(සනත් ගමගේ)
මාගම්පුර වරාය හා මත්තල ගුවන්තොටුපොළ ඇතුළු රාජ්‍ය දේපළ විකිණීමට එරෙහිව අද(6) හම්බන්තොට දී ආරම්භ කළ විරෝධයට පොලිසිය මේ වනවිට ජල ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කරමින් සිටී.
හම්බන්තොට පිහිටි ඉන්දියා කොන්සල් කාර්යාලය අසලදී උද්ඝෝෂකයෝ පොලිසිය යොදා තිබූ බාධක බිඳ දමමින් ඉදිරියට යෑමට සැරසෙද්දී පොලිසිය අධි පීඩන ජල ප්‍රහාර එල්ල කළේය. පසුව විරෝධතාකරුවන් මැඩ පැවැත්වීම සඳහා කඳුළු ගෑස් ප්‍රහාරද එල්ල කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට දෙන්න ඕනජෙල ප්‍රහාර නෙවෙයි කඩු පොලු ප්‍රහාර........ඉස්සර දුන්නේ වෙඩි ප්‍රහාර
ඡන්දය ප්‍රකාශ කිරිමේ අයිතිය හා විරෝධය ප්‍රකාශ කිරීමේ අයිතිය අහෝසි කර ඇත. මෙය ඒකාධිපති පාලනයක්......පොරොන්දු වූ යහපාලනයෙන් ඈත් වූ ප්‍රජාතන්ත්‍රවාදය අහිමි කිරීමක්...
මෙම පිරිස තවම දේශපාලන අතකොලු බවට පත්ව තිබීම ගැන අපට ඇත්තේ අනුකම්පාවකි. පෙර රජය කරපු පව් වලට වන්දි ගෙවන්න සිදුවී ඇත්තේ මෙම අහිංසකයන්ට බව ඔවුන් පිළිනොගැනීමත් මොවුන්ගේ නුගත් බව මොනවට ඔප්පු කරන්නේද. ඔබලාගේ දේශපාලන පත්වීම් නිවැරදිව මෙම රජය පුරවන විට ඔබට පසු තැවීමට ඉඩ ඇති බවත් කියන්නට කැමැත්තෙමි.
රට විකුනන් කන එකට විරුද්ධ වෙන එවුන්ට නෙවෙයි.......රට විකුණන එවුන්ට කදුලු ගෑස් ගහපල්ලා.
දේශපාලනය පැත්තකින් තියල බැලුවොත් ඇත්තටම මේවට මුළු රටම විරුද්ද විය යුතුයි.
මේ පිරිස් හොදින් හදුනාගෙන අධිකරණය ඉදිරියට පමුණුවන්න. ජන ජිවිත අවුල්කරමින් ජනතාව නොමග යවමින් පටු දේශපාලන වුවමනාවන් ඉටු කරගන්න මිනිස්සු මුලාකරනවට..
මොකටද නිකම් අයට ලකුණු දාලා දෙන්නේ, ඔන්න ඔහේ කෑගහලා යැව්වා නම් නේද හොඳ?
මේවා පට්ට පල් බොරු මත විමසුම් !!!
විකුණන්න නියමයි. අපිට ඕන වුණේ ඕක තමයි. අර සමහරු රට විකුණන්නේ නැතුව ගසා කෑවනේ. අපිට යහපාලනය ඕන වුණේ රට විකුණගෙන ගසා කන පිරිසක් ඇතිකරන්න. මෛත්‍රී සහ රනිල් ගේ ආණ්ඩුවට ජයවේවා!
යහපාලකයෝ හීනෙනුත් දකින්නේ විකුණගෙන කන්නේ මොනවද කියලයි. උදේට නැගිටපු ගමන් වටපිට බලන්නේ තව මොනවද විකුණගෙන කන්න තියෙන්නේ කියලයි. දැන් අර 62 ලක්ෂයේ ගොළුවෝ කසාය බීපු ගානයි. විලිලැජ්ජයි යහපාලකයිනි.
යහපලකයෝ හීනෙනුත් දකින්නේ විකුණගෙන කන්නේ මොනවද කියලයි.
ප්‍රීමා පිටි කම්හල වික්කේ මෙගොල්ලොත් හවුල් වෙලා නේද? එතකොට මෙගොල්ලොත් ආණ්ඩුවේ. අපි විරුද්දයි කියා ආණ්ඩුවෙන් යන්න තිබුන නේද ?මොන පැත්තේ සිටියත් අවංක වෙන්න.
නිකම් දේපොළ විකුනනවා කියා පාරවල් ගානේ කෑ ගහල වැඩක් නෑ. ඔය කියන දේපොළ හදල තියෙන්නේ පිට රටින් ණයට ගත්ත සල්ලි වලින්. රටේ අදායමට දැරිය නොහැකි, නැවත ගෙවා ගත නොහැකි තරම් ණය ගත්තම, ඔය කියන දේපොළ අවසානයේ විකුණන්ට තමයි වෙන්නේ. අපි කැමති උනත් අකමැති උනත්, ඕක තමා යතාර්ථය.
ගුවන්යානා බාන්න කියලත් ලෝකේට විරුද්ධව පෙලපාලි යන්න.
මේවා විකුණන්නේ ණය ගෙවන්න නෙමෙයි. බැඳුම්කර මගඩියෙන් රටට වෙච්ච පාඩුව නිසා රට කර ගන්න බැරිවුණා. අනේ මහින්ද නම් යුද්දෙත් කර ණයත් ගෙව්වා. යහ පාලනේ ගැන කතා තරන අයට ලැජ්ජා නැද්ද මන්දා.
ඔක්කොටම ඕනෑ දෙයක් කර ගන්න කියල යන්න තැනක් හොයා ගන්නවා නම් හොඳා, ඔක්කොම යමුද? කව්ද කැමති, බල ලොභීන්ට දීලා ජීවත් වෙන දවස් 31.025 හෝ පැය 7.44.600 ගෙවා දැමීමට කොහේ හරි ඉලව්වකට යන්න යමු.
රුවන්, ඔබ" දිය කොරහේ කිබුල්ලු දකිනවා"