කාවන්තිස්ස රජ සමය තෙක් අතීතයකට උරුමකම් කියන ඇඹිලිපිටිය, මොරකැටිය, කළගෙඩිආර ශ‍්‍රී ගංගාතිලක රජමහා විහාර භූමියේ අනවසරයෙන් මැණික් ගැරූ පිරිසක් අතරින් විසිපස් දෙනෙකු සමග වතුර මෝටර් 13ක් අත් අඩංගුවට ගත් බව මැණික් හා ස්වර්භාරණ අධිකාරියේ කොළඹ විශේෂ වැටලීම් ඒකකය කියයි.
අක්කර හතක් පමණ පෙදෙසේ විශාල පතල් කපා තිබිණි.ජීවත් වීමට නොහැකි තරම් අමාරුවෙන් සිටින දායකයිනට පතල් කැපීමට ඉඩ දුන් බව විහාරාධිපති ඇඹිලිපිටියේ පවර කිත්ති හිමියෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇත්ත තමයි ලංකාවේ පොළොවේ තියන දේවල් ඒ පෙදෙස් වල ඉන්න මිනිසුන්ටයි අයිති. ගත්තට කමක් නැහැ.(නදී)
දුප්පත් අසරණ දයකයන්ව පෝසත් කරන්න උන්වහන්සේ ගන්න අහිංසක උත්සාහයක් වෙන්න ඇති.(නදී)
පොළවේ තිබෙන දේවල් එහි වාසය කරන මිනිසුන්ට අහිමිවී ශතවර්ෂ ගණන් ඉක්මවෙලා. එහි වාසය කරන ම්නිස්සු පතල් වල කුලී කාරයින් පමණයි. දෝනා බැස ජීවිත අවදානමකට ලක් කර පතලේ උඩ නොඉවසිල්ලෙන් බලා සිටින මුදලාලිට (හෝ හාමුදුරුවන්ට) මැණික් කැට මතු පිටට රැගෙන එන්නේ දුප්පතාමයි. පොහොසත් වන්නේ පොහොසතමයි. ඔය රුදුරු චක්‍රය පන්සල් භුමියේ උනත් කැරකෙන්නේ ඔය රිද්මයටමයි.(නදී)
අනේ හාමුදුරුවනේ ඔබවහන්සේගේ කරුණාව හොදයි. එත් ඔය වැඩේට වඩා, එළවලු පලතුරු ටිකක් වැව්වනම් හැමදාටම ඒක වටිනවා නේද? (අ)
පින්සිද්ද වෙනවා හාමුදුරුවනේ.(නදී)
සිදු වීමේ නීතිමය පසුබිම කෙසේ වෙතත් එම හාමුදුරුවන් තම දායකයින් ගේ ජීවන අරගලය ගැන සඳහන් කීරීම සහ අවබෝදය ගැන ගරු කරමු. ඔවුන් ජීවත් කර ගුණවත් කරමු.(නදී)
අපා දුක් විදින අපේ රටේ මිනිස්සු දැකල ගරු ස්වාමීන් වහන්සේගේ හිත කාරුණික උනාට අපේ හාමුදුරුවන්ට බොහොම පින්. ස්වාමීන් වහන්සේ නමකට උපදෙස් දෙන්න යනවා නෙමෙයි. එත් හාමුදුරුවනේ රටේ නීතිය පිළිගත යුතුයි කියලයි මම හිතන්නේ (අ)