වසර ගණනාවක් යාපනය කීරමලේ සිටි යුද හමුදාව සිකුරාදා (26) වන විට ඉන් ඉවත්වනු ඇතැයි හමුදා ආරංචි කියයි.
පසුගිය රජය කාලයේ මහින්ද රාජපක්ෂ හිටපු ජනපති ඉදිකළ මන්දිරයට හමුදාව යනු ඇතැයි අපේක්ෂා කෙරේ. මෙම මන්දිරයේ ඉදිකිරීම් සඳහා රුපියල් කෝටි 200ක්වත් වැය කරන්නට ඇතැයි ප්‍රදේශවාසීහු කියති.
යම් දවසක මෙම මන්දිරය හෝටලයක් කරන බව උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් මීට පෙර ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අලුත් ප්‍රවෘත්තියක් නෙවෙයි, කොහොමත් රටේ ඉන්න මිනිස්සු දන්නවා රජය විදේශයන්ට අවශ්‍ය පරිදි හමුදාව උතුරු නැගෙනහිරින් අයින් කරලා එහෙ එගොල්ලගේ සිහින රාජ්‍ය හදාගන්න ඉඩ දෙනව කියලා. අපිටත් කවදාහරි ඇහැ ඇරිලා පාට කන්නාඩි ගලවල ජාතියක් විදියට එකතුවෙන්නේ අර ඉස්සර යුදෙව් මිනිස්සුන්ට වගේ රටක් දේශයක් නැතුව ගියහමයි. අන්න එදාට අපි ප්‍රමාද වැඩියි වගේම මේ රට පාලනය කරන ජාතිකයෝ අද අපි කතාකරන ජාතික සහජීවනය ගැන වචනයක්වත් කතා නොකරන බවනම් ස්තීරයි(අ)
අපි යහපාලන ආණ්ඩුවක් ඇතිකරේ යහපත් රටක් හදන්න තමයි. (අ)
පිටරට ඉඳන් අදහස් දමන අය මේ පොලවෙ ජීවත්වෙන අපි තරම් අැත්ත දකිනවද (බ)
පුදුමය කියන්නේ දැන් කෙරෙන මුදල් විනාශ, මන්ත්‍රී ගණන වැඩිවීම, වගේ දේවල් කාටවත් ගානක් නැතිවීම. තවමත් ඉස්සර වුන දේවල් කිය කියා හූල්ලනවා. කරන වැඩකුත් නැහැ. (ර)
තව ටික දවසක් ගියොත් මොනවා වෙයිද දන්නේ නෑ.(හේ)
නිදහස තව තවත් බුක්ති විදිමු වැරදි ලෙස පාවිච්චි නොකරමු. (හේ)
රටේ මිනිස්සු නොමැරී යන්තමට ජීවත්වෙන රටක් වෙලත්, මේ කර තිබෙන මහජන මුදල් විනාශයට තවත් මොනවා කියන්නද අපි? (නි)
එතනිනුත් යවයිද දන්නෙ නැහැ (නි)
අනේ මගේ රටට කුමක් සිදුවේද? (නි)
මහින්ද මහතාණෙනි, ඔබ බේරාදුන් රට නැවත සිටි තැනට යනවා වගෙයි (නි)
[යම් දවසක මෙම මන්දිරය හෝටලයක් කරන බව උතුරේ මහ ඇමැති සී.වී.විග්නේෂ්වරන් ....] ඒ මොකද? මහින්ද රාජපක්ෂ මේ "සුදු අලියා" මන්දිරය විග්නේෂ්වරන්ට තෑගි ඔප්පුවකින් ලියා දුන්නද, එයාට කැමති දේවල් ඒකෙ කරන්න? මොනවා වුණත් සිංහල අලුත් අවුරුද්ද එන්නත් ඉස්සර, අපේ හමුදාවේ කොල්ලන්ට නියම අලුත් අවුරුදු තෑග්ගක්නේ මේ ලැබෙන්න යන්නේ (නි)
මේක හරි තීරණයක්ද? මට පෙනෙන හැටියට යාපනය අපි හිතන තරම් සාමකාමී නැහැ. යාපනය හරියට පොළොව යටින් ජවය ටිකින් ටික එකතුවෙන පුපුරන්න පෙරුම්පුරන ගිනි කන්දක් වගෙයි. මම නම් කියන්නේ හමුදාව බැරැක්ක වලට හෝ සීමාකර යාපනය තුළ හෝ ඒ අවට රැඳවිය යුතුයි. (නි)
දැන් ඉතින් සිංහලයට ඉතිරිව ඇති දෙයක් තිබේද? (නි)
මේක හැදුවෙ හෝටලයකට. උතුරට යන විදෙස් නායකයන්ට සහ අනෙකුත් සංචාරකයන් ඉලක්ක කරලා නේද? (නි)
හමුදාව මුළු රටේ හැමතැනම ඉන්න ඕනෑ. විශේෂයෙන් උතුරේ සහ නැගෙනහිර. (නි)
පලාලි ගුවන් තොටුපළට විරුද්ධව කියපුදේට තවම එක් කෙනෙක් කට ඇරියද? ඇටිකෙහෙල් කාපු උගුඩුවො වගේ, දැන් සද්ද නැහැ (නි)
දැන් මෙතන ප්‍රධාන වෙලා තියෙන්නේ හමුදාව ඉවත්කරවන එක නෙමෙයි. මාළිගාව. හැමදාම යහපාලනය වැදගත් දේ වහලා අවැදගත් දේ පුම්බනවා. (නි)
ඒක හොඳයි. රටක එක ප්‍රදේශයක පමණක් හමුදාව වැඩියෙන් සිටිය යුතු නැහැ. මේ මන්දිරය හෝටලයක් බවට පත්කර එහි ආදායම ඒ පළාතේ දරුවන්ගේ අධ්‍යාපනයට වැයකළ යුතුයි. (නි)
සිවිල් පාලනයට යෙදවිය යුත්තේ පොලිසිය මිස හමුදාව නොවේ (නි)
බොහොම හොඳ අදහසක්. හමුදාව මහන්සිවෙලා හදපු මන්දිරයටම ඔවුන් යන එක කොච්චර හොඳද? (නි)
මිනිස්සුන්ට නිදහසේ ජිවත් වෙන්න අවශ්‍යයි. සංහිඳියාව ගොඩනගන්න අවශ්‍යයි. සාමකාමිව ඉන්න දෙමල මිනිස්සුන්ට යුද්ධයක් ඕන නැහැ. (ර)
අනේ අපේ සල්ලි කාලා තියෙන හැටි? හමුදාව එතනට යන එක ගැන මම නම් හරි සතුටුයි. (නි)
සිවිල් කටයුතු පොලිසියට දීලා හමුදාව ඉවත්වෙන එක හරි. 1971 කැරැල්ල අවසන් කරලා මැතිණිය හමුදාව ඉවත් කළා. 88 -89 කලබල අවසන් කරලා ප්‍රේමදාස මහතා හමුදාව ඉවත් කළා. අදත් සංහිඳියාවක් වෙන්න අපි කටයුතු කරමු. (නි)
මේක හැදුවේ පොදුරාජ්‍ය මණ්ඩල නායකයන් යාපනයට අවම නවතින්න සහ සම්මන්ත්‍රණ පවත්ත්වන්න. කොහොමත් මේක හෝටලයකට පාවිච්චි කරන්න තමයි තිබුනේ. (ර)
මේවා දැකලා මටම හිනා (නි)
රජවරු ඉන්නේ මාළිගාවල මිසක් බංකර් වල නෙමෙයි. (නි)
යහපාලනයට කඩේ යන අයගෙන් අහන්නේ? කෝ නවසීලන්තේ අගමැති ආපුවහම කිරි පිටි මිල බහි කිව්වා කෝ බැස්සද? ලෝක වෙළද පොලේ පිටිකිරි මෙට්‍රික් ටොන් එකක ගාන බැලුවහම අද තියෙන මිලට වඩා රුපියල් 150 ක් විතර අඩුවෙන් දෙන්න පුළුවන්.(බ)
මේක හෝටලයක් කොට එකේ ආදායමෙන් ගොවියන්ට බීජ ගොවි උපකරණ නොමිලේ ලබා දෙන්න. එවිට හාල් මිල එළවලු මිල නිකන්ම පහල යනු ඇත. (ර)
වී ගබඩා කරන්න සුදුසු ස්ථානයක් වගේ නේද? (ර)
කාගේ සල්ලිද මේ වියදම් කරලා තියෙන්නේ. (ර)