අනුරාධපර ජේතවනාරාම මුදුනට අද අළුයම නැග සිටි පුද්ගලයා නැදුන්කර්නියේ හමුදා කදවුරක කෝප්‍රල්වරයෙකු බව පොලීසිය කියයි.
බදුල්ලේ පදිංචිකරුවෙකු වන ඔහු නිවාඩු ලබා සිටි බවට තොරතුරු පොලිසියට ලැබී ඇත.
ජේතවන සෑයට ඔහු ගඩොල් ආදාරක ඔස්සේ නගින්නට ඇතැයි පොලීසිය කියයි.
ඔහු අනුරාධපුර රෝහලට ඇතුළත් කර සිටියි.
අඩි 408ක් උස මෙම ස්තූපයේ වට ප්‍රමාණය අඩි 1247කි. සළපතල මළුව අක්කර අටකි. මහසෙන් රජතුමා ක්‍රිස්තු පූර්ව 290-305 සමයේ ඉදිකරන ලදැයි සැළකේ.
නන්දන උයන හා ජෝති වනය නමින් එදා ප්‍රසිද්ධියට පත් වූ මෙම ස්ථානයේ මිහිඳු මාහිමියන් ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වූ බව ද පැවසේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් ,එයාට ගොඩක් අමාරුද? ඉක්මන් සුවය පතමු. (නි)
යුද්ධයට මුහුණ දුන් රණවිරුවෙක් වෙන්න ඇති. එහෙම උනාම සමහර අයට මානසික ආබාධ ඇතිවෙන්න පුළුවන්. මෙයාට හමුදාවට හොඳ යෝග්‍යතාවයක්නම් තියනවා. මනස තමයි පරික්ෂා කරන්න වෙන්නේ.(නදී)
'......මොහු සටනට මුහුණ දුන් රණ විරුවෙක්...' එසේනම් ජේතවනේ නොවෙයි රුවන්වැලිසෑයේ නැග ගත්තත් මොකද? අහෝ දෙවියනි!! (නි)
අපි අද ජීවත් වෙන්නේ මෙයාල නිසයි. (ස)
මිනිස්සුන්ට හිතෙන දේවල්. වරදක් නැහැ පෙනෙන්න නම්. (නි)
මෙයා හිතන්න ඇති මෙතනින් පැන්නොත් දිවිය ලෝකේ යන්න පුළුවන් කියාලා. (අ)
සම්පත්, ඔයාට වැරැද්ද පෙනෙන්නේ හැම කෙනාම මේ විදිහට ජේතවනාරාමයට නගින්න ගත්තොත් තමයි. ඒත් අපිට ඊට කලින් වැරැද්ද පෙනෙනවා. (නි)
මධ්‍යම පළාතෙන් ඉදිරිපත් වෙන මෙම අපේක්‌ෂකයාගේ පෝස්‌ටර් ගැසීමට එන එක් තරුණයකුට දිනකට රුපියල් දහසක වැටුපක්, බත් පාර්සලයක් හා අරක්‌කු බාගයක් දීමට කටයුතු යොදා ඇත. අන්න දම්මික පෙරේරාට ජොබ් එකක් තියෙනවා.(අ)
වෙන නගින්න තැනක් තිබුනෙම නැද්ද.....(අ)
මෙතනට නගින්න ඇත්තේ මොනවගේ භයානක ඉල්ලීමක් කරන්නද කියලා කවුද දන්නේ? (නි)
ටිකිරි ඔයාගේ රත්තරන් කතාව දන්නේ අරය ගේ sms 5000 පච බලකාය. sms එකකට රු 2 නේ යන්නේ. ඔයවගේ 5000 කට කිව්වම පච ඇත්ත වෙනවා... UNP කෙනෙක් ගෙන් ඇහුවොත් වැඩිය හොදට පචය ගැන දෙනගන්ඩ පුළුවන්.(අ).
අනුරාධපුර ලියන්නේ මෙහෙමයි (අ)
මෙයා නින්දෙන් ඇවිදින කෙනෙක්. ගෙදර තරප්පු පේලිය කියල හිතලයි නැගල තියෙන්නේ. මෙයාට සමාව දෙන්න (අ)
වටපිට බලන්න නගින්න ඇති .(අ)
මෙයා කව්රු වුනත් කළේ ජාතියට සහ ආගමට නින්දා කිරීමක්. (නි)
මේ ආත්මේ කෝප්‍රල් වෙලා ඉපදුනේ අපේ පුජනීය මහසෙන් රජතුමාවද්ද? හැමෝම දණගහලා වැද වැටෙමු. සාදු...සාදු ..!!! (නි)
මට නම් හිතෙන්නේ කෝප්‍රල් නින්දෙන් නගින්න ඇති ,මොකද මෙයා රණවිරුවෙක්.කවදාවත් රණවිරුවෝ නරක වැඩ කරන්නේ නැහැ. මොකද මමත් රණවිරුවෙක් නිසා (නි)
මට නම් හිතෙන්නේ නිදන් තියෙනවද කියල බලන්න කවුරුහරි බලවතෙක් නග්ගන්න ඇති. අනේ අපේ රටේ තිබුන වටිනා නිදන් ටික සේරම දැන් ඉවරයි. ඉතිහාසයත් ඉවරයි. රටත් ඉවරයි. කාටවත් මේවා පෙන්නේ නැහැ. (නි)
නින්දෙන් ඇවිදින අහවලාගේ යාළුවෙක්ද කොහෙද? (නි)
මුන්ට දෙවියන්ගේ හාල් කැවිලද දෙවියනේ, නිදන් හොයන්න නොවෙයි,මම හිතන්නේ ගෙදර හරකට තණකොළ කපන්න වෙන්න ඇති ,(අ)
ඉන්දියාවේ බිහිවූ දරුණුම රජාගේ පුතා මහේන්ද්‍ර විසින් ලංකාවේදී ප්‍රථම වරට ප්‍රසිද්ධියේ ජනතාව ඇමතු ස්ථානයේ උසම තැනට නැගුනු වීර සෙබළා පරීක්ෂා කරන්නට ඇත්තේ ඉඩම් පොලිස් බලතල උතුරට ලබා දීම පිණිස මැදිහත්වීමට රාත්‍රියේම ඉන්දියානු ආක්‍රමණයක් සිදුවේද කියායි. ඒනිසා ඔහුව මුදාහරින්න.(නදී)
මෙය නැග්ගේ නැහැ. මෙයා නිදා ගත්තට පසු කව්රු හරි ගෙනිහින් උඩින් තියලා තියෙනවා.පොලිසියෙන් කූද්දලා තමයි ගෙනැල්ලා තියෙන්නේ. එයා දන්නේ නැහැල්ලු කොහෙද ඉන්නේ කියලා.නිධන් හාරන්න කවදද රටේ ආරක්ෂක අංශයේ ය ගියේ? (නි)
නිකන් නම් නෙමෙයි නැගලා තියෙන්නෙ, මොකක් හරි ලොකු රාජකාරියකට (නි)
හේතුව කුමක් වුවත් ,මොහු සටනට මුහුණ දුන් රණවිරුවෙක්. නැතුව කෝප්‍රල් කෙනෙක් වෙන්න බැහැනේ. සමහරවිට මානසික ආබාදයකට ගොදුරු වූ අයෙකු විය හැකියි. නැතුව රටට හෝ සිංහලයට සිදු වී ඇති දෙය නිසා ජීවිතය නැතිකරගන්න කල උත්සාහයක් නම් , මෙම පුජනිය බිම තෝරාගැනීමත් වැරදියි. මෙයට වඩා වැඩ කොටසක් මෙයාට කරන්න තිබුනා. (නි)
දැන් ඉතින් මේ ඉතිහාස තොරතුරු මොකටද කෝප්‍රල් උඩට නැග්ග එකට. උස ප්‍රමාණය සඳහන් කිරීමේ නම් ගැටලුවක් නෑ.(ස)
උඩට නැගලා සොයා ගත් විස්තර මොනවැයි?(නි)
මම නම් හිතන්නේ ඔහු භාවනා කරලා පාවෙලා ගිහින් (නි)
මෙයා ඔය කරලා ඇත්තේ ප්‍රසිද්ධ වෙන්න. එයාගේ නම, ගම පින්තුරය ඔක්කොම දැම්මා නම් කොහොමද? පොඩි එකාගේ ආසාවනේ. (නි)
නිදානයක් හොයන්න ගිහින් වගේ (නි)
පුදුම ලෝකයක්..පුදුම සත්ව කොට්ටාසයක්.. නැගපු මනුස්සය ගැන නෙමෙයි කියන්නේ..කොමෙන්ට්ස් දාල තියෙන අය ගැන..මේ මනුස්සයට වඩා ලොකු මානසික ආතතියකින් පෙලෙන නපුංසක පිස්සෝ රැලක් තමයි මේකටත් දේසපාලනේ ගාවගෙන තියෙන්නේ..(අ)
මෙයාට හිතෙන්න ඇති නැගල බලන්න. ඇත්තටම මටත් හිතුනා නැගල වට පිට බලන්න.(ස)
යුද්දේ නැති නිසා මොලේ නරක වෙලාද කොහිද? (අ)
මෙයා නින්දෙන් ඇවිදින කෙනෙක්. ගෙදර තරප්පු පේලිය කියල හිතලයි නැගල තියෙන්නේ.සුවර් එකටම අහවල් ඇමතිට නෑදෑකම් තියෙන කෙනෙක්. (අ)
හීනෙන් ඇවිදින කතා සත්තු කියනකොට මොන තරම් සතුටක් ඇතිද (අ)
අර කැළණි ගගෙන් මතු වුංකැරට් 24 රත්තරන් කුඩු තවමත් මතු වෙනවද?අරව කව්රු දාපුවද?මම මී දන්නේ නැති නිසි අහන්නේ. (අ)