නාරාහේන්පිට පොලිස් රථවාහන අංශයේ කොස්තාපල්වරයකු රිය අනතුරකට පත්කර පලායෑමට උත්සහා කළැයි කියන යුද හමුදා කපිතාන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව නාරාහේන්පිට පොලිසිය කියයි.
ඔහු යුද හමුදා රෝහලේ සේවය කරන වෛද්‍යවරයකු බව පොලිසිය කියයි. තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා නාරාහේන්පිට පොලිස් රෝහලේ ප්‍රතිකාර ලබයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෙනෙක් අනතුරකට පත්කර පලා යාම හොඳ දෙයක් නොවෙයි, නමුත් මිනිසුන්ගෙන් ගුටි නොකා වාහනයත් බේරා ගන්න නම් අනිවාර්යයෙන්ම පලා යා යුතුයි. මේක තමයි අපේ රටේ අලුත්ම සංස්කෘතිය. (නි)
අනතුරක් වුණාම කිසිම දෙයක් සොයා නොබලා රියදුරාට තඩිබාලා, වාහනයට අලාබහානි කරන එක ගමක ආවේගශීලි තරුණයෝ විතරක් කළා නම් ටිකක් හරි සමාවක් දෙතහැකි.නමුත් උගත්යැයි සමාජය පිළිගත් සරසවි සිසුවොත් එවැනි දේ කළා. දුන් දඩුවමක් ගැන කොහෙවත් සදහනක් නැහැ.කවුරුන් හෝ වේවා හරියටම උසිගැන්වූ අය සොයා කුදලාගෙන විත් නීත්‍යානුකූල උපරිම දඩුවමක් දුන්නොත් ඔය ක්‍රියාව පාලනය කරගත හැකිවෙයි.එතෙක් ජීවිතයට ආදරය මිනිසෙක් අනතුර සිදුවූ තැන නවතින්නේ නැහැ. (නි)
තවත් රණ විරුවෙක්! (නි)
පොලීය් සහ හමුදා දැන් අමාත්‍යංශ දෙකක් යටතේනේ තියෙන්නේ, දැන් බලමු කව්ද මැරයෝ කියලා.(නදී)
ඉතින් මොනවද කරන්න කියන්නේ? මෙයා දේශපාලන හයිකාරයෙකු නම් යහතින් ගෙදර යාවී. (නි)
හමුදාව කොහොම වුණත් දොස්තර කෙනෙක් වෙලත් මෙවැනි දෙයක් කිරීම ලැජ්ජාසහගතයි. (නි)
නිසි දඩුවම් ලබාදිය යුතුයි.නැත්නම් වෙන්නේ පොලීසියේ අය හමුදාවට විරුද්ධව උද්ගෝෂණ කිරීමයි (නි)
පලාගිය එක හොදයි ගුටිකන්නෙ නැතුව (නි)
පලා යන කපිතාන් කියනවා සතුරාට දැඩි අලාබහානි පමුණුවමින් උපක්‍රමශීලී ලෙස පසුපසට ගමන් කළ යුතුයි කියලා (නි)
අර ගිලන් රිය පදවා ජීවිතයක් බේරා ගත් ලොකු දොස්තර මහත්තයා මතක් වුණා මට මේ සිද්ධිය දැකලා. කොච්චර ලොකු වෙනසක්ද? (නි)
පොලිස් රෝහලට ගෙනගියා නම් ප්‍රශ්නයක් වේවි කියලා හිතුණා නම් හමුදා රෝහලට හරි රාළහාමිව ගෙනියන්න තිබුණනේ (නි)
නිලය, රැකියාව, තත්වය, මේ හැමදේටම වඩා වැදගත්වෙන්නේ උතුම් මිනිස් ගතිගුණ හදවත් තුල ඇතිවීම. සිතුවිලි, පරමාර්ථ ගුණගරුක නොවේනම් කරන ක්‍රියාවත් එලෙසමයි. (දී)
ප්‍රසන්න, "හිතාමතා කලානම් ඒකට හදිසි අනතුර කියන්නේ නෑ". සහතික ඇත්ත. ඔන්න ඔය පරම සත්‍යය ඔලුවට වැටෙන්නේ නැති අපේ මිනිස්සු හදිසි අනතුරක් සලකන්නෙත් හිතා මතා කල දෙයක් හැටියට. ඒ ගොන් සිතිවිල්ලට ඒ අවස්ථාවේ 'ආරුඪ කරගත් වීරත්වයත්' එකතු වුනාම රියදුරුට ගහල වාහනේ ගිනිතියලා 'වීරත්වය' පෙන්නන්න හදනවා.(නදී)
දැනට වාර්තා වන විදියට හමුදා නිලදාරිය උසාවියට ඉදිරිපත් කොට ඇත. (දී)
නිදහස් අධ්‍යාපනය ලද දොස්තර කෙනෙක් නම් නිදහස් කල යුතුය.මොකද පල යාම සරසවි පාටමලාවක්/විෂයක් නොවේ.(අ) .
මෙම හමුදා නිලධාරියාට දැන් චෝදනා දෙකයි .1. පොලිස් නිලධාරියෙක්ව අනතුරකට පත් කිරීම. 2. රජයේ නිලදරුවෙක්, විශේෂයෙන් දොස්තර කෙනෙකු වසයෙන් වගකීම හා යුතුකම පැහර හැරීම. (අ)
ධම්ම, අමිල කටුනායක, ඔබ දෙදෙනා අමිහිරි යථාර්තය හරියටම කියා පානවා. වාහන අනතුරක් වුනාම, කාගේ වැරැද්ද වුනත් රැස්වෙන මිනිස්සු ඒක නොබලා රියදුරුට ගහනවා. වාහනය ගිනි තබනවා. එහෙම වෙලාවට මං වුනත් කරන්නේ පලායාම තමයි. ජීවිතේ රැක ගන්න එපාය. මෙතනදීත් ඒ වෛද්‍යවරයා පණ රැක ගන්න එපාය නීතිමය වැඩවලට කලින්. (අ)
මෙයා ඉක්මණින් බෙහෙත් අරගෙන එන්නයි යන්න ඇත්තේ (නි)
මොකද මේ ලංකාවට වෙන්නේ? රට කරවන අය විසින් දී ඇති නරක ආදර්ශය පිළිකාවක් වගේ ලක් මෑණිගේ ඇඟ පුරාම උඩු දුවලා. අඩු වශයෙන් මේ පිළිකාවෙන් බේරුණ හිමි නමක්වත් සොයා ගන්න අමාරුයි. අපට ඉතිරි වන්න යන්නේ හෙටක් නැති රටක් ද නැත්නම් රටක් නැති හෙටක් ද? (නි)
මමහිත්නේ උපාලි හරි මොකද කිසිම කෙනෙක් හිතාමතා අනතුකරන්නේ නෑ නේ.... හිතාමතා කලානම් එකට හදිසි අනතුර කියන්නේ නෑ. අපේ මිනිස්සු හරි වැරැද්ද හොයන්නේ නැතුව කැලණියේ දුටුගැමුණු වගේ නීතිය අතට අරගෙන ගුටි ගහන එක ගිනි තියන එක නිසා තමයි අනතුරක් උනාම පලායන්නේ...... (දී)
උපාලි මහතාගේ අදහස හරි. පොඩි අනතුරක් වෙලා මට කතා කරන්නවත් දුන්නේ නැහැ. හැබැයි එතන හිටි කෙනෙක් මාව බේරා ගත්තා. නැත්නම් ගුටි. වරදත් මගේ අතේ නොවෙයි. (නදී)
හැපුනෙ පොලිස්කාරයෙක් නේ හරියට පාරෙ යන්න දන්නෙ නැතිව ඇති.(නදී)