හම්බන්තොට ගොවි සංවිධාන කිහිපයක ගොවියෝ අද (01) උදෑසන අම්බලන්තොට නගරයේ උද්ඝෝෂණයක් ඇරඹූහ. තංගල්ල තිස්සමහාරාම ප්‍රධාන මාර්ගයේ ගමනාගමනයද අඩාල විය.
පොහොර සහනාධාරය පෙර ලෙසම ලබා දෙන ලෙසත්, වී සඳහා සහතික මිලක් ලබා දෙන ලෙසත්, නව බැංකු ගිණුම් සැකසීම හා ඡායාරූප ගැනීම වැනි කටයුතු වලදී ගොවියන් අපහසුතාවයට පත් වීම නවත්වන ලෙසත් ඔවූහු ඉල්ලති. රජය ගොවියා ගොවිතැනින් ඉවත් කිරීමට දරන උත්සාහයට විරෝධය පෑමක් ලෙසත් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබේ.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බණ්ඩා, නොදන්න දෙමළෙට ගිහින් වරිගේ නහගන්ගන්න එපා. මේකට මහින්දගේ සම්බන්දයක් නෑ. (ර)
දැන් ප්‍රශ්නය පිළිතුරු නැතුව බෝල පාස් කරන්න උනාම විසඳේද.? (ර)
බටන්ගල- දන්න දෙයක් කියවන්න ගොවියෝ කියලා බුලත් විට කාගෙන මඩ නාගෙන ගමන් යන්නෙ නෑ. මේ ආන්ඩුව මි්ට වඩා ගොවියන් ගැන හිතන්න ඕනි. (ර)
පොහොර දීලා වකුගඩු රෝගයත් නොමිලේම දෙමු. (ර)
කුම්බලා කටු කෑවනම් වින්දවපන් බලලෝ කිව්වලු. (ර)
ඔව් ඔව් වෙනසක වෙනස දැන් දැන් තේරෙනවා. (ර)
මේකටත් මහින්ද පලිද? පොහොර සහනාධාරය දුන්න විදියටම දුන්න නම් ඉවරනේ.. බැරි කමට මහින්ද පලි නැහැ... (ර)
සමහරු කියනවා රජයට එරෙහිව කරන ඔක්කොම දේවල් කරන්නේ මහින්ද කියලා. අපි ගොවිතැන් කරන අය හැටියට දන්නවා තේ රබර් පොල් වී වලට මොකද වෙන්න යන්නේ කියලා. රටේ ඉන්න අනෙක් අයටත් අපි හිතන දේ දැක ගන්න පුළුවන් ඡන්දයක් තිබ්බොතින්. එතකන් කකුළුවෝ ටිකට දිය කෙලින්න පුළුවන්. (ර)
ඔය පටන් ගත්තා විතරයි. (ර)
විහින් දාගත්ත ලෙඩ, නයි ඔඩොක්කුවේ දාගෙන කනවෝ කනවෝ ගානවා මෙතන. (ර)
රුහුණු, මයා, පිහිටි, තුන් සිංහලයේම උද්ගෝශන කරවන්නේ හිටපු ජනාධිපති තුමාද? (ර)
මෙතන ඉන්නේ ගොවි ජනතාව නොවේ .අවස්ථාවාදීන්. පාරවල් හරස් කරගෙන අහිංසක ජනතාවට හිරිහැර කරන්නේ නැහැ ගොවියන් (බ)
වත්මන් ක්‍රමයෙන් වාසි ලබාගන්න බුද්ධියත් අවශ වෙනවා.කොම්පෝස්ට් පොහොර කුකුල් පොහොර ආදිය ටිකක් සපයාගත්තහම ඔය රුපියල් 2500න් කොටසක් ඉතිරිකර ගන්නත් පුළුවන් පොහොර ටිකක් අඩුකර. (බ)
බණ්ඩාර , මොළේ තියන කෙනෙකුට තේරෙනවා මේ යහපාලනයට ඡන්දෙ දුන් ගොවි ජනතාව, විද්වතුන් දැන් පාරට බහින්නේ ලැබුන වෙනස සැපයි කියලා. වෙලාව ආවහම මහින්ද මහත්මයා අවශ්‍ය කරන දේ කරයි. (නි)
ගොවි ජනතාව ගැන නොදන්නා ඇමතිවරු ඉන්න රටක් මේක. (ර)
දේවි, කුකුල් පොහොර ආදිය ටිකක් කෑවා නම් වාසියක් නෙමෙයි බුද්ධියක් ලබාගන්න පුළුවන්. හිතාගෙන ඉන්නේ ගොවියෝ වගාකරන්නේ අඩියේ අඩියේ හරි හතරැස් ඉඩමක කියලද? (නි)
ඉස්සර තිබ්බ රජය ගොවියාට සහන දුන්නේ නැති නිසා නේද මේ ආණ්ඩුව පත් කරගත්තේ. සහන දුන්නේවත් පොහොර දුන්නේවත් නැහැනේ. තව ඉවසන්න ලගදීම සහන දෙයි නේද ?(හේ)
ගොවි පුතෙක් රාජ්‍ය නායකත්වය දරන මගේ මාතෘ භුමියේ මෙවැනි අරගල දක්නට ලැබීම කෙතරම් වේදනාබර හැඟීම් දනවයිද?(හේ)
ආසාවකට කුඹුරක මඩක් නොපාගපු බව පෙනෙන සපත්තු වල බැහැ ගත්තු මහත්තුරු හම්බන්තොට ගොවියෝද? මේවා තමයි පරාජය දරා ගන්න බැරි කම. (ර)
මහින්දට රිද්දපු හැමෝටම රිදෙන්න ඕනෑ කියලයි මම නම් කියන්නේ. ඒකම තමයි මේ වෙන්නේ. (නි)
මේ ඔබ ඉල්ලු සැබෑ වෙනස නොවේද, එහෙනම් සැපද ? (ර)
අනේ 350 නිබ්බ එක 2500 ගන්නොකොට මහින්ද රජතුමා මතක් වෙනවා ඇති. මදැයි හංසයාට ගහලා වෙච්චදේ. (ර)
ජයවේවා ගොවියනි! (නි)
මහින්ද මහත්තයෝ මේවා කරලා ඔයාට ලංකාවේ බලයට එන්න බෑ....... (ම)
දැන් ඉතින් මේක විලාසිතාවක්නේ (නි)
රුපියල් 350 ට පොහොර දෙන කොට එම පොහොර බාලයි කියල ගොයම් මැරෙනවා කියල නියමිත කන්නේට ලැබෙන්නේ නැහැ කියලා උද්ඝෝෂණය කලෙත් මෙගොල්ලන්ම නේද? (ර)
රටට බත සපයන ගොවීින්ගේ ප්‍රශ්න වලට මුලින්ම විකල්ප යොදන්න.(හේ)
බණ්ඩා මහතා ඔබ හරියටම හරි.(හේ)
මේ අහිංසක මිනිස්සු ඉල්ලනේ පොහොර සහනාදාරයක් මිසක් ආණ්ඩු පෙරලන්න නෙමෙයි . රටට බත සපයන මිනිස්සුන්ට අගෞරව කරන්න එපා.(හේ)
මේ ගොවීන්ගේ ප්‍රශ්න වලට පිළිතුරු දෙන්න.(හේ)