පසුගිය බ්‍රහස්පතින්දා වැලිවේරිය නගරයේ පැවති උද්ඝෝෂණයේදී ආරක්ෂක හමුදාවලට අමතරව තවත් පාර්ශවයක් සිටි බවත් තොරතුරු ලැබී ඇතැයි හමුදා මාධ්‍ය ප්‍රකාශක බ්‍රිග්‍රේඩිය රුවන් වනිගසුරීය කොළඹ මාධ්‍ය හමුවකදී අද (04) පැවසීය.
රට අස්ථාවර කිරීම මෙම බලවේග උත්සා කරන බවත් වැලිවේරියේ වෙඩි තැබීම ගැන කරුණු සොයා නොබලා හමුදා වටම දොස් පැවරීම හෝ හෙළා දැකිම සුදුසු නොවේ යැයි ඔහු කියයි.පොලිසිය ,පොලිස් විශේෂකාර්ය බලකාය , යුද හමුදාවට හා කැරැලි මර්දන පොලීසියට අමතරව තවත් පාර්ශවයක් සිටි බවට පරික්ෂණ අරබා ඇතැයිද ඔහු කීවේය.
හමුදාව එහිදී ක්‍රියා කළ ආකාරය ගැන ඉදිරියේදී ගන්නා ක්‍රියා මාර්ගය දන්වන බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අටුවා ටීකා අනවශ්‍යයි.ලෝකයටම පෙන්නුවා හමුදාවේ තරම. රබර් උණ්ඩ වලින් වෙඩිතිබ්බා කිව්වා. නමුත් ලොව කිසිම ටී-56 හෝ ඒකේ-47 එකට රබර් උණ්ඩ දාන්න නොහැකිය.ජල ප්‍රහාරක බවුසර් දෙක පාවිච්චි නොකර එසේම තිබිලා.හරිම දුක හිතෙනවා මිනිසුන් බලවතුන් හමුවේ අසරණ වී යන හැටි දැක්කම. (නි)
මොනවද මේ කතා? අනිත් පාර්ශවය ඇමෙරිකාව වෙන්න ඇති. ඔය පළාත්වල ඉන්න ,දේශපාලඥයන් මොනවද මෙතෙක් කල් කළේ? (නි)
අඩන්නද, හිනාවෙන්නද කියලා හිතාගන්න බැහැ (නි)
ඔය කියන තුන්වෙනි පාර්ශවය මේක විතරක් නෙමෙයි ,පරණ අර හලාවත , කටුනායක ඒවත් ගොඩ අරන් විකුනනවා (නි)
මේ ගොල්ලෝ ඔය වෙනත් පාර්ශවයක් ගැන කියන්නේ කාටද කියාල අපි දන්නවා (නි)
ඔව්. හමුදාවට අමතරව දේශපාලුවෙක්ගේ මැර සේනාවකුත් මිනිසුන් අතරට එන්න ඇති හමුදා ප්‍රහාරය අනුමත කරන්න. (නි)
අනේ ඔබ තුමා කටින්ද කතා කරන්නේ අනේ මද්‍ය ප්‍රකාශක තුමෝ මේ රටේ ඉන්නේ මෝඩයෝ නෙමෙයි. මරණ සන්කයව වැඩි වෙනකොට තත්ත්වේ බරබතල වෙනකොට ලග එන ජාත්‍යන්තර රැස් වීම හිතනකොට බය හිතනවා වගෙයි නේද?
ෂා.....! අපේ ආමි එකට ගිය කල! ආශ්චර්යය ආශ්චර්යය.... (නි)
ඇමරිකාවේ ඇමරිකාවේ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ. අපේ හමුදාවන් වෙඩි තියන්නේ නැහැ (නි)
මේ වතාවේ ඔබේ වටිනා ඡන්දය කටු ගා දමන්න. හැමෝම හොරු.සුදුසු නායකයෙක් අපිට කවදා ලැබෙයිද? (නි)
විරෝධතාවෙහි යෙදෙන ජනතාව ඉවත් කිරීමට ගන්නා ක්‍රියා මාර්ගය ඡායාරූපගත කිරීමෙන් හෝ වීඩියෝ පටිගත කිරීමෙන් හෝ වළකින්නැයි ආරක්ෂක හමුදා මෙම ජනතා උද්ඝෝෂණය වාර්තා කිරීමේ වගකීම පැවැරැණු මධ්‍යවේදීන්ට, නීති විරෝධී ලෙස මුලදීම අනතුරු ඇඟැවූවා. පොලු මුගුරු හා ජිව උණ්ඩ යොදාගනිමින් රැස්ව සිටි පිරිස විසුරුවා හැරීමට පටන් ගත් ආරක්ෂක හමුදාව එහි සිටි මාධ්‍යවේදීනට පහර දුන්නා. තර්ජනය කළා. බැන වැදුණා.මෙතනම ප්‍රශ්නෙට උත්තරත් තියෙනවනේ. (නි)
ජනතාවට පහර දෙන්න අනකල සහ පහර දුන්න අයට ශාප වේවා
මේ ආණ්ඩුව බලයට ගෙනෙන්න ඡන්දෙ දීපු මිනිස්සුන්ට නේද මේ වෙඩි තිබ්බේ.... (නි)
එතන හිටියේ වතුර ඉල්ලලා සාධාරන ඉල්ලීමක් කරපු අහිංසක මිනිස්සු. (නි)
දැන් තිබෙන තත්වය අනුව මෙවන් ප්‍රකාශයක් දැමීම පවා භයානක තත්වයක්.දැන් මේකේ වගකීම ගන්න කවුරුවත්ම නැහැ.අපේ හමුදාවෙන් මේ වගේ දෙයක් කිසි දිනක බලාපොරොත්තු වුනේ නැහැ.මේක ඉතාමත් භයානක සිදුවීමක්. (නි)
මොන කතා බොරු වුණත් මේක නම් බොරු නෙමෙයි. ඒක වැලිවේරියේ ගුටි කාපු අයගෙන්ම ඇහුවොත් දැන ගන්න පුළුවන්.. (නි)
මෙහෙම රටකද අපි ජිවත් වන්නේ? (නි)
බොරු කියනවා කියලා මෙහෙමත් අනේ අම්මෝ
මේවා අහලා කුමක් කරමුද අපි? (නි)
වතුර ප්‍රශ්නෙට විසදුම් නම දීලා තිබෙනවා. ඒත් ප්‍රමාද වුණා වැඩියි. (නි)
අපි මොනවගේ අය කියලද මෙයාලා හිතන්නේ? (නි)
යුද්ද කාලේ හතුරන් ඉන්න තැන දැනගෙන බෝම්බ දාපු හමුදාව, තවත් පාර්ශවයක් කියලා කියන්නේ කාටද කියලා හිතාගන්න බැහැ (නි)
ඈත්තටම?? (නි)
නැගෙනහිර පළාත වෙනම රාජ්‍යක් කරන්න උත්සාහ ගන්න අයගේ උසි ගැන්වීමක් මේ උද්ගෝෂණය තුල තිබුණා කියලා රාවයක් නම් තියෙනවා.කොහොම වුණත් දෙපැත්තම වැරදියි.ප්‍රධාන මාර්ගයක් බලහත්කාරයෙන් අවහිර කරගෙන සිටීම වරදක්. (නි)
මාද්‍ය ප්‍රකාශක තුමා ලජ්ජා නැද්ද බොරු කියන්න
අනිච්චේ දුක්ඛේ... (නි)
අපි කවුරු කියලා හිතාගෙනද මෙහෙම කතා කියන්නේ? (නි)
අපි මොනවා කියන්නද? අහෝ! අසරණ අපි! (නි)
සත්‍යය සැමදා සැඟවිය නොහැකිය. පාපතරයින්ට ලෝ දහමින් ගැළවිය නොහැකිය. (නි)
කාටද මේවා කියන්නේ? මේවට අනුබල දුන් හැමෝටම පටිසන් දෙන්න ඕනෑ හත්මුතු පරම්පරාවල් වලටම. (නි)
ලැජ්ජා වෙන්න ඕනෑ මේවා කියන්න.අවිගත්ත අය මේවා කරනකම් ආරක්ෂක හමුදා,පොලිසිය ,පොලිස් විශේෂ කාර්ය බලකාය , යුද හමුදාවට හා කැරැලි මර්දන පොලීසිය මොකද කළේ? (නි)
මෙයට නියෝග හා අණදුන් අය පිළිබඳව හෙලි කරන්න. එසේ කිරීමට හැකියාවක් කිසිම පුද්ගලයෙකුට හෝ කිසිම මාධ්‍ය ආයතනයකට නොමැතිද? (නි)
මාලක සිල්වට නෙලපු අයමද දන්නේ නැහැ.(නදී)
කාටද මේවා මේ කියන්නේ? (නි)
හිටියා අපිත් දැක්කා ඒලියන්ස්ලා වගේ තුවක්කු අරගෙන.. (නි)
ඔබට ජයවේවා! අපිට බුදු සරණයි! (නි)
දැන් ගහන්න කොටිවත් නැහැනේ ඉතින් (නි)
ආණ්ඩුවේ ප්‍රවුර්ති බැලුවොත් හරියටම දැන ගන්න පුළුවන් තුන්වන පාර්ශ්වය කවුද කියල.
මමත් හිතුවා ඔය වගේ කතාවක්.මොන රැකියාව කළත් තමන්ගේ හිතට එකඟ දේ කරන්න ඕනෑ. (නි)
මේ කතා අහනකොට ..... ඉතිරි ටික මට කියන්න බැහැ (දී)
අනිවාර්යයෙන් පිටසක්වල ජීවීන් පිරිසක් වෙන්න ඕනෑ. නැත්නම් අපේ හමුදාව එහෙම කරන්නේ නැහැ (නි)
අසීමිත බලයක් දුන් විට කාටත් මෙහෙම දේ වෙනවා (නි)
අර කට්ටියද දන්නේ නැහැ නේ ? තමිල්නාඩුවෙන්
අපි නම් පිළිගනී ඕවා? (නි)
දවසේ කතාව (නි)
එතකොට හමුදාවෙන් වෙඩි තියලම නැහැ. ජනතාවට හමුදාව ගැන තිබුනේ පුදුම ගෞරවයක්.නමුත් මේ සිද්ධියෙන් පස්සේ ඒක නැතිවෙලා. (නි)
ලජ්ජා නැතිව හැටි රෙදි ඇදගෙන මේ බොරු කියනවනි,කිසිම පාලකයෙක් ජනතාව ඉදිරියට ඇවිත්, උනදේට සමාව නොගෙන ,මුන් බොරු කියනවා ,,,? අපි දෙවියන්සේ සලකන මාධ්‍ය ගොලුවෙලා, ඇයි මාධ්‍යට රෙදි ගැලවෙන්න ඇත්ත ලියන්න බැරි? මැරෙනවනම් මැරෙන්නේ එක පාරයි මහත්තයෝ ...? ලියන්න ඇත්ත, පිටසක් වලින් ඇවිත්ද වෙඩි තිබ්බේ? නුගත්තු බලයට පත්වෙලා ඔලුව තියන මිනිසුන් ඕව හෙළාදකිනවා ...?
වැරද්ද කරලා නිකන් බොරු කියන්න එපා මහත්තයො මේ රටේ ඉන්නේ මෝඩයෝ කියලා හිතුවද ? (අ)
කවුද අනිත් පාර්ශවය? (නි)
කටත් අමතක වුණු අපේ අසරණ සරණ වන ඇමතිතුමා කෝ? (නි)
තවත් විහිළු සපයන්නෙක්...........(අ)
ආයෙත් නම් මෙයාලට අපි වතුරවත් දෙන්නෙ නැහැ (නි)
මව කැරකෙනවා වගේ. (නි)
තවත් පිරිසක් හිටියා හෝ නැතා හෝ වෙන්න නොතිබුණු දේවල් සිද්ධ වෙලා අවසානයි. මේ වගේ තරුණයෙක් ඝාතනය කරන්නේ කොහොමද?වගකිවයුත්තන්ට දැඩි දඩුවම් දිය යුතුයි. (නි)
කොටින්ගෙන් හමුදා ජීවිත ආරක්ෂා කරලා දෙන්න බෝධි පුජා තියන්න එකට එකතු කළ දෑත් වලට ඔවුන්ගෙන්ම වෙඩි වදින හැටි. (නි)
තමන්ගෙ භටයන් අදුනාගන්න බෑරි වුණාද එතකොට? මිනිස්සු කළේ උද්ඝෝෂණයක් මිස යුද්ධයක් නොවෙයි. ලෝකෙ කොගෙ රටක්වත් රටේ ආරක්ෂක හමුදාව නිරායුද මිනිසුන්ට වෙඩි තියන්නෙ නැහැ. (නි)
දැන් හමුදාවේ පොඩ්ඩෝ ටිකට දෙවියන්ගේම පිහිටයි. අනිත් පාර්ශවය ඉක්මනට හෙළි කරන්න (නි)
ටී56, මල්ටි බැරල්, බෆල් රථ අරගෙන එන්න ඇත්තේ එහෙනම් ඔය කියන පාර්ශවය වෙන්න ඇති (නි)
සමහරවිට පාසල් ළමුන්ගේ පාර්ශවය වෙන්න බැරිද? ඒකනේ ඒකෙන්ම ළමයෙක් මැරුණේ (නි)
ඒ පාර්ශවය ඇවිත් තියෙන්නේ කොහෙන්ද? බලන්නකෝ මේ මිනිස්සු කරන වැඩ? (නි)
මොනාව කියනවද මන්දා! (නි)
කාගේ කට්ටියද? (නි)
ඔව් ඔව්. තව ටික දවසකින් සමහරු කියයිද දන්නෙ නැහැ පිටසක්වලිනුත් පැමිණිලා වැලිවේරියේ අයට උදව් දුන්නා කියලා? (නි)
දැන් මේ වගේ කතා කියා රවටන්න හදනවා. තව සුදු හුණු බාල්දි ගණන් ගෙන එයි (දී)
එව්ලාවේ විදුලි පහන්වලට වෙදිතිබ්බේ කවුද කියල හොයාගත්තනම් ඔය ප්‍රස්නේ විසඳගන්න එතරම් අමාරු වෙන එකක් නැහෙ.(දී)
මොන පාර්ශවය හිටියත් හමුදාව මොකද වෙඩි තිබ්බේ ? (නි)
තුන් වෙනි පාර්ශවය පාසල් ළමුන්ද? (දී)
කෝ ඉතින් අපු තුන්වෙනි පාර්ශවයේ එක් කෙනෙක්වත් වෙඩි කෑවද? මැරිලා තියෙන්නේ ගමේ හිටපු අහිංසක මිනිස්සුන්වනේ. පාසල් ගිහිල්ලා ගෙදර එන අහිංසක ළමයින්වනේ.හරි තුන්වෙනි පාර්ශවයක් හිටියයි කියමුකෝ.නමුත් හමුදාවට මොකක්ද තියෙන අයිතිය නිරපරාදේ මිනිස්සුන්ට වෙඩි තියන්න. (නි)
කැමරා වල සටහන් වුණ දේ කොහොමද බොරු වෙන්නේ? පැහැදිලි ව පෙනෙනවා කවුද වෙඩි තිබ්බේ කියලා. (නි)
දෙමවුපියන් දරුවෙක්ව ලොකුමහත් කරන්න කොච්චර දුක් විදින්න ඕනෑද? දැන් බලන්න ඕනෑ මොවුන්ට ඡන්දය දෙන අය කවුද කියලා (නි)
තුන් වෙනි පාර්ශවය මාධ්‍ය කවුද ?
අනේ පව්, තව පාර්ශවයක් අවේ හමුදාවේ සහයට වෙන්න ඇති. එතකොට කොටි පරද්දුවෙත් මේ හමුදාව තව පාර්ශ්වයක උදව්වෙන්ද? අර කොන්දේ බැඳපු අයට කියන්න ඕවා
අපි කවුරු කියලද හිතාගෙන ඉන්නේ? (නි)
බර් ටි ගුණතිලක දැන් වයසයිනේ . විහිලු කරන්න අමාරුයි . ඒ වෙනුවට ආපු අලුත් කෙනා,තමයි හමුදා මාද්‍ය ප්‍රකාශක (දී)
තව පාර්ශවයක් හිටියා නම් ආණ්ඩුවක වගකීම තමයි ඉතා ඉක්මනින්ම මෙන්න මේ අය තමයි හිටියේ කියලා හොයලා පෙන්නන එක.දැන් මිනිස්සු ඉවසල ඉවරයි.ඉස්සරහටත් පාරට බහිනවාමයි. (නි)
හැමදේටම පස්සේ අන්තිමට කියන වචන ටික නැවතත් කියනවා..."රට අස්ථාවර කිරීමට ජාතිවාදී බලවේග ක්‍රියාත්මක වෙනවා"....අපේ රටේ මිනිස්සු ටික මේකට ඔලුව වනලා, එහෙම තමයි කියලා නිකන් ඉන්නවා. (නි)
පොලිසිය ,පොලිස් විශේෂ කාර්ය බලකාය , යුද හමුදාවට හා කැරැලි මර්දන පොලීසිය ඉන්න තැනක ඒ කව්රුවත් නොදැන තවත් පාර්ශව වලට ඇවිත් මිනිස්සුන්ට වෙඩි තියන්න පුළුවන් නම් තවත් ලංකාවට හමුදා පොලිසි මොකටද ? (නි)
මේ කියන පාර්ශවය නිල ඇදුම් නොඇන්දට පාලනය වෙන්නේ එකම තැනකින්ද කියලා කවුද දන්නේ? (නි)
මිහිදු හාමුදුරුවෝ රජතුමාගෙන් අහපු ප්‍රශ්නවලට දුන්න උත්තර තමා දෙන්න වෙන්නේ (නි)
අනේ හමුදාවේ මහත්වරුණි, බලධාරියනි, කිසිම රට අස්ථාවරත්වයක් මෙතන තිබුණේ නැහැ නේද? (නි)
පේනවනේ....ආණ්ඩුවට මඩ ගහන්න තමා ඔය දේවල් කරලා තියෙන්නේ (නි)
අනේ මගේ කට! (නි)
සූක්ෂමව වක්‍රව මෙහෙයුම් කටයුතු කළ අනෙක් පාර්ශවය ගැනත් නියම තොරතුරු ඉදිරියට හෙළිවෙයි. (නි)
අපි ඇත්ත දන්නවා (නි)
මේවා කියන්න ඔලු ගෙඩිය ඇතුලේ මොලයක් නැති කට්ටියට. අර ජනතාවට එලව එලවා පහර දුන්නේ ඒ කට්ටියට කියන්න
ප්‍රථමයෙන් එවැනි පාර්ශවයක් සිටියා නම් කැරලි මර්දන කිරීමට ප්‍රථමයෙන් ඔවුන් මර්දනයට ලක්කළ යුතු නොවේද? රට ඉදිරියට ගෙනයාමට ඔබට ධෛර්යය ලැබේවා! අහිංසක රටවැසියන්ගේ සාදාරන ඉල්ලීම් වලට සානුකම්පිකව ක්‍රියා කරනවා නම් අගය ඉහළය.නැත්නම් ඔබතුමන්ලාට පාටකයන් අතින් ලියවෙන අදහස් ප්‍රතිචාර අසුබවිය හැකි බව කණගාටුවෙන් දන්වමු (නි)
බොරු කියන්ඩ නම් එපා. ගමේ මිනිස්සු ඇත්ත දනී. (අ)
හමුදා ප්‍රකාශකතුමාට ඇත්ත කියන්න බය ඇති එකයි , පව් අහිංසකයා
මම නම් කියන්නේ මිනිස්සු ඉල්ලගෙන කෑවේ (දී)
අනේ මන්දා! ගිය මාසෙත් සෙත්පතලා පින්කමක් කළා (නි)
මේ මිය ගියේ අහිංසක පාසල් ළමයි ටිකක්.අඩුම තරමේ මේ අහිංසකයන්ගේ ආත්ම වලට සැනසීම ලැබෙන්නවත් ජාතියෙන් සමාව ගතයුතුයි නේද? (නි)
ඔව් දැන් කියයි හමුදාව අතේ තුවක්කු තියා සෙල්ලම් තුවක්කුවත් තිබුනේ නෑ වෙඩි තියන්ඩ, අර අනිත් පාර්ශ්වය තමයි වෙඩි තිබ්බේ කියලා... සුරංගනා කතා කියන්ඩ පටන් අරන් ඔන්න...(අ)
ජනතාව රවට්වන්න හැමදාම බැහැ (නි)
ජනතාවනි, අවදිවෙන්න. මෙලෙස කියන්න සාක්ෂි මොනවද? ජනමාධ්‍යවේදීන්ට මීට වඩා වගකීමක් ඇත. තමන්ගේ සහෝදර ජනමාධ්‍යවේදීන්ට සිදුවූ පහරදීම් පවා යටපත් කරන ජනමාධ්‍ය ආයතන ජනතාව පිටුදැකි යුතුය (නි)
ගහ දන්නා අපිට කොළ මොකටද මහත්තයෝ .. (නි)
කිඹුලා කනවා ඉවසිය හැකියි. කොහිල කටු ඇනෙනවා උහුලන්න පුළුවන්. මේවා කියද්දී කොහොම ඉවසන්නද? (නි)
ආපු අනිත් පාර්ශවය අනිවාර්යෙන් විපක්ෂේ කට්ටියක් වෙන්න ඇති.ආණ්ඩුව අස්ථාවර කරන්න කාටත් බැහැ ඔය වගේ වැඩ කරලා . (නි)
දැන් ඉතින් මෙහෙම කතා කියනවා. (නි)
හොදට හිතල බලල හොද කතාවක් ගොතලා දැන්.
මෙතුමාගේ ප්‍රකාශය මිනිස්සු තව තවත් කෝප ගන්වන්නට පුළුවන් (නි)
දැන් ඔය කතා කිවුවා ඇතිනේ. (නි)
ජාතියක් වශයෙන් අපි මේ ගැන කණගාටුවෙන්න ඕනෑ. (නි)
ඒ පොලිසියනේ. නේද? වෙන කවුද ? (නි)
ඒ කියන්නේ හමුදා ඇදුම් ඇදගෙන වෙන අය ආවා කියලද? (නි)
කටෙන්ද අනික් පැත්තෙන්ද තමන්ගෙ උන් කරපු පාහාර කාළකන්නි ක්‍රියාව සාධාරනිය කරන්නේ. මෙන්න මුන්ව මානව අපරාධ උසාවියට ගෙනියන්න ඔනේ. (අ)
කොහෙන් ආපු කට්ටියක්ද දන්නේ නැහැ (නි)
තවත් පාර්ශවයක් හිටියා නේන්නම්.... ඔවුන්ටනේ ඉතින් වෙඩි වැදිලා තිබුණේ (නි)
අනේ ඔහේ හිතන් එන්නේ අපි කන්නේ පිදුරු කියලද (අ)
ලංකාදීපේ ඡායාරූප ශීල්පියෙකුටත් ගැසුවේ එයාලම වෙන්න ඇති නේද? මේක විදෙස් කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන් (නි)
කවුරු ආවත් වැලිවේරියෙ මිනිස්සුම තමයි තමන්ටම වෙඩිතියාගන්න ඇත්තෙ. (නි)
දැන් ඔය පරීක්ෂණය භාරදීලා තියෙන්නේ ඔය කණ්ඩායම් පහෙන් මොන කණ්ඩායමටද? මම මේ දන්නේ නැති නිසයි අහන්නේ. (නි)
නුඹලාට වෙන දේත් අපට බලාගත හැකිවේවි (නි)
අපි නම් කියන්නදන්නවා. කියන්න බයයි ඔය කොකාම අපිටත් ගැස්සෙන නිසා. (නි)
ප්‍රජතන්ත්‍රවාදය....! (නි)
අපි ඉතින් මේවා පිළිගන්න ඕනෑද දැන්? (නි)
හිටගෙනද දන්නේ නෑ හිටියේ නේද ? (අ)
ඒ කියන්නේ ඉස්සර වගේ "ප්‍රා" කල්ලියක්ද? හමුදාව, පොලිසිය, කැරලි මර්දන බලකාය, විශේෂ කාර්ය බලකාය ආදී සියලුම ආරකෂක විධිවිධාන යොදා තිබියදීත් එහෙම බාහිර පාර්ශවයක් පැමිණ සිටියා කියන එකේ තේරුම මොකක්ද? අපට හිතාගන්න නම් බැරි නැහැ එන්නේ කොතැනටද කියන එක. (නි)
බයිලා කියන්ඩ එපා. (අ)
හමුදාව මෙහෙම කළා කියන එක විශ්වාස කරන්නත් බැහැ (දී)
කාට වසන් කරන්න උත්සාහ කළත් මරණ මංචකයේදි හරි වගකිවයුත්තන්ට කර්මය අනුව කළ අකුසල කර්ම පළදෙනවාමයි. තමන් නොමැරෙනවා යැයි සිතා වැඩකරන මිනිසුනේ, මේ නුඹලා රවටාගන්නේ නුඹලාම මිස අපිව නම් නොවේ.. (නි)
අනේ බ්‍රිගේඩීයර්,හමුදාවයි, පොලිස් විශේෂකාර්ය බලකාය යි, කැරැලි මර්දන පොලීසිය යි, ශ්‍රී ලංකා පොලිසිය යි ඔක්කොම අන්දයෝද එදා ඇවිත් හිටියේ? තුන්වන පාර්ශවයක් ඇවිත් මිනිස්සුන්ට වෙඩි තියන වා කියලා පෙනුනේ නැත්තේ? යුනිෆෝම් එකක් ඇඳගෙනද ඔය ප්‍රකාශ කරන්නේ? ඉදිරියේදී ගන්නා ක්‍රියා මාර්ගය ලෙස දන්වයි, කරුවල වැටිලා තිබුන හින්දා දැක්කේ නෑ කියලා. අහිංසක කොල්ලන්ව මරල දාලා එනවා මෙතන තවත් පාර්ශවයක් කියලා පච වෙන්න. මේක කරපු අයට එළිපිටම පටිසන් දෙන්න ඕනේ මේ කරපු අපරාධෙට.
තෙවැනි පාර්ශවයක් හිටියා නම් ඒ එක් කෙනෙක්වත් අල්ල ගන්න බැරි වුනේ මොකද? (නි)
. කවුද හිටියෙ කාටද ගැහුවෙ මොකුත් දන්නෙ නෑ. තව මොනව කියයි ද දන්නෑ තව ටික දවසකින්..(අ)
හසාන්,ඔබගේ බුද්ධි මට්ටමට මම ගරු කරනවා. (නි)
මේ කියන විදියට සී අයි ඒ එක හරි එහෙම නැත්නම් තලෙයිබාන් වගේ කට්ටියක්ද ප්‍රශ්නේ ඇති කරලා තියෙන්නේ? 'තුන්වෙනි පාර්ශවයේ' සම්බන්ධ වීම් කතා අපි ඉස්සරත් අහලා තිබෙනවා. මම හිතනවා මේ වගේ වෙලාවල යථාර්තයට මුහුණ දියයුතුයි කියලා (නි)
ඒ වෙලාවේ විදුලි පහන්වලට වෙඩි තිබ්බේ කවුද කියලා හොයාගත්තා නම් ඔය ප්‍රශ්නේ විසඳගන්න එතරම් අමාරු වෙන එකක් නැහැ. (නි)
අපි කවුරු කියල හිතාගෙනද ආයුබෝවන් හිටාගෙන එන්නේ.
මේවට උත්තර දෙන්න ඕනෑ කොහොමද කියලා අපි දන්නවා (නි)
හමුදාවට දැන් වැඩ නැති එකේ ඔන්න ඔහේ කමක් නැහැ (නි)
හමුදාවේ මාමලා විහිලු කියනවා (දී)
ලක්ෂ ගානක් මගීන්ගේ ජීවිත ප්‍රාණ ඇපයට අරගෙන තමන්ගේ අයතිවාසිකම් ඉල්ලලා පාරවල් වහන පුරුද්ද ඉදිරියටවත් නැති වේවා. (නි)
ඕව හොදයි අර කොන්ඩෙ බැදපු චීන්නුන්ට. කොරපු වැරද්ද වහගන්න දැන් පට්ටපල් බොරු කියනවා. තවත් කන් ගැට්ටෙක් හදයි බොරු ඔප්පු කරන්න.(අ)
මම පිළිගන්නේ නැහැ නෑ මිනිස්සු මරපු එක හරි කියලා. ඒත් ඔය ලොකුවට අදහස් දක්වන මහතවරු ඒ අවස්ථාවේ එතන හිටියා නම් මොනවා කරයිද. සාමකාමී උද්ඝෝෂණයකට ආපු මිනිස්සු ළග පොළු, වැලි බෝතල්, පෙට්‍රල් බෝතල්, තිබුණේ මොකටද? (නි)
උතුරේ ජනතාව ඔබලාට විරුද්ධව කෑ ගසනවිට අපි සිතුවේ ඔබ හරි ඔවුන් බොරු කියනවා කියලා. දැන් අපි ඔවුන්ගෙන් සමාව ඉල්ලනවා. ඔබලා කවුද කියලා අපි දැන් හොඳට දන්නවා (නි)
ඒ ළමයි තමන්ටම වෙඩි තියාගෙන මැරිලා තියෙන්නෙ. ඉස්පිරිතාලෙ ඉන්න තව කීපදෙනෙක් හෙට අනිද්දට දිවි නහගන්නඉඩ තියනව. එදාහමුදාව පත්තුකරල තියෙන්නෙ රබර්උන්ඩ.(අ)
කවදාහරි දවසක ඔබලාගේ දරුවන්ටත් විස සහිත වතුර බොන්න වෙලා අපාදුක් විදින්න වුණොත් තේරේවි ඔබ සැමට.ලෝක ධර්මතාවය අනුව එම දෙය සිද්ධ වෙනවා (නි)
මේ වගේ අපරාදයකට අනුබල දුන් හැමෝටම සාප වේවා. අද ජනතාව හෙලන කදුළු කවද හෝ ඔහුන්ගේ පවුල් පිටින්ම විදවයි
බොරු කියලා එයාලව බේරගන්න මහන්සි වෙන්න එපා රුවන්. භූතයෝ තමයි ඉතින් අපි හිතන හැටියට නම් තුන්වෙනි පාර්ශවයට හිටියේ .ඒක නිසා අල්ලන්න බැරි වුණේ (නි)
මේ ශාපයම ඇති මෙය කළවුන්ට. (නි)
අනේ අපොයි! (නි)
තුන් වෙනි පාර්ශවය වීඩියෝ වල අපි දැක්ක . ඕව පිළිගන්න බබාලත් ඉන්නවා. හැබැයි බහුතර මිනුස්සු එහෙම නැ. උඹලට මේවා පලදෙනව (අ)...................
තනිකරම බොරු කියන්නේ මෙතැන හිටියේ වැලිවෙරියේ මිනිස්සුයි. ආමි එකයි විතරයි. මෙයාල තමා ආවුධ නැති මිනිස්සුන්ට වෙඩි තිබ්බේ එතකොට මිනිස්සු ගල් ගැහුවා එක ඇත්ත ඊට පස්සේ ආමි එකේ උනුත් ගල්වලින් ගැහුවා.අනිතීමේ පල්ලියටත් ඇවිත් පල්ලියේ හිටිය මිනිස්සුන්ව දන ගස්සල ගැහුවා පොලු වලින්. මේක වහන්න ලොකු උත්සහයක් දානවා එකයි ඔහොම කියන්නේ. (අ)
ජාත්‍යයන්තර බලවේගයක් ! (නි)
අපි චීනේ අය නෙමෙයි හොදේ (නි)
මේ ප්‍රශ්නය පිටුපස කර්මාන්ත ශාලාවෙන් ඉවත් කරපු කට්ටියකුත් ඉන්නවලු නේද? (නි)
වැලිවේරියේ ජනතාව තමන්ට ම පහරදීගෙන ඉන්පසු වෙඩි තබාගෙන ඇති අතර හමුදාව කිසිවක් කර නැත. (අ)
මීට පෙර අදහස් ඉදිරිපත් කරද්දී ප්‍රශ්නාර්ථ 3ක් සහිතව මවිසින් ප්‍රශ්නයක් ඉදිරිපත් කර කාගෙන් හරි පිළිතුරක් බලා සිටියා. මා බලාපොරොත්තු වුන පිළිතුර හමුදා ප්‍රකාශක දී තිබෙනවා. සමහරවිට මෙය ආණ්ඩුව අපහසුතාවයට පත්කිරීමේ කුමන්ත්‍රණයක් වියහැකියි.එහෙනම් කරුණු සොයාබලා වැරදිකරුවන්ව සමාජයට ඉදිරිපත් කළ යුතුයි. නමුත් සියල්ලෝම නිහඩයි. (නි)
එතකොට ඔය පෙළපාලියට පෙට්‍රල් බෝම්බ ආවේ කොහොමද? (නි)
දෙවියනේ !..අසරණ මිනිස්සු ඉල්ලුවේ රත්තරන්වත් ,ලැම්බෝගිනිවත් නොවෙයි නේ. තිබහට බොන්න වතුර ...ලැජ්ජයි. අසරණ මහජනතාවට බොරු ලක්ෂ ගණන් ඇද බාලා ,බලයට ඇවිල්ලා ,මෙන්න හොඳට සළකනවා.අපේ මෝඩ ජනතාවට කසෙන් ගහලා කිව්වත් මොලේ පාදා ගන්නේ නැහැ. (නි)
අනේ ඔව්. මේ වෙඩි කාපු අයමයි ඔයාලා වෙනුවෙන් බඩගින්නෙ හිටියේ යුද්ධ කාලෙ. (නි)
අපි කොහොමත් ඔහොම වෙන බව දන්නවා. (නි)
මේ ප්‍රකාශක මහත්තය මොකද්ද කියන්න හදන්නේ
මෙහෙම නොකිව්වා නම් තමයි අපි පුදුම වෙන්නේ. (නි)
මේක කරලා ඇත්තේ කවුද එතකොට? (නි)
යුධ හමුදවටත් වඩා බලවත් ජනතා හමුදාව, ඒක හින්දා මේ වෙලාවේ ප්‍රකාශ ප්‍රවේශමෙන් කරන්න (නි)
දැන් බලාගෙන ගියාම අපිට කතා ගොඩක් අහන්න වෙයි වගේ (නි)
අනිත් පාර්ශවය ආවේ ටි-56 අරගෙනද? (නි)
අදෘශ්‍යමාන බලවේග වෙන්න ඇති (නි)
මෙයාලට පිස්සු . (අ)
මේවා ඇහුවම මට පිස්සු හැදීගෙන එනවා වගෙයි (නි)
කක්කා කරලා හත් පොලේ ගාගෙන දැන් කියනවා බයිල. එතන හිටපු ජනතාව, ගුටි කපු අපි සහ මාධ්‍යවේදීන් දන්නවා වෙච්ච හරිය. එතකොට මහත්තයෝ හමුදාව දහස් ගණනක් අත් දෙක බැඳ ගෙන බල ඉන්දිත්දී,වතු වලින් පොලු කඩාගෙන ගහන්න එක පාර්ශවයක් වෙඩි තියන්න තවත් පාර්ශවයක් ඉන්න ඇති. හමුදාව ගැන තිබුන ගෞරවය පසුගිය බ්‍රහස්පතින්දා අපෙන් නැති උනා. අද මේ කතාව අහල හමුදාව ගැන තිබුන විශ්වාසයත් ඉවර උනා.(අ)
ගම්පහ දිස්ත්‍රික්කේ ලොකු බලවත්තු නිකමට ආවද හොයලා බලන්න? ඡන්දෙ කාලෙට නම් ඒවි. අරහෙ මෙහේ පෙරගමන්කරුවෝ කියාගෙන බටර් ගාගෙන ආවට අහුවෙන්න එපා (නි)
විදේශීය හමුදාවක්ද? (නි)
සංවේදී වැඩ නිසා ඔයාලා ගණන් ගන්න එපා. (නි)
මේ මොකද වෙන්නේ ? (නි)
මොන පාර්ෂවය හිටියත් සජීවී උණ්ඩ සාමාන්‍ය ජනතාව පාලනය කිරීමට යොදා ගැනීම නීති විරෝධී වැඩක්. සජීවී උණ්ඩ පාවිච්චි කළ සහ එය කිරීමට අණ දුන් සියලු දෙනාම අත් අඩංගුවට ගෙන නීතිය ඉදිරියට ගෙන එන්නේ නම් ලංකාවේ තවදුරටත් නීතියක් තිබේ කියලා පිළිගන්න පුළුවන්. (නි)
මේ මිනිස්සු සියදිවි හානි කරගෙන හමුදාවට වරද පටවනවා (නි)
මිනිසුන්ගේ ගෞරවය ලැබූ හමුදාවකට ගිය කලක් (නි)
චාමර මල්ලි, චන්ද නංගී, පිටරටවල් වලට වෙලා අරාබි වසන්ත එනකම් පෙරුම් පුරන මේ රටට ආපහු ප්‍රබාකරන් එන්න ඕනෑ කියලා පතන අය තමයි ඔය ලතෝනි දෙන්නේ.ඕව කනකට ගන්න එපා.මේක සාමකාමී උද්ඝෝෂණයක්ද නැද්ද කියලා අපිත් ටීවී එකේ දැක්කනේ.හමුදාවට ගල් ගැහුවේ කවුද කියලා අපි දැක්කා.කොලු උණ ඔය කාලේ අපිටත් තිබුනා.මේ සිදුවීමට, මේ වෙඩි තැබීමට හමුදාව වගකිව යුතුනම් ඒකෙන් වැඩි කොටසක වගකීම යන්නේ සාමකාමීව කළයුතු උද්ඝෝෂණයක් ප්‍රචණ්ඩත්වයට පත් කරලා අනුන්ට පීඩාකාරී වෙන විදියට හිතා මතාම මිනිස්සු උසි ගන්නලා පාරට දක්කපු මේ උද්ගොශනේ මෙහෙයවපු අයයි. (නි)
ගිනි තියන හමුදාවද දන්නෙ නැහැ (නි)
රට අස්ථාවර කරන්න කණ්ඩායමක් ඉන්නවා නම් මෙතුමන්ලා දන්නවා නම් ඒ ගැන, අත්අඩංගුවට ගන්න තිබුනේ කලින්නේ. (නි)
සුදු වැන් කල්ලිය වෙනඩ ඇති. හරි හරි ඔය එන්නේ එලියට. කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ. (අ)
ඔව් ඔව්.කණ්ඩායමක් ඇවිල්ලාලු. (නි)
ගහගෙන තියෙන්නේ සහ වෙඩි තියාගෙන තියෙන්නේ තමන් විසින්මද? හමුදාව බලාසිටියා විතරද? (නි)
http://www.youtube.com/watch?v=q5w9LsqUXIU
දැන් තේරෙනවා නේද? ෆොන්සේකා සර්, ඔබව අපට ආයෙත් ඕනෑ බව දැනෙනවා.මේ ජයග්‍රහණය බෙදා ගන්න කවුරුවත් නැද්ද? දැන් තේරෙනවා නේද සැබෑ වීරයෝ කව්ද කියලා? (නි)
අපි කොන්‍ඩෙ බැදපු චීන්නු නෙමේ.(අ)
සිදුවිය හැකි අමිහිරි දෑ තව තව එකතු වෙමින් පවතී. ප්‍රතිපල ලෙස එළුවාගේ බෙල්ලට වැටුණු මුට්ටිය බේරා ගන්න ගොස් බෙල්ලත් කපා මුට්ටියත් බින්ඳා සේ. බළලුන් ලවා කොස් ඇට බාවන්නෝ. (නි)
එතකොට ඇස් වහගෙනද හිටියේ ? (නි)
මම ඔලුව අතගාලා බැලුවා මට අං දෙකක්වත් ඇවිල්ලද කියලා. (නි)
මේ මිලේච්ච ප්‍රහාරය පිළිකුලෙන් යුතුව හෙලා දකිමු
බේරෙන්න කියන දෙයක්
අපේ ලේ දුන්නේ නුඹලාට නොවෙද? (නි)
සුරංගනා කථා අපට කියාල දෙන්න
ජල ප්‍රශ්නයට කොපමණ දවසක් උද්ඝෝෂණ කළාද? ඕනෑම දෙයකට කියන්නේ රට අස්ථාවර කරන්න කුමන්ත්‍රණය කළා කියලා. හැබැයි දැන් රට අස්ථාවර වෙලා ඉවරියි (නි)
මේක කියවලා දැන් කට්ටියම මොකද ඊළගට කරන්නේ? (නි)
දෙමල ඩයස් පෝරාව හරි දේශද්‍රෝහී බලවේගයක් කියල අර ප්ලග් එක ගලවන මහත්තය හෙට අනිද්දා කියාවි,මේවගේ කතා නොකිය උන සිද්දිය ගැන වගකීම රජය බාරගන්ඩ ඕන හරිනම්.
රට යනු බලය හිමි දේශපාලන පක්ෂය නොවේ. බලය හිමි දේශපාලන පක්ෂය ආණ්ඩුවයි. එය රජයද නොවේ. රටවැසියාගේ දුක්ගැනවිල්ලකට ඇහුන්කම් දීමට නොනැමෙන දේශපාලකයින්ගේ ආණ්ඩු ඔවුන්ගේ ක්‍රියා කලාපය නිසාම අස්ථාවර වේ. නමුත් ප්‍රජාතන්ත්‍රවාදී ලෙස තම ඉල්ලීම් ඉදිරිපත් කරන ජනතාවක් වෙසෙන රට තව තවත් ස්ථාවර වේ. රාජ්‍ය ආරක්ෂක අංශ පවතින දේශපාලන පක්ෂයේ නායකත්වය යටතේ පැවතියද ඔවුන්ද රටේ මුලික නීතිය වන ව්‍යවස්ථාව ආරක්ෂා කිරීමට දිව්රා පොරොන්දුවී සිටියි. තම තනතුරු රැක ගැනීමට ඉහළින් ලැබෙන එන අණ රොබෝවරුන් ලෙස පිළිපදින නමුත් හෘද සාක්ෂියයට සහ නීතියට අනුකුලව ක්‍රියා නොකළ අවස්ථා සහ ඒවාට අධිකරණ මගින් එම හමුදා නිලධාරීන් දඬුවම් විඳි අවස්ථා ලෝක ඉතිහාසයෙන් ඕනෑ තරම් සොයා ගත හැක. පළමුව පහර දුන්නේ හමුදාව නම් සිදුවූ විනාශයේ වගකීම හමුදාවේ අණ දුන් අයත්, එවන් පිරිසක් සිවිල් මිනිසුන්ගේ ගැටළුවක් මැද්දට අන්යුක්ත කළ නිලධාරීන් විසිනුත් බාරගත යුතුව තිබේ.අනවසර පෙළපාලියක් විසුරුවා හැරීමට වෙඩි බලය යොදාගත හැක්කේ පෙළපාලිකරුවන් ගිනි අවි පාවිච්චි කර පහර දුනහොත් පමණි. පෙළපාලියෙන් ඉවතට යන හෝ අවට ඉන්න අහිංසකයින් පන්නා ගොස් පිටුපසින් වෙඩි තැබීමක ඇති සදාචාරය හෝ යුතුකම විමසිය යුත්තේ විනය ගරුක නිලධාරීන්ගෙන් පමණි. (නි)
ජනතාව පුදුමයෙනි..තමන් විසින් බෝධි පූජා තබමින් රැකගත් රණ විරුවන් තමන්ට එරෙහිව අවි එසවීම නිසාවෙනි. දකුණේ ජනතාවට හැමදාමත් සතුරෙකු අවශ්‍ය වූ අතර එය බොහෝ විට අවසාන වූයේ සතුරා මිතුරා තෝරා බේරා ගත නොහැකි ව මිතුරාට නෙලීම සඳහා සතුරාට අත ඇල්ලීමෙනි. තමන් ජනප්‍රියකොට දේවත්වයට නැංවූ මාධ්‍යකරුවන්ට රතුපස්වලදී පහර දෙන්නේ ද (ඒ මාධ්‍යකරුවන් පෙම් කළ) හමුදාවම ය (නි)
තවත් පාර්ශවයක් හිටියා කියන්නේ නරඹන්න ආපු පාසල් ළමයි වගේ අය වෙන්න ඇති. හමුදාවට මිනිස්සු බොහෝම ගරු කළා. තරු වලට මනුස්සකම යටවෙන්න අරින්න එපා. (නි)
කොන්ඩ බැදපු චීන්නු කියල හිතුවද දන්නේ නැනේ? (ස)
දැන් හමුදාව මිනිස්සු මරල වෙන කාටහරි වරද පටවල අතසෝද ගන්නද හදන්නේ වෙනත් කණ්ඩායමක් නම් හමුදාවේම නිල ඇදුම නැතිව එන්න ඇති දැන් මොන දේ කීවත් ජනතාවගේ බිදුණු හිත හදන්න කාටවත් බෑ
ඔහොම බොරු කියන්න එපා
අනෙත් පාර්ශවය එනතුරු ඔබතුමන්ලා කොහෙද හිටියේ? හිටපු අය මොනවද කළේ? (නි)
මුළු රටම දැන් ඇත්ත දැනගෙන හමාරය. රතුපස්වල ගැමියන්ට ඔවුන්ගේ දුක කීමට, සත්‍ය අවබෝධ කරවීමට දැන් වුවමනා නැත. (නි)
අපි දන්නවා අවසානෙට කියන්නේ ඕක තමා කියලා කලේ කවුරු උනත් මේ බුද්දාගම ඇත්තනම් දඩුවම් ලබෙයි
මෙච්චර ආරක්ෂාවක් තිබිලත් තව පර්ශවයකට එන්න පුළුවන් වුණා නම් අපේ ආරක්ෂාව ගැන නම් ලොකු ප්‍රශ්නයක් තියෙනවා. වෙනත් පාර්ශවයක් මේකට සම්බන්ධ නම් ඇයි මාධ්‍ය මර්දනය කළේ? මාධ්‍යයට තමන්ගේ වගකීම හරියට ඉටු කරන්න දුන්නා නම් මේ කියන අනිත් පාර්ශවයේ ජායාරූප හැමෝටම බලන්න තිබුණා. (නි)
මොනවහරි කතාවක් කියයි දැන් අපවාදෙන් ගැලවෙන්ඩ ,
අනේ, ආමි මහත්තයෝ ! (නි)
හැමදාම මෙහෙමම තමයි (නි)
අන්තිමේ එයාලා පුරවැසියෝ. අපි එතකොට කල්ලතෝනියෝද? (නි)
පොලිසිය ,පොලිස් විශේෂ කාර්ය බලකාය, යුද හමුදාව, කැරැලි මර්දන ඒකකය කොච්චර දුර්වලද කියලා හිතෙනවා ලංකාවේ. මේ සියලු කණ්ඩායම් වලට මෙතරම් මිනිසුන්, මාධ්‍යවේදියෝ ඉන්න තැනකට ඇවිල්ලා කාටත් හොරෙන් මිනි මරලා යන්න පුළුවන්ද? (නි)
එතකොට හමුදාවෙන් වෙඩි තියලම නැහැ. ජනතාවට හමුදාව ගැන තිබුනේ පුදුම ගෞරවයක්.අපි ඔවුන්ට ලේත් දුන්නා.අපිටම ගහ ගන්න හිතෙනවා. (නි)
මේතරම් ජනතාවට සේවය කරන රජයක් බිහි වෙලත් නැහැ.ඉදිරියේදී බිහි වෙන්නෙත් නැහැ. (නි)