රත්නපුර පඹහින්නේ ආරණ්‍ය සේනාසනයක වැඩ විසූ හොරණ අනෝමදස්සි හිමියන් සෙවීමේ කටයුතු අත්හැර දැමූ බව පොලිසිය කියයි.
පවතින අයහපත් කාලගුණය හේතුවෙන් එම කටයුතු නැවැත්වීමට සිදුවූ බවත් බදාදා කපා එළි කරගත් භූමිය නැවත යට වීමත් මඩ පිරී ඒවා යළි අස්කිරීමට සිදුවීමත් වැනි කරුණු හේතුවෙන් එම කාර්යය දුෂ්කර වී තිබේ.
පස්වරු 4 00 ට පමණ ඇති අධික වර්ෂාව හේතුවෙන් තාවකාලිකව නවතා දැමූ මෙහෙයුම සම්බන්ධයෙන් වර්තමාන තත්වය පිළිබඳව සමනළවැව පොලීසියේ ස්ථානභාර නිලධාරී උප පොලිස් පරීක්ෂක ඩබ්.කේ.බී. ලෝරන්ස් මහතාගෙන් විමසීමක් කළ අතර ඒ මහතා මෙසේ කියා සිටියේය.
‘‘අධික වර්ෂාව නිසා 04 වැනිදා පස්වරුවේ තාවකාලිකව නතර කළ මෙහෙයුම් කටයුතු 05 වැනිද උදෑසන අරඹන වට නැවත රොන් මඩ හා ගල් වලින් පිරී සම්පූර්ණයෙන් වැසී තිබුණා. අද දහවල් 12 වන විටත් එම පස් ගල් මඩ ඉවත් කළා එම පස් ගල් ඉවත් කිරීමෙන් පසු පැය දෙකක් වැඩකරන්නට ලැබුණේ නැහැ වැස්ස පටන් ගත්තා . වැස්ස ආවාට පසුව වැඩ කරන්න බහැ නැවත නාය එයි කියල හිතුනා. පස් දියවෙවී එන්න පටන් ගත්තා. ඒ එක්කම අපි ගොඩට ආවා. අතුරුදන් අනෝමදස්සී හිමියන් ළඟින් ඇසුරු කළ සීලගම අරමක වැඩ සිටින ස්වාමීන් වහන්සේ නමක් නායගිය ස්ථානයට වඩම කර හිටියා. ඒ හාමුදුරුවන්ගේ ඉල්ලීම සහ අතුරුදන්වූ ඥාතීන්ගේ ඉල්ළීමක් කළා මේක තවදුරටත් හාරන එකේ තේරුමක් නැහැ. මෙහෙයුමේ යෙදී සිටි නිලධාරීන්ටත් අනතුරකට පත්වෙයි එනිසා තවදුරටත් කැනිම් හා මෙහෙයුම කිරීම නවතා දමන ලෙස. ඒ අයගේ ඉල්ලීම මත ඉඹුල්පේ ප‍්‍රාදේශිය ලේකම් කීර්ති ජයසිංහ මහතා සහ බි‍්‍රගේඩියර් රන්දුල හත්නාගොඩ මහතා තීරණය කළා තවදුරටත් මෙහෙයුම් කිරීම නවතා එම ස්ථානයෙන් සහන කණ්ඩායම් ඉවත් කරගැනීමට මෙයට හේතුව නමි මේ තත්වය අවදානම් .කැණිම් කරන නිලධාරීන්ගේ ජීවිතවලට තර්ජනයක් එල්ලවියහැකි සේ තත්වය බරපතල වුනා . මහා විශාල වර්ෂාවකින් අර සියල්ල නැවත වැසිගියා. ”
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ වනගතව බවුන් වඩන හාමුදුරුවන් වහන්සේලා වර්තමානයේ ඉතා අල්පයි (නි)
කිසිම හාමුදුරු නමක් සෝකය වත් පලකරන්න අමතක වෙලා .කොපමණ හාමුදුරුවරු හිටියත් ඉහල පෙලේ ,දුප්පත් ජනයා පමණයි ඉතිරිවුණේ (හේ)
හොරණ අනෝමදස්සි හිමියන් තමන්ගේ කාර්යය නිමකර ගැනීමට පෙර අපවත් වූවා නම් ඉක්මනින්ම සුඛප්‍රතිපදාවෙන් නිවන සාක්ෂාත් කරගත හැකි භවයක උපදීවා! (ම)
මට නම් හිතෙන්නේ උන්වහන්සේ ජීවතුන් අතර ඇති කියලයි (නි)
මහජනතවගේ කටයුතු තියනවනේ දිවා රෑ නැතිව. (ම)
තණ අග පිනිබිඳු වගේ මේ අස්ථිර ජීවිතය අසුරු සැණින් නැතිවෙන්න පුලුවන් නේද? එවැනි වෙලාවට කම්පා නොවී ශෝක නොවී සිටීමට උත්සාහ ගතයුතුයි. (නි)
චතුරි,ඔබ හරි. අර සේනා, මේ සේනා, අර හඬ, මේ හඬ ආදී නොයෙකුත් කණ්ඩායම් ඉන්නවා. අඩුගානේ එම ස්වාමින් වහන්සේට මොකද වුණේ කියලාවත් සොයා බැලුවද? (නි)
හිමිනම ගැන මට ඉතාම කණගාටුයි. මේක ලොකු ඛේදවාචකයක් (නි)