මුලතිව්හි විශ්වමඩු සරණාගත කඳවුරේ සිටි කාන්තාවන් දෙදෙනකු (27,37) දූෂණය කළ හමුදා සෙබළුන් සිව්දෙනකු යාපන මහාධිකරණ විනිසුරු මානික්කවාසගම් ඉලංචේලියන් මහතා 20 අවුරුදු සිර දඬුවමක්ද කතුන් දෙදෙනාට රුපියල් ලක්ෂ 5ක වන්දිද ගෙවන ලෙස නියෝග කළේය.
වන්දිය නොගෙවන්නේ නම් සිර දඬුවම තවත් වසර 5කින් දීර්ඝ කළේය.
පී.ජී.ශාන්ත සුබසිංහ, පී.බී.පියරත්න කුමාර, ජී.ධනුෂ්ක පුෂ්පකුමාර, ඒ.ජී.ආර්.ජී. ප්‍රියලාල් රත්නායක වැරදිකරුවෝ වූහ.
2010-6-6 වැනි දින රාත්‍රියේ විශ්වමඩු නැවත පදිංචිකිරීමේ කඳවුරක කූඩාරමක සිටි 27 හැවිරිදි දෙදරු මවකද, 37 හැවිරිදි පස් දරු මවකද දූෂණය කළැයි ඔවුහු වරදකරුවෝ වූහ.
සිව්වැනි විත්තිකරු නොමැතිව නඩුව විභාග විය. ඔවුන් යුද හමුදාවෙන් පළාගොස් ඇතැයි සඳහන් විය.
යුද සමයේ තම පතිවත රැකගෙන සිටි එම කාන්තාවන් යුද්ධයෙන් පසුව දූෂණය කිරීම බරපතල සිද්ධියක් බවත් හමුදාවට සිදුවූ විශාල අපකීර්තියක් බවත් පිටු 82ක නඩු තීන්දුව ප්‍රකාශයට පත්කරමින් මහේස්ත්‍රාත්වරයා පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දිනේෂ් රට බේරාගත් රණවිරුවෝ කියලා වැරදි කරන්න හොඳද? අපේ රට දියුණු නොවෙන්න එක හේතුවක් තමා පසුගිය රජය කළ ප්‍රචාර ,හමුදා භටයා යනුද සාමාන්‍ය පුද්ගලයෙක්. ඔහුද රටේ නීතියට යටත් (නි)
නැවත ඇපෑලක් මගින් දඩුවම ලිහිල් නොවෙනවානම් හරිම අගෙයි . කාට වුණත් මේ වාගේ වැඩ වලට උපරිම දඩුවම් දියයුතුයි.(ම)
දිනේෂ්, නිතිය කාටත් පොදුයි. රට බේරගන්න යුද්ධ කරන කොට බෝධිපූජා තියනවා වගේම අපරාධ කරන අයට දඩුවම් දෙනකොටත් අපිනම් අනුමත කරනවා. (ර)
සන්හින්දියාව සහ පව සමාකිරීම. (ර)
රට බේරා ගැනීම හා ස්ත්‍රී දුෂණය දෙකක්. රට බේරගන්න දායක වුනා කියලා කාන්තාවන් දූෂණයට වරම් ලැබෙනවද? (ර)
වරදට දඬුවම් දියයුතුයි. (නි)
මොනවා කියන්නද කියලා හිතාගන්නත් අමාරුයි (නි)
මේක කොහොම උනාද? මටනම් හිතාගන්නත් බෑ. (ර)
හමුදාවේ නමත් කැත වෙනවා මේ වැඩ වලින්. (ර)
හමුදාව උනත් වරදක් කර ඇත්නම් දඩුවම් විදින්න ඕන. (ර)
වරදක් වෙන්න තප්පරයක් ඇති. එත් ඒ වරද නිවැරදි කර ගන්න ඊට කලින් තප්පර දෙකත් ප්‍රමාණවත්. (ර)
මෙවන් වරදට මෙවන් දඩුවම් දිය යුතුමය. ඔබගේ දරුවාට මෙය වුනානම් ඔබ සමාව දෙනවාද? (බ)
සියල්ලන්ගේම හිසට උඩින් නිතිය. (ම)
මෙම සිද්ධීන් පිළිබඳව ඇත්තම තත්වයත් මෙයමද? මෙවැනි බහු පිරිස් ගැවසෙන තැනක කොහොමද මෙහෙම දෙයක් වෙන්නේ? යාපනය උසාවියේ විභාග වූ නඩුවල මෙහෙම දඬුවම් දුන් පළමු අවස්ථාව මෙය නොවෙයි. මෙවැනි තැන්වල හමුදා සෙබලු අසරණ වෙනවා.සමහරවිට කථාකරමින් ඉන්න අවස්ථාවල පවා වැඩිහිටියන් දැකලා තරහට පොලිසියට කියනවා.මේක දන්නේ උතුර ගැන දන්නා අය පමණයි. (නි)
අපරාදේ! ජීවිත අඳුරුකරගත්තා.... (නි)
අයියෝ රට බේරාගත් විරුවන් නේද මේ හිරේ යවන්නේ ..(බ)
ලස්සන සැම දේ මොහොතට සුවදේ... එහි කෙළවර දුක දේ... (නි)
දැන් කට්ටිය කෑ මොරදෙයිද දන්නේ නැහැ මේකටත් යුද්දේ දිනා දුන් රණවිරුවන්ව ඇමරිකාවට ගැතිවෙලා දන්ගෙඩියට අරන්යන්න හදනවා කියල (බ)
දිනේෂ්, කවුරු කළත් වරද වරදම තමයි (නි)
වැරදි කරුවන්ට දඩුවම් දෙන්න ඕනේ. එත්.... (ර)
කවුරු කළත් මේවා වැරදි වැඩ (නි)
මේ දේවල් සිදුවුණේ දිනේෂ්ගේ සහෝදරියකට නම් මොකද ඔයා කරන්නේ? (නි)
වරදක් කළා නම් දඬුවම කාටත් පොදුයි (නි)