(සනත් ගමගේ)
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාවට බදු දීමට එරෙහිව හම්බන්තොට විරෝධයට එක්ව සිටි 26 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.










(සනත් ගමගේ)
මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ඉන්දියාවට බදු දීමට එරෙහිව හම්බන්තොට විරෝධයට එක්ව සිටි 26 දෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.










COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රට නිවැරදි මාවතට ගැනීමට නම් වැරදි කළ පිරිසට නිසි දඬුවම් දිය යුතුමයි. එවිට මේ චක් ගෝලබාලයෝ දෙපාරක් හිතන්න පුරුදු වේවි මෙවන් මෝඩ වැඩ කිරීමට ප්‍රථම.
රතු, කොළ, නිල් යන පාට තුනේම අය දැනගනිවු මේ නස්තිකරන්නේ අපගේවත් තොපගේවත් දේපොළ නොව ලක් මවගේ දේපළ බව කාලකන්නි.
මේකද දෙනවා කියපු නිදහස. උද්ඝෝෂණයක් කරන්න කලින් එක වළක්වාලන නියෝග ගන්න එක වෙන්න ඇති දෙනවා කියපු නිදහස.
උද්ඝෝෂණයට ආපු වහල්ලු කීප දෙනෙක් අත් අඩංගුවට ගන්න ඇති. නීතිය හරියටම කි‍්‍රයාත්මක කළා නම් අත් අඩංගුවට ගත යුත්තේ උසාවි නියෝගයක් කඩ කරමින් මෙම උද්ඝෝෂණය මෙහෙය වූ අයවයි.
ලංකාවේ දැන් වෙන්නේ තියන දේවල් විකුනන එක වැටෙන්න යන දේවල් ගොඩ දාන්න බලන්නේ නැ විකුනන දේවල් වලින් ලැබෙන දේවල් වලට වෙන දෙයකුත් නැහැ මොන පක්ෂය ආවත් කරන්නේ ඔච්චරයි .
මේ ගුවන් තොටුපොල ඉන්දියාවට බදු දුන්නොත් ඒක ව්‍යාප්ත කරන්න, අළුත් වැඩියා කරන්න කියල කොන්ත්‍රාත් වලින් ගසා කන්න තියෙන අවස්ථා ඔක්කොම ඉන්දියාවට යනවා. අපේ කට්ටිය එක්ක නිදාගන්න කැමති වෙන අයට එහෙම නැත්තන් පාප්ප ගාන අයට රස්සා දෙන්න බැරිවෙනවා. මේකට ගුවන් යානා ආවේ නැති වුණාට ඒ ණය මිනිස්සුන්ට බදු ගහල අවුරුදු 50 කින් හරි ගෙවන්න පුළුවන් එකේ ඇයි මේක බදු දෙන්නේ? මේවා අපේ 'ජාතික' සම්පත්.
මේ දුර්දාන්ත ආණ්ඩුව රට නොරටුන්ට පාවා දීමට සහය පල කරන අයට අඬන්න වෙන දවස ඈතක නොවෙයි. අදහස් පල කිරීමේ අයිතිය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් තහවුරු කර තිබියදී උසාවිට එයට පිටින් යාමට නොහැකියි. සමහර විනිසුරුවන් උද්ඝෝෂණ තහනම් කිරීමට පොලීසියෙන් කරන ඉල්ලීම් ප්‍රතික්ෂේප කරන අතර සමහරුන් එයට ඉඩ දෙන්නේ කෙසේද?
රට නිවැරැදි මාවතකට ගැනීමට නම් ජාතික දේපළ විකුණා ගැනීම කළ යුතුයි.
නිකම් දේපොළ විකුණනවා කියමින් පාරවල් ගානේ කෑ ගහල වැඩක් නෑ. ඔය කියන දේපොළ හදලා තියෙන්නේ පිටරටින් ණයට ගත්ත සල්ලි වලින්. රටේ අදායමට දැරිය නොහැකි, නැවත ගෙවා ගත නොහැකි තරම් ණය ගත්තම, ඔය කියන දේපොළ අවසානයේ විකුණන්ට තමයි වෙන්නේ. අපි කැමති වුණත් අකමැති වුණත්, ඕක තමයි යථාර්ථය.
ගොබ්බයින්ට නොතේරුණාට රටේ සම්පත් මහජනතාවට වටිනවා. එය රැක ගැනීම රජයේ වගකීමකි. නමුත් සිදුවන්නේ ජඩ පාලකයින් රටක් පාලනයට තියා බූරුවෝ රැලක්වත් බලා ගැනීමටවත් බැරි නිවටයින් පිරිසක් බවයි.
ජාතික සම්පත් කියල කියන්නේ ලාභ ලබන ව්‍යාපාර හෝ වියදමකින් තොරව ස්වාභාවිකව පිහිටපු දේවල් වලට. එකට දෙකක් ණය අරගෙන, ගත්තු ණයේ පොලියවත් ගෙවාගන්න බැරි නැව් නැති වරායවල් හෝ ප්ලේන් නැති ගුවන් තොටුපොලවල් ජාතික සම්පත් නෙවෙයි. අපි තියාගෙන හිටියොත් ඒවයේ උපකරණ දිරල යනකම් ණය ගෙවමින් නිකන් බලාගෙන ඉන්න කියන කට්ටියට නමස්කාර කරන අයට රට ගැනද බඩ ගැනද කැක්කුම?
කෙනෙකු හෝටලයක් දාන්න ගොඩනැගිල්ලක් හැදුවට, තැන නොගැලපීම නිසා පාරිභෝගිකයින් එන්නේ නැති නම් ඔහුට තියෙන්නේ බාර් එකකුත් දාගෙන රෙස්ටෝරන්ට් එකක් කරන්න වෙන කෙනෙකුට ගොඩනැගිල්ල බදු දෙන එකයි. එවිට ගොඩනැගිල්ලත් ඔහුටම තියෙයි , මාස් පතා හෝ අවුරුදුපතා හෝ මුදලුත් ලැබෙයි. නෑ , මං මේ කිව්වේ පොඩි අදහසක් ඔස්සේ ටිකක් වෙනස් විදිහකින් සිතා බලන්නයි.
මේ ප්‍රධාන පක්ෂ දෙක මාරුවෙන් මාරුවට රංගනයේ යෙදෙනවා. අපි බූරුවො වගේ බර අදිනවා. අවසානේ උන් ගොඩ. කාටද වල කැපුනේ? කට්ටියක් ණය වෙලා මේවා හදනගමන් ගසා කනවා. අනික් අය අැවිත් එ්ක විකුණලා ගසා කනවා. ඒ අයගේ අරමුණ ධනය, බලය, සමාජ තත්වය හදා ගැනිම මිස රට ගොඩ දැමීම නොවේ. මේ අය ඉන්නකන් මේ රට හැමදාම වලේ තමයි. මේ රට හදන්න නම්. රටට අාදරේ කරන හොරා නොකන පවුල සංවර්ධනය නොකරන එ්කාධිපතයකු අවශ්‍යයයි. රටේ ජනතාවගෙන් 5%ක් කවත් ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ මොකද්ද කියලාවත් දන්නැතුව පුළුවන්ද මේ පාලනය ගෙනයන්න. අද දියුණු ප්‍රජාතන්ත්‍රවාදී හැම රටක්ම එ් තත්වෙට අාවේ.
හොර පෙරකදෝරුවාවයි, වටේ ඉන්න හොරු ටිකයි අැයි නිදැල්ලේ ...?
කොළඹ යුධ හමුදා මූලස්ථානය ... කොළඹ ආර්ථික මරමස්ථාන සින්නක්කරේට මහා රජාගේ කාලේ විකුණනකොට .... ඔය රටට ආදරේ කරන අය කෝ? ...අැයි ඒවා මහරජාගේ බූදලේද ..?
රටේ නායකයා ශ්‍රී ලංකා පක්ශයේ නායකයාලු. එසේ වුවත් නියම ශ්‍රී ලංකා පාක්ෂිකයන් යූඑන්පී පාලක පොලීසියෙන් ගුටිකනවා.
ඕනෑම රටක නීතිය කාටත් පොදුයි... දැන් තියෙන්නේ ... 18 නොව .. 19 බව සිහිතබාගත යුතුයි ...!!!
තාජුඩින්, එක්නැලිගොඩ, ලසන්ත වැනි අය පව්...!!!
ජේ. ආර් .ජයවර්ධන මහත්මයා නම්, එදා මේ වගේ උද්ඝෝෂකයින්ට වැඩි ශබ්දයක් නොමැතිව නිවැරදි පිළිතුර දුන්නා. රටේ පාලකයෝ මරණාධාර සමිතියේ සභාපතිලා වගේ වත් කටයුතු නොකරනවා. මේ වගේ රිලා නැටුම් බලලා රසවිඳිනවාට වඩා වෙන මොනවා කරන්නද? හොරකම් කරන්න මිස, රටට ලාභදායී ව්‍යාපාරයක් කරන්න අපේ රටේ පාලකයින්ට හැකියාවක් නොමැති බව වත් තවම මේ රටේ ජනතාව අවබෝධ කරගෙන නැහැ.
පසු ගිය රජය කළා වගේ ගිනි පොලියට ණය අරන් නාස්ති කරන එකත්, මේ රජය කරනවා වගේ.... රටේ සම්පත් කුණු කොල්ලයට විකුණන එකත් කරන්න ලොකු දක්ෂ කමක් ඕනෑ කරන්නේ නැහැ. ඒක ඕනෑම මෝඩයකුට කළ හැකියි. නමුත් මේ සියල්ලේ බර දරන්නේ අවසානයට බදු ගෙවන ජනතාවයි .
ආණ්ඩුව පෙරලන්න නටන නාඩගම්
මිනිසුනේ ! කාගේවත් බහට අවනතව කරන ඔබේ හැසිරීම් තුලින් නිවහල් චින්තනය වහල් චින්තනයක් කර ගන්න එපා. මන්ද පරම්පරා දෙක තුනක් මේ වහල් චින්තනයෙන් මිදෙන්න අපොහොසත් වුනොත්, ඒ වහල්කම ජානවලටත් බලපානවා. අද අප ඉදිරියේ ඇති අභියෝගය වහල් මානසිකය ජයගෙන ස්වාධීන වෙනවා ද නැත්නම් වහල් හැසිරීම අනාගත දරු පරම්පරාවට උරුම කරනවා ද යන්නයි. අසාධාරණයට විරුද්ධව හැමදා පෙළගැසෙන්න. නමුත් ඒ අසීමිත නිවහල් බව දේශපාලන කාරයින්ගේ බල තන්හාව වෙනුවෙන් වැය කරන්න එපා. ඔවුන්ට අයිති ඊයේ පමණයි. එහෙත් යහපත් හෙටක් ඔබ වෙනුවෙන් බලා සිටී.
අර ඇමරිකන් ඩොලර් කෝටිගානක් දීල ගන්න යන කබල් නැව ගන්න එක අතහැරියානම් කෝටිගාණක් ඉතිරිවෙනවා නේද. විකීණීම හා මිලදීගැනීම යන දෙකෙන්ම කොමිස් ගහන්න අදහස. රට ගැන නොව බඩගැන හිතීම
යම්කිසි රජයේ ආයතනයක් හෝ ඉඩම් විකිණීමේදී හෝ 99 බද්දට දීමේදී විවෘත්ත ටෙන්ඩර් පටිපාටියක් අනුගමනය කල යුතුයි නේද? එහෙමෙ නැතුව ගැනුම් කරුවන් තෝරන්නේ කාගේ වුවමනාවටද? කැමැත්තටද? රටේ සියලු වියදම් දරන බදු ගෙවන ජනතාවට මෙම කරුණු ඉදිරිපත් කල යුතුයි.
කොටින්ට කඩේ ගිය අය අද රට පාවා දෙන, විකුණන් කන ජඩ පාලනයට මුට්ටි අල්ලමින් බඩ වඩා ගන්නවා.
මහින්ද උන්නනම් මෙලහකට චීනෙට දීලා. ලෝකෙට ණය කාරයෝ කරලා හොඳට ගසා කෑවා. මොකක්ද ඇති වැඩේ?. හොර පෙරකදෝරුවගේ බොරු උද්ඝෝෂණ.
උසාවි නියෝගයට පටහැනිව කටයුතු කල නායකයින්ට විරුද්ධව නඩු පවරන්න. හාල්පාරුවන්ට කනේ පහර දීලා හිරේ දැමිය යුතුයි.
ගාලු මුවදොර අක්කර 12ක හමුදා මූලස්ථානය පිටරටට විකුණද්දී මේ අය කොහෙද හිටියේ?
රටේ නීතිය කඩාකප්පල්කාරීන්ට විරුද්ධව හරියටම ක්‍රියාත්මක කළ යුතුයි.
හොර පෙරකදොරුවට නම් කන පැලෙන්න දෙන්න ඕනෑ ....
යහපාලාන ආණ්ඩුව නැත්නම් ඔය කියන නායකයෝ රටේ තියන දේපල උන්ගේ නමට ලියා ගන්නවා.
කිසිම සැලසුමක් නැතුව හදපු මේ ගුවන් තොටුපොල රුපියල් ප්‍රකෝටි ගණනක ණයක් දරාගෙන ඉන්නේ. මේකට පොලියටත් එක්ක කෝටි ගණන් ණය ගෙවනවා ඇරෙන්න සතපහක අදායමක් නැති ගුවන් තොටුපොළක්. මේ අය විරෝධතා කරන්නේ ගුවන් තොටුපොල යම් ක්‍රමයකට හරි ආණ්ඩුව ණයගේවිම බේරගන්න දරන උත්සාහය කඩාකප්පල්කරලා නැවත මේ ණය කන්ද මහජනතාවට පටවන්න. යහපාලන ආණ්ඩුව මුලින්ම කලයුත්තේ මේ ඒකාබද්ද කල්ලියේ කෝටි ගණන් මහජන මුදල් හොරකපු නඩු ඉක්මනින් ගෙනල්ල මේ කල්ලිය හිරේ දාන එකයි. එසේ නැතුව මේ කරන කිසිම දෙයකට විදේශ ආයෝජකයෝ එන්නේ නැහැ.
සහෝදර සහෝදරියනි, ඔය අත්අඩංගුවට ගත් 26 දෙනාගෙන් එක්කෙනෙක් හරි ඔය විරෝධතාවය සංවිධානය කරපු අය ඉන්නවාද? අධිකරණ නියෝග කඩ කළා නම් මොනවද වෙන්නේ කියා අපිට වඩා හොඳින් දන්නවා. ඔය මේකේ පිටිපස්සේ ඉන්න අය. මෙයාලා කරන්නේ අහිංසක ජනතාව බිල්ලට දීලා එයාලගේ ඉලක්ක කරා යන්න. අපේ දෙමවුපියන් දුක් මහන්සියෙන් අපිව හදා වඩා ගත්තේ එක එක්කෙනාට කඩේ ගිහින් මෙවැනි දේවල්වලට මුහුණ දෙන්නද ? මිත්‍රවරුනි තම තමන්ගේ විරෝධතාවය තමන්ගේ වටිනා ඡන්දයෙන් පෙන්නුම් කරන්න.