අඟුණකොලපැලැස්සේ දී මෛත්‍රීපාල සිරිසේන ජනපති සමීපියටම අවියක් ඇතිව ගිය බව කියන හමුදා කෝප්‍රල්ගේ සිද්ධිය සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ හිටපු ජනපතිගේ ආරක්ෂක අංශයේ කර්නල් වරයකගෙන් යුද හමුදා විශේෂ විමර්ශන ඒකකය ප්‍රශ්න කරන බව දැන ගන්නට ඇත.
නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා සමඟ උත්සවයට ගිය බව කියන එම කෝප්‍රල්වරයා තමාගේ ආරක්ෂකයෙකියි හිටපු ජනපති පිළිගෙන ඇත.
සියලු ආරක්ෂක වැට කඩොලුවලින් මිදී ඔහු අවියක් ද රැගෙන ජනපති ළඟටම ගිය බව පොලිස් විශේෂ කාර්ය බළකාය කියයි.
එම කෝප්‍රල් ජනාධිපති ආරක්ෂක අංශයට ඒවෙලාවේම බාර දී ඇතැයි ද කියති.
එහෙත් ඔහු මුදා හැර ඇතැයි බව ද වාර්තා විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කව්ද හරි වැරදි සොයා යනවිට හමුවේවි හරියට (ම)