IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


හමුදා බිරියන්ගේ පෙත්සමේ තීරණය ජනවාරියේ

මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිස් අත්අඩංගුවට ගනු ලැබූ යුද හමුදා සාමාජිකයින් සිව්දෙනා දැනටමත් නීත්‍යනුකූල ලෙස අධිකරණයට ඉදිරිපත් ඇති හෙයින්,  ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ඉල්ලා ගොනු කළ පෙත්සම් 4ක් සම්බන්ධයෙන් ගන්නා ඉදිරි පියවර  ගැන තීරණ ගැනීමට ජනවාරි 14 වැනිදා තෙක් එම හමුදා සාමාජිකයින්ගේ බිරියන්ට කල්  දීමට අභියාචනාධිකරණය අද (19) තීරණය කළේය.

ඒ අනුව එම පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යනවාද නැද්ද යන්න පිළිබඳව එදිනට අධිකරණයට දැනුම් දීමට නියමිතය.

අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කරමින් හබයාස්කෝපූස් රිට් අඥාවක් නිකුත් කරන ලෙස ඉල්ලා ඔවුන්ගේ බිරියන් ගොනු කළ  රිට් පෙත්සම් හතර අභියාචනාධිකරණ සභාපති විජිත් මලල්ගොඩ මහතා ඉදිරියේ  කැඳවිණි.

ඔවුන් සිව්දෙනා මේ වන විටත් හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති බව පෙත්සම්කාරියන් වෙනුවෙන් පෙනී සිටි නීතීඥ රනිල් සමරසූරිය මහතා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව දැනටමත් පෙත්සම්කාරියන් ඉල්ලා ඇති සහන ලැබී ඇති බව අධිකරණය හමුවේ සඳහන් විය.

ඉදිරි පියවර ගැන පෙත්සම්කාරියන් ගෙන් උපදෙස් ලබා ගෙන ධිකරණයට දැනුම් දෙන ලෙස පෙත්සම්කාරියගේ නීතීඥවරයාට නියම කැරිණි.

අත්අඩංගුවට ගත් හමුදා සාමාජිකයින් ගේ බිරින්ඳෑවරුන්වන ටී.සුදර්ශනී, පී.නදීකා,පී.නියෝමි සහ එම්.කුමාරරත්න විසින් ගොනු කැරුණු  මෙම පෙත්සමෙහි වගඋත්තරකරුවන් වශයෙන් රහස් පොලීසි අධ්‍යක්ෂ සුදත් නාගහමුල්ල, එහි සමූහ කොල්ලකෑම් අංශයේ ස්ථානාධිපති ෙජ්.වී.නිරෝෂාන් සිල්වා, එහි සහකාර පොලිස් අධිකාරී ෂානි අබේසේකර,ආරක්ෂක ලේකම් ,පොලිස්පති සහ නීතිපති නම් කරනු ලැබ සිටිති.

පෙත්සම්කාරියන් වෙනුවෙන් නීතීඥ රනිල් සමරසූරිය සිටියේය. පෙත්සම ජනවාරි 14 වැනිදා යළි කැඳවේ.



අදහස් (0)

හමුදා බිරියන්ගේ පෙත්සමේ තීරණය ජනවාරියේ

ලීල්වල Friday, 20 November 2015 01:33 AM

සැමියා බිරිඳගේ දෙවියාය කියලා කියමනක් තිබෙනවනේ. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 258 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site