සාලාව යුද හමුදා කඳවුරේ අවි ගබඩාව පුපුරා යාමේ සිද්ධියෙන් මෙරට යුද හමුදා බලය දරුණු කඩා වැටීමකට ලක්වූයේ යැයි කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී දිනේෂ් ගුණවර්ධන මහතා අද පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේය.
රටේ මෑත කාලයේ හමුදා කඳවුරක සිදුවූ දරුණුම පුපුරායාම පැය හතක් තිස්සේ පසුගියදා සාලාව කඳවුරේදී සිදුවූ බවත් මෙය යුද හමුදාවේ මූලස්ථානයක් බවත් ඔහු කීවේය.
මේ අතර ඇමැතිවරුන් රාජ්‍ය ඇමැතිවරුන් හා නියෝජ්‍ය ඇමැතිවරුන් තිස් දෙනකු සඳහා වාහන මිලට ගැනීමට රුපියල් එකසිය දහඅට කෝටි විසිපන් ලක්ෂයක අමතර මුදලක් ඉල්ලා පාර්ලිමේන්තුවට අද (7) පරිපූරක ඇස්තමේන්තුවක් ඉදිරිපත් කැරිණි.
එම පරිපූරක ඇස්තමේන්තුවට අනුව ඇතැම් ඇමැතිවරුන්ට වාහන දෙකක් මිලට ගැනීමට මුදල් ඉල්ලා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඕවා අපේ මුදල්. ඇමතිලාට ඕනෑවට වඩා පිම්බෙන්න දුන්නොත් සාමාන්‍ය ජනතාවට මොකද වෙන්නේ? (නි)
හිතේ තිබෙන ශෝකය තමා ඔය පිටකරන්නෙ (නි)
මොන ආණ්ඩුව තියෙද්දිද මේ අය කෙළින් කතාකළේ? (නි)
කයිවාරු නොගහා ඔය රුපියල් එකසිය දහඅට කෝටි විසිපන් ලක්ෂයක අමතර මුදල අනුමත කරගන්න ආණ්ඩුවට සහයෝගය දෙන්න. එහෙමනේ ඉන්න ඕනෑ. (නි)
දැන් ඉතින් කට්ටියට කාලයක් කතාකරන්න මාතෘකාවක් තියෙයි (නි)
වැරදි කරන හැමදෙනාම ස්වභාවික නීතියට යටත්වෙනවා ඇත (නි)
බලන්න. එක ඇමතියකුගේ වාහන වලට වියදම කෝටි 4ක් ආසන්න වශයෙන්. මේවා දරන්න පුලුවන්ද අපි වගේ රටකට? අසරණ මිනිසුන්ට බදුගහලා මෙයාලට සුරසැප. මේවායින් අහිමිවෙන බදුත් එක්ක බැලුවහම කොච්චර වියදමක්ද? (නි)
හමුදාව බාල්දු කරනකොට මානසික මට්ටම වැටෙනවා. හෙට අනිද්දට මොනවා කියයිද දන්නේ නැහැ. වාහන බදු වැඩිකළේ පොඩි මිනිසුන් වාහන ගත්තහම පාර ඇහිරෙන නිසාලු (නි)
අපේ රටේ මිනිස්සුන්ට පණ නැහැ තමයි ඒකයි දේශපාලකයින් ජෝගි නටන්නේ. (ර)
ඡන්දේ දීපු අයම තමයි මේවට වගකියන්න ඕන. (ර)
අමන දේශපාලකයෝ හින්දා රට කඩාවැටිච්ච එක ගැන ඔබතුමා මොකුත් කියන්නේ නැද්ද? ඔබතුමාලා හින්දා රටේ මිනිස්සු විඳින දුක! මේවා ලියැවෙන්නේ අපිට අපි ගැනම එන කේන්තියට (නි)
මේගොල්ලෝ ගෙවල් වල හැසිරෙන්න්ත් මෙහෙමද? නරක ආදර්ශයක්. ලංකාවේ විතරයි මෙවැනි අයව තමන්ගේ නියෝජිතයා හැටියට පාර්ලිමේන්තුවට තෝරා යවන්නේ (නි)
දැන් හැමෝම ආරක්ෂක උපදේශකලා වෙලා. රටට විපතක් සවාභාවික අනතුරක් සිදුවුණත් එ්කෙනුත් දේශපාලන වාසි ගන්නයි බලන්නේ (නි)
අපිට කරන සේවයට තමයි මේ උත්තමයන්ට වාහන ගන්නයි ගෙවල් දොරවල් හදාගන්නයි ලෝක බැංකුවෙන් ලොකු ණය මුදලක් දුන්නේ. ඉන් ඉතුරු වුණොත් අපිටත් සිල් රෙද්දක්වත් බෙදලා දෙන්නකෝ මහත්තයෝ (නි)
දැන් ඉතින් ඕවා කිවුවා කියලා වැඩක් නැහැනේ (නි)
ඇයි හිටපු ඇමතිලා පරාදවෙලා යනකොට තිබුණු නිල රථත් අරගෙනනේ පැනලා ගියේ. සමහරු අදටත් නිල නිවාස වලින් අයින්වෙලා නැහැ. ඒ ගැන දැන් එක එක කොමිසන් වලට ඇවිල්ලා ප්‍රකාශ දී යන්නේ රෙදිත් ඇඳගෙන. ඕකට සිංහලෙන් කියන්නේ දේශප්‍රේමය, රට ගැන තියෙන කැක්කුම කියලනේ (නි)
ජනතාව ගින්නෙන්, ජලයෙන් පීඩාවට පත්වෙලා අසරණ ඉන්න වෙලාවේ, මිනිස්සු හරි නම් කරන්න ඕනෑ බඩු මිල අඩුකරලා ජනතාවට සහනයක් දෙන එක. (නි)
ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ බහුතර ජනතාවගේ කැමැත්ත මත ඔවුන්ගේ නියෝජිතයන් පිරිසක් ලවා රට පාලනය කරවා ගැනීමයි. රටේ බහුතර ජනතාවක් මේකට කැමතිද කියලා මම අහන්න කැමතියි? මිනිසුන්ගේ බඩු මිල ජීවන වියදම පහත හෙළන්න තියෙන මුදල් වලින් කෝටි ගණන් වටිනා වාහන ගන්න එකද ජනතා කැමැත්ත. මේක පුර්ණ ප්‍රජාතන්ත්‍රවාදය නොවෙයි. මීට විසඳුම් සෙවිය යුතුයි. (නි)
අපේ රටේ මිනිස්සුන්ට කොන්ද පණ නැහැ. මහජන මුදල් ගසාකෑම් වලට විරුද්ධව මුළු රටම එකා වගේ පාරට බහින්නේ නැත්තේ ඇයි? (නි)
අලභහානි වුණ ගෙවල් හදාගන්නත් හොඳ වන්දියක් ලැබෙයි නේද? (නි)
මන්ත්‍රී පර්මිට්, සුඛෝපභෝගී වාහන වහා නවතනු! ජනතාව පෙළගැසෙමු! (නි)
1500cc ට අඩු වාහන පමණක් ගෙන්වනු (ම)
වැටි වැටී නැගිටින එක තමයි වීරකම (නි)
මේ අය තරම් යුධ විශේෂඥයෝ නොවන්න අපි කොහොමද යුද්ධය දිනන්නේ? වාහන ගැන කියන්න මේ අයට තියෙන අයිතිය මොකාද්ද. (නි)
ඇයි අම්මේ අඬන්නේ මේ පක්ෂේ බදා, මට දැනෙනවා මේ ඔක්කොම එකයි කියා... නාඬන් අම්මේ නාඬන් මේ විහිලු කළා... එන්නද ගොසින් ඡන්දය දුන් උන්ට තලා... (නි)
මේ දේශපාලකයෝ හින්දා තමයි අපේ රට හැමදාම දුප්පත් වෙලා තියෙන්නේ. මේ අය කවදද රටක් ජාතියක් ගැන හිතුවේ? (නි)
පහන්, ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගහපු වෙලාවෙ ඇමරිකාවත්, චර්නොබිල් බලගාරය කාන්දු වූ පසු රුසියාවත්, ෆුකුසිමා බලගාරය කාන්දුවෙන් පසු ජපානයත්, වඩමාරච්චි යාපනය කදවුරු වැටුන වෙලාවෙ නොලැබු තරමේ දරුණු කඩා වැටීමක්ද වැටුණේ? දන්නෙ නැති හින්දයි ඇහුවේ. (නි)
යහපාලනේ, යහපාලනේ... ලිච්ඡවි රජ දරුවොනෙ දැන් රට පාලනය කරන්නෙ (නි)
කෝ දැන් මේ අයට ඡන්දය දීපු උදවිය? (නි)
දැන් ඉන්න බහුතරය අන්ත දුගී දුප්පත්බාවයට අැද වැටී ඇත. නමුත් එම අය ඉන්න පන්තිය හඳුනාගන්න බැරිවීම අභාග්‍යයක් (නි)
හංසයගේ පැත්තේ අය මේකේ අදහස් දාන්නේ නම් නැතිවෙයි අද (නි)
කරුණාකරලා මැති ඇමතිවරුන්ට දෙන වරප්‍රසාද අඩු කරලා ජනතාවට ඒ වරප්‍රසාද ලබා දෙන්න. ජනතාවගේ මුදලින් පාර්ලිමේන්තු යැව්වේ ඒ ගොල්ලන්ගේ තනි සුඛවිහරණයට නෙමෙයි. ජනතාවගේ සුඛවිහරණයට. (නි)
රෝමය ගිනිගනිද්දී මන්ත්‍රීවරු සැප ඉල්ලනවා (නි)
ඉන්දියාවේ මැති ඇමතිවරු යන්නේ තමන්ගේ රටේ හදපු ඇම්බසඩර් කාර්වල. චීනේ නම් බයිසිකල් වලත් යනවා. ඒ වුණාට අපේ රට වෙනුවෙන් කැපවෙන්න ආ කට්ටිය ඔන්න සැපපහසුව නොතකා වැඩ කරන හැටි. රට විපතට පත්වෙච්ච මේ වෙලාවෙවත් පොඩ්ඩක් හිතන්න බැරිද (නි)
මහරගම පිළිකා රෝහලට පෙට් ස්කෑන් යන්ත්‍රයක් ගන්න රුපියල් කෝටි 20ක් දෙන්න බැහැ මේ ආන්ඩුවට. ඒක කරගන්න හදන්නෙ මේ රටේ ජනතාවම එකතුවෙලා තම තමන්ට පුලුවන් විදියට ආධාර කරලා සල්ලි හොයාගෙන. ඒත් මේ රටේ දේශපාලඥයින්ට සැපගන්න බිලියන සියගණනක් අපේ මුදල් වෙන්කර ගන්නවා. තමුන්නාන්සේලා අපේ රටට බරක් (නි)
දේශපාලකයින් රටේ ජනතාව ගැන හිතනවානම් කෝටිගනන් දීලා වාහන ගන්න ඕනද.? (ර)
මම ඡන්දෙ දුන්නෙත් මේ ආණ්ඩුවට තමයි. නමුත් ඉතින් මේ විදියට අපිට බදු ගහලා අපිව අසරණ කරලා මැති ඇමතිවරු සුර සැප විදින්න යනකොට ඡන්දෙ දීපු අපිටම අපි සාප කරගන්නවා හැර වෙන මොනවා කරන්නද. (බ)
දැන්නම් අපිට මේ කතා එපාවෙලා (නි)
ලංකාව තියෙන්නේ අළු වී විනාශවී යන තැනක කියල නොකීව එකයි පුදුම (බ)
කඩා වැටුණු ගෙය දැක බියවනවා - පිලේ පැදුර එලියට අරගෙන එනවා - එලා පැදුර මිදුලේ සැතපෙනවා - හිතේ දුකට එතකොට කවි කියවෙනවා. (ර)
ජොයෙල් කියපු කතාවම තමයි මටත් කියන්න තියෙන්නේ.රටේ දුෂිතයන්ට විරුද්ධව,දුෂණයට විරුද්ධව,කම්බා හොරුන්ට විරුද්ධව ජනතාව ඉදිරියට එන්න ඕනේ කාලයක් දැන් උදා වෙලා තියෙන්නේ.අපි වැඩි ඡන්දයෙන් පත් කර ගත්තු දෙන්නට පුළුවන් කොන්ද කෙලින් තියන් අපිට බදු පිට බදු ගහල අන්ත අසරණ කරන්න පමණයි. (බ)
යහපාලනයට චන්දය දුන්නයි කියල හිතද්දීත් පුදුම ලැජ්ජාවක් ඇති වෙන්නේ.අනේ අපි මොන තරම් නිදි මරාගෙන,අපේ මුදල් වියදම් කරගෙන යහපාලනය වෙනුවෙන් කඩේ ගියාද? (ම)
මොවුන් මේ බාල්දු කරන්නේ මනුෂ්‍යත්වයයි.(ම)
අපේ රණවිරුවන්ටද මේ අපහාස කරන්නේ? පිපිරුම් ඇති වුනේ කෑම්ප් එකේ, ඔබ තුමා කියන්නේ රණවිරුවන් වැඩ බැරි මෝඩයෝ කියලද? මතක තියාගන්න මේ රණවිරුවන් තමා යුද්ධය දිනුවේ. මතකද මන්දා,,(බ)
දැන්නම් හරිම සතුටු වෙනසක් හම්බ වුණා එපා නොකියන්න (ම)
මේ වගේ සිද්ධියක් වුණ පලියට යුද හමුදාවට දොස් පවරන්න බෑ.(හේ)
මහරගම පිළිකා රෝහලට අත්‍යවශ්‍ය පෙට් ස්කැනර් එකක් ගන්න රුපියල් කෝටි 20 නැතිව මහජනතාවගෙන් මුදල් එකතු කරලා ඒක ගන්න මිනිස්සු උත්සාහ කරනවා දේශපාලකයන්ට රජයෙන් කෝටි ගණන්.... කාටද මේවා කියන්නේ - මේකද යහ පාලනය (බ)
වැඩක් නැහැ කතා කරලා තිලක් , අපේ මිනිස්සුන්ගේ කිසි සමගියකුත් නැහැ. කොන්ද පණත් නැහැ. මිනිස්සු දේශපාලකයින්ගේ පදේට දෙපැත්ත බෙදිලා මරාගන්නවා. නරුම දේශපාලකයෝ මහජනතාව පාගලා රජ සැප විදිනවා. කවදා ඇස් ඇරෙයිද මන්දා? (බ)
අපගේ සරල ජනාධිපතිතුමාගේ සරල ආණ්ඩුව! දැන් මට හරි සතුටුයි! (බ)
මේවට රජය, හමුදාපති ඇතුළු සියලුදෙනා වගකියන්න ඕනේ. නැතිව පසුගිය රජය නෙවේ. (බ)
අනේ දිනේෂ් දන්නා කඩා වැටීම් දන්නවද යුද සමයේත් නැගෙනහිර ආයුධ ගබඩාවක් පිපුරුවා එ්කෙන් සෙබලුත් මිය ගියා එ්කත් එහෙම කඩා වැටීමක්ද? එදා උන්න අය අස් වුනාද අස් කළාද? (බ)
හමුදාව කියන්නේ විනයක් තියෙන ඉවසීමක් තියෙන පිරිසක්, එහෙවු පිරිසගේ මානසික තත්වය බාල්දු කරන්නේ මෙහෙම කියන පිරිස තමයි, නැති මානසික පසුබෑම් ඇතිකරනවා කියන්නේ මෙන්න මේ වගේ මෝඩ මහත්වරු කියන දේවල් වලින්, විය යුත්තේ හමුදාවේ කඩ වැටීම ගැන නැති අදහස් ඉදිරිපත් කරලා ඇත්තටම කඩ වට්ටන එක නෙවෙයි, කළ යුත්තේ මොන දේ වුනත්, මොන දේ කළත් හමුදාවේ කඩාවැටීම කිසිම කෙනෙකුට කළ නොහැක්කක් කියල හදවත් ශක්තිමත් කරන එකයි,(බ)
අපේ රණවිරු අපට දෙවිවරු (බ)
ඒ ඇමතිලා සුදුසුකම් තියන අය වෙන්නැති වාහන ගන්න, නිකන් වාහන නෙවෙයි අති සුපොඛභෝගී වාහන ජනතා මුදලින්! මෙන්න මේවටයි මිනිස්සුන්ගේ බෙල්ල හිරවෙන්න බදු ගහන්නේ, කලින් ආණ්ඩුවේ පිට දාල. මේවට වැහි නැති හෙණ ගහන්න එපයි. (බ)
පසු ගිය කාලේ පැවැති ආණ්ඩුව යූද විරුවෝ සැලකුවේ පාරේ අගල් කපන්න වැලි කොට්ට අදින්න එවක පාලනය තුල හමුදාව දරුණු කඩා වැටීමකට ලක්වෙලා තිබුනේ අද හමුදාව කාගෙවත් බැල මෙවරම් කරන්න කාගෙවත් අත කොලුවක් වෙන්න අවශ්‍ය නැහැ දේශපාලන ඇගිලි ගැසිම් නැහැ රණවිරුවෝ සලකනේ දෙවියන් හා සමානවයි (බ)
වාහන දෙකක් එක සැරේ ගමන් කරන කොට කොච්චර පිපුරුවත් බය වෙන්න දෙයක් නැහැ. දෙගුණයක් වේගයෙන් ඇවිත් අපට සේවය කරන්න පුළුවන්. (බ)
මොනවා හරි කියන්නත් එපායැ. ඔන්න ඔහේ මොනවා හරි කියන්න මහත්තයෝ, අපි නෑහුනා වගේ ඉන්නම්. (බ)
සරලව ගත්තොත් එක ඇමැතියෙකුට වාහන ගන්න රටේ මිනිසුන්ගේ සල්ලි වලින් යන වියදම කෝටි 4ක්. අපි වගේ දුප්පත් රටක් මෙහෙම සැප දෙන්න ඕනෑද ඇමතියන්ට? අපිට යන්නලු ලක්ෂ 3 ඉන්දියානු දහිර වාට්ටුවක. ඇයි අැමතියන්ටත් යන්න බැරි? ඒ මදිවට පරිපුරක ඇස්තමේන්තුවක්, අයවැයට පිටින් - අයවැයෙන් වෙන්කළ මුදල්වලට අමතරව. මිනිසුන්ට සේවය කරන්නද මේ? යහපාලනය කරන්න, දුෂණ මකන්න කියලා ඇවිත් මේ කරන්නේ දුෂණයක් නොවේද? (නි)
රටට මොන වින්නැහියක් වුණත් දේශපාලකයන්ට “බෑන්ඩ් චූන්“ (නි)
මේ මහත්වරු රට ජාතිය ගැන අපිට කියන්නේ තමන්ගේ යහපතට විතරයි. රටේ ඉන්න හැම වැසියාම මාස තුනේ බබාලා. ඔය කියන හැම කියමනකම ඇත්ත මොකක්ද කියලා හිතන්න මිනිස්සු අද හරිම බුද්ධිමත්. යහපාලනය කියලා එකක් ගෙනාවා, මොකද වෙලා තියෙන්නේ? (නි)
ලෝක බැංකුවෙන් ණය ගන්නේ ඇමතිවරු සන්තෝෂ කරන්නද? (බ)
ඇමැතිවරුන් 30 දෙනකුට වාහන ගන්න කෝටි 118ක් ඉල්ලා පරිපූරක ඇස්‌තමේන්තුවක්.මෙම පරිපූරක ඇස්‌තමේන්තුව අනුව ඇතැම් ඇමැතිවරුන්ට එකතුව රුපියල් කෝටි 7-8 කට වාහන දෙකක් මිලට ගැනීමට මුදල් ඉල්ලා තිබේ .....ජනාධිපතිතුමා ගමන් බිමන් යන්නේ සාමාන්‍ය ගුවන් යානයක,සාමාන්‍ය ගුවන් මගින් සමග කාවද රවට්ටන්න හදන්නේ? (බ)