යුද ජයග්‍රහණයෙන් මෙරට ආරක්ෂක හමුදාවට හිමි වූ ගෞරවය කෙළසීමට කිසිවෙකුට ඉඩ නොදෙන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (20) කීවේය.
ජනපති එලෙස කීවේ කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැති ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදානෝත්සවයේ ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමිනි.
රටේ ජනාධිපතිවරයා, සේනාධිනායකයා, ආරක්ෂක අමාත්‍යවරයා හා ප්‍රධාන මහජන සේවකයා ලෙස ආරක්ෂක හමුදාවන්ගේ ගෞරවය ආරක්ෂා කරන බව ද ජනපති පැවසීය.
ඵෙතිහාසික යුද ජයග්‍රහණයට සම්බන්ධවූවන් අවතක්සේරුවට හෝ අගෞරවයට ලක්වීමට ඉඩ නොදෙන බව ද ජනපති කීවේය.
රටේ සිටින හෝ රටින් පිට සිටින කිසිදු පාර්ශවයකට ශ්‍රී ලංකාවට ඇඟිලි දිගුකිරීමට නොහැකි ලෙස මෙරට වගකිවයුත්තන්ගේ වගකීම් නොපිරිහෙලා ඉටුකළ යුතු බවත්, කුමන අභියෝග පැමිණිය ද නොසැළී නොපසුබටව යුද ජයග්‍රහණය රැකගැනීමට අවශ්‍ය කටයුතු කළ යුතු කරන බව ත් සිරිසේන මහතා පැවසීය.
(ජායාරූප හා විඩියෝ ජයමාල් චන්ද්‍රසිරි)






COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපි අද හුස්ම ගන්නේ කවුරුන් නිසාද කියලා සමහරුන්ට අමතක වේගෙන යන බවයි දැනෙන්නේ. (නි)
බොහොම හොඳයි (නි)
කියුම් විතරක් මදි කෙරුම් නුත් තිබිය යුතයි. අපේ හමුදාව තරම් විශිෂ්ට විනයගරුක හමුදාවක් වෙන රටවල නැහැ. යුද්ධයේ අවසාන අදියරේ ලක්ෂ ගණන් දෙමල සිවිල් වැසියන්ව බෙර ගන්න අපේ හමුදාවට තම ජීවිතය පරිත්‍යාග කරන්න සිදුවුණා. වෙන කිසිම රටක හමුදාවන් මෙවැනි පරිත්‍යාග කරන්නේ නැහැ. අපේ හමුදාවන් පාවල දෙන කිසිම දේශද්‍රෝහී දේශපාලකයෙකුට බලයේ සිටින්න ලැබෙන්නේ නැත.
අගය කරන්න වටිනා කතාවක් (නි)
ගොඩක් හොඳයි (නි)
සුසන්තලා වගේ අය රටට බරක් (අ)
කැප්පෙටිපොළ සමඟ මමත් එකඟයි (නි)
අපේ හමුදාවන් පාවල දෙන කිසිම දේශද්‍රෝහී දේශපාලකයෙකුට බලයේ සිටින්න ලැබෙන්නේ නැත. (රේ)
හමුදාවට තිබුන ගෞරවය ටික ටික දියාරුවෙලා වගෙයි අපිට නම් පෙනෙන්නේ. මොකද මෙහෙයුම් කළ හමුදා නිලධාරීන්ට දඩුවම් දෙන්න පටන් අරගෙන. ඉදිරියේදී බලමු මොකද වෙන්නේ කියලා. (නි)
ගෞරවය ලැබියයුතු තැනට එය නිරායාසයෙන්ම ලැබෙනවා (නි)
අපි ඔබගෙන් මේ දේවල් ප්‍රායෝගිකව බලාපොරොත්තු වෙනවා මැතිඳුනි (නි)
නියාය ටොන් එකට වඩා ප්‍රායෝගික අවුන්සය වැදගත් (රේ්)
ඔබ තුමා අපට විස්වාසයි. (ර)
එළාර ප්‍රමුඛ චෝල ආක්‍රමිකයින් පළවා හරින්න දුටුගැමුණු රජතුමා වැනි යුධ වීරයින් අදාළ කාලයට බිහිවුයේ එක්කෙනයි.තිස්වසරක ම්ලේච්ඡ යුද්ධය ජයග්‍රහණය කළේ මහින්ද ජනාධිපතිතුමා බව ඇත්ත. නමුත් එම ජයග්‍රහණය රැකගැනීම වත්මන් ජනපතිඳුන්ගේ කාර්යයක්. එතුමා එම කාර්යය පිළිබඳ කතාකිරීම සතුටක්. (නි)
අශ්වයා පැනගියාට පස්සේ ඉස්තාලය වහලා ඵලක් නැහැ (නි)
අපි නම් මේවට මොකුත්ම කියන්න යන්නේ නැහැ (නි)
සුසන්ත මහතාගේ කතාව මසුරන් වටිනවා. දහසක් දේවල් එක වාක්‍යයෙන් කියාලා. ඔබතුමා වත්මන දේශපාලන තත්වය හොඳින් අධ්‍යයනය කරන කෙනෙක් වගේ (නි)
එහෙම වෙනවා නම් අපි හරිම සතුටුයි (නි)
හමුදාව කියන්නේ රටක කොඳු නාරටිය (නි)
ඔබ කියන දේ කර පෙන්වන්න (නි)
අපි බලා ඉඳිමු වෙන‍්නේ මොකක්ද කියලා (නි)
අපේ විරුවන් ආරක්ෂා කරන්න ඕන. (ර)
හමුදාවට මේ වනවිටත් බොහෝ හානි සිදුව හමාර බවයි අපිට නම් පෙනෙන්නේ (නි)
සුසන්ත මහතාගේ කතාව තමයි හොඳම කියමන. හරියටම අධ්‍යනය කරලා (නි)
කියුම් දහසක් ලෙසින් කෙරුම්ද අපේ බලාපොරොත්තුවයි (නි)
ගෞරවය හිමිවිය යුතු තැනට එය නොඅඩුව ලැබිය යුතුයි (නි)
ඔබ විශ්වාසයි අපට. (ර)
කාටවත් ඉඩදෙන්නේ නෑ මමම තමා හමුදාවට හිමි ගෞරවය කෙලෙසන්නේ. (ම)
අනේ බොරු කතා (බ)
නිර්පාක්ෂික මිනිසුන් ඔබතුමාගෙන් බලාපොරොත්තු මේ දේද ? රට වෙනුවෙන් ඇස් මස් ලේ දැන් දුන් , ජිවිත පරිත්‍යාගයෙන් වැඩ කර , දරු ප්වවුල් තනි කර , රට වෙනුවෙන් වැඩ සටන් කළ පොඩි හෝ ලොකු නිලධාරීන් අද බියෙන් ඉන්නේ කොයි වෙලේ ප්‍රශ්න කරයිද දන්නේ නැහැ කියලා . ඔබතුමා මේවට සම්බන්ද නැහැ , නමුත් ඔබතුමා දන්නේ නැහැ කියන්න බැහැ . පොදුවේ කවුරුහරි කියනවා , චෝදනා පත්‍ර සැකස කරනවා , ප්‍රශ්න කරන්න කැදවනවා . සමහර පාට කන්නාඩි කාරයෝ කියනවා , වරදක් කර නැතිනම් බයවෙන්න ඕනේ , වැරදි කළා නම් දඩුවම් විදින්න ඕනේ , කවුද කැමති උසාවි ගානේ පොලිසි ගානේ රසතියාදු වෙන්න ? කවුද කැමති රට වෙනුවෙන් යුද කර , සිංහල , ද්‍රවිඩ වේවා සෘජු වක්‍ර වේවා ත්‍රස්තවාදීන්ව විනාශ කරපු වරදට සිර දඩුවම් ලබන්න. හැබැයි අර මම තමා යුද්දේ තනියම කළා කියපු හමුදාපති නම් සැප පහසුවේ ශීත කාමරවල මහින්ද ට ගෝඨාට බැන බැන ඉන්නවා . අපේ ප්‍රබුද්ධ පාඨකයෝ ඒවටත් හුරේ දානව දේශපාලන අත දරුවෝ වගේ (බ)
ඒවගේම හමුදාව තමන්ගේ ගෞරවය කෙලෙසන කිසිම දෙයක් නොකිරීමටද වගබලාගත යුතුයි. (බ)
සුසන්ත මහතා කළ කතාව නම් මැතකදී දැකපු හොදම කොමෙන්ට් එක . එක පේලියයි , අදහස් රාශියයි (බ)
උපාධි පිරිනමන සියලුම විශ්වවිද්‍යාල වි වි ප්‍ර කොමිසම යටතට පවරන්න . ලෝකය පිළිගන්න නම් නිසි ප්‍රමිතියක් එම ආයතනවලට තිබිය යුතුයි. (බ)
කියපු ගොඩක් දේවල් දැන් අමතක වෙලා පාටයි නේද ? (ම)
කියන්නේ එක දෙයක්, කරන්නේ තව දෙයක්. කරුණාකර අපේ එක සෙබළෙක්වත් විදෙස් නීතිඥ වරුන්ගේ උපාය වලට අසුකරන්න එපා. වැරදිකරුවෙකු වුණාට පසු නැවත කිසිම රටකට ගමන් කරන්න බැහැ. (ම)
අපේ රටට විරුද්ධ රටවල් යටකිරීමට කළ යුතු එකම දේ තමයි චීනයෙන් යුද නැවු දෙකක් කොළඹ වරායට ගෙන්වීම. එතකොට ඒගොල්ලෝ අපිට ගරු කරනවා. (අ)
අවුරුදු 30 ක කාලයක් තිස්සේ දහස් ගණන් මිනිසුන් කොටි ත්‍රස්තවාදීන් මරණවිට ඔය කිසිම රටක් ඒවා නවත්වන්න කියලා තරයේ කිව්වේ නැහැ. අපගේ අගනා සොල්දාදුවන් නිසා අද අපි බය නැතුව නිදහසේ ජීවත්වෙනවා. (නි)
අපේ රටේ ඇති කුහක දේශපාලන සංස්කෘතිය නිසා සිදුවෙන්න ඕනෑ දේ වෙලා ඉවරයි.නමුත් කියන්නේ නම්,රාජ්‍ය ප්‍රතිපත්ති රජයකින් තවත් රජයකට වෙනස් නොවිය යුතුයි කියලයි. (නි)
මම දකින විදිහට සුසිල් කියන දේ හරි ,කැප්පෙටිපොල කියනදේත් හරි (නි)
මෙයා දන්නේ වෙන්න කලින් වෙන්නේ නෑ කියන්නයි, වුනාට පස්සේ අනේ මන් දැනන් හිටියේ නෑ කියන්නයි. ! (රේ)
ප්‍රසන්න මහතා, ඔබතුමා පමණක් නොවේ, සුසිල්, කැප්පිටිපොල පමණක් නොවේ, පොදුවේ සියලු දෙනාගේම මතය එයයි. මෙතන සන්ධානය, එජාපය, ජවිපෙ ප්‍රශ්නයක් නැහැ. ඇත්තේ රණවිරුවන් පිළිබද ප්‍රශ්නයක් පමණි. (නි)
ඔබතුමාව අපිට විශ්වාසයි (නි)
රණසිංහගේ කතාව නම් නියමයි (නි)
ඔබතුමා රටට ශක්තියක් (නි)
හරිම සතුටුයි (නි)
සුසන්ත හරි (නි)
තොත්ත බබා . අපි අද හුස්ම ගන්නේ කව්රුන් නිසාද කියල අමතක වේ ගෙන යන බවයි දැනෙනෙනේ..(අ)