තමා අනවසරයෙන් කිලිනොච්චියේ හමුදා කඳවුරකට ඇතුළු වූ බවට පතුරුවන කතාවේ සත්‍යතාවක් නැතැයි විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා කියයි.
තමන් අත්අඩංගුවට ගත යුතු බවට ඇතැම් පාර්ශ්ව කරන චෝදනා ප්‍රතික්ෂේප කරන බව ද විපක්ෂ නායක පවසයි.
57වැනි බළ සේනාංකයට අත්පත් කරගෙන ඇති උතුරේ ජනතාවට අයත් ඉඩම් නිරීක්ෂණය කිරීම සදහා ගිය බවත්, එහිදී බලසේනාංකයේ ප්‍රධාන දොරටුව විවෘත වූ බවත්, ඒ අනුව තමා බළසේනාංකයට ගිය බවත් සම්බන්ධන් මහතා සදහන් කරයි
යුද හමුදා කඳවුරකට ඇතුළු වීමට අවශ්‍ය නම් මින් පසු අවසර ගෙන ඇතුළු වන ලෙස යුද හමුදා ප්‍රධානින් සම්බන්දන් මහතාට දැනුම් දී තිබේ.
මේ අතර ජාතික ආරක්ෂාවට තර්ජනය කිරීමට කිසිවකුටත් ඉඩ දිය නොහැකි බවත්, සම්බන්දන් මහතා එම ක්‍රියාව කළේ නම් එය පිළි ගත නොහැකි බවත් ඉන්දියාවේ දී හිටපු හමුදා නිලධාරියෙක් පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රේම්, ඔබ සමඟ මමත් එකඟයි (නි)
ඇයි ඔබ තුමා සිංහල රටේ ඇති ඉඩම් ගැන හොයන්නේ... වැඩිය දගලන්න එපා සුසයිඩ් කරනව තෝව (බ)
නිවෙන ගින්නට පිදුරු දමන්නේ පැරදිලා ඉන්න අය (බ)
මුට වෙඩි තිබ්බානම් හරියට හරි (බ)
මම මේ සිදුවීම දැනගත්තේ පත්තරෙන්! (නි)
සම්බන්දන්....... ඔයා බබා... අපි නොදන්න චෙස් කිව්වලු (බ)
සම්බන්දන් නටන්නනම් හදන්නේ කොටි නැටුමක් වගේ..(බ)
දැන් ඔක්කොම වෙනස් කළා...... ඔන්න තත්වය නිකමට. හරි අත්අඩංගුවට අරගන, ඇප දුන්නනම්, මේ වෙලාවේ ආණ්ඩුවට 100% ලකුණු දාගන හොද තැනකට මහජන ප්‍රසාදය දිනාගන්නත්,,,,, විරුද්ධ මත පුහු කරන්නත් තිබුන හොදම වෙලාවක් කරුමේ ,තමයි (බ)
මට මුකුත් මතක නෑ (බ)
ඕක තමයි අද වෙනස (බ)
ඒ කාලෙ මේ වගේ ස්වයංක්‍රීය දොරවල් තිබ්බ නං මුගෙ කොටි රොත්තම ඇතුලට රිංගන්න ඉඩ තිබ්බා. (බ)
බලෙන් තියා කොහොමවත් යන්න අවශ්‍යතාවයක් නැහැනේ (නි)
චතුරි ගැන නම් මම කතාකරන්නවත් කැමති නැහැ (නි)
මුන් එක්ක මොන සහජීවනයක්ද? ඉල්ලන්නේම කෑල්ල. අපේ මිනිස්සු මේක කවද තේරුම් ගනීද මන්ද? පක්ෂ වලට බෙදිලා අමාරුවෙන් ලබා ගත්ත දේ විනාශ කරනවා.(බ)
හරිම විහිළු ජවනිකාවක්. කවුරු වුණත් එහෙම හිතුමතේ කඳවුරකට රිංගන්නේ කොහොමද අනවසරයෙන්. (නි)
මේක තමයි වෙනස! (නි)
අද අපිට ඒ සහජීවනය ලැබිල තියෙනවා. අපි එකට ගරු කරන්න ඕන. (ර)
ඉස්සර "නාමල් නිව්යෝර්ක්" දැන් අලුත් නමකින් "චතුරි නිව්යෝක්" කියලා ඇවිල්ලා. (නි)
සමහර දේශපාලන, යහපාලන බබාලාට මේවා හොඳ පාඩම්. (නි)
මම නම් මේ සිදුවීම දැනගත්තේ පත්තරෙන් (නි)
අනේ අම්මපා මට එන තරහක තරම! (නි)
ඔබට සතුටුයිද දැන්? (නි)
පාර්ලිමේන්තුවේ විපක්ෂ නායකතුමා මෙහෙම වැඩකරන එක ගැන අපිට නම් කණගාටුයි (නි)
රටේ අවාසනාව තමයි. වෙන මොකක්ද? (නි)
මේක හමුදා කඳවුරක්. නැතුව සතිපොළ නොවේ. මේවාට නීතිය ක්‍රියාත්මක කරන්න (නි)
චතුරි , කරුණාකර රටේ මෙවැනි සංවේදී කාරණා වලදී පාට පක්ෂ බේදයෙන් තොරව බලන්න (නි)
චතුරි, ඔයා ඇයි මෙහෙම ආණ්ඩුවට කත් අදින්නේ? (නි)
මෙය මුළු ගජබා රෙජිමේන්තුවටම වූ අවනම්බුවක් ලෙසයි මම දකින්නේ (නි)
හරි ඉතින්, ඔහු එහි ගියා කියලා එතුළ ප්‍රශ්නයක් වෙලා නැහැනේ! (නි)
දැන් මේකත් සමහරු දැනගත්තේ පත්තරෙන්ද දන්නෙ නැහැ (නි)
අනේ මන්දා, එයාලා කියනවා. අපි අහනවා (නි)
අවුරුදු ගණනාවක ඉස්සර වීරයෝ වගේ හිටි හමුදා සහ පොලිස් නිලධාරීන් දේශපාලුවෝ ඉදිරියේ පත්ව ඇති තත්ත්වය ගැන ලැජ්ජයි. (නි)
මේවට තමා කියන්නේ ආටක නාටක කාට කියන්නද අහෝ අපිට ගිය කලක් (අ)
57 බල සේනා මුලස්ථානයේ අණදෙන නිලදාරී තුමාගේ අවසරයක් නොමැතිව මෙහි ඇතුල් වීමට ප්‍රධාන දොරටුව විවෘත කල පුද්ගලයට වහාම දඬුවම් කරන්න. යුධ හමුදා කඳවුරක් යනු සිල්ලර කඩය නොවන බව මතකතියා ගන්න. ඕනේ ඕනේ කෙනාට ඕනේ ඕනේ වෙලාවට යන්න එන්න හෝටලයකද නොවන්නේය ජනපති හෝ අගමැති නැතිනම් ආරක්ෂක ඇමති හැර වෙන කිසිවෙකුට මේ රටේ හමුදා කදවුරු වලට ඇතුල් වීම වහාම තහනම් කරන ලෙස ජනපති තුමාගෙන් ඉල්ලා සිටිමි කදවුරු වලට බලෙන් ඇතුල් වීමට උත්සහ කරන ඕනෙම අයෙකුට අවැසි දඩුවම් හා ක්‍රියාමාර්ග ගැනීමට බල සේනා මුලස්ථානයේ අණදෙන නිලදාරී තුමාට අවැසි බලය ලබා දෙන ලෙසද ඉල්ලා සිටිමි. යමෙකුට එම ඉඩම් ගැන ගැටළුවක් වේනම් එය ආරක්ෂක අමාත්‍යාංශයෙන් විමසා බල ගන්න ලෙසද දැනුවත් කරන්න ලෙස ඉල්ලමි තවද රජයේ හමුදා කදවුරු වලට අයත් ඉඩම් ගැන සෙවීමට පෙර කේ පී වෙත මහින්ද මහතා කබා දී ඇති අක්කර 1400 වහාම පවරාගන්නා ලෙසට රජයෙන් ඉල්ලා සිටිමි (අ)
මහජන නියෝජිතයෙකුට එහෙම යන්න ප්‍රශ්නයක් වෙන්න බැහැනේ. (ර)
නරියට මිදී කන්න හිතිලා උඩ පැනලා පැනලා බැරි වුනාම මිදී තිත්තයි කියලා යන්න ගියා වගේ වැඩක් තමයි අපේ සම්බන්දන් ගේ කතාවෙන් මට දැනුනේ !!! (බ)
විමලදාස, හමුදා කඳවුරක් කියන්නේ මහජනයාට ඕනෑ වෙලාවක යන්න එන්න පුළුවන් තැනක් කියලා හිතුවද? (නි)