හම්බන්තොට දිස්ත්‍රික්කයේ එකම දළ ඇතා ද බ්‍රහස්පතින්දා (07) රාත්‍රී ඉලුක්වැවේ දී වෙඩි තබා මරා දමා ඇතැයි වනජීවී නිලධරයෝ කියති.

ජලය සොයා ආ බව සිතිය හැකි ඇතා දිය සිඳුණු ඇලේ වෙඩි වැදී මැරී සිටි බව ඔවුහු පවසති.

ඇතාගේ දළයක් අඩි දෙක හමාරක් පමණ දිගය. දඩයක්කරුවනට දළ දෙක කපා ගැනීමට හැකි වී නැත.

DSCN0932 DSCN0941 DSCN0959 DSCN0960