මගීන් එන්නේ නැති ගුවන්තොටුපළවල්, නැව් එන්නේ නැති වරායවල් සහ අධිවේගී පාරවල් හම්බන්තොට දිස්ත්‍රික්කයට ගෙනාවත් එහි ජීවත්වන අහිංසක මිනිසුන්ට බොන්න පිරිසිදු ජලය දෙන්න ගිය ආණ්ඩුවට බැරිවීම ගැන අතිශය කනගාටු වන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සෙත්සිරිපාය නිවාස අමාත්‍යංශයේ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය.
පසුගිය ආණ්ඩුව අධිවේගී සංවර්ධනය ශීඝ්‍රයෙන් සිදු කළත් වකුගඩු රෝගය වැනි මාරක රෝගවලට හේතුවන පිරිසිදු පානීය ජල ගැටළුව හමස් පෙට්ටියට යැවූ බවත් ප්‍රේමදාස මහතා කීය.
ඡායාරූප හා වීඩියෝ - රොමේෂ් ධනුෂ්ක සිල්වා



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මඩ දහසක් -මුළු වසරක් (ම)
ඉතින් මොනවද ඔබතුමාගේ ප්ලෑන්? යටි ගිරියෙන් බෙරිහන් නොදී කරලා පෙන්වන්න වැඩ (බ)
නුඹ නාඩන් ...නුඹ නාඩන් ..නුඹට ඕවා හොඳ පාඩම් (බ)
විසිල් විතරයි තවමත් බල්ටි නම් දැක්කේ නැහැ .(ස)
ඔය පාර හම්බන්තොට අයට කිරියෙන් පැණි උතුරයි අලුත් ආණ්ඩුවෙන් (ම)
ඔය මිනිස්සු ගැන දුකනම්, දැන් කරන්න. (ර)
වැඩක් කරලා පෙන්නන්න. අවුරුද්දකුත් කිට්ටු වුනා. (ර)
ඇයි ඒ පැත්තේ නල ළිං ජලය නැද්ද? (නි)
එයාලට බැරිවෙච්ච නිසානේ ඔයාලව මිනිස්සු බලය ගෙනාවේ - තව දුරටත් පරණ අයගේ දොස් කියා කියා ඉන්නේ නැතුව දැන් කරලා පෙන්වන්න (ම)
එකට තමයි උමා ඔය පටන් ගත්තේ. එකටත් කෑ ගැහුවා නේද? අපි බලමු දැන් කරයිද කියලා. (ර)
නිකන් බොරු කියන්න එපා සජිත්, ඔයාට ලජ්ජා නැද්ද බොරුවෙන් ජීවත් වෙන්න, කට ඇරියොත් කියන්නේ බොරු, (බ)
හම්බන්තොටටම කොරනවා කියල තමයි මුන් ඔයාටත් විරුද්ධ වුනේ. රනිල් දන්නා හින්ද තමයි වගකිවයුතු ඇමැතිකමක් දුන්නේ නැත්තේ. (බ)
කියවන්නේ නැතුව වැඩක් කරලා පෙන්නුවා නම් නේ හොඳ ....මාස 10 තිස්සේ කරපු දෙයකුත් නෑ නේ .......(බ)
බලමු දෙනකන් . බකන්නිලා ඉමුද ? (බ)
වැඩ පනහයි පද සීයයි (බ)
ඒ වුනාට දැන් ඔබ තුමාගේ වාරය. මිනිස්සුන්ට දැනෙන්න මොනා හරි කරලා පෙන්නන්න. ඔබට ජය. (ර)