කොළඹ මහනුවර මාර්ගයේ බැලුම්මහරදී හමුදා ජිප් රියක වහළය මත නැගුණු හමුදා නිලධරයකු කොළඹ මහනුවර පාර අවහිර කරගෙන සිටි ජනතාව ඇමැතීය.
මිනිත්තු පහක් යන්නට පෙර පාරෙන් ඉවත් වන්නැයි අණ කළේය.
එසේ ඉවත් නොවුවහොත් පහර දෙන බව කීවේය.
මාධ්‍යවේදීනට ද ඔහු පැවසුවේ ඡායාරූප ගැනීම හෝ වීඩියෝ නොකරන ලෙසයි.
එසේ කළහොත් ඔවුනට ද ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ද කීවේය.
රැස්ව සිටි මිනිසුන් එවිට පැවසුවේ ‘අනේ සර් එහෙම කරන්න එපා. අපි ඉල්ලන්නේ බීමට වතුර. අපට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා.‘ යනුවෙනි.
ඒ සමගම රැස්ව සිටි පිරිසට පොලු මුගුරුවලින් පහර වැදිණි. ඇතැමෙක් පහර කමින් දිවූහ.
ඇතැමෙක් සැඟවීමට තැන් සෙවූහ. කාන්තාවෝ ද පහර කෑමට ලක්වූහ. තවත් මිනිත්තු කිහිපයකින් පාරේ අවහිරය මහ හැරිණි. යුද හමුදාවේ සියයක් පමණ පාර දෙපස රැඳී සිටිති.
ආරක්ෂාව පතා ගෙවල්වලට ගිය අයද සොය සොයා පහර එල්ල කළ බව සිද්ධිය සියැසින් දුටුවෝ කියති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙතන අදහස් දාලා තිබෙන අයගෙන් 99.9% පිටරට ජීවත් වන, අහිංසක මිනිසුන්ගේ දුක දන්නේ නැති අය බව හොදට පෙනෙනවා. ලංකාවට පැමිණ මේ වෙලා තියෙන ගැටලුව දිහා හොදට ඇස් ඇරලා බලන්න. එතකොට හැමදේම හොදට තේරෙයි මහත්වරුනේ. (නි)
හමුදාව ගැන රටේ මහජනතාව තුල තිබෙන අභිමානය නැතිවේවිද කියලා මට බයයි (නි)
රජයක් විදියට රටේ අනෙකුත් වැසියන්ගේ අවශ්‍යතා වලට තිබෙන පාර නිදහස් කර ගමනාගමනයට ඉඩ දිය යුතු වෙනවා. එයට අවම බලය යොදා මැඩපැවැත්වීම කලයුතු වෙනවා. මේක ඉල්ලගෙන කෑමක් . (දී)
වතුර කියන්නෙ මිනිසුන්ගෙ මූලික අවශ්‍යතාවයක්.එය ඇහිරීමේ පාපයට ප්‍රභාකරන්ට සිදු වූ දේ මතකද? (නි)
රණවිරුවන්ට තවත් පූජා තබන්න (නි)
වතුර නැත්නම් කොකාකෝලා බොන්න කියන දිනයක් ළගදීම එන්නත් බැරි නැහැ (නි)
මිට වැඩිය සාමකාමීව මේ ප්‍රශ්නේ විසදාගන්න තිබුණා. මාර්ගයක් අවහිර කිරීමෙන් මගීන්ට වෙන ප්‍රශ්න කරදර ගැනත් මේ ජනතාවට හිතන්න තිබුනා නේද? හැමදේටම රජයට බණින එක වැරදියි නේද? (නි)
විරුවනි, ඔබයි සිහ නද පෑ අපි වෙනුවෙන්... (නි)
වතුර ටිකක් බොන එක මුළු සත්ව සංහතියේම මූලික අයිතිවාසිකමක්. වතුර කවුරුවත් දෙන දෙයක් නොවෙයි. වතුර මුළු සත්ව සංහතියටම අයිති දෙයක්. (නි)
මාවිල් ආරු සොරොව්වෙන් ඇරඹි ගමනේ විජයග්‍රහණය අප සැවොම තුටු සිතින් වින්දෙමු...ඒ පිළිබඳ අප්‍රමාණ සතුටක් ඇත..එහෙත් සංග්‍රාමයෙන් පසු පාලකයන් විසින් ඒ වීරෝධාර රණවිරුවන්ම යොදවා නීතිය හා සාමය පැක්ටේරිකරුවන් වෙත ලබා දීමට ගෙනියන වැඩපිළිවෙල අනුමත කරන්නට බැරිය...එදා වතුර වෙනුවෙන් සතුරාවෙතට එල්ලවූ උණ්ඩය මෙදා සිංහලයන්ටම එල්ලවනවා නම්.. ඒ ගැන හිතන්නට දෙයක් ඇත.... (දී)
පිරිසිදු වතුර ඉල්ලා සිටින මෙලෙස සළකන ආශ්චර්‍යමත් රටක ආඩම්බරකාර පුරවැසියෝ අපි වෙමු. (නි)
ගමේ කොල්ලෝ නැද්ද?කර්මාන්ත ශාලාවට දැනෙන දෙයක් කළා නම් මේවා ඉබේටම හරියන්න පුළුවන් (නි)
රටේ අනාගත පරම්පරාව ලෙඩුන් වුණහොත් ආසියාවේ ආශ්චර්ය දැකීම සිහිනයක් (නි)
ඔයාලා එක පැත්තකින් විතරක් හිතන්න එපා. රටේ සාමය , නීතිය කඩවෙන විදිහට කඩාකප්පල් කාරී විදිහට මිනිසුන් පිරිසක් හැසිරෙන විට එක මර්දනය කරන්න රටේ ආරක්ෂක අංශ වලට ඉහල නියෝග අනුව මැදිහත් වෙන්න සිද්ද්ධ වෙනවා. ඒකට රටේ මුර දේවතාවුන්ට දොස් කියන්න එපා. මේ කඩ කප්පල් කාරී වැඩවලට අනුබල දීල දේශපාලන වාසි ගන්න ඉන්න පිරිසකුත් ඉන්නවා. රටේ බුද්දිමත් ජනතාව මේවට රැවටෙන්න හොඳ නැහැ. එකෙන් ජත්යනතරවත් අපේ රටට එන ප්‍රතිරූපය හොඳ නැහැ (දී).
හොදින් ප්‍රශ්නයක් කිවුවම කණකටනත් ගන්නේ නැහැ. ඒකයි පාරවල් වහන්න වෙන්නේ (නි)
මිනිස්සුන්ට පානීය ජලය පිළිබද ගැටලුවක් තියෙන්න බැහැ. අපි නම් බොන්නෙ බෝතල් කළ ජලය. රණවිරුවන් රජය රැකගැනීමටත් තම ගෞරවය රැකගැනීමටත් කටයුතු කළ අන්දම විශිෂ්ටයි. (නි)
රටේ සුභ අනාගතයට අභිමන් යෙදෙන්නේ මිනිස්සන්හාරෙකින් නම් ,මිනිසුනේ ශ්‍රී ලංකාව තව දුරටත් මුතු ඇටයක් නොවේවි ......(දී).
අපේ රණවිරුවන්ගේ වැඩ දැන් පෙනෙනවා නේද? අපි වෙනුවෙන් අපි? (නි)
නොමිනිසුන් වෙසෙන රටක මෙවැනි සිදුවීම් වෙනවා. (නි)
මේ අහිංසක මිනිස්සුන්ට සිදුවී ඇති ව්‍යයසනය දෙනෙතින්ම දැක ගැනීමට හැකිව තිබියදීත්, මෙහි පළකර ඇති සමහරුන්ගේ අදහස් දුටුවාම මට නම් දැනෙන්නේ ඇත්තටම පිළිකුලක්. කාගේ හෝ බලපෑමක් මත කාන්තාවන් බොහෝ පිරිසක්ද තම දරුවන් කරපින්නා ගෙන දින කීපයක් මහපාරේ හිටියේ අපවිත්‍ර ජලයෙන් රෝගී වූ සිරුර කසනවාට යැයි සමහරුන් සිතනවා විය හැකියි. මිනිසුන් තිරිසනුන් අභිබවා ඇති බව නම් කිසිදු තර්කයක් නැතුව ඔප්පුවී තිබෙනවා (නි)
ඉහළින් කිවුවේ ඉතින්....? (නි)
ඉහලින් අණ ආවා කියලා තමන්ගේ අම්මා තාත්තාට වුණත් ගහනවාද?තමන්ට මේ මිනිසුන්ගේ දුක පෙනෙන්නේ නැත්තේ හෘද සාක්ෂියක් නැති නිසාද? (නි)
නුවර පාරෙන් මොනතරම් ගිලන් රථ සංකාවක් කොළඹ පැත්තට එනවද ? (දී)
යසස්, මීට වැඩි දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ අපිට. (නි)
අද මට හෙට නුඹට. මේ සියල්ලටම වගකිව යුත්තේ කවුද? (නි)
1. ප්‍රදේශයේ ජලය ආම්ලිකයි කියලා ඔප්පු කළාද? 2. ජලය ආම්ලික නම් එයට හේතුව එම කර්මාන්ත ශාලාව කියල ඔප්පු කරලා තිබෙනවද? 3. එම කර්මාන්ත ශාලාව වසා දැමුවොත් ජලයේ ආම්ලිකතාවය නැතිවෙයි කියලා ඔප්පු කරලා තිබෙනවද? 4. මේ කරුණු තුන සාධක සහිතව බලධාරීන්ට දන්වා තිබෙනවද? 5. බලධාරීන් මේ සම්බන්ධව පියවර ගෙන නැද්ද ? මේ ප්‍රශ්න පහට උත්තරය 'ඔව්' නම් ප්‍රදේශවාසීන් මාර්ගය හරස් කොට උද්ඝෝෂණය කිරීම නිවැරදියි, පහරදීම වැරදියි. එකදු ප්‍රශ්නයකට වත් 'නැත' පිළිතුරු ලැබේ නම් උද්ඝෝෂකයින් වැරදියි. (නි)
ඕන දේකට දැන් හමුදාව යොදවන්න තමයි දැන් හදන්නේ (දී)
බන්දුල,ඔහේ කැමතිද ඔහේගේ දරුවන්ට ඇසිඩ් පොවන්න.ඔහේගේ බිරිදට,අම්මාට තාත්තට ඇසිඩ් පොවන්න.ඔහෙට මම කලිනුත් කිව්වා වගේ මිනිහෙක් වුණා නම් දරුවන්ට කන්න අදින්න දෙන්න බැරිනම් කොළයක් ඇදගෙන හිගා කාලා දරු පවුල නඩත්තු කරන්න. ඒක ඔයා කරන දේට වැඩිය සිය ගුණයක් නම්බුකාරයි. (නි)
දැන් මේ හොදටම ඇති. (නි)
බන්දුල,ජනතව රෑට කන්න පීසා ඉල්ලලා නෙමෙයි උද්ගෝෂණය කරන්නේ.දවස් හතරක් දිගටම ඉල්ලීම් ඉල්ලලා බැරිම තැන තමයි මේ පියවර ගත්තේ.හලාවත වැල්ලේ උද්ඝෝෂණයේදීත් මැරුම් කෑවේ පාර අවහිර කරලාද?ඔයා බයවෙන්න එපා. ඔබට තව අවුරුදු විස්සකට වඩා සැනසිල්ලේ බුක්ති විදින්න පුළුවන්.ජනතාවගේ අසරණකම තුට්ටුවකට මායිම් නොකරන රජයේ ප්‍රතිපත්ති ඔබ අනුමත කරන විදිහ ම්ලේච්ච සහගතයි! (නි)
හමුදාවට බැනලා පලක් නැහැ. අණ දීපු අය වගකියන්න වෙනවා. තවත් මනුස්ස ජීවිතයකුත් බිලි වෙලා. පානිය ජලය සංවේදී ප්‍රශ්නයක්. ඒ වෙනුවෙන් වගකිව යුතු අය පීඩාවට පත්වූවන්ට පිළිතුරු දීපු හැටි හරිම අපුරුයි. අප්‍රිකානු රටවලත් මේ විදිහට තමා සහනයක් සොයන අයට විසදුම් දෙන්නේ. ඉතින් අපි කොහෙටද මේ යන්නේ? ඒ දෙසටද? (නි)
මේ එසැණ කව්රුවත් ලංකාවේ ඉන්නවා නම්, කොහොම හරි කරලා පිට රටකට දරු පැටව් ටිකත් අරන් පැනපල්ලා.වතුර ටිකක් වත් බීලා මැරෙන්න පුළුවන්. පේනවා නේද අසරණයන්ට සළකන හැටි? මාධ්‍යවේදියෙක් කිවුවම මම පොඩිකාලේ සැළකුවේ සෑම මිනිසෙක්ම සාමාන්‍යයෙන් ,ඇමති කෙනෙකුට වගේ. එහෙත් දැන් ....? (නි)
දෙයියනේ, මොකද මේ අපේ රටට වෙන්නේ? හමුදාවේ මහත්වරුන්ට නිල ඇදුමට තිබුණු ගරුත්වයත් නැති කරගන්නද හදන්නේ? සතුරන්ටත් සේලයින් දුන්න මානුෂිය හමුදාවක් අපිට හිටියේ. ඇයි අද මෙහෙම අහිංසකයන්ට පහර දෙන්න හමුදාව ආවේ? මිනිස්සු ඉල්ලන්නේ ජීවත් වෙන්න පිරිසුදු පැන් පොදක් දෙන්න කියලයි. වතුරට විස කලවම් කරපු ආයතනවලට වන්දි ගෙවන්න කියන්න. මේවට අනුමැතිය දුන් නිලදාරීන් කෝ? අන්න ඒ අයට පහර දෙන්න මේ අහිංසකයන්ට පහර නොදී (නි)
මේ අපේ හමුදාවද? මට දුකයි. අසරණ මිනිස්සු වතුර ඉල්ලද්දී මෙහෙමද කරන්නේ? හමුදාවට අපි කොච්චර ගරු කළාද? (නි)
ඉහලින් අපු ඕඩර්ස් වලට ගහපු කට්ටිය ඊයෙත් හිරේ ඇරිය පානදුර මහා අධිකරනෙන් .අන්න ඒ වගේ කවදා හෝ දිනක මේ සියල්ලත් පාරාවළල්ලක් සේ ආපස්සට කැරකෙවී.එදාට ඔය නියෝග දුන්නු එක ලොක්කෙක් වත් හොයාගන්ට නැති වේවි. (ස)
අපි ඉල්ලන්නේ වතුර. ඇයි ඒක දෙන්න බැරි? අපේ කාගේ හරි දෙයක් නම් මෙලහකටත් ඕක වහලා. අපිට කියන්නේ මේවා අත්හැරලා යන්න කියලද? (නි)
බන්දුල වගේ බත් පැකට් එකට,කසිප්පු බෝතල් බාගේට, රුපියල් 100 යට ඡන්දය දුන්නු අයගේ නම් ඔලු කටු කුඩු වෙනකම් ගැහුවත් මම අනේ අපොයි කියන්නේ නැහැ.එහෙත් මට දුක කතිරේ ගහපු නැති අසරණ මිනිසුන් ගැනයි. (නි)
බලන්නවත් අප්‍රසන්නයි. බොන්න වතුර ටිකක් ඉල්ලන අසරණ මිනිසුන්ට ගහන්න,වෙඩි තියන්න පුළුවන් මොන මනුස්සයාටද? (නි)
හමුදාවත් එකයි පොලිසියත් එකයි
ආසියාවේ ආශ්චර්යය (නි)
රණවිරුවනි, ඉල්ලුවේ බොන්න වතුර ටිකක්. ඇයි නුඹලා මෙහෙම කරන්නේ? (නි)
වතුර පොදක් ඉල්ලපු අසරණ මිනිසුන්ට මෙහෙම ගැහුවා නම්... (නි)
ඔන්න කතා වැඩක් කරලා
ලංකාව තවම ගල් යුගයේ කියලයි හිතෙන්නේ සිදුවෙන දේවල් දුටුවිට. මිනිස් බිල්ලක් දෙන්නේ නැතුව පොදු ජනතාවට තමුන්ගේ දුක් ගැනවිල්ලකට විසඳුමක් ලැබෙන්නේ නැද්ද? දැන් රටේ ප්‍රවනතාවය ඒකයි. ඒ මදිවට දුක් විඳින කෙනාට ගහපු එක හරියි කියන සමහර මිනිස්සුන්ට තේරෙන්නේ නැහැ කවද හරි තමුන්ටත් මේ ක්‍රමය නිසා ගුටි කන්න වෙනවා කියලා. (නි)
ඔය වෙඩි තියපු , ගහපු හමුදාව වෙනුවෙන් ඔය ගුටි කාපු , මැරුණු ගම වැසියන් පහු ගිය කාලේ කොයි තරම් බොඩි පූජා තියන්න ඇතිද ? (දී)
හමුදාව දලා පාලනය කරන්න ත්‍රස්තවදින්ග් නෙමේ ඉන්නෙ ගමේ ජනයට තියන පොදු ගැටලුවකට. එකවත් තේරෙන්නේ නැති අයද මෙය රට පාලනය කරන්නේ? (දී)
ජනතා නැගිටීම ගම්පහ පැත්තෙන්වද්දෝ ?? (නි)
රටේ බොහෝ තැන්වල උද්ගෝෂණ පැවැත්වෙනවා,රටේ ජනතාව නොසන්සුන් කිරීම කිසිම කෙනෙකුට අයිති නැහැ. අධ්‍යාපන,ගුරු,මහාමාර්ග,ජලය,අලි ගැටුම්,පොහොර,බීජ,ගමනාගමන,විශ්ව විද්‍යාල, විභාග,ධීවර,විදුලිය,වෛද්‍ය, ලංගම,සේවක අර්ථසාදක, නීතිඥ... මෙකී නොකී සැම අංශයකම උද්ගෝෂණ රට වටේ පිරිලා. ඇත්තටම මොකක්ද මේ වෙලා තියෙන්නේ? සමහරු ලියනවා රජය අපහසුතාවයකට ලක් කරනවා කියලා? හමුදාව යොදා ජනතාව මර්දනය කරමින් ජනතාව හා හමුදාව අතර තිබුන සුහදත්වය නැති කිරීම කණගාටුදායක නොවෙයිද? (නි)
ලැජ්ජයි. වයසක අම්මා කෙනෙක් වටකරගෙන පොලු මුගුරු අරන් හමුදා මහත්වරු චන්ඩිකම් පෙන්නන්න යනවා වගෙයි. (දී)
හොද නමක් දිනා සිටි හමුදාවට අද මොකද වෙලා තියෙන්නේ ? කව්ද මෙයාලා නොමග යවන්න අණ දෙන කෙනා ? වහාම සොයා බලා එළිපිට දඩුවම් කරන්න (නි)
ගුටි කෑවට පස්සෙවත් මේ අයගේ මොළය හෙල්ලිලා ඊළඟ මැතිවරණයේදිවත් ඔලුව පාවිච්චි කරලා කතිරේ ගැහුවොත් හොඳයි. ලග එනවා නේද චන්දයක් ඔලුව පාවිච්චි කෙරුවොත් හොදයි දැන්වත් (දී)
ප්‍රධාන පාරක් අවහිර කිරීම වරදක් තමන්ගේ ඕනෑකමක් නිසා අනුන්ට කරදර වෙන විදියට හැසිරීම වැරදියි
කොබ්බෑකඩුව වගේ හොද හමුදා නායකයෙක්ගේ අගය දැන් හොදින් දැනෙනවා (නි)
පොලිසිය වගේ නෙවෙයි හමුදාව තවත් ඊජිත්තුවක් නම් වෙන්න එපා ලංකාව (දී)
මේ එදා රණ විරුවෝ නේද? අද අම්මල ගේ ඔලුවට පොලු ඔසවන්නේ ? අර පාර්ලිමේන්තුවේ කාටද ජලය ලබාදීල තියෙන්නේ?මේ අයගේ කට පමණි වැඩ නැහැ (දී)
යුද්ධෙදි පිරිත් නුල් බෝධි පුජා කරලා ආශීර්වාද කරපුවගේ ප්‍රතිපල දැන් මේ ලැබෙන්නේ. (ස)
අනේ පව් චන්දෙ දීල හොදට ගුටි කනවා දැන් වත් මොලේ පාවිච්චි කරන්න මිනිස්සුනේ. රටවැසියන් දේශපාලකයින් උදෙසාද දේශපාලකයන් රටවැසියන් උදෙසාද ????????????? (දී)
මහජන සම්බන්ධතා ඇමතිට කරන්න බැරී වුණ දේ ආරක්ෂක ලේකම් කළා. (නි)
සියලු විදේශීය ලංකා පුරවැසියනි, වහාම ලොකු බලපෑමක් නොකළොත් රට ඉවරයි. (නි)
හමුදාව එල්ල කල ඒ මිලේච්ච ප්‍රහාරය හෙලා දකිනවා (දී)
මින් පසුවට පාරට බැහැලා ටයර් පුච්චන්න ඉන්න අයට හොද පාඩම (නි)
සොල්දාදුවාට මේ වගේ සිවිල් මිනිසුන්ගේ ප්‍රශ්න විසදන්න දැනුමක් නැහැ. තිත්ත වුණත් ඇත්ත එක. ඉතින් හමුදාව දාලා මේවා විසදන්න බැහැ කියලා ලොකු අයට තේරෙන්නේ නැද්ද ? (නි)
ඕනෑම ප්‍රස්නයක් විසදන්න පුළුවන් ක්‍රමයක් අපේ මහින්ද මහත්තය හොයාගෙන තියෙන්නේ ? (ස)
වැලිවේරියේ නගරයේදී ඊයේ පිරිසිදු පානීය ජලය ඉල්ලා කලබල කළ පිරිස මර්දනය කළ සියලුම ආරක්ෂක අංශ වලට ජනතා උපහාරය! ඔවුන් මෙම මෙහෙයුම ඉතා සාර්ථක ලෙස නිමකර ඇත. (නි)
අනේ බන්දුලත් ඉන්න තිබ්බේ එතන (දී)
යාලුවනේ ඔබගේ වටිනා ඡන්දය නැවත දෙනෙකොට හොඳට කල්පනා කරන්න (අ)
හැම එකකටම පාරවල් හරස් කරගෙන උද්ගෝෂණ කරන්න පුරුදු වෙලා.ප්‍රධාන පාරක් අවහිර කළහම කීදෙනෙක් අපහසුවට පත්වෙනවද ? (නි)
ඔන්න එහෙනම් වැඩ ඇල්ලුවා (නි)
තවමත් මේවාට පක්ෂව අදහස් දාන අය ඉන්නවනේ. (නි)
ඉහළින් ආ අණ කිරීමක්... හමුදාව අණ පිළිපැදිය යුතුමයි. ගම්පහ අය එන පාරත් මේ අයට ඡන්දෙ දෙන්න අමතක කරන්න එපා හොඳේ. (නි)
තමන්ගේ ප්‍රශ්න විසඳගන්න අනුන්ට ප්‍රශ්න ඇති කරන එක සාධාරණ නැහැ.කොළඹ නුවර වැනි ප්‍රධාන පාරක් අවහිර කිරීම නීති විරෝධී ක්‍රියාවක්. (නි)
මේවා අහස පොලොව නුහුලන අපරාධ (දී)
ආසියාවේ ආශ්වර්යය. ඒ මිනිස්සුන්ගෙ ප්‍රශ්නෙට විසදුම් නොදී හමුදාවෙන් පාලනය කරන්න හදනවා. මෙහෙම තව කොච්චර දුරක් යයිද?. (නි)
හොඳ වැඩක් හමුදාවෙන් කරලා තියෙන්නේ. ඕනෑම සුළු දෙකටත් ජන ජීවිතයට කරදර වෙන විදියට ටයර් පුච්චාගෙන පාරවල් හරස් කරගෙන නීතිය අතට ගන්නවට හොඳ දඩුවම (නි)
සෙහාන්, බොන්න වතුර නැතුව ඔයාට දවස් කියක් ඉන්න පුලුවන්ද? ආණ්ඩුව නොදැන වෙන්න බැහැ මෙහෙම ප්‍රශ්න විසදන්නේ. අනික ඔය හමුදාවේ කීදෙනෙක් දුප්පත් ගම්වලින් ආපු අයද? ඔය හැම කෙනෙක්ගෙම ගෙවල් වල වතුර පයිප්පද තියෙන්නේ? (නි)
හමුදාව කරපු එක හරි. මිනිස්සු කීදාහක් මහා පාරේ රස්තියාදු වෙනවද ? අනිත් මිනිස්සු ගැනත් හිතන්න ඕනෑ තමන් ගැන විතරක් හිතන්නේ නැතුව (නි)
අසරණ මිනිසුන්ට ඔහොම කරන එක මහා පවක් (නි)
මෙතන වැරදි දෙකක් සිදුවී තිබෙනවා. ජනතාව ප්‍රධාන පාරක් අවහිර කිරීම වැරදියි,නිලධාරීන් එක පාරටම තම රාජ්‍ය ඌෂ්ණය පෙන්වීමත් වැරදියි. (නි)
මේ ප්‍රශ්නෙදි ප්‍රාදේශීය දේශපාලකයො දුන්නු උත්තරේ තමයි , ඔබ වියදම් කර නළමාර්ග යොදා ගන්න. අපි වතුර ටික දෙන්නම් කියලා. දැන් ඔය අදහස් දක්වපු අය කියන්න එහෙනම් මොකද කරන්න ඕනෑ කියලා. අපි බලෙන් අපේ ළිංවලට ඇසිඩ් ගෙනවිත් දාගෙන අපි කරගත්තු දෙයක්ද,අපි අපේ වියදමින් ජල නළ එලාගන්න ? ඔබට මේ දේ වුණා නම් ඔබ ගන්නා ක්‍රියාමාර්ගය මොකක්ද ? (නි)
පාරවල් හරස් කරන එක පුරුද්දකට ගිහිල්ලා. හදිසියකට ගමනක් යන්න බැහැ. ප්‍රශ්න විසදා ගන්න ක්‍රම තියෙද්දී සුළු පිරිසකගේ වැඩ නිසා මුළු රටේම ජනතාව තවත් ප්‍රශ්න වලට මැදි වෙනවා. (නි)
හෆ්සාල්, ඔබතුමා හරියටම කියලා තිබෙනවා. මේ වගේ හිතන මිනිස්සුත් එක්කයි ජිවත් වෙන්නේ කියලා හිතෙනකොටත් ජුගුප්සාජනකයි (නි)
මේ එදා මාවිල්ආරු සොරොව්ව අරින්න මුල් වුණ උදාර රණවිරුවොමද කියලා හිතෙනවා. මොවුන් මේ පහර දෙන්නේ තමනුත් අයත් නිර්ධන පන්තියේ අහිංසකයන්ට නොවේද? (නි)
පාර වහගෙන හිටිය එක වැරදියි කියලා, හමුදාව කරපු දේ සාධාරණීකරනය කරන්න බැහැ. මෙයාලා එක පාර මේ ක්‍රියාමාර්ගයට ආවේ නැහැ. ගොඩක් කල් ඉඳලා විසඳුමක් නැති නිසා තමයි මෙතෙන්න එන්න වුණේ. ඒ වගේම මෙවැනි දේකට හමුදාව යෙදවීම නීතිවිරෝධී වැඩක්. මේකට යොදවන්න ඕනෑ පොලිසිය. මොකද මේක සිවිල් ජනතාව සම්බන්ධ දෙයක් නිසා. ඒකේ අතුරු ඵලයක් ලෙස සිවිල් වැසියෙක් මිය ගිහින් තිබෙනවා අද වෙද්දී. මේක ඉතාම දරුණු තත්වයක්. (නි)
රට සම්පුර්ණයෙන්ම කණපිට හැරී ඇති බව පෙනේ. ත්‍රස්තවාදීන්ගේ සහ සිවිල් ජනතාවගේ වෙනස හමුදාවන්ටද දැන් නොදැනේ කියා සිතේ. "අනේ සර් එහෙම කරන්න එපා. අපි ඉල්ලන්නේ බීමට වතුර. අපට ලොකු ප්‍රශ්නයක් තිබෙනවා." ලෙස ගැමි ජනතාව කළ ප්‍රකාශයෙන්ම ඔවුන්ගේ අසරණකම පැහැදිලිය. "මාධ්‍යවේදීන්ටද ඔහු පැවසුවේ ඡායාරූප ගැනීම/වීඩියෝ නොකරන ලෙසයි. එසේ කළහොත් ඔවුනට ද ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදුවන බව ද කීවේය." රටේ ප්‍රජාතන්ත්‍රවාදය දරුණු පරිහානියකට ලක්වීමේ සේයාවක්දෝ යැයි සිතෙන තරමටම රට අසරණය. ලංකාදීපයේ මාධ්‍ය මෙහෙවර නිතැතින්ම අගය කළ යුතුය. (නි)
අනේ සෙහාන්,ඔයාලා වගේ ආත්මාර්ථකාමි මිනිස්සු නිසා තමයි අද ලංකාවට මෙහෙම වෙලා තියෙන්නේ. මේ අහිංසක මිනිස්සු ඉල්ලන්නේ බොන්න වතුර ටික...අපි ලංකාවේ හිටියේ නැතත් මේ අහිංසක මිනිස්සුගේ දුක දැනෙනවා. (නි)
සියල්ලන්ටම සැප්තැම්බර් 21 දින උත්තර දීම ඔබ අප සතු යුතුකමකි.එහෙත් අපි වෙන කවුරුන් පත්කරමුද? (නි)
දැන් එහෙනම් ඔය වතුර බිලා ඊලග පාරත් ඡන්දෙ මෙයාලටම දෙමු. (නි)
මෙන්න තවත් වික්‍රමයක්.බොන්න දියපොදක් ඉල්ලපු නිරායුධ ජනතාවට රණවිරු පොලුපහර.සුබ අනාගතයක්...! (නි)
බොන්නට පිරිසිදු දිය බිඳක් ඉල්ලීම වෙනුවෙන් දඬුවම මරණයද? කවුරුන් කළත් කළකම් පලදේ. ඒ දිනය වැඩි ඈතක නොවේවායි අප ප්‍රාර්ථනා කරමු (නි)
අනේ මන්දා! මිනිස්සු පවු! (නි)
මහජන මතය යටපත් කරන්න හමුදාව යොදගැනීම වැරදියි. ප්‍රශ්නෙට උත්තර දීලත් මිනිස්සු කෑ ගහනවා නම් කමක් නැහැ. ඒත් මෙතන වෙන්නෙ පාලකයො වැරදි කරලා, මිනිස්සු පීඩාවට පත් කරලා, ඒකට විරුද්ධව කතා කරන මිනිස්සුන්වත් මර්දනය කරන එක. ඒක වැරදියි. බුද්ධිමත් මහජනයා නැවත මේ ගැන හිතලා තීරණයක් ගත්තොත් හොදයි. (නි)
මගේ රටට දළදාහිමි සරණයි ! මේ අහිංසකයන්ගේ ජිවිත වලට වග කියන්නේ කව්ද ? (නි)
බීමට ගන්න වතුර වෙනුවෙන් සටන් කළ අහිංසක ගම්මුන්ට හමුදාවෙන් මෙහෙම කළා නම්.... එතකොට ? (නි)
අසෝක, ඔයා හිතන්නේ මිනිස්සු පාර අවහිර කරගෙන හිටපු එක හරි කියලද?නුවර පාර අවහිර වුනහම දහස් ගානක් මිනිස්සු මහමග අතරමන් වෙනවා.ඔය අතර අත්‍යවශ්‍ය ගමන් යන කොපමණ ඉන්නවද? ඒවා ගෙන හිතන්ඩ ඕනෑ.ඕවා පිටිපස්සේ දේශපාලකයෝ ඉන්නවා. එයාලා තමා අහිංසක මිනිස්සුන්ව පාරට බස්සන්නේ. (නි)
ආරක්ෂා ලේකම්තුමා හරරෙන්න මෙරටේ ප්‍රශ්නයක් විසදන්න සුදුසු කෙනෙක් නැහැ. කරුණාකර මේ මිනිසුන්ට ඔබතුමාවත් සහනයක් දෙන්න. (නි)
කුහක මිනිස්සු තාමත් මේ දේ හරි කියනවනේ. අනේ මෙහෙමත් මිනිස්සු ඉන්න රටක්. මේ රටට මෙහෙම වෙලා තියෙන්නේ මිනිස්සුන්ගේ වරදින්. (නි)
සෙහාන්, එතකොට දවස් 5ක් තිස්සේ අසරණ දරුවෝ, ගැබිණි මාතාවෝ, වැඩිහිටි උදවිය, රෝගීන් ඇතුළු සමස්ත ගම්මාන 10ක් ජනතාව විදින දුක කාටවත්ම නොපෙනෙන එකට මොකද කියන්නේ? ඔයා නොදන්නවා වුණාට මේ මිනිස්සු මේ අද ඊයේ නෙමෙයි, මාස කිහිපයක ඉදන් මේ කර්මාන්ත ශාලාවේ පරිසර දුෂණය ගැන හැමෝටම දැන්වුවා, එහෙත් කිසිම කෙනෙක් කන් දුන්නේ නැහැ. මේ මිනිස්සුන්ට වෙන විකල්පයක් නැහැ විරෝධතාව හැර. (නි)
හේමන්ත, ඔයාලා ඉන්නකම් මිනිස්සු ගුටි කයි. ජනතාවට තියෙන්නේ කටවහගෙන ඉඳලා ලෙඩ්ඩු වෙන එකයි. මේවා ලබන ඡන්දෙදි විතරක් නොවෙයි, මේ තිබෙන පළත් සබා ඡන්දෙදිත් සිහියට ගෙන ඡන්දය පාවිචි කරන්න (නි)
අශෝක, මෝඩයෙක් වෙන්න එපා. නුවර පාර හරස් කළාම වතුර පිරිසිදු වෙනවද? (නි)
ගාලු පාර අවුරුද්දකට 10 පාරක් විතර පෙරහැරවල් වලට වහනවා. මේ මිනිස්සු බොන වතුරට කෑගහපු එක තමයි හමුදාවට තියෙන අමාරුව. හමුදාවෙ ඉන්නේ වතුර නොබොන අය වෙන්න ඇති. (නි)
ගම්පහ කට්ටියනේ ගියපාර දුවලා ගිහින් දුන්නේ. හමුදාවට අපේ ප්‍රණාමය! (නි)
පොලිසියට දැන් මිනිස්සු ගරු කරන්නේ නැහැ. ඒ තත්ත්වයට රණවිරුවනුත් පත්වන්නද යන්නේ? (නි)
දේශපාලකයන්ගෙන් මෙතනට එන්න තරම්වත් ඕනෑකමක් තිබුනේ මර්වින් සිල්වාට පමණයි. අනිත් ගම්පහ දේශපාලුවෝ තමන්ට ඡන්දෙ දීපු මිනිසුන්ට මෙච්චර ප්‍රශ්න තියෙද්දී ඒ ගැන හොයා නොබලා සිටියා. (නි)
අනුන්ගේ දුක නොතේරෙන රටක ඉපදීමත් පවක්.අද දවසේ ගෙදර යන්න ප්‍රමාදය ගැන හිතලා අදහස් දාන අය දැනගන්න, වතුර කියන්නේ මුලික මිනිස් අයිතියක්. (නි)
රජය මේවට වග කියන්නම ඕනෑ. (නි)
ලැජ්ජයි නේ ..... (දී)
අපිට මෙහෙම කරන එක හොද ද?? (නි)
ඇයි මේ අහිංසක මිනිස්සුන්ට සහන සලසන්න බැරි. ගංවතුරක් වුණහම විතරද මිනිස්සුන්ට සහන දෙන්නේ ? හැම ගෙදරකටම බොන්න වතුර දෙන්ඩ ආණ්ඩුව කටයුතු කරන්නේ නැත්තේ ඇයිද කියලයි මට හිතාගන්න බැරි. තව කෝ මේ සිවිල් සංවිදාන? ආණ්ඩුව කරනකන්ම බලාගෙන ඉන්නේ නැතුව ඇයි මැදිහත් වෙන්නේ නැත්තේ මිනිස්සුන්ට වතුර දෙන්න (නි)
අසරණ සිවිල් ජනයාට නම් චණ්ඩිකම්. හැබැයි සමහරු ඇමති පුතුන්ගෙන් ගුටි කනවා. (නි)
රණවිරු රියල් ස්ටාර් මතක් වුණා (නි)
මේ පින්තුර වල හැටියට නම් හමුදාව කිසිම තැකීමක් නැතුව මිනිසුන්ට පහර දෙනවා. නමුත් අවශ්‍ය ප්‍රශ්නයට කාගෙන්වත් කිසිම උත්තරයක් පෙනෙන මානයක නැහැ. අහිංසක මිනිස්සු දැන් කාටද කියන්නේ? (නි)
ඉතින් හොදයි
මිනිස්සුන්ගේ අමාරුකම් තේරුම් ගන්න පුළුවන් අය නැද්ද? (නි)
ඔය දේවල් දවස් 2ක් යනකොට අපේ සිංහල මිනිස්සුන්ට අමතක වේවි (නි)
මොවුන්ගේ ප්‍රශ්නය සාධාරණයි නමුත් ලංකාවේ ප්‍රධාන පාරක් අවහිර කිරීම මෙයට විසඳුම නෙමෙයි. (නි)
රණවිරුවෝ කියලා නම්බු නාම දීපු, යුද්දෙ කාලේ බොන්න වතුර බෝතල් එකතු කරලා දීපු, බෝධි පුජා තියපු, පිරිත් කියපු, අපි වෙනුවෙන් අපි කියලා අතේ තියෙන තුට්ටු දෙක දන් දීපු අපිට ගහන්න තව උඩ පැන පැන. (නි)
ගුටි කෑවට පස්සෙවත් මේ අයගේ මොළය හෙල්ලිලා ඊළඟ මැතිවරණයේදිවත් ඔලුව පාවිච්චි කරලා කතිරේ ගැහුවොත් හොඳයි (නි)
ආසියාවේ ආශ්චර්යයද මේ? (නි)
මිනිස්සු පාර වහගෙන ඉන්නේ ඇයි? ප්‍රශ්න තියනවා නම් කතා කරලා විසදාගන්න ඕනෑ (නි)
ඔය ගුටිකාපු අසරණ මිනිස්සු කොච්චර නම් බෝධි පුජ පින්කම් කරලා ඇද්ද රණවිරුවෝ වෙනුවෙන්? දැන්නම් රට වෙනුවෙන් යුද්ධ කරලා අසරණ වුණ මිනිස්සු ගැන විතරමයි මට නම් අනුකම්පාවක් තියෙන්නේ. නැවතත් 88/89 වගේ කාලයක් එන්න වගේ කියලා මට නම් හිතෙන්නේ. (නි)
බොන්න වතුර ඉල්ලපු අහිංසක නිරායුද ජනතාවට පොල් මුගුරු වෙඩි පහර. ඔය ජනතාව තමයි බොඩි පූජා තිබ්බේ අපේ හමුදාවට පොලිසියට සෙත් පතල. කල ගුණ නොදන්න හරි වැරැද්ද නොදන්නා අය වගේ අහිංසක මිනිස්සුන්ට පහර දෙනවා.ඔහොම අපේ මින්ස්සු මෙල්ල කරන්න බැහැ (දී)
අනේ ගම්පහ මිනිසුනේ, ඔයාලටත් අර අම්පාර පැත්තෙ සයනයිඩ් වතුර බීලා සද්ද නැතුව නිශ්ශ්බ්දව ඉන්න බැරිද? (නි)
අහෝ ලෝකයේ සිටි හොදම හමුදාවට ගිය කල! (නි)
පිටිගල අයියා 100% හරි. (නි)
මිනිස්සු කර කියා ගන්න දෙයක් නැතුව අවුරුදු මාස ගණන් හැමෝටම පිංසෙණ්ඩු වෙලා අවසාන විකල්පය විදියට පාරට බැස්සහම මෙතන ඉන්න සමහරු නිදාගෙන නැගිටලා කෑගහනවා පාරට බැහැපු එක වැරදිලු. මේ වගේ අය තමයි උන්මත්තකයින්ව පාර්ලිමේන්තු යවන්නෙත්. (නි)
ප්‍රබාකරන් වරද්දා ගත්තෙත් වතුර නවත්තලා. ඒක නිසා ප්‍රවේශමෙන්. ඕක දුරදිග යන්නත් බැරි නැහැ (නි)
පොලුවලින් ගහන්න කලින් හමුදාව ටිකක් හිතුවොත් හොඳයි අපේ රටේ මිනිස්සු රණවිරුවට කොයිතරම් ආදරේද කියලා. (නි)
මේ මිනිස්සු ප්‍රශ්නෙට විසදුමක් ඉල්ලන්නෙ කවදා ඉදලද? එක්කෙනෙක්වත් ඒවට ඇහුම්කන් දෙන්නෙ නැහැ. අන්තිමට හමුදාවෙන් පාලනය කරන්නද යන්නෙ. (නි)
මට මගේ රටවැසියන් ගැන දුකක් හට ගැනේ. රටවැසියන් දේශපාලකයින් උදෙසාද දේශපාලකයන් රටවැසියන් උදෙසාද??? (නි)
ජනතාව බදු ගෙවා මෙම දේශපාලන පැලැන්තියෙන් ගුටි කනවාද නැතහොත් ගෞරවාන්විතව ජීවත් වනවාද යන්න නිර්ණය කලයුතු කාලය එළඹ ඇත. (දී)
මට මගේ රටවැසියන් ගැන දුකක් හට ගැනේ (නි)
මියගියේ මොන ජාතිකයෙක්ද? (නි)
මම අහලා බැලුවා. වැලිවේරිය අවට එක ගමක එක ළිදකවත් නියමිත පි.එච්.අගය (6.5 සිට 8.5 )නැහැ. ගොඩක් තැන් වල 4 හෝ හතරට අඩුයි. පිරිසිදු වතුර සෙල්සියස් 100 වලදී නටනවා. එහෙත් වැලිවේරියේ වතුර නටන සෙල්සියස් අගයන් වෙනස් . (නි)
කාගේද වැරැද්ද? (දී)
රට නිදහස් කරගත් එකේ නම්බුව තියන්න (දී)
බන්දුල මහත්තයෝ අහිංසක මිනිස්සු උසි ගැන්විලා ආවත් ඒ මිනිස්සුන්ට වෙඩි තිබ්බ එක හරිද කියලා විතරක් ඔය ටිකිරි මොලේට හිතන්නකෝ.. (නි)
සතියේ දවසක නුවර පර අවහිර කළහම මොකක්ද වෙන්නේ කියලා හිතන්න බැරි ආත්මාර්ථකාමී මිනිස්සු අදහස් දාන්නේ මේකේ හරි වැරැද්ද නොදැන නෙමෙයි. ආණ්ඩුව මේකෙන් අපහසුතාවයට ලක්වෙලා මිනිස්සුන්ගේ අප්‍රසාදයට ලක්වෙනවා දකින්න තියෙන හැගීමෙන්. සාධාදාරන උද්ගෝෂණයකට පාරවල් හරස් කරන්න අවශ්‍ය නැහැ. සාමකාමී උද්ගෝෂණ වලට ඉඩදෙන්න, ඔවුන්ගේ ප්‍රශ්න විසදන්න... හමුදාවට අපේ ස්තුතිය! (නි)
ගම්පහ අපිමනේ මේ කට්ටියට කතිරය ගැහුවේ. දැන් අපි අපිටම ගහ ගන්නවා. (නි)
බන්දුල, ඇවිල්ලා බලනවා මෙහෙ මිනිස්සු දුක් විදින හැටි (නි)
ඔය ගොල්ලො හිතන්නේ හමුදාව හැම කෙනාටම ආවඩනවා කියලද?එහෙම හිතනවා නම් වැරදියි.මමත් දැන් අවුරැදු 05 ක් මෙහේ රැකියාව කරනවා. (නි)
මිනිස්සුන්ට ඔහොම වෙලා මදි. මේපාරත් එයාලව දිනවන්න (නි)
මේ සියල්ලටම වගකිව යුත්තේ කවුද? දේශපාලනය
දැක්කද මේ බන්දුල හා ප්‍රසන්න හමුදාවට ස්තුති කරලා අහිංසක මිනිස්සුන්ට වෙඩි තිබ්බ එක ගැන? අනේ මෙහෙමත් මිනිස්සු.. (නි)
මෙය ඔක්කොම වලිග පාගාගෙන දගලනවා වගෙයි. වතුර නොවෙයි ප්‍රශ්නේ. කාගෙහරි කුහක කතාවකට ඔක්කොම අහුවෙලා වගෙයි. ආසියාවේ ආදායම ලබන හොදම ආයතනයක් මේක. මේවා බලාගෙන ඉන්න බැරි අතරමං වුණ කාගේහරි ගැටයක් වෙන්නත් පුළුවන්. (නි)
මේක අධ්රාජ්ජවාදී කුමන්ත්‍රණයක්. සමහරවිට දෙමල ඩයස්පෝරාවත් සම්භන්ධ ඇති ... :) (දී)
මේක අධිරාජ්‍යවාදී කුමන්ත්‍රණයක්. (නි)
අර සංවිධාන මේ සංවිධාන වලට මේ අහිංසක ජනයාට පහර දීම නොපෙනෙන්නේ ඇයි? (නි)
ධම්මික පෙරේරාගේ ශකිතිය තමයි මේ..අපිට ගැහුවට ඇගට රිදුනේ නෑ. හිතටයි රිදුනේ... (දී)
මිනිස්සුන්ට වැරදි පාරේ යන්න උඩගෙඩි දෙන එක වැරදියි (නි)
අහිංසක මිනිස්සු මර දැමීම හෙලා දකිමු (දී)
ලැජ්ජයි. (නි)
පෙන්නේ හරක් මරණ එක විතරද? මිනිස්සුන්ට හරක්ට තරම්වත් අයිතියක් නැද්ද? දැන්නම් පැපුවා නිව් ගිනීයා ගියත් සැපයි වගේ. ලංකාවේ හමුදාවේ කුරිරු කම ලෝකයට පෙන්නපු තවත් ජයග්‍රාහී අවස්තාවක් ආඩම්බරයි (දී)
මේවා දේව සාප
හමුදාව වැරදි නැහැ (නි)
ඉල්ලීම් උද්ගෝෂණ කරන්න ජනතාවට අයිතිය තිබුනත් තවත් ජනතාවක් පීඩාවෙන මෙවැනි බාල නැගිටීම් වටලා බූවල්ලෙන් තලන්නමයි තියෙන්නේ. (නි)
රජින්ද මහත්තයා, ඔයාලා වගේ කුහකයෝ මේ මිනුස්සුන්ගේ දුකට කෑගහනවා කියලද කියන්න හදන්නේ? මේ මිනිස්සුන්ට හෙණ ගැහුවත් ඔයාලට දුක නැහැ. අපි බබාල නෙමෙයි මහත්තයෝ. අහිංසකයෝ පාරවල් හරස් කරන්න උසිගන්වන්නේ කව්ද කියලා අපි දන්නවා. (නි)
පරිසරයට අදාල මෙවැනි ප්‍රශ්න මුල් අවස්ථාවේම (උදා: කම්හලක් පටන් ගන්න විටම ) නිරාකරනය නොකිරීමේ විපාක තමයි මේ (නි)
ලොක්කෝ කරන වැඩ වලට සොක්කෝ පළි නැහැ (නි)
නුඹලා වෙනුවෙන් අපි කොයිතරම් රත්ඤ්ඤා පත්තු කළාද? තව ගහපල්ලා අපිට. (නි)
පිරිසිදු ජලය පරිහරණය ලොව ඕනෑම රටක වෙසෙන සෑම පුරවැසියෙකුටම පොදු මුලික අවශ්‍යතාවයක් මෙන්ම අයිතියක්. එවැනි මානුෂිය ගැටළුවක්, ප්‍රශ්නයක් ඉදිරියේදී වත් සංවේදී වීමට තරම් සිත් නොමැති මේ හමුදා නිලධාරීන්ට සහ වක්‍රාකාරයෙන් මෙම අමානුෂික පහරදීම අනුමත කරන සියලු දෙනාටත් මේ භවයේදී හෝ මතු භවයේදී ප්‍රතිවිපාක වලට මුහුණ පෑමට සිදුවේවායි පතනවා හැර වෙනත් දෙයක් හදවතට එකඟව කියන්න බැහැ. තමන් කළ කර්මය කවදා හෝ පල නොදේ නම් ලොව පවතින ආගම් ධර්මයන් වලද සත්‍යතාවයක් නැත. (නි)
ඕක කරන්න ඕනෑ ඔය විදියට නෙමෙයි. ඔය ආයතනය අයිති මනුස්සයා හොයලා ඒ කෙනාගේ ගේ ළග උද්ඝෝෂණය කළා නම් හොදයි. එතකොට තේරෙනවනේ මෙච්චර විශාල මහජනතාවකට වෙලා තිබෙන විපත.පාර හරස් කළහම මහජනතාව අමාරුවෙනේ. (නි)
ඉතින්,මෙයාලා ප්‍රධාන පාරක් අවහිර කරගෙන හිටියහම ලිං වල වතුර පිරිසිදු වෙනවද...?මට හිතෙන්නේ මේකට විසදුම මේක නොවෙයි. හමුදා සෙබළුන් හොදින් කියලා තියෙන්නේ පාරෙන් අයින් වෙන්න කියා. රටේ සාමය රකින සෙබළුන්ට මගේ උත්තමාචාරය !!!!! (නි)
අනේ හමුදාව රණවුරුවන්ට් ඔය හන්දියේ මොන තරම් සුබ පතන්න ඇත්ද ? (ස)
දකුණේ හමුදාව මෙහෙම ගහනවා නම් උතුර... (නි)
අද සිට විසි එක්කොටියක මල් පුජාවක් කරන්න මම සුදානම් හමුදාව වෙනුවෙන් .ඔබත් එනවද ? (දී)
හමුදාව ගැන රටේ මහජනතාව තුල තිබෙන අභිමානය දේශපාලනය නිසා නැතිවේවිද කියලා මට බයයි (නි)
මේවා ජාති ජාති පලදෙන කරුම (දී)
මේක ආණ්ඩුවේ වැඩක් (ස)
ලෙස්ලි හිතාගෙන ඉන්නෙ මහජනතාව කියන්නෙ විද්‍යාත්මක පරීක්ෂක්යො කියලද?බොරු ලොකුකම් පෙන්වන්න හදන්න එපා.ඒ අපේ මිනිස්සු.ඒ මිනිස්සුන්ට කරගන්න බැරි දේ කරන්න කියලා බලධාරින්ට කියන්න පැමිණිය නිසා තමයි ඔවුන් මේ සිද්ධියට මූහුන දුන්නේ.චාමර, මිනිස්සු ගැනද ජාත්‍යයන්තරයෙන් ප්‍රශ්න පැමිණ තියෙන්නේ.හමුදාව වගකිමෙන් වැඩ කරන්න ඕනෑ නැද්ද තමන්ගේ හොද නම රැකගන්න? මධුසංඛ, ඔය වගේ අවස්ථාවකට මුහුණ දෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා.එතකොට ඔහොම කියයිද? කියන්න තියෙන්නේ දැන් මිනිසුන් ගොඩ දෙනෙකුගේ හිතේ තෙතමනයක් නැහැ. ඇයි මෙහෙම වෙන්නේ. හැමදේම වෙන්නේ සල්ලි වලටයි කියලා මිනිස්සුන්ට ඒත්තු ගන්වලා තියෙන්නේ.හරිම දුකයි රට ගැන. ඇයි මේ අපේ වගකිවයුත්තන්ම අපේ රටට වළකපන්න පාර තනන්නේ. (නි)
සමහර දේවල්වලට තමාටම ගහගන්න වෙනවා අදාල අපි හැමෝට ම "උඩ දා ගෙන ගිහින් කතිරේ ගැහුවට" (ස)
රේස් වලට විතරයි ද පාරවල් වහන්න පුළුවන්? (දී)
ඉහළින් ආ අණ කිරීමක්... හමුදාව අණ පිළිපැදිය යුතුමයි. ගම්පහ අය එන පාරත් මේ අයට ඡන්දෙ දෙන්න අමතක කරන්න එපා හොඳේ (ස)
මේ සිදුවුණ දේට රජය සම්පුර්ණයෙන්ම වග කියන්න ඕනෑ නේද? වතුර ටිකවත් බොන්න දෙන්නේ නැද්ද? අනෙක තමයි මහජනතාවට ගහපු එක සම්පුර්ණයෙන් වැරදියි. මේක හෙළා දකින්න ඕනෑ සියලු දෙනාම (නි)
ඉල්ලීම් උද්ගෝෂණ කරන්න ජනතාවට මෙවැනි බාල නැගිටීම් වටලා බූවල්ලෙන් තලන්නමයි තියෙන්නේ. (ස)
මවු කිරි වෙනුවට මාරි බිස්කට් වතුෙරන් ෙපාගවලා දරැවන්ට කන්න ෙදන තරම් දුප්පත් මිනිස්සු ඉන්න රටක , උෙද්ට හාමතේ පාසල් ෙගාස් ෙගදර අැවිත් ෙරාටියක් කාලා රැට හාමතේ නිදාගන්න ළමයි ඉන්න රටක , දවස් 5ක් තිස්සේ අසරණ දරුවෝ, ගැබිණි මාතාවෝ, වැඩිහිටි උදවිය, රෝගීන් ඇතුළු සමස්ත ගම්මාන 10ක් ජනතාව වතුර ටික වෙනුවෙන් විදින දුක කාටවත්ම නොපෙනෙන ඒෙක් , අපි එකෙක් මැරැවයි කියල කවුරැවත් මුකුත් කියන ඒකක් නෑ. (දී)
මේ හැම දෙකින්ම පෙනෙන්නේ මිනිසුන්ගේ කුහකකම, ආත්මාර්ථකාමීකම, මෝඩකම වගේ දේවල්. වැරදි දේ වැරදි විදියට දකින්න බැරි තරමට මිනිස්සු අන්ධ වෙලා. දේශපාලකයෝ මේ ලස්සන රට විනාශ කරලා තියෙන්නේ. ඒක තේරෙන්නේ නැති බහුතරයක් ඉන්නේ. ළිදේ ඉන්න මැඩියෝ වගේ. මේ වගේ දේවල් ඇති වෙද්දී ටිකක් කතා කරනවා, ටිකක් දවස් ගියාම ඔක්කොම අමතක වෙනවා. නැවත මොකක් හරි වුණහම ටිකක් කතාකරනවා ,තව කට්ටියක් කෑගහන අයට ගහනවා, හැමදාම මෙහෙම තමයි. (නි)
පාර වහපු එකත් ගහපු එකත් දෙකම වැරදියි. (ස)
මෙන්න නියම මානුෂිය මෙහෙවුම අරෙහෙ වතුරට ප්‍රශ්න වෙන කොට එහෙමයි මෙහෙ මෙහෙමයි (දී)
නිකන් බොරුවට දගලන මිනිස්සුන්ට හමුදාව ගැන මතක්වන්න හොද අවස්ථාවක් (නි)
අසික්කිතයි. (ස)
මෙවැනි අවස්ථාවන් හට හමුදාව යොදා ගැනීම මහා විනාශයක ළකුණක් විය හැක (නි)
රජයේ ඉහල නිලදාරීන් දුර දිග නොබලා ගන්න යම්යම් තීරණ වල ප්‍රති විපාක විදින්න සිදුවෙලා තියෙන්නේ රටේ ජනතාවට, රජය ඉක්මනින්ම මේ ප්‍රශ්නෙට මැදිහත්වෙලා විසදුමක්ලබා නොදී රජයේ හමුදාවල් දාල ප්‍රශ්නය යටපත් කරන එක අපි කොහෙත්ම අනුමත කරන්නේ නැහැ, නමුත් ඉතින් පාරවල් හරස් කරලා මේවගේ දේවල් කරනවට වඩා අන් අයට හිරිහැරයක් නොවන ආකාරයට කරනවානම් නේද හොඳ. (ස)
ඇයි නයිර් රේස් තියන්න විතරද පාරවල් වහන්න හොද? කෝ මහලොකුවට ලංකාවේ වැඩිම මනාප ගත්තා කියලා කැගහපු පැරෂුට් කාරයා? (දී)
අපි වෙනම රාජ්‍යයක් ඉල්ලුවේ නැහැ.අපි ඉල්ලුවේ වතුර. ඇයි අපිට මේ විදියට පහර දුන්නේ? එහෙම පහර දෙන්න තරම් ඔයාලා සැහැසි වුණේ කොහොමද මහත්තයෝ.....? (නි)
හැම දෙයකටම මෙහෙම පාරට පැනලා, අවහිර කරන්න ඕනේ නැහැ ඒක රටේ දැන් විනෝදයක ්වෙලා. ගස්වලට , බිල්ඩින්වලට නගිනවා. මොනවා හරි දෙයක් කරගන්න. එතකොට විසදෙයි කියලා හිතාගෙන ඉන්නවා. (ස)
වෙනත් පළාත්වල මෙන් මෙම නිවාස සඳහා ජල නල මගින් ජලය සැපයීමේ ව්‍යාපෘතියක් වහා ආරම්භ කිරීම සුදුසුම පිළියම වේ (ස)
ආණ්ඩුවේ බල කණුවක් වන කුලප්පුආරච්චිගේ දොන් ධම්මික පෙරේරාට අයත් විනිග්‍රොස් කර්මාන්ත ශාලාව දීර්ඝ කාලයක් තිස්සේ අපද්‍රව්‍ය පරිසරයට මුදාහැරීම නිසා ප්‍රදේශයේ ගම් 10 ක ජනතාවගේ පානීය ජල අවශ්‍යතා සපුරන ජල මූලාශ්‍ර විෂ වී ජනතාව විනාශයට ඇද වැටී ඇත.
හරි නායකයෙක් ඉන්න විපක්ෂයක් නැතිකමේ ඵලවිපාක අපි විරුද්ද පක්සෙන් ටිකදෙනෙක් දිනෙව්වොත් සල්ලි ටිකක් අරන් උනුත් ආණ්ඩුවටම යයි ඉතින් මොලේ පාවිච්චිකරලා ඡන්දෙ දුන්නට වැඩක්ද ? (ස)
මිනිස්සුන්ගේ ඉල්ලීම් වලට කන් දුන්නා නම් මෙහෙම පාරවල් අවහිර කරන එකක් නැහැනේ.මේක සෙල්ලමක්ද? වස විස සහිත ජලය පානය කරලා නොයෙකුත් ලෙඩ රෝග හදාගෙන දුක් විඳින්න කව්ද කැමති. (නි)
ඉහලින් ආ අණ මත හමුදාව කළ දෙයක් තමයි. (ස)
හොදයි හොදයි කිව්වට ඔක්කොම එකයි.හැම පක්ෂයකම ඉන්න අය එකතුවෙලා අහිංසක මිනිස්සුන්ව රවට්ටනවා.කොච්චර ගුටි කෑවත් ටික දවසකින් අපේ මිනිස්සුන්ට ඕක අමතක වෙනවා. (නි)
දේශපේමි ජනතාවට ගහන එක හොදද?(නදී)
1. ප්‍රදේශයේ ජලය ආම්ලිකයි කියලා ඔප්පු කළාද? 2. ජලය ආම්ලික නම් එයට හේතුව එම කර්මාන්ත ශාලාව කියල ඔප්පු කරලා තිබෙනවද? 3. එම කර්මාන්ත ශාලාව වසා දැමුවොත් ජලයේ ආම්ලිකතාවය නැතිවෙයි කියලා ඔප්පු කරලා තිබෙනවද? 4. මේ කරුණු තුන සාධක සහිතව බලධාරීන්ට දන්වා තිබෙනවද? 5. බලධාරීන් මේ සම්බන්ධව පියවර ගෙන නැද්ද ? මේ ප්‍රශ්න පහට උත්තරය 'ඔව්' නම් ප්‍රදේශවාසීන් මාර්ගය හරස් කොට උද්ඝෝෂණය කිරීම නිවැරදියි, පහරදීම වැරදියි. එකදු ප්‍රශ්නයකට වත් 'නැත' පිළිතුරු ලැබේ නම් උද්ඝෝෂකයින් වැරදියි. (මේ අදහස මම අනුමත කරනවා) (දී)
මෙහෙම වහල්ලු වගේ දඩ ගෙවමින්,බදු ගෙවමින් ජීවත් වෙනවට වඩා මැරෙන්න හරි මුළු ලංකාවම එකතු වෙලා පාරට බහින්න ඕනෑ. මොකද මරනවා කියලා සියල්ල මරලා දාන්න බැහැනේ.අනික මානව හිමිකම් කියලා දේකුත් තියෙනවනේ. (ස)
කටුනායක 1ක් මැරුව හලාවත 1ක් මැරුව.දැන් මෙහෙත් එකක් මැරුව.හමුදාවටත් මුල අමතකයි යුද්දෙදි නුබලාගේ එකෙක් මැරෙද්දි මුළුරටම අඩුව.නුබල ආරක්ෂා කරන්න කියල දෙවියන්ට බුදුන්ට කන්නලෞ කරපු මිනිස්සුන්ට නේද මෙහෙම කරන්නේ.ඉල්ලුවේ වතුර ටිකක් දුන්නේ මරන්නය්ක්. පව් අහිසක මිනිස්සු කට කියන්නද මේ දුක? (දී)
ලංකාව කියන රටේ පාලකයන්ට හෙනම වැදියන්, පවුල් පින්ටි විනාශ වෙයන්.
මේකේ දාල තියෙන කොමෙන්ට් දැක්කම තේරෙනවා අපේ මිනිස්සුන්ගේ සමගියේ තරම. අනුන් බොන්න වතුර නැතුව දුක්වනිදට කමක් නෑ අපි ගෙදර ගිහින් අපේ ළමයි එක්ක සතුටින් ඉන්න ඕන කියල කියන තරම් ආත්මාර්ථකාමී මිනිස්සු තමයි ඉන්නේ. (ස)
.එදා වතුර වෙනුවෙන් සතුරාවෙතට එල්ලවූ උණ්ඩය මෙදා වතුර වෙනුවෙන් සිංහලයන්ටම එල්ලවනවා නම්.. ඒ ගැන හිතන්නට දෙයක් ඇත.... (දී)
දඟ ගෙයි දඬුවම් සියුමැලි වැඩි නම් අලුගෝසුවනේ එල්ලාපන් කටු ඉඹුලේ අප එල්ලාපන් යුක්තිය උදෙසා කෑමොර දීමයි දඟගෙයි ලෑමට අප සැම කළ පව් මුකවාඩම් බැඳ එකෙකු නසන කල දනිව් සුවහසක් යළි උපදින බව වරදට එරෙහිව සටන් වදින්නේ රටකට දැයකට හිත ඇති මිනිසුන් ශාන්තිවාදී තපස් රකින්නේ පිටකොඳු බිඳගත් ඔළ මොළ නිවටුන්
අනේ! අපේ සිංහල අම්මලාට ගහන හැටි? (නි)
අපේ රටේ හැම දේම ඉතින් දුප්පත් අහිංසක මිනිස්සුන්ට විතරයි... (ස)
අපි බෝධි පූජා තියල සෙත් පැතුවේ මේ අයට නේද දෙවියනේ (දී)
ජනතාවට මේ පහර දුන්නු අයනම් ක්‍රියාන්විතයේ හිටපු අයනම් නෙවේ. (දී)
සමහර අදහස් දැක්කම දුක හිතෙනවා ලංකාවේ මිනිස්සු කොච්චර ආත්මාර්ථකමි ද කියල..පර හරස් ක්‍රම වෙන අපහසුව ගැන ලොකුව කතා කලට..මෙච්චර දවස් ගානක් අ අහිංසක මිනිස්සු එතන උයාගෙන කල කාටවත් කරදයක් නොවී උත්ගොෂණය කරලා උතරයක් නැති නිසා පාරට ආවා කියන එක කියන්න දිව නවෙන්නේ නැහැ .අනේ නුබලාටත් දුව දරුවෝ ඉන්නවා නේද....දැන්වත් ඔය කුහකකම පැත්තක තියල බලන්න ඇස ඇරලා රටට මොකක්ද වෙලා තියෙන්නේ කියල.. (දී)
මේවා කැත වැඩ අහිංසක මිනිස්සුන්ට ගහන්න මේ අයට ලැජ්ජාවක් නැහැ අපේ මුදල් වලින් යැපෙන මිනිස්සු (දී)
දැන්වත් මේ රටේ වෙන දේවල් මිනිස්සුන්ට තේරෙන්න ඕනෑ. නැත්නම් ළගදීම මේ රට විනාශ වෙලා යනවා (නි)
උගන්ඩාවේ ප්‍රශ්න විසදීමට ඇමෙරිකන් ඩොලර් මිලියන 160 ක් පරිත්‍යාග කරන්න තරම් අපි පොහොසත් නම් මේ සඳහා මුදල් නැත්තේ ඇයි?දෙකේ දෙකේ පොලු වලින් ගහලා,වෙඩි තියලා,සිර කරලා ,නැත්නම් කීපදෙනෙක් පැහැරගෙන ගොස් ප්‍රශ්න විසදිය නොහැක. මෙහෙම ගියොත් මේවා අවසාන වෙන්නේ කොහෙන්ද?
සේරෝම මැරුවත් ඔය කම්හල වහන්නේ නැ, ඔකේ අයිතිකාරයා කව්ද කියල හොයල බලල, ලබන චන්දෙ මොලේ සහ ඇස ඇරලා කන් ඇරලා චන්දෙ දෙන්න හොඳද? (දී)
මේක බොන වතුර පිළිබද ප්‍රශ්නයක් ,මිට වඩා මානුෂිය වෙන්න අනික , හමුදාවට සිවිල් ජනතා උද්ගෝෂණ වලට මැදිහත් වෙන්න නීතමය අවසර නැ. එක නීතය ක්‍රියාත්මක කරන පොලිසියේ වැඩක් . ප්‍රජත්වාදයට නරක ආදර්ශයක් (දී)
චන්ද්‍ර , ආත්මර්හාකාමී පාහර මිනිස්සු.
ඉදිරියෙදි හැම උද්ඝෝෂණයක්ම විසුරුවන්න ආමි එකට දුන්නා නම් හොදයි. හැමදාම පොලිසියට බයින අයට මේක හොද පාඩමක් වේවි එතකොට (නි)
මේවට දඩුවම් කරන්න ඕන මෙවැනි කමහල් අරින්න අවසර දීපු අයට.වැරදි කල අය කොහෙවත් අන්තිමේදි අහිංසක මිනිස්සුයි හමුදාවය ගුටි ගහ ගන්නවා (දී)
මෙය ආරම්භය පමණී (නි)
මිනිසුන්ගේ මුලික ඓතිවාසිකම් ඉල්ලිම වරදක්ද? අනේ අපොඉ ලංකාවේ හෙට දවස ඉරණම.....බීමට වතුර පිරිසිදු වතුර යටිතල පහසුකම් ලබාදීම රජයේ වගකීම.මිනිසුනේ දැන් ඉතින් මරාගෙන මැරියල්ල....
මිනිසුන්ගේ මුලික ඓතිවාසිකම් ඉල්ලිම වරදක්ද?අනේ අපොඉ ලංකාවේ හෙට දවස ඉරණම.....බීමට වතුර පිරිසිදු වතුර යටිතල පහසුකම් ලබාදීම රජයේ වගකීම .මිනිසුනේ දැන් ඉතින් මරාගෙන මැරියල්ල.... (දී)
89 කාලේ නැවතත් මතක් වුණා
දැන් ලංකාවෙ මාරාන්තික උපවාස කරලා ඉල්ලීම් දිනන්න බෑ. ගිනි තියාගෙන මැරුණත් බැරි වෙලා තියෙන ඒකෙ පාරට බැස්සහම දැන් හමුදාව දාල ජනතාවට පහර දෙනවා. මෙහෙම ආණ්ඩු කුමටද මිතුරනෙ. (දී)
මේ මිනිසුන්ගේ දුකට අපහාස කළ සියල්ලන්ටම ඊළග ආත්මයේ ජලය පොදක්වත් නොලැබේවා! (නි)
අහිංසක ජීවිත තුනක් සොල්දාදුවන් අතින් විනාශ වුන බව දැන් අපි කවුරුත් දන්නවා. ඒ ගැන මේ රටේ වගකිවයුත්තන්ගේ ප්‍රතික්‍රියාව මොකක්ද කියලා මේ රටේ පුරවැසියන් වන අපි දැනගන්න කැමතියි (නි)
අපි හැමදාම මෝඩයෝ. අපිට විරුද්ධව මෙහි අදහස් දාපු නොදාපු අයත් මෝඩයෝ. අපි වෙනුවෙන් අපි කිය කියා බෝධි පුජා පවත්වපු අපිත් මෝඩයෝ. කම්හල අයිතිකරු පමණක් එහෙම නොවේලු (නි)
ගම්පහ සිසුන්ට මෙහෙම කළා නම් අපට කොහොම වෙයිද? ලංකාවේ ආශ්චර්යය මේකද? (නි)
අපේ ජනතා චන්දයෙන් තෝරා පත් කරගත් ජනතා නායකයින් ආරක්ෂා කිරීම සඳහා ජනතාව මරා දැමීමේ ඇති වැරැද්ද මොකද්ද?(දී)
මේ අයද පහුගියකාලෙ රනවිරුවො කියකියා වජබුනේ (දී)
මට මං ගැනම දුකයි අපි හැමදාම ඡන්දෙ දුන්නේ මේ කට්ටියට තමයි (අ)
මේ අහිංසක මිනිස්සු ඉල්ලුවේ බොන්න වතුර. ඒත් ලැබුණේ මොනවාද? (නි)
ප්‍රසන තියෙන එක්ක ඇත්ත ඒවා විසදගන්න ගන්නේ මොන ක්‍රමයද කියන එකය් වැදගත්. පාරවල් හරස්කරලා පරවල යන අපේම මිනිසුන්ට තම එකෙනුත් දුක් විදින්නේ. එනිසා ප්‍රශ්න විසදගන්න, පාරවල් හරස් කරලා, ගහ මරාගෙන කරන්න බහ. එකට හරියන වෙන ක්‍රමයක් අපි හොයාගමු. පෙළපාලි යන්න නිදහස තිබුනට පාරවල් හරස් කරලා අරවල් වල ගමන් යන අහිංසක අනෙක් මිනිසුන්ගේ නිදහස නැති කරන්න ඉඩ දෙන්න බහ. හමුදාවෙන් කරපු දෙය සදරනය්. (දී)
තමන්ගේ ලිඳෙන් නොමිලේ ගන්න තියෙන වතුර ටිකයි හුස්ම ගන්න හුලන් ටිකයි විතරයි අපට තිබුනේ. එකත් නැති වෙනවා නම් ඉතින් තවත් නැතිවෙන්න තියෙන්නේ මොකද්ද ආය්බෝවන්? කියන්න තියෙන තැන වලට කිව්වට වැඩක් කෙරෙන්නේත් නැත්නම් බොන්න වතුරත් නැත්නම් මොකක්ද හැබෑටම එහෙනම් කරන්න තියෙන්නේ? නැතුව ළමා ලපටිත් එක්ක ඇවිත් ඔය පාරේ ඉන්නේ ආසාවටය ආය්බෝවන් ? (දී)
මේ සිද්ධියට අදාළ පුවත්පත් වාර්තා වීඩියෝ දර්ශන අනුව පැහැදිලි වෙනවා හමුදාව විනයක් ඇතුව කටයුතු නොකළ බව. ජනතාව අතර කඩාකප්පල්කාරී පිරිස් ඉන්න ඇති. ඒත් ඒ අය හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමේ ඉඩකඩ තිබුණා වගේම මේ සිද්ධියට සම්බන්ධ නොවුන අහිංසකයෙක්ගේ ජිවිතයක් විනාශ වීම වළක්වගන්නත් හැකියාව තිබුණා. හමුදාව ගැන ලෝකයාට දීලා තියෙන චිත්‍රය තහවුරු වෙන්න මේ සිද්ධිය හොඳටම ප්‍රමාණවත්. මේ නිලධාරීන්ට අනිවාර්යෙන්ම දඬුවම් කළ යුතුයි ජලය හා කර්මාන්ත ශාලාව පිළිබඳ ප්‍රශ්නය විසඳන අතරම. (නි)
දැන්වත් චන්දය දෙනකොට කල්පනා කරලා දෙන්න ..දැක්කනෙ මිනිස්සුන්ට ඔය එක ඇමති කෙනෙක් වත් ආවද.. (දී)
ඇමති පුතාලගෙන් හොදට ගුටිකාලා ගැහුවේ නෑ කියන අය අහිංසක සහ අසාධාරණයට ලක්වූ මිනිසුන්ට ගහන්න පැනගෙන එනවා (දී)