගම අධිකරණයේදී හඳුනාගැනීමේ පෙරට්ටුවකට ඉදිරිපත් කිරීමට රැගෙන එනු ලැබූහ.
රාවණා බලය සංවිධානයේ ඉත්තෑකන්දේ සද්ධාතිස්ස, හිටපු මන්ත්‍රී හා සිහළ රාවය සංවිධානයේ ලේකම් අක්මීමන දයාරතන, මැදිරිගිරියේ පුඤ්ඤසාර හා බත්තරමුල්ලේ පඤ්ඤාජෝති යන හිමිවරු ඒ අතර වෙති.
උසාවි භූමිය අවට කැරලි මර්දන කණ්ඩායම් හා පොලිස් භට පිරිස් රඳවා ඇත.
ජායාරූප හා විඩියෝ ලහිරු හර්ෂණ







COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිමල් ලාලිත, සම්පුර්ණ ඇත්ත. රටේ විපක්ෂයේ හඬ දැන් නැති කරලා තියෙන්නේ. එතකොට ආණ්ඩුවට ඕන දෙයක් කරන්න පුළුවන්. (ර)
මේවා දකිනකොට පුදුම තරහයි (නි)
මේවා දකිනකොට අනේ මන්දා (කෞ)
මෙවැනි දේවල් මගින් බලාපොරොත්තු වන ප්‍රතිඵලයට වඩා ලැබෙන්නේ වඩා නරක ප්‍රතිඵලයක්. ඉතාම සංවේගයට පත්වෙනවා රටේ ජනතාව රට මේ යන්නේ කොහෙද කියා සිතනවිට (නි)
දහම පතුරවන්නේ නැතුව මොනවද හිමිවරු කරන මේ විලිලැජ්ජා නැති වැඩ? (නි)
ඔන්න අපේ ශාසනයට ගිය කල! (නි)
සෙනරත්, දැන් කහ සිවුරු අඳින අය අඩුයි කියලා තේරෙන්නේ නැත්ද? වෙන වෙන පාට අඳින කී දෙනෙක් මෙතැනම ඉන්නවාද කියලා පේනවා නේද? (නි)
අනේ දෙවියෙන් මේවා කවදා අහන්න ලැබුණ දේවල්ද? (නි)
ස්වාමින් වහන්සේලාට ඇයි මෙවැනි හිරිහැර? (නි)
අනේ හිමියණනි සමා වෙන්න. අපේ රටකට ගිය කලක්. (ර)
චීවරයේ ගරුත්වයට කුමක් වුණිද? තවත් බොදු රාජ්‍යයක අවසානයද කියලත් හිතෙනවා (නි)
යහපාලනය ගැන දැන්නම් කළකිරෙනවා (නි)
කොට්ටෝරුවා කෙහෙල් ගහට කොටපු කතාව මතක්වුණා (නි)
අපි අසරණවෙලා වගේ හිතට දැනෙනවා බුදු හාමුදුරුවනේ... (නි)
ඇයි මේ මූණ වහගෙන ගේන්නේ. හැමෝටම පේන්න අනිත් සැකකරුවෝ ගෙනාවා වගේ වැරද කාටත් එකයි. නීතිය කාටත් එකයි (බ)
පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ වගේ මේ වගේ හාමුදුරුවරුන්ට කරන්න ඕනෑ (නි)
නිමල් ලාලිත නිවැරදියි.ඒත් මේ මර නින්දේ ඉන්න මහා නායක හිමිවරු අවදිකරගන්න එක තමයි ප්‍රශ්ණේ. (බ)
කුමාර් (ගල්ෆ්) ....හලෝ ඔහේ නිදාගෙනද හිටියේ....? අපිනම් දැක්ක මේ හිමිවරු එ්කාලෙත් කරපු වැඩ. (බ)
නිමල් ලාලිත, නිකන් බයිලා ගහන්න එපා, කෝ මෙයාලා කැගැහුව පහුගිය ආන්ඩුව පිස්සු කෙලිනකොට රටේ? (බ)
මේ හාමුදුරුවරු රටට, ජාතියට, ශාසනයට සිදුවෙන අකටයුතුකම් වලට හඬක් නඟන පිරිසක්. ඔවුන්ගේ පුද්ගලික වාසියකට නෙමෙයි. ඒ නිසා දොස් කීමෙන් වළකින්න. බුද්ධිමත්ව සිතන්න. සිවුරයි හැමදාම රට ජාතිය රැකගත්තේ. (නි)
මොනවද මේ වෙන්නෙ? ඒ විඩියෝ වල මේ දෙවෙනි වතාවට ගත් හිමිවරු කළහ කරන බවක් පෙනෙන්නේ නැහැ මට නම්. (නි)
අනේ මන්දා මේවට මොනවා කියන්නද කියලා (නි)
සමන්ති, පාට වල වෙනස්කම් ගැන හොයන්නේ නැතුව, අපේ රට, ආගම විනාශ වෙන හැටි දකින්න (නි)
සිංහල අයිතිය, බොදු අයිතිය, වරදකරුවන් නොවූ චුදිත රණවිරුවන් වෙනුවෙන් කෑගැසූ මේ හිමිවරුන්ට ක්‍රියාත්මක වූ නීතිය, අධිකරණ ඉදිරිපිට කලබල ඇතිකළ, බොදු පුරාවස්තු විනාශ කළ, වනාන්තර විනාශ කරමින් වාර්ගික ජනපද ඇතිකළ දේශපාලකයනට ක්‍රියාත්ම නොවන්නේ සිංහලයේ, අනාගත සිංහලයාගේ අවාසනාවටද? මහා නායක හිමිවරුනි, දැන්වත් අවදි වන්න. මේ හිමිවරුන් මෙලෙස හැසුරුනේ බඩ වඩාගැනීමට නොව සිංහලයා, රණවිරුවන් අද මුහුණ පා ඇති තත්වය නිසා ඇතිවූ ආවේගයෙනි. (නි)
රටේ පිනට පහල වුනු මේ වගේ හාමුදුරුවරුන්ට සලකන්නේ මෙහෙම ද.දේශපාලකයිනි ඔබල මේ රටේ ද සිංහල ද කල්ලතොනි ද, කහ සිවුර රටෙන් අතුග දමන්න උවමනාවක තියෙනවා වගේ හෙගෙන්නේ. (කෞ)
කහ සිවුරු ලංකාවෙන් තුරන් වන තුරු සමහරුන්ට හරිහැටි නින්දක් නොයන පාටයි. (බ)
පෙරට්ටුවක් මොකටද මුලු ලෝකෙම සජීවීව පෙන්නුවානෙ. (ර)