පිරිසිදු වතුර ඉල්ලා වැලිවේරිය නගරයේ පැවති උද්ඝෝෂණයේදී සිදු වු ගැටුමෙන් තිදෙනකු මිය ගොස් හතලිස් තුන්දෙනකු තුවාල ලැබී යැයි කොළඹ අපරාධ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලීස් අධිකාරි ජී ආර් එල් රණවීර මහතා ගම්පහ ප්‍රධාන මහෙස්ත්‍රාත් ටිකිරි ජයතිලක මහතා ඉදිරයේ සාක්කි දෙමින් කියා සිටියේය.
සාමාන්‍ය වැසියන් සිය දෙනකුගේද යුද හමුදා භටයන් සිය දෙනකුගේද සාක්කි සටහන් කැර ගත් බවත් හමුදාවට අයකතු අනු තුන්දෙනකුගේ අවි 93 ක් රස පරික්ෂක වෙත යොමු කළ බවත් ඔහු කිවේය.
විද්‍යුත් මාධ්‍ය වීඩියෝ ඡායාරූප මගින් සැකකරුවන් හදුනාගැනීමට උත්සාහ ගන්නා බවත් ඔහු කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අලුතෙන් කට උත්තර ගන්න දෙයක් නැහැ. රූපවාහිනි නාලිකාවකින් රෑ10 ට පෙන්නුවා මුහුණු සහ කට හඩවල් ඇතුව සියළුම දේ. ආන්න ඒක බලන්න කියන්න පොලිසියට. (නි)
අපට ජාත්‍යන්තර අධිකරණයේ පිහිට පතන්න වේවිද මන්දා. හැමදාම ජනතාව රවට්ටන්න බැහැ. (නි)
කවුද මේ හමුදාව එදා පාලනය කළේ? (නි)
පිටබැද්දර ජයා, හමුදාව ක්‍රිය කරන්නේ ඉහළින් ලැබෙන නියෝග අනුව. (නි)
වීඩියෝ කරන්න දුන්නේ නෑ නේ කැමරා කුඩු කෙරුවානේ අලුතින් කැමරා දෙනවා කිව්වනේ (දී)
ඉතින් මාද්‍යවේදීන්ට ගහල කැමරා කුඩුකරා කිව්වනේ කොහොමද හොයන්නේ? (දී)
හමුදාවට හැමෝම බනින්නේ ජනතාව හරි අහිංසකයි වගේනේ. හමුදාවට බැනලා පවු පුරවා ගන්න එපා (නි)
එතකොට කෝ තුන්වැනි පාර්ශවය, නඩුකාරතුමාට බොරු කියන්න එපා! (දී)
අහිංසක මිනිස්සු මරල මෙයාල මොනවද බලාපොරොත්තු වුණේ (අ)
සිද්දිය කල අයගෙන් ම අහන එක හොදයි (දී)
ඕකත් හමස් පෙට්ටියට.නිගමනයක් නැති පරීක්ෂන කීයක් නම් පෙට්ටියේ ඇතිද? (දී)
නිකන් ලෝකයා හිනස්සන වැඩ කරන්න එපා (දී)
අරන් මොනවා කරන්නද (දී)
කට උත්තර ගත්තාම ඔක්කොම හරිද (දී)
මුලින්ම ප්‍රහාරය අල්ල කරලා තියෙන්නේ විදුලි ලාම්පු වලට.එන්න පස්සේ මාද්‍ය වේදීන්ට .එන්න පසුව කැමරා වලට.ඊට පස්සේ තමයි අසරණ මින්ස් සංහාරය පටන් අරන් තියෙන්නේ.දැනට නාමිකව 3 දෙනකගේ අවමගුල සිදු කලත් 7 දෙනෙකුගේ හදුනා ගත නොහැකි මල සිරුරු වතුරේ පාවෙලා ගොඩට ගහල තියෙනවා.තව දැඩිසත්කාර ඒකකයේ පන අදින කට්ටියත් ඉන්නවා (දී)
බොරු වැඩ
ඕක තව සති දෙක තුනකින් කාටත් අමතක වේවි. එතකල් ඔය මොනවා හරි කරනවා.(දී)
කට්ටිය ඩුප්ලිකේට් බන්දුල පෙරේරා කෙනෙක් හදලා තමන්ගේ මතය ප්‍රකාශ කර ගන්නවා..ආසාවනේ..කමක් නැහැ. (නි)
ඔබ හරි සත්‍ය. ඔවුන්ට කවදාම හරි මේවා පොලියත් සමග ගෙවන්න වේවි. අන්න එදාට ඔවුන්ටත් වේදනාව දැනේවි (නි)
පරීක්ෂණ පිළිබඳව ජනතාවට විශ්වාසයක් නැත. (නි)
දැන් ප්‍රශ්න කරලා හරියනවද? (නි)
හමුදාව ක්‍රියාකළ ආකාරය වැරදි බව මා පිළිගන්නවා. මට බනින්න එපා. මම දහයේ පන්තියට ඉගෙනගත් බුද්ධිමතෙක් (නි)
ලෝකයේ අහිංසකම හමුදාව නිසොල්මනේ බලා හිදිද්දී තෙවන පාර්ශවයක් ලෙස පිට සක්වලින් පැමිණි ඒලියන්වරු දැඩි ප්‍රහාර එල්ල කර ඇත. (නි)
කවදාවත් මේවා සිදුනොවෙන නිසා හිනාවෙන්න කියන කතන්දර වගෙයිනේ (අ)
මේ මුකුත් පරීක්ෂණ වුවමන නැහැ. මේ නිරායුධ මිනිසුන් ඝාතනය කරන්න අණ දුන්න , හමුදාව එවපු අයව දන්නවනේ. බොන්න පිරිසිඳු වතුර උගුරක් ඉල්ලු වරදට මේ තරම් දෙයක් කළා නම් මෙයාලා අරහේ මොන සෙල්ලම් දාන්න ඇද්ද? මේ අයට නේද අපි බෝධි පුජා තිබ්බේ? මේ අයට නේද අපි අපේ රුධිරය පුජා කළේ? මේ අයට නේද ගෙදර තිබුන සබන් කෑල්ලේ ඉඳලා එකතු කරලා සම්මාදම් කළේ? ඒකේ පාපයද මේ අපි දැන් විඳවන්නේ ? (නි)
සත්‍ය මහත්තයෝ,ඔය ඇත්තම නමද? කව්ද අප්පා ඔය නම දැම්මේ? අනේ මහත්තයෝ,ඔබතුමාට ගැළපෙනම කෙනෙක් ඉන්නවා එක්තරා පක්ෂයකට රිංගල හිටපු පක්ෂයෙන් එළවපු. ඔයත් එයගේ පච බලකායට නියමයි.ඕවා කියන්න මල්ලි කොන්ඩෙ බැදපු චීන්නුන්ට. (නි)
මේ ජීවිත බිලිගත්තේ වතුර ඉල්ලුවාම.බොන වතුර. කාවද ආරක්ෂා කරන්නේ.කවුද ආරක්ෂාවට ආවේ. හමුදාවේ කොල්ලනි, කවදාහරි විදවන්නේ නුඹලා බව මතක් තියාගන්න. නැතුව දේශපාලකයෝ නොවෙයි. (නි)
ලබන සැරෙත් කතිරය ගහමු (නි)
අර තෙවැනි පාර්ශවයක් වෙඩි තියනවා දුටු කෙනාගෙන් කට උත්තරයක් ගන්නෙ නැද්ද? (නි)
ඔය වන්දි ගෙවනවා කියන්නේ? ඒ මුදල් කොහෙන්ද? කාගේ දේවල්ද? (නි)