වෙසක් පොහොය දින දළදා මාළිගාව ඉදිරිපිටදී සිරුරට ගිනි තබාගත් බෝවත්තේ ඉන්ද්‍රරතන හිමියන්ගේ දේහය අධිකරණ නියෝගයක් මත කහවත්ත සිරි සුගත විහාරයට පොලිස් ආරක්ෂාව මැද යැවූ බව පොලිසිය කියයි.
මේ හිමියන්ගේ දේහය කහවත්තට යැවීම සම්බන්ධයෙන් දෙපිරිසක් අතර මතභේදයක්ද හටගත් අතර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක මහතාගේ ප්‍රධානත්වයෙන් සාකච්ඡාවක්ද පැවැත්වීණි.
මහජන ගෞවරය සඳහා පැයද දෙකක කාලයක් කොළඹ පුද්ගලික මල්ශාලාවක දේහය තැන්පත් කර තබන බවට පොලීසිය පොරොන්දු වී හොරෙන්ම දේහය කහවත්තට යැවුයැයි කියමින් මල්ශාලාව ඉදිරිපිටදී හිමිනමක් සිරුරට ගිනි තබා ගැනීමට ගත් උත්සාහය පොලීසිය මහත් පරීශ්‍රමයක් දමා වැළැක්වීය.
මේ සම්බන්ධයෙන් කොල්ලුපිටියේ විරෝධාතාවක නිරතවූ භික්ෂූන් වහන්සේලා පිරිසක් පොලිසිය දෙසට ගල් මුල් ගැසූ බව පොලිසිය කියයි. තවත් භික්ෂූන් වහන්සේ දස නමක් අරලියගහ මැදුරට යන පාරේ බිම දිගා වී සත්‍යග්‍රහයක් ඇරඹූහ.
\
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බෞද්ධ හිමිනමක් හැටියට උන්වහන්සේ තම ජීවිතය නැති කරගත්ත එය හොදටම ඇති වෙච ච කණගාටුව ඉමහත් ගොඩාක් අපිට . . දැන් කාට පේන්නද මෙහැටි කලබල කරන්නේ(ස)
අපි සිංහල බෟද්ධයන් නිසා එම සිදුවීම හොදින් දැනෙනවා. ගව ඝාතනය හෙලා දකිමු. පිරිසිදු බුදුදහම පවතින අපේ රටේ ගව ඝාතනය තහනම් කළ යුතුයි. (ස)
ඔයාලම තමයි ඕනේ කියන්නේ අරක්කු බිව්වට පස්සේ ඕනා කියන්නේ බයිට් එකට හරක් මස් කන්න.(නදී)
හතරවන ධර්ම සංගායනාවට කාලය ඇවිල්ලා වගේ. මෛත්‍රී බුදු රජුනේ, බුද්ධ ශාසනය මේ හොරුන්ගෙන් රැක දෙන්න. (නි)
අර කලිසමක් ඇදගෙන ඉදිරියෙන් සිටින නංගි කොහොමද සිංහල රාවය පතුරන්නේ? එයා හොදයි යුරෝපා රාවය පතුරන්න. පව් අනේ අව්වේ. (නි)
මේවට සාදු කියන්නද, ජයවේවා කියන්නද, නොදකින් කියල කියන්නද? තේරෙන්න නැති නිසයි අහන්නේ?(නදී)
මේකේ ප්‍රතිචාර දාලා තියන අය බහුතරයක් සර්ව ජාතික නිවටයින් බව පෙනේ. ඔවුන් මෙය මුස්ලිම් හෝ දෙමලෙකු විසින් කර ගත්තා නම් එය උත්තම පුජාවක් ලෙස සලකා කතා කරනු ඇත. එහෙත් මතක තියා ගනිල්ලා මේ හිමි නම ජීවිතය පුජා කලේ රට ජාතිය වෙනුවෙනි. මේ රටේ සිංහල ලේ සතර අත ගලා යන අදුරු අනාගතයක් මේ යන ආකාරයට නිසැකවම සිදු වෙයි .අද දවසේ අපගේ වගකීම සර්ව ජාතික වී අපේ ජාතිය විනාශ වී යාම නිවටයන් සේ බලා සිටීම නොවේ. රටට ජාතියට ආගමට ආදරය කරන සිංහලයනි, එකතු වෙයල්ලා (නි)
ඉන්ද්‍රරතන හිමි සියල්ල හමාර කරන තුරු මෙම අය කොහෙද හිටියේ ? ඉන්ද්‍රරතන හිමි තනි කල නිසයි මෙහෙම උනේ. මෙයාලා මරණයට වග කිව යුතුයි.(නදී)
ඉන්ද්‍රරතන හිමි සියල්ල හමාර කරන තුරු මෙම අය කොහෙද හිටියේ ?... ඉන්ද්‍රරතන හිමි තනි කල නිසයි මෙහෙම වුනේ. (ස)
මේ ලෝකයත් එහි වෙසෙන මිනිසුනුත් ආරක්‍ෂා වෙන්නේ පංචශීල ප්‍රතිපදාවෙනුත්, ඔවුනොවුන් අතර සුහදව කටයුතු කිරීමෙන් හා කරුණාව, දයාව, මෛත්‍රිය අනුකම්පාව ආදී ගුණදහම් වර්ධනය කිරීමත් තුළිනුයි. වෛරයෙන් වෛරය නොසන්සිඳෙන බව බුදු දහමේ ඉතා පැහැදිලිව දක්‌වා ඇතත් වර්තමාන ලෝකය එම ප්‍රතිපත්තියෙන් වේගයෙන් බැහැර වෙමින් සිටින බව පෙනෙන්නට තිබෙනවා. ඇතැම් බලවත් රටවල් අද අතීතයේ සිදුවූ වැරදිවලට පළිගැනීමට පවා පෙළඹී සිටිනවා. රට රටවල් අවුල් කරනවා. බළලුන් ලවා කොස් ඇට බාවනවා වැනි ක්‍රියාවන්a කරනවා. බල ලෝභය නිසා සිදුකරන ක්‍රියාවන් හරහා ලෝභ, ද්වේශ, මෝහාදී අකුසලයන් සිදුකරනවා. මේ ලෝකය කියන්නේ මිනිසාට පමණක් නොව ගස්‌වැල්, සතා සිවුපාවාට ද අයිති දෙයක්. ඒ සියල්ලන්ගේම පැවැත්ම තහවුරු කිරීම බුදුදහමේ අඩංගුයි. බුදුදහමේ අඩංගු එම ධර්ම කරුණු නිවැරදිව හඳුනාගෙන, තමා මුල් කොට අවබෝධ කරගෙන කටයුතු කිරීම තුළින් අපේ රටේ යහපත් සමාජයක් ඇති කරන්න පුළුවන්. ඒ සඳහා බුදු සසුනේ දොරටු විවර වන්නේ ප්‍රඥවන්ත යහපත් සිත් ඇත්තන්ට පමණයි. (ස)
මේ ප්‍රශ්නයත් ගානට ලොකු ලොක්කෝ බැලන් කළා. අනේ ධර්මද්වීපය... ගව ඝාතනය සම්පූර්ණයෙන්ම නතර කරන්න ඕනේ.................. (ස)
. අප තවමත් බුද්ධ්මත්ව ධර්මය දේශනා කල සහ කරමින් සිටින යක්කඩුවේ පඥඥාරම , වල්පොල රාහුල , හීනටියන ධම්මාලෝක, රේරුකානේ චන්දවිමල , කොස්වත්තේ අරියවිමල, පාතේගම ඥානසාර ආදී මෙකී නොකී මහා යතිවරුන් විසින් හැගීම් නොඅවුස්සා , බුද්ධිය අමතා (බුදු දහම අවබෝධ කරගත හැක්කේ බුද්ධිමතුන්ට පමණි. උප්පැන්න සහතිකේ ආගම බෞද්ධ වශයෙන් නොතිබුනාට, බොහෝ බටහිර සහ අනෙකුත් රටවල පංච ශීලය රකිමින් සිටින සාංසාරික බෞද්ධයන් සිටිත්) කල දේශනා වලින් දර්මය හඳුනා ගත්තෝ වෙමු. රුපවාහිනී මාධ්‍ය තුල සිටින හිතවතුන් හරහා එම මාද්‍ය තුලට වැද එහි ආදිපත්‍ය පතුරුවමින්, ජනප්‍රිය වාදය හරහා මෙරටේ බහුතර මන්ද බුද්දික ජනතාව වෙත මමංකාරය හුවා දක්වමින් ප්‍රතිරූපක ධර්මය දේශනා කිරීම සහ ශ්‍රාවකයන් විසින් ඒවා ඔජ වඩවමින් වර්ණනා කිරීම හරහා සාසනයේ අභාවය සිදුවනු ඇත. (අ)
ඔය වැඩේ දැන්වත් නවත්තන්න (නි)
හාමුදුරුවරු මේවට වඩා ගිනිතියාගන්න ඕන දේවල් ගොඩක් තියෙනවා. බොදුබල සේනාව වගේම සිංහල රාවය වගේ සංවිධාන කරන්න ඕනා අන්‍ය ආගමිකයන්ගේ වැරදි සොයා සොයා ඇවිදින්නේ නැතිව ඔය බොදුබල සේනාවට පුලුවන්නම් මහනායක හිමිවරුන්ට කියන්න. මේ කුලබේද ඉවත් කරලා නිකාය බේදයක් නැතිව එකතුවෙමු කියලා. කියන්න පුවන්නම් ඔච්චර හයියෙන් උගුර කඩාගෙන මීඩියා වලට කෑ නොගැහුවට කමක් නැහැ.(නදී)
සම්සුදීන් මහත්තයෝ කරුණාකරලා ඔබලාගේ උලමලා තමයි මේවට වග කියන්න ඕනා. ඒ අය තමයි අනවශ්‍ය ප්‍රශ්ණ ලංකාවට ගෙනාවේ. ඒක මතක තියාගන්න. ඔබතුමාලගේ කට්ටිය වගේ පන්සල් වලට අපිම බෝම්බ තියාගන්නේ නැ. අනිත් රටවල් දිහා පොඩ්ඩක් ඇස් ඇරලා බලන්න මුස්ලිම් පල්ලි වලට කව්ද බෝම්බ තියාගන්නේ කියලා. බොදු බල සේනාව තිබුනේ නැත්නම් ඔබලාට හොඳ වාසියි නේද?(නදී)
හාමුදුරුවරු මේවට වඩා ගිනිතියාගන්න ඕනෑ දේවල් ගොඩක් තියෙනවා.බොදුබල සේනාව වගේම සිහල රාවය වගේ සංවිධාන කරන්න ඕනෑ අන්‍ය ආගමිකයන්ගේ වැරදි සොයා සොයා ඇවිදින්නේ නැතුව ඔය බොදුබල සේනාවට පුලුවන් නම් මහනායක හිමිවරුන්ට කියන්න මේ කුලබේද ඉවත් කරලා නිකාය බේදයක් නැතිව එකතුවෙමු කියලා. එහෙම කියන්න පුළුවන් නම් ඔච්චර හයියෙන් උගුර කඩාගෙන මීඩියා වලට කෑනොගැහුවට කමක් නැහැ (නි)
මිනිසුන්ගේ සිත් පහන් කිරීමට සිටින මහා සංඝරත්නය මෙසේ ආවේගශීලී වීම අවාසනාවක්, ගිහි අපගේ අභාග්‍යයක්. බුද්ධ ශාසනයේ පරිහානියක් ලෙස මම දකිමි.(නදී)
සෑම හරකකුටම තම වරිගය මතක් කරද්දී තරහ යනවා. (ස)
මේ වගේ වෙලවකදිත් හාමුදුරුවරු දැන් වළදමින් භාවනා කරන්ටද කියන්නේ? අයි ඒ අයගේ වේදනාව කියන්ට අයිතියක් නැද්ද? හැම දේටම විවේචන එමටයි. රටට වෙලා තියෙන දේ පෙනෙන්නේ නැහැ පිට රට වල ඉන්න අයට.(නදී)
සිංහල, මුස්ලිම් දෙගොල්ලම එකතු වෙලා හරක් මස් සහ ඌරු මස් දෙකම නවත්වමු.(නදී)
මේක බෞද්ධ රටක්. මේකේ පාලකයන්ව පත් කරලා තියෙන්නෙ බෞද්ධයො මිසක් වෙන කවුරුවත් නෙමෙයි. බෞද්ධයන්ට විරුද්ධව වැඩ කරන දේශපාලකයන්ට ඊලඟ චන්දෙන් ගෙදර යන්න වෙයි.(නදී)
ඇත්තෙන්ම කනගාටුයි. මේ උතුම් මාසයේ, ආණ්ඩුවේ වගකිව යුත්තෝ කෝ?(නදී)
රජය නිවැරදි දෙයක් නොකලොත් මහා විනාශයක් වෙන්න පුළුවන්.(අ)
කහ පාට සිවුර දාගෙන හිටියට හැසිරීම ටිකක් වෙනස්. රාජකාරියට ආ පොලිස් නිලදාරීන් සමග රංඩු වෙන එක හොදද? මේ ගොල්ලෝ නිසා සිල්වත් බික්ෂුන්ට නිගාවක් . බුදුදහම නිතරම කියන්නේ අවිහිංසා වාදී වෙන්න කියලා.(නදී)
මේ සියවස ආරම්භයේ හෙළයන්තුල හටගත් දේශප්‍රේමිත්වය හා ජාතිමාමකත්වය දඩමීමා කරගත් හෙළඋරුමය පක්ෂය ආණ්ඩුබලය කොල්ලකාගත්දා සිට බෞද්ධයන්ගේ හා සිහලුන්ගේ පිරිහීම අරම්භවුණා. හෙළඋරුමකාරයෝ බෞද්ධයාත් සිංහලයාත් පාවාදෙන දේශපාලන රූකඩ බව දැන්වත් තේරුම්ගන්න(අ).
පටු ආගමික කාරයන්ට ඉගෙන ගන්න හුගක් දේවල් හිමියන්ගෙන් ඉගෙන ගත හැකිවේවි. (ස)
ඔබ සැමගෙම අදහස් අතිශයින්ම වැදගත් ඒ වුනාට ඒ සියල්ලම පෞද්ගලික මතයන්. ඒ වුනාට ගරුතර හාමුදුරුවො විශ්වාස කලේ සත්ව හිංසනය හා සංහාරය නීතිමයව නතර කල යුතු බවයි. බුද්ධ දේශනාවේද පලමු ශික්ෂා පදයත් එයමයි. එනිසා උන්වහන්සේගේ දැඩි අධීශ්ඨාන ශීලී ජීවිත පරිත්‍යාගයෙන් දුන් පණිවිඩයද දැන්වත් තොපි ඇස් ඇර මෙම අන්ධ විශ්වාශයෙන් කරන සත්ව හිංසනය නතර කරව්.(ස)
මේවා දැකලා පිස්සු ඩබල් වෙනවා.(නදී)
වෙන වැඩ නැද්ද මන්දා? රටේ කොච්චර ප්‍රශ්න තියෙනවද? (නි)
දැන් ලංකාවේ සියල්ල විකෘති වී ඇත.(නදී)
ගව ඝාතනය පමණක් නෙවේ සේරම මස් මාංශ තහනම් කරනවා නම් තහනම් කල යුතුයි. මසුන් මැරීම කුකුල් මස් බිත්තර කරවල වේලීම එළු මස් උරු මස් ආදී සියල්ලටම පොදුවේ නිතිය ක්‍රියාත්මක විය යුතුයි. සියල්ලන්ම සතුන් ජීවින් බැවින් නිතිය පොදු විය යුතුය. ඒ නිසා මගේ පුද්ගලික මතය නම් මෙය ප්‍රයෝගික නොවන බවයි. අවශ්‍ය නම් අවරණය ඌ කලාපයක සතුන් මැරීම කර ප්‍රමිතියකින් විකිණීම කල හැකි විය යුතුය. සතෙක්ගේ හමක් නැත්නම් බෙරයක් රබානක් වත් හදාගන්නේ කොහොමද? (නදී)
මෙම පුවත බොහෝ දෙනෙක් හරි හැටි කියෙව්වාදැයි සැක සහිතයි. වඩාත්ම වැදගත් කොටස වන්නේ "මල්ශාලාව ඉදිරිපිටදී හිමිනමක් සිරුරට ගිනි තබා ගැනීමට ගත් උත්සාහය පොලීසිය මහත් පරීශ්‍රමයක් දමා වැළැක්වීය" යන්නයි. මෙය ඉන්ද්‍රරතන හිමියන් විසින් දුන් දරුණු පුර්වාදර්ෂයේ ප්‍රතිපලයකි. රට, ජාතිය වෙනුවෙන් යැයි කියමින් බුද්ධ දේශනාවට සම්පුර්ණයෙන් පටහැනි දෙයක් කිරීම මා තරයේ හෙලා දකිමි. පොලිසියට ගල් ගැසූ අය චීවරධාරීන් මිස භික්ෂුන් නොවේ. මොවුන් වහා අත් අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කල යුතුය. වහාම, 4 වන ධර්ම සංඝායනාව පවත්වා යලිත් වරක් බුද්ධ ශාසනය රැකගැනීමට කටයුතු කරන මෙන් අපේ මහනායක හිමිවරුන්ගෙන් කාරුණිකව ඉල්ලා සිටිමි.(අ)
සෝම හිමිගේ දේහය උඩින් ධර්ම රාජ්‍යක් ගොඩ නගන්න ගිහින් කට්ටියක් අතරමන් උනා. මේ කට්ටිය මේ ස්වාමින්වහන්සේගේ දේහයට මොකද්ද මේ කොරන්න හදන්නේ?(නදී)
වෙන කරන්න දෙයක් නෙතිව මෙයාලට පිස්සු (ස)
සමහර ප්‍රතිචාර ලියන මහත්වරු සංඝයා වහන්සේට අගරුව වන ආකාරයට කරුණු කරන නොදැන ලියනවා. කරුණාකර ප්‍රයෝගිකව හිතා මස් මිල වැඩි කිරීමෙන් මේ ප්‍රශ්නයට විසදුමක් දිය හැකි. ගව ගටනය පළමුව නතර කරමු. දෙවනුව එළු ගතනයය, 3 කුක්ල් ගාතනය. හැබැයි මිනිස් ගාතනය මීට කලින්ම නතර කල යුතුයි. (ස)
තිසල්, ඔබ හරියටම හරි. ඒකයි හැමෝගේම ප්‍රාර්ථනාව වෙන්න ඕනෑ (නි)
හාමුදුරුවන්ට ගිනී තියාගන්න බල කලේ කවූද ? (නි)
මේවා කරලා බුදු දහම රැකින්න බැහැ කියලා මම අවධාරණයෙන් කියනවා. (ස)
කොහොමද නොර්වේ "ක්‍රෝන්" වල පවර් එක.(නදී)
නොර්වේ සල්ලි හොදට වැඩ.(නදී)
කවුච මේ යකා නටන්නේ? (ස)
සත්‍යයේ සටහන (ස)
හොදම දේ නොකා සිටීම .. ඔය දේවල් ප්‍රයෝගික නැ අපේ රටේ සංචාරක ව්‍යාපාරය තියනවා පිටරට වල මිනිසු අනුබව කරනවා , වඩාත්ම සුදුසු දේ අපි නොකා සිටීම එතකොට කාටද මෙය විකුනනේ මේ වැඩ වලින් වෙනේ ප්රිහිමක් බුදුදහම මිනුසුනේ මේ 2013, අපි ඉන්නේ. (ස)
හාමුදුරුවරු ටික නැත්නම් බලන්න තිබුනා අනිත් අය නටන නැටිලි (නි)
මේ අයට පිස්සු. (ස)
හාමුදුරුවරු ටික නැත්නම් බලන්න තිබුනා අනිත් අය නටන නැටිලි (නි)
සියදිවි නසාගත් එම භික්ෂුන් වහන්සේ වැඩසිටි පන්සලට දේහය ගෙනයාම උසාවිය දුන් ඉතාම සාධාරණ තීන්දුවක් මීට විරුද්ධව පෙළපාලි ගිය, පොලිස් අණ නොතකා කටයුතු කළ, සියලු දෙනාට රටේ නීතිය අනුව දැඩි දඩුවම් ලබාදීමට කටයුතු කළ යුතුයි. (ස)
කෝ අපේ මහානායක හිමිවරු? (නි)
හාමුදුරුවරු අපට දැන් උගන්වන්නේ වෛරය ක්‍රෝධය මිසක් ඉවසීම නෙමෙයි.(නදී)
රටේ ලොකු ලොක්කෝ අධර්මිෂ්ට වුණහම රටට ගොඩක් විපත්ති ඇති වෙනවා. ඒවා වළක්වන්න බැහැ. මගේ හැඟීම රට ලොකු නස්පැත්තියක් වෙතට ලං වනවා වගෙයි. පෝය දවසත හරක් මරණ එක නවත්වන්න බැරි ඇයි. අරාබි රටවල එයාගේ ජනගහනයට වැඩිය විදේශ වලින් පැමිණ ජිවත් වන අය දෙගුණයකින් තුන්ගුනයකින් වැඩියි. එහෙත් ඉස්ලාම් ආගමට විරුද්ධ කිසිම දෙයක් කිරීම තහනම්. එහෙනම් ඇයි අපේ රටේ නිතිය ක්‍රියාත්මක කරන්න බැරි ? (නි)
විරාජ් ඔබ හරි !! මේ දේවල් ප්‍රයෝගික නැ නමුත් පලනය කළ හැකිය බුදුහාමුදුරුවෝ කිවේ අපි සංවර විය යුතු බව සීලය යනු කුමක්ද ? ඒ තුලින් රට වැසියන් සංවර වේ මේ ය ගමන්කරණේ කුමක් බලපොරෝතුවෙන්ද ? මේදේවල් ඇසීමත් කලකිරීමකි . (ස)
උන් වහන්සේ වැඩසිටි පන්සලට දේහය බාරදෙන්න, ඉවරයි (ස)
තේරුමක් නැතිව අහිංසක හාමුදුවරුවන්ට මඩ ගහන අපේ අය මේවා බගන්න ලියන්න කලින්. http://www.youtube.com/watch?v=XMtBikwFvyY යථාර්තය හැම දෙනාටම හොදට තේරේවි. (නි)
අයියෝ සල්ලි ! (නි)
කුමක්ද මරණය. අස්තිර සුසුමක් නැවත නොගන්නට සුළගට දන්දීමයි. ඒ හිස් සුසුමට අරුතක් එක් කර මරණය උත්තම පූජාවක් කරමු. ඇරයුම දේශප්‍රේමීන්ට පමණයි. ද්‍රෝභීන්ට නොවේ.(නදී)
දාන, සීල භාවනා විය යත්තේ හික්විමි සියලුදෙනා !!!!!!!(ස)
හරි තිසල් මල්ලි, මට දැන් තේරුණා මිනිස්සු කව්ද හරක් කව්ද කියලා, ඔයාගෙන්ම (නි)
බුදු හාමුදුරුවෝ කියල දුන් බෞද්දගමක් ලංකාවේ නැහැ. හාමුදුරුවරුත් කල්ලි බෙදිලා. මෙච්චර කල් නොදුටු දේවල් දැන් සිදුවන්නේ. මේවට වග කිව යුත්තේ බොදු බල සේනාවයි. (ස)
වෛරය වපුරන , මේ වගේ අය තුරන් වීම අහිංසක මිනිසුන්ට භග්‍යයක්.(නදී)
සවුදි හැර අනෙකුත් සියලු රටවල ඌරු මස් විකිනීමට ඇත.ඒවා සුපිරි වෙලද සැල් වල මුස්ලිම් නොවන අය සදහා විකිනීමට ඇත.ලොව හින්දු රාජ්‍යය වන නේපාලයේ එල හරක් මැරීම තහනම්.එහෙත් මි හරක් ඉතා ජනප්‍රිය කෑමකි. මීහරක් තහනම් නැත. (නි)
පින්තුර දෙකකම පේනවා මේ අය හිමිවරු නොවන බව (ස)
බුද්ද පුත්‍රයෝ විතරක් මෙහෙම හැසිරෙන්නේ ඇයි? බුදු හාමුදුරුවෝ කොයි දේශනාවේද කියලා තියෙන්නේ ගිනිතියාගෙන ධර්මය දේශනා කරන්න කියලා? මේකෙන් වෙන්නේ ලංකාව මුළු ලෝකයක් ඉදිරියේ ලැජ්ජාවට පත්වෙන එකයි. නුවණැත්තෝ විමසත්වා! (නි)
හේමමුණි ඔබ නිවැරදියි. උසාවි තීන්දුවත් හරි. මෘත ශරීරය විකුණන් කෑම හෙලා දකිමු (ස)
වැද්දන්ව අයින් කරපු මේ රට ලෝකෙන් උතුම් රටළු. මේවා කළයි කියලා ඇති පළේ කුමක් ද ? නැවත පණ එනවද ? ආයෙත් කවුරුවත් ගිනි තියාගන්න එකක් නැහැ. කැමරා අටවනවා විතරනේ. බේරගන්න කවුරුවත් නැහැනේ. (ස)
එක අතකට අපේ අයත් වැරදි නමුත් ලෝකෙටම තියන එකම සිංහල බෞද්ද මේක අපි එක ඔයාලගෙන් ගන්නෑ. (ස)
උපුල් වගේ හිතන තව කොච්චර ඉන්නවද දොස්තරලා කියනවා මස් කන්න කියල තමුන්න්ට ඕන දේ කන්න නිදහස තියෙන්න ඕන . (ස)
අන්‍යාගම වලට ගැනීමක් කියලා දෙයක් නැහැ.තමන් විශ්වාස කරන අදහන දෙය වෙනත් අයට කියා දී එයට ගැනීම අන්‍යාගම් කිරීමක් නම් , මේ අපේ පැවිදි අය බටහිර රටවල සහ ලෝකයේ බොහෝ රටවල ධර්ම දේශනා කර ඒ රටවල මිනිසුන් ගැනීම මොකක්ද? ඒ රටවල අපේ පැවිදි අයට බොහෝ පහසුකම් දෙනවා මිසක් මේ වගේ බොරු කතා කියන්නේ නැහැ. තමන් කැමති ආගමක් ධර්මයක් අදහන්න වෙනස් කරන්න මිනිසාට අයිතියක් තියෙනවා. (නි)
මේ රටේ මිනිස්සු තනිකර කෙලින්නේ පිස්සු...(නදී)
ගව මස් කෑමෙන් වලකින්න බෞද්ධයින්ට දේශනා කිරීම වෙනුවට බුද්ධත්වයට නිගාදෙමින් හිමිවරුන් සියදිවි හානිකරගනීම කිසිම ආකාරයකින් අනුමත කල නොහැකි වේ. බුදුන් වහන්සේ වදාළ දහම දේශනා කරමින් මිනිසුන් පවින් මුදවා ගතයුතු වන අතර පිටස්තර ලෝකයට බුදු දහම වැනි උත්තරීතර දර්ශනයක් විහිළුවක් බවට පත්කිරීමට චීවර ධාරීන් මුල්වීම අභාග්‍යයකි. මෙවැනි දෑ වැලක්වීමට මහ නාහිමිවරුන්ගේ මැදිහත්වීම අත්‍යවශ්‍ය බව පෙනේ.(නදී)
මේවා දකින විට මටනම් පෙනෙන්නේ අපි තවමත් ජීවත් වෙන්නේ වනචාරී යුගයේ කියල. (ස)
ඒ කාලේ අසවල් හිමියෝ තමා ජාතිවාදය ඇති කළේ. බණකට ආවහම බුදු බන කිව්වේ නැහැ. කිව්වේ ජාතිවාදය ගැන. ඒවායේ ප්‍රතිපල තමා මේ අද ලබන්නේ. සියලු සත්වයෝ නිදුක් වේවා නිරෝගී වේවා සුවපත් වේවා! සිංහල දෙමල මුස්ලිම් හෝ වෙනත් ජාතින් පවා (නි)
හාමුදුරුවනේ ලෝකේ හිනස්සන වැඩ කරන්න එපා. අපිට ඇදුමක් ඇදගෙන ඉන්න දෙන්න (ස)
කොරියා ප්‍රශ්නයකුත් තිබුණා නේද (ස)
ඇයි දෙයියනේ දේශපාලුවෝ කරන දුෂණ වංචා කුඩු බිස්නස් ඥාති සංග්‍රහ ආදියට විරුද්ධව කටක් අරින්නේ නැත්තේ ? අන්න ඒවාට විරුද්ධව සටනක් කලොත් කාගේත් සහය ඊට ලැබේවි. මහජනතාවගේ සහයත් ගව්රවයත් නිකම්ම ලැබේවි. (ස)
වැඩක් වෙයිද හිමියනි
මුහුදේ ඉන්න මාලු සත්වයෝ නෙමෙයිද? (නදී)
මේ අහමඩ් කින කෙනාට සියදිවි හානිකරගැනීම වීර කමක් නෙමෙයි. ඒකට කියන්නේ නපුංසක කම කියලා කියන්නේ. මොකද එතකොට මෙච්චර කල් දිවිනසා ගත්ත ඔක්කොම ඒ අයද? යහපත් අරමුණක් වෙනුවෙන් දිවිනසා ගැනීම වරදක් නොවේ. එකෙන් තවත් දහසක් දෙනා යහමගට එනවා නම් ඔයාලට ඉතින් පහදන්න අමාරුයි.(නදී)
බුදු දහමට නිගා කරනවා
තව සති දෙකකට කතා කරන්න දෙයක් තියන්නවා. පුළුවන් නම් පොසොන් වෙනකම් ඉදිමු.(නදී)
බුදු දහමට අනුකූල නොවන මෙම හැසිරීම බෞද්ධ අපට කොහෙත්ම අනුමත කල නොහැක.(නදී)
එළුවන්ගේ කිරි ඇදුම රෝගීන් භාවිතා කරයි. කුකුලන්ගේ බිත්තර කුඩා අවදියේ පටන් වර්ධනයට උපකාර වන පෝෂණ සන්ඝටකයකි. මේ සතුන් ගැන කිසිවකුට වගේ වගක් නැතිව හරකා ගැනම කියති.(නදී)
ආත්මාර්ථකාමී අදහස් දාන්න එපා මිනිසුනේ (නි)
සිසිර ඔබ හරි.(නදී)
ඉන්ද්‍රරත්න හාමුදුරුවෝ අවිහිංසාව ගැන තේරුම් කරදුන්නා. මෙයාලා එකතුවෙලා ස්වාමීන්වහන්සේගේ ගරුත්වය වනසනවා.(නදී)
ලංකාවට මේ ඇතිවෙලා තියන පිළිලය නතර කළේ නැත්නම් ඉක්මනින්ම මේක උඩු දුවලා ලොකු විනාසයක් කරනවා. මෙච්චර කල් කට වහගෙන හිටපු හාමුදුරුවරු දැන් මැරයෝ වගේ වැඩ කරනවා. මේකෙන් වෙන්න බුද්ධාගමේ තියන හරයයි, ගුණාත්මකබවයි,රටයි ඔක්කොම නැති වෙනවා. ඉක්මනින්ම විසදුමක් ගන්න ඕනි, නියපොත්තන් කඩන්න ඕනි දේ පොරවෙන් කඩන්න වෙනකල් ඉන්නේ නැතුව දැන්මම මේවට විසදුමක් ගන්න. හාමුදුරුවන්ට තම ආගම රැක ගන්න තව කොච්චර වැඩ, ක්‍රම කරන්න තියනවද? මේවා බුද්ධාගම වගේ ශේෂ්ට ආගමකට ගැලපෙන් නැ. අපි ඉස්සෙලම සංවර වෙන්න ඕනි, අනිත් ආගම වලටත් ගරු කරන්න ඕනි , නැතුව මෙහම පාරවල් දිගේ මැරයෝ වගේ කෑ ගහල ආගම බෙර ගන්න බෑ.(නදී)
මෙතැන අදහස් දාල තියෙන වැඩි දෙනෙක් කලවම්. හාමුදුරුවන්ට අද මේ විදියට හැම දේටම පාරට බහින්න උනේ මේ වගේ කලවම් සිංහල අය නිසා තමයි.(නදී)
මෙතන තියන ප්‍රතිචාර දිහා බැලුවම පේන දයක් තමයි ලංකාවේ වැඩි කොටසක් මේ වගේ වැඩ පිළිකුල් කරනවා කියන එක. ඒක නිසා මේ සුළු පිරිසකගේ වැඩ නිසා අපේ රට ලෝකයා ඉස්සරහ බාල්දු නොකර රට රැක ගන්න. ඒ සදහා මේ අන්තවාදී සංවිදාන තහනම් කරන්න. දෙමල වේවා මුස්ලිම් වේවා සිංහල වේවා කව්රු කලත් වැරැද්ද වැරද්දමයි. ඒක නිසා ලංකාව සාමකාමී ලස්සන රටක් කරන්න මේ වගේ සංවිදාන තහනම් කරන්න දැඩි නීති ගෙන්න. මෙය සුළුවෙන් නොසිතා දැන්ම විසදුමක් ගේන්න. රට ආපස්සට හැරෙන්න ඉඩ නොතබන්න.(නදී)
ලංකාවට ප්‍රීති වෙසක් වගේ.(නදී)
ඕනවට වඩා යථාර්තවාදී වෙලා, ඕනවට වඩා වීවෘත වෙලා, ඕනවට වඩා අනුන් ගැන අනුකම්පා කරලා තමා අපිට දන්නෙම නැතුව 50 හට 50 වෙලා ගියේ. තව ටිකක් අපේම දේවල් වලට බැන බැන ඔහොම යං. අපේ දරුවන්ට සර්ව බලදාරී දෙවියන්ගේම පිහිටයි.(නදී)
මේතරම් ගෑම්මක් ආවෙ අර කලිසමක් ඇදගෙන ඉස්සරහින් යන උපාසක මාතාව නිසාද? (නදී)
ලංකාවේ නම කතා කරන්න එපා
ප්‍රශ්ණයක් ආවම ඒකට මුහුණ නොදී මෙහෙම සියදිවි හානිකරගැනීම ඒකට විසදුම නෙමෙයි. ජාතියට මග පෙන්වන්න ඉන්න අයම මෙහෙම නම් ඉතින් කොහොමද? රට ජාතිය වෙනුවෙන් දිවි පුදනවා කියන්නේ මේක නෙමෙයි. සියදිවි හානිකරගැනීම වීර කමක් නෙමෙයි. ඒකට කියන්නේ නපුංසක කම.(නදී)
මේ රටේ සාමාන්‍ය මිනිස්සුන්ට බලපාන මොන ප්‍රශ්ණයටද මේ හාමුදුරුවරු පෙරට ආවෙ? හරක්මස් කන එකා කාවි නොකා හිටියම ඉවරයි. දැන් බලන්න පන්සල් වලට ලයිට් බිල අඩුවෙන්, සාමාන්‍ය මිනිස්සුන්ට වැඩියි. හරිනම් තමන්ට සිව්පසය දෙන දායකයො වෙනුවෙන් රජයෙන් ඉල්ලන්න එපායැ අපටත් අඩුවට එපා කියලා. මොන පිස්සුද එහෙම කියන්නෙ නෑ මේ ගොල්ලන් තාප්ප වලට ගස්වලට ලියිට් දමාගෙන මාලිගාවල් වගේ තියාගෙන ඉන්නව. මොන හාමුදුරුවොද තමන්ගේ දායකයො කනහැටි හොයන්නේ එහෙම නැත්නම් නොමග යනවනම් ගලවගන්න දුප්පත් ගෙදරකට වඩින්නේ? මෙයාලගේ වැඩේ අපට සසර දුක පෙන්නල පාලකයො රකින එක. එහෙම නැත්නම් අපට එළොව සැපත පෙන්නල අවලං ජඩයන්ට මෙලො සැපත හදල දෙන එක.(නදී)
අසංග, මෝඩකමෙන් බුද්දාගමේ පිළිකුල් සහගත දෙයක් කල ඒ හාමුදුරුවන්ට වග කියන්න ඕනේ උලමලද මේක මෝඩ ප්‍රකාශයක් ලංකාවේ බුද්දාගමක් තියෙනවාද කියල හිතාගන්න බෑ. මේ පින්තූර ටිකෙන්ම ඒත්තු වෙනවා මේ හාමුදුරුවරු බුද්දාගම කනවා (අ)
හාමුදුරුවරු අසරණයි! (නි)
සිංහල රාවය ප්‍රසිද්ද වෙන්න ඕන දෙයක් කරාවි.(නදී)
තමන් කැමති ආගම ඇදහීමට නිදහස් තිබිය යුතුය. මට මේ සරල ප්‍රශ්නෙට උත්තර දෙන්න කරුණාකරල කවුරු හරි. මෙච්චර හොඳ ආගමක් තියෙන රට දාල වෙනත් මිස දුටු ආගම් අදහන බටහිර රටවලට යන්න බෞද්ධයො මහන්සිවෙන්නේ ඇයි? ඒ රටවල් මීට හොඳද නැත්නම් ගුණ ගරුකද මට පැහැදිලි කරන්න.(නදී)
අනේ මෙහෙමත් දේවල්.(නදී)
අන්තෝ ජටා බහී ජටා.(නදී)
උපාසකම්මා ඉපදුනු හීන කුලේ.. මහණ කරන්නයි යන්නේ ඇගේ කොළු.. ඌට නිකායක් වෙන් කර තබා තියේ.. අප මුණි බණේ ඒකද හාමුදුරුවනේ... පිරිත් නූල් බඳිමින් ජන හතුරන්ට.. යතුරු කැරළි අදනය යට ගසාගෙන.. අපවත් වෙන්න පෙර සහලේ ඥාතිවරූ.. මහණ කරණ එකදැයි මුණි බණේ අණේ... රට දැය සමය රැක ගත්තේ චීවරයයි.. රට දැය සමය සුරකින්නෙත් චීවරයයි.. එවන් සසුන සමහර හිමිවරු නසතී.. කුලගොත් ඥාති සංග්‍රහ නිලතල සොයමින්.. කුඩාපොල වගේ විරු හාමුදුවරූ අදත් අප අතර හිද මේ ලෙස කියතී... "රටකන උන්ව වනසා රට දැය රැකුම තමයි අපෙ අද දවසේ මහණකම..." (නි)
අපි උදේ ඉඳන් හැන්දෑ වෙනතුරු බුදු ගුණ කියනවා ඇත්ත බදුහාමුදුරුවො ඹය කියන සියළුම ගුණ තියෙන කෙනෙක්. ඒත් අපි එතුමගේ එක ප්‍රතිපත්තියක්වත් අනුගමනය නොකර මේවගේ විකාර කරනව නම් ඒක බුද්ද ශාසනය රැකීමද? අද බෞද්ධයොත් චීවර දාරියොත් කරන වැඩ දැක්කම බෞද්ධාගම අතහරින්න හිතෙනවා.(නදී)
ඔන්න අපේ රටේ නම කතා කරනවා
මේ අයට වෙන වැඩ නැති නිසා හොදයි බිම දිගා වි ඉදීම අපිට එහෙම ද කොච්චර වැඩ තියනවද මේ මහා වෙසක් කාලේ . (නදී)
මම කියන කතාවට සමහරුන්ට දුක හිතෙයි තමා. ඒත් මේ වැඩේ නොකර අමාරුවෙන් හරි සල්ලි එකතු කරලා හරකෙක් බේරුවා නම් මීට වැඩිය කොච්චර හොදද? (නි)
ගිනි තියා ගත්තද ගිනි තිබ්බද කියා මිට අදාළ වීඩියෝව බලන්න.
අමිල කටුනායක ඔබ හරියටම හරි
මේ මොන විකාරයක්ද අනේ, (ස)
මේවා ලේසියෙන් දවසකට දෙකකට අමතක කරන්න පුළුවන් දේවල් නෙමේ. හැමෝම හොදට මොලේට ගන්න. මේක ජාතික කර්තව්‍යයක්. දැන්වත් ගවඝාතනයට එරෙහිව අද හෙටම තද තීරණයක් ගන්න ඕනෑ. එතකොටයි අපවත් වුණ හමුදුරුවන්නට කරන ලොකුම ගෞරවය වෙන්නේ. යුද්ධය ඉවරකළා වගේ ගව ඝාතනයත් ඉවකරලා අපිට පෙන්වන්න. (නි)
ධර්මය කියාදෙන පිරිස හැසිරෙන්නේ අත දරුවෝ වගේ. එහෙන් ජීවිත නැති කරගන්නවා , පොලිසියට ගල් මුල් ගහනවා, උද්ගෝෂණ මෙහෙයවනවා. අපි මෙහෙ කොහෙටද යන්නේ !!!!!!! අනේ සාදු සාදු !!!!!!!!!!!! (ස)
මම නම් මේක සියදිවි හානි කරගැනීමක් කියලා කියන්නෙ නැහැ (නි)
බෞද්ධ දහමට නිගරු කරපු මේ හැසිරීම අනුමත නොකළ යුතුයි. අනික මේක බහු ආගමික, බහු ජාතික රටක්. මේකේ බෞද්ධ අපි වගේම අනිත් පුද්ගලයන්ටත් මේ රටේ උරුමකම් තියනවා. සත්ව ගාතනය හිංසාවක්. ඒ වගේම ඊටවැඩිය වැදගත් මේ රටේ වෙන මිනිස් ඝාතන. අපි හැමෝම ශ්‍රී ලාංකිකයන් විදියට හිතනවා නම් මේ ප්‍රශ්න නැතිවෙයි (නි)
අභාග්‍යමත් යුගයක් සහ අඳුරු අනාගතක පෙරනිමිති පහළ වී තිබේ . (ස)
අද භික්ෂූන්ගෙන් 99% නූගත්ය. ගැඹුරු ධර්ම දැනුමක් නැත. ගැඹුරු ධර්ම සාකච්ඡාවක් කිරීමට නොහැකිය. පාලි , ඉංග්‍රීසි හෝ අනෙකුත් භාෂා දැනුමක් නැත. බුදුදහම රැකීම සඳහා කියමින් මොවුන් පොලු මුගුරු ගෙන බුදුදහම රකින තලේබාන්වරු බවට පත් සිටිති. ගෞතම බුද්ධ නම් දාර්ශනිකයා සංජය බෙල්ලට්ඨිපුත්ත,පූරණ කස්සප, අජිත කේසකම්බල වැනි ෂඩ් ශාස්තෘවරු , සච්චක බමුණා වැන්නවුන් සමග මතවාදීව ගැටී සත්‍ය ඉස්මතු කරගත් නමුත් ධර්ම ඥානයක් සමාජ දැනුමක් නොමැති සමහරුන් බුදු දහම බේරා ගැනීමට කරන්නේ හිස් මතට පොලු මුගුරු පත බෑමය. ඔවුන්ව බලහත්කාරයෙන් රඳවා ගැනීමය. සිංහල ජාතිය බේරාගැනීමට කියමින් සායන වැටලිමය , අන්‍ය ආගමික ස්ථාන ගිණි තැබීමය. (නි)
අපි නම් මේවා අනුමත කරන්නෙ නැහැ (නි)
කහවත්තට හරි අපලයි! (ස)
හිමි නමක් ගිනි තියාගත්ත එක රටට පාලකයන්ට අසුබ කාලයක් වනවා.(නදී)
ඒ ගිනි තියා ගත්ත හිමියන් සමග මම එකග නැහැ
දැන් ඉතින් මොනවා කලත් (දී )
සෙනරත්, උඹ නව ගුණ වැළ ගණන් කර කර කර ඉදපන්. එතකොට බුදුදහම ආරක්ෂා වේවි. කොළඹ ප්‍රශ්න ඇති වෙන නිසා පොලිසියෙන් දේහය ගමට ගෙනිච්චා. හාමුදුරුවෝ සිංහල රාවයේ රත්නපුර ශාකාවේ සභාපති කියල දන්නේ නැද්ද? කිරි අම්ම මරන් කන අයට පව් සිද්ධ වෙනවා.(නදී)
ආණ්ඩුවේ කවුරුවත් ආවද මේකට. එදා ඇවිත් ගිනිතියා ගන්න ඉස්සෙල්ලා හොයා බැලුවනම් අදටත් හාමුදුරුවෝ ජීවත් වෙනවා. (ස)
නිමල් ගේ අදහස් වලට මම ස්තුති වන්ත වෙමි. අහමඩ් ලට මේ ගෙන සතුටු ඇති අපේ හාමුදුරුවරුන්ට අපහස කරන්න. ඉන්දු කියන්නේ අහමඩ් ලගේ නංගි කෙනෙක්ද?(නදී)
අනේ මේකට අදහස් ලියන අයට මොළේ කදුලකවත් නැද්ද ? මේ හාමුදුරුවරුවත් මේ වෙලාවේ මේ ගැන කතා නොකලොත් උද්ඝෝෂණ නොකලොත් වැඩක් වෙන එකක් නැහැ. සිංහලෙන් සහ ද්‍රවිඩ භාෂාවෙන් චතුර ලෙස ව්‍යක්ත ලෙස බණ දේශනා කළ ඔබ වහන්සේ වැනි ජාතියේ පිණට පහල වූ ශ්‍රේෂ්ඨ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ නමක් තම ජීවිතය පුජා කලේ තිරිසන් මිනිසුන් විසින් කරන පාපතර සත්ව හිංසාවෙන් සියලු සතුන් මුදවාගැනිමටයි. ලංකා ඉතිහාසය පුරාම සුරාවට,සුදුවට, ගෙරි මස් කෑමට , සහ රාගයට ලොල්වූ අය රට ප්‍රපාතයට ඇදගෙන යන විට රට දුර්දාන්ත පාලනයෙන් ගලවාගෙන යහමග කරා මෙහෙයවුයේ ඔබ වහන්සේ වැනි නිවන් සුව පතා ජීවිතය පුජා කළ බුද්ධ පුත්‍රයාණන් වහන්සේලාය. හිමියෙනි, ඔබ වහන්සේගේ ජීවිත පුජාවේ අධිෂ්ටාන බලයෙන් මේ ධර්මදීපය පුරා වූ සියලු ගව ඝාතනාගාර වල දොරවල් වැසේවායි ප්‍රාර්ථනා කරමු! දශක තුනක කාලයක් පුරා ඔබ වහන්සේ අභය දානය දුන් කිරි අම්මාවරුන්ගේ පිණේ බෙලෙන් ඔබ වහන්සේට අජරාමර අමා නිවන් පතමු. (නි)
මේකද බුද්ධාගමේ ඔයාලට උගන්වලා තියෙන්නේ? නීතියත් එක්ක ගහගන්න එක. අර හාමුදුරුවෝ ගිනි තියාගෙන මැරුනේ මොකක් හරි ප්‍රශ්නයකට. (නි)
අනේ අපේ රටේ හිටපු කිසිම පාලකයෙක් හමුදුරුවන්ට මෙහෙමෙ සලකල නැහැ.(ස)
අනේ බොලත් ආණ්ඩුවට කඩේ යන හැටි (ස)
අපි මේ ගැන කතා නොකර ඉම්මුද
සංවර කම කියන්නේ....ආසාවේ බෑ... (ස)
අවාසනාවක මහත, තථාගත බුදුහිමියන් දේසනා කල මගම යන අපේ මහා සඟ රත්නය... අනේ සාදු, සාදු, සාදු... ඔහොම යන් ! (ස)
ඔබ වහන්සේලා අප සිංහල ජාතියට බෞද්ධාගමට ධෛර්යක්.අප ඔබ වහන්සේලා සමගයි (නි)
ඇටි කෙහෙල් කෑ උගුඩුව් සේ බලා නොයිද තොපි සැම සිංහල බෞද්ධයන් බේරාගැනීමට සටන් කරවු. (ස)
මේ ඔක්කොම දේවල් සිදුවෙන්නේ ආගම්වාදීන් නිසා (ස)
මිනිය විකුණගෙන කන්නද හදන්නේ. (ස)
අයියෝ ලංකාව
අයියෝ සල්ලි
මෙහෙම අයගෙන් බණ අහලා අපි කවදා නම් රහත් වෙමුද? (නි)
උපරිමයටම පිස්සු වගේ.(නදී)
අපවත් උන ස්වාමින්වහන්සේටත් මේ අය කරන්නේ නින්දාවක් (ස)
ලංකාවේ උන්නතිය වෙනුවෙන් මේ අය වැඩකරන්නේ
මේවා දකින පාසල් දරුවන්ව කොහොමද යහමග යවන්නේ. භික්ෂුන් වහන්සේලා ශිලය ආරක්ෂා කිරීම තුලින් ඉදිරියට බුදු දහම රැක ගත හැක.(නදී) !
අරලියගහ මැදුරට යන පාර හරස්කරලා සත්‍යග්‍රහ කරන්නේ හරියට ජනාධිපතිතුමාගේ කීමට හාමුදුරුවෝ ගිනිතියාගත්ත වැඩේ සෙට්කලා වගේනේ. අපිනම් අහුවෙයි ඕවට.(ස)
රනාගේ අදහස හොදා.(නදී)
මම නම් අනුමත මොකරමි මෙවන් වැඩ
මම කලින් හිතා ගෙන හිටියේ බුද්ධාගම විනාශ වෙන්නේ අන්‍ය ආගමිකයන්ගේ අතින් කියලා...... (ස)
ආගම වෙනුවෙන් ජීවිත පුජා කරන්න අය දහස් ගණන් සිටිනවා. නමුත් බුදුන් දෙසු ධර්මය පිළිපදින්න කවුරුත් ඉන්නවද? (නි)
මස් කෑවට කමක් නෑ ගැටළුව මරණ විදියයි. (ස)
තේරුමක් නැති වැඩ. හින්දු ආගමේ අය සද්දයක් වත් නැහැ. ආණ්ඩුවට හරක් මස් කඩ වලින් මොන තරම් ලාභද ? ආණ්ඩුව මස් කඩ වලට ලයිසන් දෙන එක නවත්තන්නෙ නම් නැහැ. සියළුම හිමි වරු ගිනි තියා ගත්තත්. (ස)
හරක් මස් කාපල්ලා. ඊළඟට ඉපදෙන්නේ නවසීලන්තේ නැත්නම් ඕස්ට්‍රේලියාව වගේ රටක ගවයෝ වෙලා.ලංකාවට එන්න පුළුවන් ඒත් ටින් කරපු මස් හැටියට. (නි)
මේවා අන්තවාදී වැඩ (ස)
මේ හාමුදුරුවෝද (ස)
නීල්, රනා සහ ලංකා,ඔය දෙදෙනාගේ අදහස් හරියට හරි (නි)
නිමල් , ඔයා ගොන් කතා කින්යන්නේ නැතුව වත්ත සුද්දකරගන්න.(නදී)
මම මොකුත් කියන්නේ නැහැ, මොකද මට ඉවසා ගන්න බැහැ (දී)
ස්වාමීන් වහන්සේගේ චේතනාව සුද්ධ විය හැක. නමුත් ක්‍රියාව සම්පූර්ණයෙන් වැරදි පූර්වාදර්ශයකි. අද ලංකාවේ ළමා අපයෝජන, ස්ත්‍රී දූෂණ, කෙතරම් වෙනවද? සුරාසැල් දහස් ගණන් මුළු ලංකාව පුරාවම ඇයි මේවට විරුද්ධ වෙන්ඩ බැරි? පන්සිල් පද පහ මොනවද කියන්නේ? සුරා මේරේ මච්චපමා වේරමණී සික්කපදං සමාදියාමි. නමුත් මගුල් ගෙදරත් සුරාමේරේ අවමගුල් ගෙදරත් සුරාමෙරේ. පළමුව තමුන්ගේ ආගම හරියට පිළිපදින්න ඕනේ. අනුන්ගේ දේවල් හොයා බැලීමට පෙර මමත් බුද්ධ ධර්මය ඉගෙන ගෙන එය ක්‍රියාවෙනුත් කරමි. ඔබලාට පුලුවන්ද? තෙරුවන් සරණයි.(නදී)
මම කලිනුත් කිව්වා දැන් හාමුදුරු වෙස්වලාගත් චන්ඩි වැඩි කියල . ජනාදිපති තුමනි/මහනායක හමුදුරුවනි හොඳට හොයල බලන්න. (ස)
බුද්ධාගමත් දෙකට තුනට කඩල,රටත් ලොකු අමාරුවකට දාල ඉන්පසු ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ රට අදුරට යන දිහා බලන් ඉන්න වෙනවා නිහඩව හිටියොත්. කරුණාකර ඔය සටන්කාමිත්වයෙන් ඉවත් වෙන්න.ධර්මයේ හැසිරෙන්න.බුද්ධාගම තවත් හිස්බුල්ල හෝ තලිබාන් එකක් කරන්න එපා එපා එපා. ඔය නාඩගම් දිහා බලාගෙන හිටිය ඇති. කොපමණ කියුවත් හොර සක්විතිලට,දඩුවම් මුදලාලිලාට තවමත් බුරුතු ගණන් රැවටෙන,හොර කපුවන්ට,සාස්තරකාරයන්ට,හොර වෙද්දුන්ට තවමත් රැවටෙන, ඕනෑම මිනීමරු දේශපාලකයෙක් හිරෙන් එලියට එනවිට මල් මාලා අරන් දහස් ගණන් ජයවේවා කියන රටේ ආගම වෙනුවෙන් කියා සටනට එන්නට ඕනෑතරම් ඉන්න බව දනිමි. එනමුත් බොහොම ආදරයෙන්,කරුණාවෙන්,රට ජාතිය,ආගම ගැන කැක්කුමකින් මෙය කියමි.ඔබලා වැරදි මග යමින් සිටි.කරුණාකර නවතින්න.ආපසු හැරෙන්න.මහා විනාසයක ඇත ලගට ලංවෙමින් සිටින බැවින් නවතින්න.මේ රටේ හැලුන ලේ හොදටම ඇති.බුදුන් ගිය මග යන්න. 71 කැරැල්ල,77 සහ 83 කෝලාහල,89 -90 ඝාතන රැල්ල , 2010 දක්වා කොටි ත්‍රස්තවාදය නිසා මා දුටු ලේ ගංගා,මළමිනී මට තවත් දකින්නට එපා එපා එපා! මගේ දරුවන්ටත් එපා එපා එපා! (ස)
සිහල බෞද්ධ අපේ දේශය බටහිර ක්‍රිස්තියානි සස්කෘතික ආක්‍රමනයෙන් හා මුස්ලිම් අන්තවාදයෙන් සුරක්ෂිත කර දෙනු! මෙයයි මේ ඇති ගෞරවනීය ස්වාමින් වහන්සේ ඉල්ලා සිටියේ. (නි)
ගංගොඩවිල සෝම හාමුදුරුවෝ අපව අඳුරෙන් එලියට ගැනීමට නිර්මල බුදුදහම කියාදෙමින් විශාල මෙහෙයක් ඉටු කළා. සෝම හාමුදුරුවෝ අපවත් වීමෙන් පසු උන්වහන්සේගේ නම විකුණාගෙන ජනතාවත් රවටාගෙන එක පිරිසක් ගමනක් ගියා. බෝවත්තේ ඉන්දරතන හාමුදුරුවොත් ඉතාමත් යහපත් චේතනාවකින් ජනතාව පාපයකින් මුදවාගෙන සත්ව කොටසකට අභය දානය හිමිකිරීමේ මෛත්‍රී සිත පෙරදැරි කරගෙන ඒ උදෙසාම ජීවිතය පුජා කළා. දැන් මේ අය කුමක් කරන්නටද සැරසෙන්නේ? අනේ හාමුදුරුවනේ, මරණානුස්සතිය වඩන්න නම් වෙනත් මළමිනියක් යොදාගන්න. ඉන්දරතන හාමුදුරුවන්ගේ දේහය ගරු බුහුමන් ඇතිව ආදාහනය කරන්න ඉඩ හරින්න. (ස)
මොන ප්‍රශ්නද රංග,නිකම් කන්න,බොන්න,ඉදුම්,හිටුම් ඔක්කොම සැප?උන්වහසේලට.පසුකුලේ නිසා අපිත් ඉවසනවා නැත්නම්???????? (ස)
එම ස්වාමින් වහන්සේ බුදු දහමට අනුව විශාල පාපයක් කරගත්තා. ඒ නමුත් මෙවන් වැඩ වලින් ලෝකයට අපි මොනවද කියන්නේ? අර කියන විදියට ආශ්චර්ය කියලද? (නි)
මහා විනාසයක පෙරනිමිති .බයවෙලා ඉන්න හම්බයෝ සිංහල නම් වලින් ප්‍රතිචාර දක්වන බව පෙනේ .
එයාලට ඉතින් නිකන් කෑම ටික ලැබෙන නිසා බිම දිගා වෙලා ඉදීවි. ඒත් ඉතින් අපිට (ස)
චන්ද්‍ර වීරසිංහ, එහෙමනම් ඉස්සෝ, පොකිරිස්සෝ, දැල්ලෝ, මාළු, කරවල කන අය මුහුදේ ඉපදිලා ටින් වෙලා එන්නේ නැද්ද? බුදුහාමුදුරුවෝ කියුවේ හරක් මරන්න එපා කියලද සත්තු මරන්න එපා කියලද ? කුනිස්සෝ සියයක් විතර එක කටට කන එක හරිද? මේවට කියන්නේ වැඩි බණ නැත්නම් වදුරු කුණුහරප කියලා.පදනමක් ඇතුව කතාකරන්න.සියලු සතුන් නොමරන්න. (නි)
මේවා අනුමත කරන්න බැ ..මේවයින් වෙන්නේ නැති දේවල් ඇතිවෙන එක...අපිට කොචර දේවල් තියනවද තව හිතන්න ... (ස)
හාමුදුරුවනේ අපේ ලොව්තුරා බුදු රජාණන් වහන්සේ කිසිම දවසක කියල නැ මිනිස්සුන්ට අහවල් දේ පමණක් කරන්ඩ කියල හොද හෝ නරක දේ කිරීම පෘතග්ජන මිනිස්සුන්ට අයිති දෙයක් අවසාන වසයෙන් කියන්ඩ තියෙන්නේ සිව්රක් ඇදගට්ට පලියට හැම කෙනෙක්ම මහණෙක් නෙමේ බුදු සරණයි. (ස)
"දේවෝ වස්සතු කාලේන. සස්ස සම්පත්ති හේතුච. පීතෝ බවතු ලොකෝච. රාජා බවතු දම්මිකො" සාසන ශෝදනයක් ඇතිකර ධම්ම සංගායනාවක් පවත්ත්වන්න හැකි රජෙක් බිහිවේවා !(නදී)
මේවා දකින්න ලංකාවේ නොහිටිය එක ලොකු පිනක් (නි)
මෙය කට්ටියටත් ගිනි තියාගෙන එයත් එක්කම යන්න තිබුනෙය් නිකන් ලංකාවට පව් නොදී . (ස)
සිංහල අකුරු ටයිප් කරන්න හරි ෆොන්ට් එකක ්නැතිවීම ගැන කණගාටුයි. (ස)
සිරිපාල බොරදියේ මාළු බාන්න එපා. ඔයාගේ කිඹුල් කඳුළු ගැන තේරෙනවා. බෞද්ධ කියලා ලේබල් ගහගත්ත අයගේ වැඩ නිසා බෞද්ධ ආගම අතහරින්න හිතෙනවා කියලා තියෙන විදිහටනම් මට හිතෙන්නේ ඔයාලවගේ අය නිසා තමයි මෙවැනි සංවිධාන බිහිවෙන්නේ ධර්මය යට යන්නේ කියලා.(නදී)
මේ හිමිනම රටට දුන්නේ වැරදි ආදර්ශයක්. ඒකට මෙතනිම්ම නැවතීමේ තිත තැබිය යුතුඑ. නැත්නම් ලංකාවත් තමිල්නාඩුවේ වගේ හැම දෙයටම මිනිසුන් ගිනි තියාගන්න තත්වෙට පත්වෙයි (ස)
තමන්ගේ උවමනාවට ගිනිතියා ගත්තම උපවාස කරන්නේ හරියට කව්රුහරි ගිනිතිබ්බ වගේනේ. (ස)
ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පුජාව විවේචනය කරන හිංගල අමනයන්ටයි මේ. ජාතික, ආගමික කැකුම සමග එන දරාගත නොහැකි මානසික වේගය කුමක්ද කියලා දන්නේ එවැනි ජාතික ආගමික කැක්කුමක් ඇති අය මිසක් දේසපාලන පක්ෂ වල බලයන්ට හෝ නිවට හිංගලයන් නොවේ. මේ ලියන මමත් අද රෝගියෙකු වෙලා සිටින්නේ ඔය මානසික වේගය නිසා.මට කණගාටු එදා ජයවර්දන ජනාධිපතිතුමාගේ කාලයේ මව්බිම සුරැකිමේ ව්‍යාපාරයේ නායකත්වය දරු හාමුදුරුවරු අද නිශ්ශබ්දව සිටින එක ගැන. ඒ නිසා මේ ඉන්ද්‍රරතන හිමියන්ගේ ජීවිත පුජාව විවේචනය කරන අමනයිනි, උන් වහන්සේ එසේ කලේ තොපේ ලෙයින් ජාතක කර තොපේ වාසගම තබා හදන තොපේ දරුවන්ගේ, මී මුනුබුරු මිනිබිරියන්ගේ අනාගතය වෙනුවෙන් බව මතක තබා ගනිව්. යම්කිසි දවසක සිංහලයාගේ අනාගතය වෙනුවෙන් කෑගසන සංවිදාන එකම සංවිදානයක් බවට පත්වුවහොත් එදාට මම නියම විදිහට ඉදිරිපත් වෙන්නම්. නොහැකි වුවහොත් මගේ මරණින් පසු යකෙකු වී හෝ සිංහලයට බෞද්ධ අයිතියට වින කරන අයගෙන් පලි ගන්නම් (නි)
අනේ අපේ හාමුදුරුවනේ ඔබ වහන්සේලා මේ උතුම් වෙසක් දිනේ උපන්,බුදුබව ලැබූ සහ පිරිනිවන් පෑ බුදු හාමුදුරුවන් වදාල බණද මේ රකින්නේ? අ කියාදුන්නා අල්පේච්ච දහමද අනුගමනය කරන්නේ? මට නම් පෙන්නේ ඔබල සියල්ලෝම "අහේතු කලන් කජ්ජෙන පුලන්" උතමයෝ ටිකක්. බුදු දහමට වෙන කවුරුත් නෙමේ විනාශය ගෙන එන්නේ. අ ඔබලාම පමණේ. වෙන ආගම වලට බෞද්ධයන් හරවා ගෙනිමට එරෙහි කිසිදු වැඩ පිලිවෙලක්වත් නැති ඔබල මේ කරන්නේ තව දුරටත් ශාශනය විනාශය කරා ගෙනයන ගමනේ කොන්ට්‍රත්තුවක්ද?(ස)
අනේ මේ අපි දන ගහල වඳින හාමුදුරුවෝ නේද. මේ කාලේ බුදුහාමුදුරුවෝ හිටියනම් මේ අය රහත් නේද. අනේ සාදු හාමුදුරුවෝ කියන්නත් ලැජ්ජයි. ප්‍රේමදාස මහත්තයා නැති පාඩුව හොඳින් දෙනෙනවා. එතුමා හිටියනම් ඔහොම නටයිද? රාවනත් නැහැ බොදුබලත් නැහැ.(නදී)
රාජගිරියේ අරියානන්ද ස්වාමීන් වහන්සේ වදාරනවා, බුද්ද සාසනය තියෙන්නේ තව අවරුදු 100 ක් පමණි කියල. එතනින් පසුව බුදු දහම කියන්නේ ලෞකික දෙය ගැන කියන ආගමක් පමණක් වෙන බවයි. අද දකින දේවල් අනුව එය සැබෑ වෙන බව පේනවා. නිවැරදි නිවහල් බුදුදහම අද හුඟක් දුරට යට ගැහිලා. අද බන කියන්නේ ලෞකික ජීවිතය සැපවත් කරන ක්‍රම පමනයි. සංසාර දුක කෙලවර කිරීම ගැන බන බොහොම අඩුයී. (නදී)
මගේ අදහසනම් මෙය මුස්ලිම් සිංහල ජාති වාදයකට මුල බෞද්ද රටක් කියල අන් ආගම්වලට ඇති නිදහසත් ලබාදිය යුතුයි. මම බෞද්ධ ඒත් මෙය සුදුසු පිළියමක් නොවෙයි. (ස)
අර මන්දිරයට යන පාර රකින්නේ ඇයි. (ස)
මොන බොරුද? ධර්මයේ කොතනද තියෙන්නේ මස් කන අය ඔස්ට්‍රලියාවේ උපදිනවා කියලා.(නදී)
මෙයනම් ලොකුම විහිළුවක් .මිනිස්සු හරක් මස් කෑම නවත්තන්නේ නැහැ. ආණුව මස්කඩ වහන්නෙත් නැහැ ,හාමුදුරුවරුනී ,විහිලිලූ සපයමින් තත්වය බාල්දු නොකරන්න. (ස)
ශාසනයත් සමග රටම පිරිහෙමින් යන්නේ කාටවත් මේකෙන් ගානක් නැහැ. සියල්ලන් තමන්ගේ ගොඩ වැඩි කර ගනිමින් මහජනයාට විසුක දස්සන පෙන්නමින් මංමුලා කර ඇත? කවදා මහජනයා ඇත්ත ඇති සැටියෙන් දකීද?(නදී)
ගිහියන් පැවිද්දන්ට ධර්මය කියා දෙන කාලයක් මේක! (ස)
හාමුදුරුවන්ට වඩා නිහාල් නෙල්ෂන් කළේ මීට වඩා හොද දෙයක්. ඔහු මගේ හිතවතා. එයා හරක් මස් මුදලාලි කෙනෙකුත් එයින් මුදවාගත්තා. නිහාල්ගේ බයිලා ගොඩක් වටිනවා. අද කාලේ තරුණයෝ බණ අහන්නේ අඩුවෙන්. ඒ නිසා බණට වඩා ඔහුගේ බයිලා වටිනවා.(නදී)
භික්ෂූන් හන්සේලාත් දැන් ගල් මුගුරු ආයුද අරන් වගේ සත්‍ය ග්‍රහ කරන්න . බුදු දහමට නිගා කරන පිරිසක් කියල පේනවා .සිවුරු දමාගෙන කරන මල විකාර මේවා . (ස)
උගත් අනෙක් නායක හිමිවරුවත් මේකට ඉක්මන් පිළීතුරක් දිය යුතුයි. (නි)
මේ අයනේ මිනිසුන්ට බණ දේශනා කරන්නේ. බෞද්ධාගම පිරිහෙන්න හොදම මගක්. ඔය හාමුදුරුවන්ට තිබුනේ ත්‍රස්තවාදී සටන තිබුන කාලේ යුද්දෙට යන්න වීරයෝ වගේ. (නි)
හරි වැරැද්ද කෙසේ වෙතත් හාමුදුරුවරු තමන්ට නියම වෙලා තියන රාජකාරිය නෙමෙයි දැන් කරන්නේ. හමුදිරුවරුත් වෙනම කණ්ඩායමක් විදියට රටට වදයක් වෙන තත්වයට ඇවිල්ල තියෙන්නේ. මේ වගේ හමුදුරුවරුන්ගෙන් බන අහන්නේ කොහොමද? රජ කලේ හිටපු අමුදුරුවරුන්ව වීරයෝ විදියට අරගෙන විකාර නටනවා. ප්‍රශ්න වෙනුවෙන් නැගී සිටින්න ඕනනම් සිවුර හැරලා ඇවිත් ඒවා කරා නම් ඉවරනේ සිවුරට අගෞරව කරන්නේ නැතුව. බුදුන් ගේ ධර්මය නම් නෙමෙයි මේක මම නම් හිතන්නේ. කරුණාකරලා ධර්මදේශනා වලින් මිනිස්සුන්ව හරි මගට ගන්න උත්සහ කරන්න. අංගුලිමාලටත් එහෙම නේද බුදුහාමුදුරුවෝ කලේ? (ස)
බැරිද මෙයාලට මනුෂ්‍ය ඝාතනය නැතිකරන්න ඉදිරිපත් වෙන්න. ගවයා විතරද සතා අනික් සත්තු තිරිසනන්ද ? (ස)
දෙයක් ලියනවිට තොරතුරු කියවල ලියන්න ද්වේශ සහගතව ලියන එක හරි නැහැ . ලක්බිම පුවත් පතේ මේගැන ලියැවී ඇති ලිපිය කියවන්න "ආණ්ඩුව බෝවත්තේ හිමියන්ගේ දේහය පස්ස දොරෙන් ඉස්සුවා".(නදී)
ගින්න උපාදාන කරගත් මේ ස්වාමින් වහන්සේ සුගතියක ඉපදීමට අප කළ පින් අනුමෝදන් කරමු! (නි)
මෙතැන අදහස් දාල තියෙන වැඩි දෙනෙක් කලවම්. හාමුදුරුවන්ට අද මේ විදියට හැම දේටම පාරට බහින්න වුණේ මේ වගේ කලවම් සිංහල අය නිසා තමයි. (නි)
බුදු රජාණන් වහන්සේ දෙසූ ධර්මය සසර දුකින් මිදිම පිණිස බව තේරුම් ගන්නට දහමට යොමුවීම උතුම්. අද ලංකාවේ සිද්ධ වෙන දේවල් බුදු දහමට අපහාසයක්. කර්ම විපාකයක් ඵල දිමට එක උදාහරණයක් මෙම සියදිවි නසා ගැනීම. අපේ සාසන භාරධාරී තෙරුන් වහන්සේලා ද තම නායකත්වයේ වගකීම් තේරුම් නොගත් පිරිසක් වීම අවාසනාවක්. බුදු හාමුදුරුවෝ දේශනාකළ සසුන පිරිහීමට හේතු සියල්ලම දැන් සම්පුර්ණ වී තිබෙන බව හොදින්ම පෙනේ. ධර්මානුකුලව බලනවිට මෙම සියල්ල සසරෙහි ස්වභාවයයි. සීල සමාධි ප්‍රඥා ධර්මයන් තුල කටයුතු කරන මිනිසුන් ලොව සිටින තුරු බුදු දහම නොනැසී පවතී. සියල්ල අනිත්‍ය බව තේරුම් ගැනීමට ප්‍රගුණ කලයුතු ප්‍රඥාවක් තිබිය යුතුය. ඔය කටයුතු වලින් බොහෝ දේ නැතිවීම මිසක් රැකුණු දෙයක් ලොව නැත. (නි)
අනේ මේකට අදහස් ලියන අයට මොළේ කදුලක්වත් නැද්ද ? මේ හාමුදුරුවරුවත් මේ වෙලාවේ මේ ගැන කතා නොකලොත් උද්ඝෝෂණ නොකලොත් වැඩක් වෙන එකක් නැහැ.දශක තුනක කාලයක් පුරා ඔබ වහන්සේ අභය දානය දුන් කිරි අම්මාවරුන්ගේ පිණේ බෙලෙන් ඔබ වහන්සේට අජරාමර අමා නිවන් පතමු. (නි)
මේවාට ප්‍රතිචාර ලියන අය ශාසනය ගැන , ඉතිහාසය ගැන, ජාතිය ගැන ආගම ගැන කිසිම දැනුමක් නැති අය කියා මට සිතෙනවා (නි)
ඉන්ද්‍රසාර හිමියන් අපවත්උනෙ අපේ රටට ලොකු පාඩුවක් හරි දෙයට කතාකරපු එඩිතර හිමිනමක් .(ස)
අමිල කටුනායක, කව්ද වැද්දෝ? නුඹගේ මීමුත්තා මතක තබා ගන්න සුද්දන් වැද්දන් උන කාලයක්ද ඉතිහාසයේ තියෙනවා.(නදී)
නියම සිංහල බෞද්ධ වීරයිනි, සියලු සතුන් මැරීමට එරෙහි වනු! මසුන් සහ මදුරුවන් මැරීමටත් එරෙහිව සටන් කරමු. (නි)
මොනවා උනත් රාලහාමිලාට මස් කුට්ටිය ලැබෙනවා නම් ඕවා නවත්තනවා බොරු.(නදී)
ජීවිත පුජාව විවේචනය කරන නොමිනිසුනි. උන් වහන්සේ එසේ කලේ ඔබලාගේ අනාගත පරම්පරාව වෙනුවෙනි.(නදී)
කදුළු ගැස් ගැහුවෙ එහෙම නැද්ද? (නි)
අව ජාතකයෝ වගේ කතාකරන්න එපා. හරක් මරණ අය හිනා වෙනවා. ඒ නිසා මොකුත් කියන්නේ නැතිව පාඩුවේ ඉන්න. (ස)
බොහෝ දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් ගත් මෙම ක්‍රියාවට සහයෝගය දෙමු. දැන් උන්වහන්සේගේ අදිෂ්ටනයට අනුව අපි ක්‍රියාත්මක වෙමු. (ස)
ගීතාංජලී, බුද්ධාගමේ ලියලා තියෙන දේවල් නුඹගේ මී මුත්තාගේ පෙට්ටගමේ ඇති ගෙදර සොල්දරය තුල. (නි)
ජනපති තුමනි දැන් ටමි වෙලාව ගව ගතන නවත්වන්න ඔබටත් ඔබ රජයටත් ගොඩක් පින් .
ආටක නාටක. (ස)
හාමුදුරුවෝ ගිනිතියාගන්න ප්‍රධාන හේතුව ගව ඝාතනය නෙමෙයි. අන්‍ය ආගම්කරණය. http://www.youtube.com/watch?v=XMtBikwFvyY එක බලන්න. හාමුදුරුවන්ගේ අරමුණ විකෘති කරන එක හරිම පාපයක් ! (නි)
සමහර කට්ටිය අදහස්වල මුස්ලිම් කට්ටියත් එකතු කරලා හරියට මේ ගොල්ලන් මස් කන්නේ නැති අයවගේ .(ස)
රංග බුරුවෙක් වගේ කතා කරන්නෙපා. තෝරන් ගැහුවට දේසපාලකන්ගේ අතේ පරිත් නුල් ගැට ගහල පඩික්කම් පිරෙව්වට අගම රැකෙන්නේ නැහැ. අද රටේ මොකක්ද වෙන්නේ කියල විපරමෙන් බලන්න.
රට යන ක්‍රමය හොඳ මදි බව පොඩි ළමයකුටත් තේරෙනවා. (ස)
දිවි නසා ගැනීමේ සම්පුර්ණ වගකීම බොරුවට මිනිසුන් අවුස්සන අර අහවල් සංවිධානය බාර ගත යුතයි. මේ සියලු දේවල් කරන්නේ මුස්ලිම් අයගේ දියුණුව ඉවසන්න බැරි නිසාද? (නි)
කවුද මේ මැදිකරගෙන ඉන්න තැනැත්තා
දිවිනසගැනීම සහ දිවිපිදීම යන වචන දෙකේ තේරුම නොදන්නා පිරිසක් ඉන්නේ ලංකාවේ විතරයි. (නි)
අපරාදෙ මිනිය විකුණන් තිබුණු එක නැති වුනා. මේ අයත් ජවිපි අය වගේ මිණි විකුණන්න සුදානම් වෙනවා. මේ වැඩ වලින් භික්ෂුන් වහන්සේට තිබෙන ගෞරවනීය බලය නැති වෙන එකයි වෙන්නේ (ස)
අනේ කාලේ වනේ වාසේ!! (නි)
මේ නිර්මල බුදු දහමේ අවසාන කාලයද?. දැන් භික්ෂුන් කියන්නේ කරුණ,උපේක්ෂ,මුදිත යන ගුණාංග වලින් පිරුණු භිෂුන් නොව මදාවියන් සේ හැසිරෙන චීවර ධාරීන් නොවේද? (ස)
අපවත් වූ හිමියන්ගේ දේහය උන්වහන්සේගේ පන්සලට බාර දීපු එක ලොකු දෙයක් . ඔච්චර දඟලන්න දෙයක් නැහැ.ඔතන කව්රුහරි ඉන්නවද ඒවගේ එඩිතර පියවරක් ගන්න පුළුවන්? (නි)
මෝඩ කතා කියන්න එපා ඔයාල වගේ මෝඩයෝ නිසා තමයි අද හමුදුරුවන්න්ට එහේම කරන්න වෙලා තියෙන්නේ..... (ස)
මේ ලංකාවේ අයට වෙන ප්‍රශ්න නැද්ද මන්ද ? (ස)
" මෙචරකල් අපි දැක්කේ දිවියන් විසින් එළුවන් අල්ලාගෙන කන ආකාරයයි . නමුත් දහවන සිහිනයෙන් මම දැක්කේ එළුවන් විසින් දිවියන්ව අල්ලාගෙන කන ආකාරයයි " මට මතක් වෙන්නේ කොසොල් රජු දුටු දහවන සිහිනයයි. (නි)
යන්න තැනක් නැතිවද ටෙම්ප්ලේ ට්‍රීස් ගියේ.......නිවන් සුව කෙසේවෙතත් නවතින්න වේනනේ කොහේද දන්නේ නෑ. (ස)
ඉන්ද්‍රරතන හිමියන් ජීවිතය පුජාකලේ ධර්මද්දීපයේ පාරිශුද්ධත්වය උදෙසාය. එසේම ලෝවැසි බොදුනුවන් උදෙසාය. නොමිනිසුන් අතින් මියෙදෙන අහිංසක සත්ව ප්‍රජාව වෙනුවෙනි. අතී මහත් පූජාවක් කල උන්වහන්සේ වෙනුවෙන් ඔබගේ මුහුණු පොත තාවකාලිකව වෙනස් කල නොහැකි නම් නුබලාත් මිනිසුන්ද ? තිරිසනුන්ද ? තිරණය නුබලා අතේමය.(නදී)
ඇත්තටම ඉන්දු ඔබට පුදුම දැනුමක් තියෙන්නේ හාමුදුරුවරු ගැන ඔබගේ ඔය කතාවෙන් හෙළි උනා ඔබත් පන්සලේ සිටපු කෙනෙක් බව.(නදී)