කොළඹ 10, අධිකරණ මාවතේ පිහිටා ඇති ශ්‍රී බෝධිරාජාරාම විහාරයේ නාරද පදනම සමාජ සත්කාර්යයන් රැසක් සිදුකරන පුණ්‍යායතනයකි.
එහි නිර්මාතෘ කොළොන්නාවේ නාරද හිමි සිසුන් සිය ගණනකට උගන්වයි. එහි වැඩි දෙනා ස්වේච්ඡා ගුරුවරුය.
සවස් කාලයේ දරුවන් වෙනුවෙන් අමතර පංති පවත්වන උන්වහන්සේ ඒ වෙනුවෙන් විහාරස්ථානයේ පංති කාමර කිහිපයක්ද පිහිටුවා ඇත. අඩු ආදායම් ලාභී සිසු දරුවන්ගේ අධ්‍යාපන කටයුතු වෙනුවෙන් නාරද පදනම මාසිකව ශිෂ්‍යත්ව ද පිරිනමයි.
‘මාස්ටර් මයින්ඩ්‘ නමැති පරිගණක පාසල හරහා දරුවන්ගේ තොරතුරු තාක්ෂණ ඥානය දියුණු කිරීමේ වැඩසටහනක්ද නාරද පදනමෙන් ක්‍රියාත්මකය.
වෛද්‍ය සායන, ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහන් ඇතුළු සමාජ සේවා වැඩසටහන් එහි ක්‍රියාත්මක කෙරේ. මීට අමතරව නාරද පදනම චෙස් ක්‍රීඩාව හා අත්කම් පුහුණු කිරීමේ වැඩසටහනක්ද ක්‍රියාත්මක කර ඇත.













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුංචි ඉඩකට ලොකු මෙහෙවරක් ඔබට පිං හාමුදුරුවනේ (බ)
අගය කළයුතු ක්‍රියාවක්. දරුවන්ගේ ඇස් පාදන එක ලොකු පින්කමක්. ඔබ වහන්සේට බොහොම පින්. (නි)
මේ කඩවත උපනන්ද හාමුදුරුවන් වැඩ සිටි පන්සලද? උන් වහන්සේත් මේ වගේම අන් අයට උදවුකළා (නි)
මටත් ආසයි ලංකාවට ආ දවසක බලන්න යන්න. හොඳ වැඩක්. (නි)
හිස් බොරු වැඩ කරන මෙවැනි දේශයක ඔබවහන්සේ කරන්නාවූ මේ දෙය දේශයට අභිමානයක් ඔබ වහන්සේ ඇතුළු සියලු දෙනාටම උතුම් දළඳා සමිදු පිහිටයි (බ)
මෙහෙම දේවල් රටේ අනිත් පැතිවලත් කරනවානම් සිංහල ජාතිය අභාවයට යන එක ගැන පම්පෝරි ගහන්න අවශ්‍ය වෙන්නේ නැහැ. රණ්ඩු කරනවට වඩා කරන්න ඕනේ මේවගේ දේවල්. (බ)
බොහොම හොඳ වැඩක් අසූහාරදහසේ පහන් පූජාවට වැඩිය (බ)
ප්‍රතිපාදන නැහැ කිය කියා ගමට රටට වැඩක් නොකර තමන්ගේ බඩ වියත ගැන විතරක් හිතන දේශපාලුවන්ට හොඳ පාඩමක් (බ)
ගමේ මිනිස්සුන්ගෙන් සල්ලිම එකතු කර කර පන්සල තරු පහේ හෝටලයක් කරන්න දඟලන බොහෝ හාමුදුරුවරු අතරේ මේ වගේ පුවතක් අහන්න ලැබීමත් පිනක් (හේ)
ඔබ වහන්සේට දිර්ඝායුෂ ලැබේවා.(හේ)
මේ ප්‍රදේශයේ ජීවත් වෙන පොඩි පැටව් ටික යහමග ගෙනියන ඔබවහන්සේ කරගන්නාවූ මේ මහා පිනක්. (බ)
ඔබවහන්සේට නිදුක් නිරෝගී සුව ලැබේවා! (නි)