බටහිර බලගතු රටවල් මොන කුමන්ත්‍රනය කළත් අතීතයේ සිට ම අදෘෂ්‍යමානබලවේගයකින් අපේ රට ආරක්ෂා වූ බව අග්ග මහා පණ්ඩිත අස්ගිරි පාර්ශවයේ මහා නායක උඩුගම බුද්ධරක්‌ඛිත නා හිමියෝ පැරිස් නුවර ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානයේ සිට එසැණට පැවසීය.
“සල්ලි තියන සුදු මහත්වරුන්ගේ රටවල් එදා ඉදලම අපව පාලනය කරන්න බැලුවා. ඒ ඔවුන්ගේ අධිරාජ්‍ය අපේ රටේ පතුරුවන්න. අද ඔවුන්ට ඒක කරන්න පහසු වෙලා තියනවා. ඒ අපි එදාට වඩා අද බටහිර ගැත්තන් වෙලා. අපි දුක කියන්නේ ඔවුන්ට, වැළදගන්නේඔවුන්ගේ දේවල්. එකමුතුකමනැති වීමයි මේ හැමදේටම මුල. බැලූබැලූ අත අපි බෙදිලා. අනුකරණයට කැමති අපේ ජාතියට සිනමාව, රූපවාහිනිය, අන්තර්ජාලය හොඳ පිටුවහලක්, මොකද ඒවායේ පෙන්වන්නේ බටහිර ගැති දේවල් නිසා”
ප්‍රශ්නය
ධර්මයෙන් පෝෂණය වුණ අපේ රටේ අද සිදුවන දේ අනුව ධාර්මික රටක් කියල කියන්න පුළුවන්ද? මිනිස්ඝාතන, ස්ත්‍රී දූෂණ, ළමා අපචාර දිනෙන් දින ඉහළ යනවා?
පිළිතුර
ඔබ හරි අපේ රටේ අද මිනිස් ඝාතනයන් කියන්නේ කූඹියෙකු මැරෙනවා වගේ වැඩක්, කොච්චර බණ කිව්වත් සමාජය හදන්න බැරි තැනකට අද ඇවිල්ලා, කිසි දෙයක් ගණන්ගන්නේ නැහැ. සල්ලි පස්සේ දුවන මිනිස්සු ඕනෑම ජරා වැඩක් කරනවා. එදා සිටම ධර්මය ඇසුරෙන් හැදුණු මිනිස්සු අද පිරිහිලා. ලෝකය පිරිහීමත් එක්ක අපිත් ඒකටඅහුවෙලා කියල හිත හදා ගන්න එක විතරයි දැන් නම් කරන්න තියෙන්නේ. ධර්මය පිළිපදින්නේ නැති මිනිස්සුන්ට අපි මොනවා කිව්වත් වැඩක් නැහැ.
විශේෂ ස්තූතිය
පැරිස් ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති පරවාහැර චන්ද්‍රරත්න හිමියන්ට හා ඉතාලියේ මල්වතු පාර්ශ්වයේ ප්‍රධාන සංඝ නායක වගේගොඩ ශීලානන්ද හිමියන්ට.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහා නායක හාමුදුරුවෝ කරපු ප්‍රකාශය මසුරන් වටිනවා. (ස)
කුමාරි හරියටම හරි. මම ඔයාගේ අදහස පිළිගන්නවා (නි)
අනුමත කරනවා (දී)
අවසර ස්වාමීන්වහන්ස, ධර්මය අනුව ජීවත් වීම තුළින් පමණයි අපට යහපත් සමාජයක් බිහි කළ හැක්කේ. එය පල්ලිය, පන්සල හා කෝවිලෙන් පටන් ගැනීම තමා වැදගත් වන්නේ. බොහෝ අයගේ බලාපොරෝත්තුව වූයේ අපේ රට තුළ ජාතීන් අතර අසමගිය ඇතිකර නැවතත් මෙරට බෙදන්න. අවාසනාවට මෙන් මේ වග නොතේරෙන සමහර ආගමික නායකයින් හැසිරෙන ආකාරයද කනගාටුවට කරුණක්. (ස)
සහතික ඇත්ත ඉස්සර අපේ ආච්චිලා සියාලාගේ කාලේ බලන්න තිබ්බ සමගිය (දී)
එක නම් සහතික ඇත්ත දිනු රට බෙර ගන්න තවම ආපි දන්නේ නැහැ (දී)
ඇත්තටම දැන් අපේ ජාතිය කීපයකට බෙදීගෙන යනවා . වහාම එය නැවත් විය යුතුයි (දී)
එතකොට ඔබ වහන්සේලා මක් කොරනවද පැරිස් නුවරට වෙලා මෙහේනේ ඉන්නේ බෞද්ධයෝ පැරිස් නුවර නෙමෙයිනේ (දී)
නායක හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ අදහස නම් මසුරන් වටිනවා.හැබැයි බුදු හාමුදුරුවො අවවාදයට වඩා ආදර්ශය උතුම් කියලා කී නිසා නරකද නිකාය තුනම එකක් බවට පත් වෙලා තායිලන්තේ වගේ එක සඟ රජ කෙනෙක් පත් කරලා රටටම ආදර්ශයක් දෙන විදියේ වැඩ පිළිවෙළකට යන එක? කරන්න බැරි වැඩක් නම් නෙමෙයි අපේ හාමුදුරුවනේ. (නි)
සමගිය බලය වේ කියන්නේ ඕකනේ (දී)
හරියට හරි මතකද දසරාජ ධර්මය එකමුතු කමයි වැදගත් (දී)
ඔය කියනා එකමුතු කම ලංකාවේ භික්ෂුන් වහන්සේලා ගාවවත් නැහැ . (ස)
අතීතයේ අපේ තිබුන සමගිය නැතිකරන්න අපිට පළමුව පක්ෂ ක්‍රමයක් දුන්නා. ඒ අනුව අපි බලය ගන්න පක්ෂ හැට හැත්තෑවකට බෙදිලා ඒ මදිවට පළාත් අනුවත් බෙදිලා... අපේ ගමේ නම් හාමුදුරුවෝ කරන්නේ බෝධි පූජා පමණි. පන්සලට ගියත් කතා කරන්නේ නැහැ. අපිට නම් හරි කණගාටුයි (නි)
අපේ හාමුදුරුවනේ, මේ රටේ ගිහි දේශපාලකයෝ ඔබ වහන්සේගේ දෙපා මුලට පැමිණිලා එක එක කතා කියද්දී ඔය ටික කියා දීලා අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කළ යුතුයි නේද? අපේ බුදුහාමුරුවෝ වෙනුවට මේ රටේ ඉන්න නායකයාණන් වහන්සේලා ඔබ වහන්සේලායි (නි)
අද අප අත්වි ඳින දේශපාලන, සමාජ හා ආර්ථික පරිහානියට ඔබ වහන්සේලාත් වග කියන්න ඕනේ. ඕවා දෙනු පරහට තමා සම්මතෙහි පිහිටා සිට.(නදී)
අපේ හාමුදුරුවනේ ආණ්ඩුවේ න්‍යාය පත්‍රයට වැඩ කරන්න එපා. කුඩු,එතනෝල් ,මහජන මුදල් කොල්ල කන ස්ත්‍රී දූෂකයින් පන්සලට ආවම එලියටවත් එන්න එපා. පව් සිද්ද වෙනවා.(නදී)
අවසර අපේ හාමුදුරුවනේ, ඔබ වහන්සේගේ අදහසට එකග වෙනවා වගේම ඒ පිරිහීම වගකිවයුත්තන් අතින් මෙන්ම සමහර භික්ෂුන් වහන්සේලාගෙනුත් සිදු වෙනවා කියන්න කැමතියි. අද පන්සල් වල ඉන්න බොහෝ ස්වාමින් වහන්සේලා බලන්නේ කොහොමහරි පිටරටකට ගිහින් එන්න. ගම හදන්න පටන් ගන්න පුළුවන් ගමේ පන්සලට. ඒ ආරම්භය ඔබ වහන්සේලා ඇති කළොත් අපි කාටත් හෙටක් තියෙයි. පන්සල වටා තාමත් ගම ඉන්නවා. හාමුදුරුවෝ හරියට වැඩේට බැස්සොත් අනාගත පරපුර සුරක්ෂිතයි. සුද්දට කළ හැකි දේකුත් නැහැ එතකොට. (නි)