මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් මරා දැමී යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා ලුතිනන් කර්නල්වරු දෙදෙනෙක් හා මාණ්ඩලික සැරයන්වරයෙක් ලබන 23 වැනිදා තෙක් හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් විසින් රිමාන්ඩ් කරනු ලැබූහ.
එක්නැලිගොඩගේ බිරිඳ රහස් පොලිසියට කළ පැමිණිල්ලක් අනුව පරීක්ෂණ ආරම්භ කළ අතර එහිදී හෙළිවූ තොරතුරු අනුව ලුතිනන් කර්නල්වරුන් දෙදෙනකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරීන් පිරිසක් රහස් පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.
201 වසරේ ජනවාරි මාසයේදී ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන ගොස් අතුරුදන්කිරීම සම්බන්ධයෙන් රහස් පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය හරියටම ක්‍රියාත්මක වුණොත් බොහොම හොඳයි (නි)
වැරදි සිදුවන්නේ මිනිසුන් අතිනි (නි)
මේක එතරම් හොද දෙයක් නොවේ. තව සෝදිසි කරලා බලන්න දෙපැත්තක් තියනවානේ (ම)
වරදක් කළා නම් දඬුවම් විඳිය යුතුයි (නි)
සාධාරණ දෙයක් වේවා.! (ර)
සාධාරණය ඉටුවේවා! (නි)
යුධ හමුදා නිලධාරීන් හිරේ දානකොට අපේ අයට ලියන්න අදහස් නැහැ වගේ. නමුත් කොටි නිදහස් කරන එකට පක්ෂව නම් සෑහෙන අදහස් තොගයක් දැකගන්න ලැබුණා (නි)
කළ වැරදි වලට කවුරු වුණත් දඬුවම් විඳින්න ඕනෑ (නි)
වැරදි වලට දඩුවම් කළයුතුයි කියන මේ අදහස් දාන අයගෙන් අහන්නේ, දහස් ගණනක් සිංහල ජාතිකයින් මරපු ත්‍රස්තවාදීන් නිදහස් කරන එකට මොකද කියන්නේ? (නි)
තනතුර කුමක් වුවත් වරදට දඬුවමක් අවශ්‍යයි (නි)
ඒක්නැලිගොඩට විතරද සාධාරණය.....එතකොට ඒක්නැලිගොඩ කොටින්ට ඔත්තු දීමෙන්..ඒ ඔත්තු අනුව පිපිරුනු බොම්බ වලින් මැරුන අපේ සිංහල මිනිස්සුන්ට සාධාරනයක් නැද්ද ?..යුද්දයකදී මෙවැනි දේවල් සිදුවීම අලුත් දෙයක්ද ? ඉහත දමා තිබෙන කොමෙන්ට්ස් දැකීමෙන් සිතුන දෙයක්. (ස)
අසේල, තෙහාන් ඔබ හරි. ගම්වලට පෙන කුඩා දරුවන් ගැහැනුන් පවා හිංසා කර මරූ අතීතය ඉක්මනටම අමතක වෙලා වගේ.(ම)
රටට වින කරන අයට විතරද සාධාරණය....? (ම)
මායිම් ගම්මානවලදී මියගිය උදවියගෙන් එන්ජිඕ කාරයන්ට වාසි නැහැ. ඒ නිසා සාධාරණය ඉල්ලන්නේ තමන්ට වාසි විදිහටයි. (ම)
රටේ හැමෝගෙම නිදහස වෙනුවෙන් කරානම් එතන තියෙන වරද මොකක්ද . එහෙනම් සොල්දාදුවන් 26000 ක මරපුවට සම්බන්ධ කොටි ටිකත් එකතු කරලා හිරේ දාල තියමුද බලන්න .පෞද්ගලික දෙකට කලානම් දඩුවමක් අවශ්‍යයි .(ම)
එක් පුද්ගලයෙක් ගැන පමණක් මේතරම් කරදර වෙන්නේ මොකද කියලා ජනතාව වශයෙන් අපිට සාධාරණ සැකයක් පහළවෙලා තිබෙනවා (නි)
තෙහාන්, ඔබේ කතාව මමත් පිළිගන්නවා (නි)