පසුගියදා ගාල්ල ප්‍රදේශයේදී උකුස්සකු අල්ලා හම ගසා මරණයට පත් කළ බව කියන දෙදෙනකු රිමාන්ඩ් බාරයට පත් කැරුණු අතර එම ඡායාරූප අන්තර්ජාලයට එක් කළ බව කියන තරුණයාද අද (13) පොලිස් බාරයට ගෙන ප්‍රශ්න කළ බව පොලිසිය පවසයි.
ඔහුගේ ජංගම දුරකථනය පරීක්ෂා කිරීමේදී උකුස්සා පණ පිටින් සිටියදී ගත් තවත් ඡායාරූපයක් සොයාගැනීමට හැකිවී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සමහරු හරකා ඌරා කුකුළා උකුස්සට සම කරනවා ජීවිත නම් ඔක්කොම එකය එය හරි නමුත් මිනිසා එයට ඇතුලත් නොවීම ගැන කණගාටු වෙනවා (බ)
මෙ තිරිසන් මිනිස්සු මිනිසත්කමටත් ලැජ්ජාවක්. දවසක දඬුවම් ලබනු ඇත. අපේ සුන්දර හිත් ඇති ෆේස්බූක් නංගිලා, මල්ලිලා නිසා මිනිස්සු කොටුවුණා. මෙහෙම මිනිසුන්ට උපරිම දඬුවම් දෙන්න. (නි)
මෙච්චර විශාල සතෙක් කාටවත් පණපිටින් අල්ලන්න පුළුවන්ද? (නි)
මේ පින්තූරෙ හැටියට නම් සතා මැරිල ඉන්නෙ.(බ)
ස්වභාව ධර්මයා මේ අපරාධ කරුවා නොහොත්(පාපතර සාහසිකයාට) නියම දඩුවම නිසි කල නිසි තැන නිසි වේලාවට ලබාදේවි ආයේ ඒකේ දෙකක් නෑ.....(බ)
ෆේස් බුක් එක හින්ද මොන තරම් අපරාධ වංචා එළිවෙනවද ? නැත්නම් ඕව හොයාගන්න හම්බවෙන්නේ නැනේ .(බ)
කලින් නම් කිවුවා නේද මෙයාලා එතන හිටියෙත් නැහැ කියලා? ඔය තියෙන්නේ සාක්කි! (නි)
මේ අහිංසක සතා පින්තූරයෙන් දැක්කත් අපිට අනුකම්පාවක්, කරුණාවක් ඇතිවෙනවා. පණපිටින් දැකලත් මේ මස් වැද්දන්ගේ හිත උණු නොවුණේ, මට හිතෙන හැටියට, ඔවුන්ගේ මොකක්හරි අඩුවක් තිබෙන නිසා වියයුතුයි. (නි)
මෙතන කොමෙන්ට් කරන විල්පත්තු වැද්දාගේ කට්ටිය කොමෙන්ට් කරන ගමන් සිංහල බෞද්ධයන්ටත් හෙමිහිට අපහාස කරනවා, හැම ආගමකම ජාතියකම මේවගේ නරුම මිනිසුන් ඉන්නවා, මේ පින්තුරයේ හැටියටනම් මේ සතා මේ වෙනවිටත් මැරිලා, අනික මේවගේ වේගවත් සතෙක් පහසුවෙන් අල්ලගන්න නම් බැහැ, සමහරවිට කරන්ට් වැදිලා දුර්වලවෙලා ඉන්න කොට අල්ලාගෙන මරන්න ඇති, හැබැයි පණපිටින් හමගැහුවා කියන එකනම් හිතන්න අමාරුයි, ගොරක දඩමස්වීමක් වෙලා තියන්නේ.. මේ විදිහටම විල්පත්තු ගස් වැද්දන්වත් අල්ලනවනම් සතුටුයි...(බ)
මේ මිනිසුන්වත් හම ගහන්න තියෙන්නේ. එතකොට දැනෙයි වේදනාව! (නි)
මේ උකුස්සා දිහා බලනකොට අනේ හරිම දුක හිතෙනවා. මේ වගේ මිනිස් දුර්ජනයින්ට තවත් මේ මිහිපිට ඉන්න වාසනාව තිබේද? වැඩි කාලයක් යන්න කලින් මේ කළ අපරාධයට නියම දඬුවම ලැබෙයි. (නි)
නියම මස් වැද්දෙක් වගේ මට නම් පෙනෙන්නේ. අනේ මෙහෙමත් මිනිස්සු! (නි)
මට නම් පෙනෙන්නේ මේ සතා මුහුදු රාජාලියෙක් වගෙයි (නි)
උකුස්ස අහිංසක සත්තු දඩයම් කරනවා , මම නම් හිතන්නේ මේක උකුස්සාගේ කරුමයක් කියල ...(බ)
මේ වගේ තිරිසන් වැඩ කරන මිනිසුන්ගේ අත පය කපාදැමීම වගේ දඬුවම් තමයි දෙන්න ඕනෑ (නි)
මොවුන්ට මොන දඬුවමක් දුන්නත් මට නම් හිතට මදි. තිරිසන්නු! (නි)
ඔව් වරුණ කමිටුවක් පත් කරන්න ඒක ගැන හොයන්න. (බ)
මේ මිනිසුන්ට යන්න අපායක් තිබේද? (නි)
එදා මොවුන් බැන්නේ මාධ්‍යයට. දැන් ඔය අතේ තියාගෙන ඉන්නේ සාක්කිත් එක්ක. තිරිසනුන්ටත් වඩා තිරිසන් මිනිස්සු (නි)
තිරිසන් මිනිස්සු! කන්න දේවල් නැතුවට නොවේ මෙහෙම සතුන් මරාකන්නේ (නි)
මේ කමෙන්ට්ස් දාපු කිසි කෙනෙක් මස් කා නොමැත (බ)
උකුස්සන්ට විතරක් නෙමෙයි මහත්තයෝ, අපිටත් වේදනාව දැනෙනවා බලන් ඉදලා (ම)
කරන්ට් වැදිල මැරිලනම් කටින් ලේ එන්න විදියක් නැහැනෙ මේ සතාව වෙන විදියකට මරල වගේ මටනම් පේන්නේ (බ)
අලි බුරුතු පිටින් මරනවා විල්පත්තුවේ. තව ඉඩම් එළිකරනවලු. ඔවුන්ට ක්‍රියාත්මක නැද්ද යුක්තිය අනේ! (නි)
බෞද්ධාගමට කරන හානියක්. මහා තිරිසන් නිවට කමක්.(බ)
මොනවා කරන්නද සිංහල බෞද්ධයෝ කොහොමත් සත්තු වගේ හැදිච්ච ජාතියක්නේ (බ)
කොච්චර ලස්සන සතෙක්ද? මේක කරපු උන්ට වැහිනැති හෙණම ගහන්න ඕනි (බ)
උකුස්සන් ඉතාමත් වේගවත් මිනිහකුට ලේසියෙන් අල්ලන්න අමාරුයි, සමහරවිට ඇත්තටම කරන්ට් එක වැදිලා වැටිලා ඉන්නවිට අල්ලලා මරන්න ඇති, මේ ඡයාරුපය අරගෙන තියන්නෙත් සතා මැරුණාට පස්සේ හරි මැරුණාට පස්සේ හරි, අමානුෂික දෙයක් ඔවුන් සිදුකරලානම් අනිවාර්යයෙන් දඩුවම් හිමිවිය යුතුයි, (ර)
මේ වගේ පවුකාර මිනිසුන් මේ මිහිතලයට බරකි. (නි)
උපරිම දඩුවම් දෙන්න (බ)
වැඩේ වැරදියි. ඒක අපි හැමෝම පිළිගන්නවා. හිනා යන්නේ සමහර අදහස් වලට. ජීවිතේට පව් නොකළ, මස් නොකාපු උපාසකලා ටිකක්නේ ඉන්නේ මෙතන. මේ සත්ව කරුණාව දක්වලා හරක්, ඌරො, කුකුල්ලු මරණ ඒවාට විරුද්ධ වුණොත් මොකද වෙන්නේ? (නි)
මේ පුද්ගලයන් හමුවී මෙලෙස අහස පොළොව නුහුලන ලෙස මේ සතාව මරන්න මේ අපි පයගහන පොළොවේම ඉන්න මොවුන්ට පමණක් මානසික සහ කායික පුහුණුව ලැබුන හැටි සොයාබලන්න වටිනවා (නි)
මෙතන අදහස් දක්වපු අය ඔක්කොම වෙජිටේරියන් නම් හොඳයි. මස් හොදින් අනුභව කරන අය කියන කතා දකිද්දී දුකයි. බොරුවට දේවල් මවාපාන කට්ටිය නම් හරිම පිළිකුල්. (ර)
නුඹලා මිනිස් වෙසින් ඉන්න තිරිසනුන් පිරිසක් (නි)
මිනිස්සු හිතන විදිය වෙනස් වෙන්න ඕනි ඕනෑම දෙයක් දිහා කෙලින් විතරක් බලලා තීරණ ගන්න නම් මිනිසත් කමක් ලබා ගන්න ඕනි නැනේ. මේ කට්ටිය මොනවගේද කියලා මම අපි දන්නේ නෑ. දෙපාරක් හිතන්න සුදු ඇදගෙන ෆොටෝ ගන්න ගොඩක් දෙනා උපාසකයෝ නෙමේ (බ)
ජාතිය සහ ආගම හැම දෙයටම ගාවගන්න එපා. වැරදි වැඩ කවුරු කළත් වැරදියි.(ම)
මොනවගේ අරමුණකින්ද මේ මිනිස්සු මේ තිරිසන් වැඩේ කරන්න ඇත්තේ? (නි)
මට නම් පෙනෙන්නේ දැනටම මැරිලා වගේ. කොහොම නමුත් කළ වැඩේට දඬුවම් දෙන්න ඕනෑ (නි)
අසරණ සතා දකිනකොට ලෝබයි. මේ මිනිසුන්ට පිස්සුද? කරුණාකර මෙම පින්තූර ගත් කෙනාට දඬුවම් නොදෙන්න. ඔහු නිසා තමයි මෙය හෙළිවුණේ (නි)
ඒ සතාට දැනුන වේදනාව දැනෙන්න මේ මිනිසුන්වත් පණපිටින් හමගහන්න තියෙන්නේ (නි)
දියෙන් ගොඩ දාපු මාළු හුස්ම ගන්න බැරිව ගැහිගැහි මැරෙන හැටි දැකල නැද්ද මේ ගොල්ලෝ? (අ)
සියල්ල සිදුවන්නේ කැමැත්තට අනුවය. (බ)
මට පෙනෙන්නේ මෙම අමනුෂ්‍යයින් නිරයෙන් පැනලා පැමිණි අය නිසා පණපිටින් රොතු පිටින් මිනිසුන් පුළුස්සන මෙම යුගයේ යම රජුන්ට මොවුන්ට දඬුවම් කරන්න වෙනමම නිරයක් තනන්න වෙයි (නි)
කිරි මීහරක් පට්ටිවල උපදින පිරිමි වසු පැටවුන් සියල්ලම කිරි වැරූ විගස මසට මරනවා.(බ)
එතකොට මෙයා මාධ්‍යයට ප්‍රකාශ කළේ අපි හරි අහිංසක මිනිස්සු පොලිසියට බයට තමයි අපි වරද පිළිගත්තේ කියලා ඔය තියෙනේ මුණ බඩුත් එක්ක.... (බ)
මේ කතාව අහන මටනම් හරිම අප්‍රසන්න හැගීමක් ඇතිවෙනවා. මේ වගේ තිරිසනුන් තමයි සේයා වගේ අහිංසක කිරි දරුවන්ව මරල දාන්නේ(බ)
මේ කරපු ක්‍රියාව හරි කියනවා නෙමෙයි. නමුත් මෙතන කමෙන්ට් දාලා තියෙන හැමෝම කුකුල් මස්වත් නොකන අය වෙන්න ඇති නේද? (බ)
මේකට දෙන්න හොඳ දඬුවමක් කියන්නද? උකුස්සව හැම ගහපු මිනිසුන්ගේ අත පය හම ගහන්න ඕන ඒ වේදනාව තේරෙන්නත් එක්ක (බ)
මෙවැනි අමානුෂික ක්‍රියාවක් ලොවට හෙළි කිරීම ගැන ඒ තරුණයාට ස්තුති කළ යුතුයි. ඔහු එයට සම්බන්ධ වුවත් පසුව හෝ එය තේරුම් ගෙන ඒ ගැන හෙලිකිරීම වැදගත් යයි සිතමි.
අනේ මෙහෙමත් බෞද්ධයෝ, උඹලට කුකුල් මස් කන්න පුළුවන්, උකුස්ස මරණ එක ඉවසන්න බෑ. දන්නවද උඹල කන හැම කුකුලෙක්ම පණපිටින් හම ගහන බව? (බ)
මස් වැද්දෝ ශ්‍රී ලංකාවේ හෙළුව ලොවට ප්‍රදර්ශනය කරති. (අ)
මොන තරම් ලස්සන පක්ෂියෙක්ද....?මොන හිතකින් මේ අපරාදය කලාද මේ අසරණ සතාට...?හිනාවෙවී හිටපල්ලා,දිට්ටධම්ම වේදනීය කරුමය පලදෙනවාමයි මොවුන්ට.(අ)
මේ ගොල්ලෝ විහින් කැකිරාවේ ගිහින්!(අ)
අපි හරිම බෞද්ධයෝ, සිංහලයෝ කියාගෙන මේ වගේ ම්ලේච්ඡ වැඩක් කළේ කොහොමද? මොවුන් පන්සලකට ගොඩවෙලාම නැද්ද? (නි)
මේක නම් මිනිමැරුමකටත් වැඩිය ලොකු දෙයක් වගේ දැනෙන්නේ. මොවුන්ට දඬුවමක් දෙන්නම ඕනෑ. හිරේ යවන්නම ඕනෑ අවුරුදු ගානකට. (නි)
අසරණ සතුන්ට නිදහසේ ඉන්න තිබිය යුතුයි. මේවාට දැඩි පියවර ගන්න ඕනෑ (නි)
වෙන කියන්න දෙයක් නැහැ මට නම්. මේ මිනිස් වෙස්ගත් තිරිසන්නු (නි)
මේ ලෝකෙ බොහෝ අසාධාරණකම් සත්‍ය ලෙසම සිද්ධ වෙනවා සහ මේ මොහොතේදීත් සිද්ධ වෙමින් පවතිනවා,සමාජ ජාලයක “උළුප්පා දක්වන“ සියළුම කට කතා ගෙඩිය පිටින් ගිලින අති බුද්ධිමත් අපේ ජනතාව, ඊට පස්සේ තමන්ගේ සංවේදීකම, දයාව, කරැණාව, වීරත්වය අනිත් අයට වඩා ඉස්මතුවෙන කමෙන්ට් දාලා, අපි නම් ඔහොම නෑ කියල, තමන්ව උඩින් තියාගෙන සතුටක් ලබනවා, (බ)
අමු අමුවේ මිනිස්සු මරණ ලංකාවේ අයට සතෙක් මරලා හමගහන එක මොකක්ද එක අතකට? (නි)
මේ වගේ අයට නම් ඇප දෙන්න එපා. මොවුන් මිනිස් ජාතියටම නිග්‍රහයක් (නි)
මේවගේ පවුකාරයන් ගැන කිසිදාක අහන්න නොලැබේවා. (අ)
කොයිතරම් ලස්සන සතෙක්ද. මොන හිතකින් මැරුවද මන්ද. (බ)
මෙහෙමත් තිරිසන් මිනිසුන් ටිකක් (අ)
මොවුන්වත් මේ වගේ හම ගහන්න ඕනෑ. තිරිසන් මිනිස්සු. මේ වගේ දුර්ලභ සතෙක් අද කාලේ දකින්නත් අමාරුයි. (නි)
පුදුමාකාර මස් වැද්දෝ! දකිනකොටත් තරහයි මට නම් (නි)
ඇයි කුකුල්ලු මරන්නෙත් හම ගහල නේද?? අැයි ඒවාට විරුද්ධ වෙන්නැත්තේ කුකුල් මස් නැති වෙයි කියලද?? (බ)
පණ ඇති උකුස්සෙක් මේ වගේ කරදරයක් නැතුව උස්සාගෙන ඉන්න පුළුවන්ද? මේ ගැන වහා සොයාබැලිය යුතුයි (නි)
මහා ලොකු සිංහල බෞද්ධයෝ. පොඩි කාලෙදිවත් පන්සලකට, දහම් පාසලකට ගිහින් නැද්ද? (නි)
මෙයා දන්නෙත් නෑ කිව්වා නේද? නියපොත්තක් දෙකක් ගැලෙව්වාම දැනෙයි මෙයාටත් වේදනාව (බ)
හැම සතෙක්ම මරණ එක නතර කරන්න පුලුවන්නම් කොච්චර හොදද? (බ)
ගොඩක් අය මේ නරුමයින්ට මස් වැද්දා යන හොඳ වචනයෙන් නොදැනුවත් කමට ආමන්ත්‍රණය කර ඇත. මස් වැද්දා යනු කැලයට ගොස් සිංහයන් කොටින් මරා අඩක් කා දමන මස් හොරෙන් බලා සිට රැගෙන එන ජීවිකාව කරන්නාය. මස් වැද්දා කිසි දිනක සතුන් නොමරණ දානයට කැප මාංශ පිළියෙළ කරමින් මහත් පින් කරන කෙනෙකි.(බ)
ඔවුන් තිරිසන්නු ඔවුන් විතරක් නෙමේ ඔවුන්ට බැන බැන කුකුල් මස් හරක් මස් කන තොපි ඔක්කොම තිරිසන්නු මේවට කෑ ගහනවා. කෝ ඒවාට කටවල් ඇරෙන්නේ නැද්ද? (බ)
මොවුන් මොන හිතකින් මේ අපරාධය කළාද කියලා හිතාගන්න අමාරුයි (නි)
මේ මිනිහට බුරුවො හත්දෙනේක්ගේ වයස වගේ දෙගුණයක් වයස එත් මොලය පිහිටල තියෙන්නේ අතන වගේ. මේ සත්වයාගේ වටිනාකමක් ගැන තේරුමක් නැති තරම. (අ)
දැනුත් ඉන්නේ මැරිලා වගේනේ. අර විදුලිසැර වැදිලා මැරිලා හිටිය කතාව ඇත්තද කියලත් හිතෙනවා වෙලාවකට (නි)
මේ වගේ අයට දෙන්න දඬුවම් නෑ. අහිංසක සතා හම ගහනකොට කොච්චර වේදන්වක් දැනෙන්න ඇත්ද. අවුරුදු 7ක් දෙන්න ඕන හිර දඬුවම්. (ර)
මේ වගේ අපරාද කරුවන් කිබුල්ලු ඉන්නා වලකට ගිහින් අතඅරින්න ඕනා ඒ තිරිසන් කිරියාවේ ප්‍රතිපල විදින්න. (ර)
දහ අතේ අඬන අය අද කී දෙනෙක් රෑට කුකුල් මස් රස බලනවද? (ර)
මෙතන අදහස් දක්වපු අය දාල තියෙන්නේ, සිද්ධිය සම්බන්ධ අය තිරිසනුන්ට සමන කරමින්, නමුත් හැබෑවටම මේ සතා මැරිල තියෙන්නේ වෙන අනතුරකින්නම් , පව් නේද මේ මිනිස්සුන්ට එහෙම අපහාස කරන එක. අනිත් කාරණයනම් , මේ මොහොත වෙනකොටත් විල්පත්තුව එලි කරනව, ඒ විතරක් නෙමේ තවත් කැලෑබද ඉඩම් අක්කර සිය ගනනින් එලිකරමින් පවතිනව, ඉතින් ඒ වනන්තරවල ඉන්න සත්තු , උන්ගේ බිත්තර , සිය දහස් ගනනින් විනශවෙනව. ඒ විතරක් නෙමේ හලාල් ක්‍රමයට මරන හරක් , කුකුල්ලු සියලම සතුන් හුගාක් විදවලයි මිය යන්නේ (බ)
ගයන් මම කියන්නෙත් ඕකම තමා (අ)
මොවුන්ව පොලිසියෙන් අල්ලාගෙන යනකොට කියපු අහංකාර කතා ටික අන්තර්ජාලයෙන් බලන්න. මොවුන්වත් ඒ විදියටම හම ගහන්න ඕනෑ. ම්ලේච්ඡයින්. (නි)
පෙනෙන විදිහට මේ උකුස්සා දැනටමත් මියගිහින් වගේ. මුලින්ම උකුස්සා මියගිය විදිය හෙවුවොත් හොඳයි (නි)
මේ මිනිසුන්වත් ටික ටික හම ගහන්න ඕනෑ මේ කරන තිරිසන් වැඩ වලට (නි)
අනිවාර්යෙන්ම දඬුවම් දිය යුතුය. තවම ඉන්නේ ගෝත්‍රික යුගයේ. (ර)
අපේ පොලිසිය නම් පරික්ෂණය කරන්නේ ආයෙත් අහන්න දෙයක් නැහැ නියම විද්‍යානුකූලව පරික්ෂණය කරයි. (නි)
මේක වීඩියෝ එකක් නෙමෙයිනේ දඟලනවා පේන්න. ඉතින් මැරිලා වගේ ඉන්නේ ඒ නිසයි. (නි)
කරන කලට පවු මිහිරිය මී සේ.... විඳින කලට දුක් දැඩිවෙයි ගිනි සේ... (නි)
මිනිසුන් මරණ අතුරුදහන් කරන සමාජයක ගොළුවත රකින, උකුස්සෙක් වෙනුවෙන් හඩන මිනිසුන්. (ර)
මොනතරම් කුරිරු සිත්ද මේ මිනිසුන්ට ඇත්තේ? මොවුන් සමඟනේ අපි මේ සමාජයේ ජීවත්වෙන්නේ? (නි)
මුවත් හම ගහන්න ඕනෑ (බ)
මේ වගේ අපරාධ වැඩි වැඩියෙන් ඉස්සරහට අහන්න ලැබෙයි. මිනිසුන් තිරිසන් වෙලා (නි)
උකුස්සාගෙ අවාසනාවට ඌ මැරුණා. මරපු අය ප්‍රාණඝාත අකුසලය කරගත්තා. මෙතන අදහස් දාපු ගොඩක් අය ඊටවඩා කර්ම කරගෙන (නි)
කුකුළෙක් හම ගැහුවා නම් ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම මෙතන අදහස් දාන සියලු උපාසකයන් සියලු පාපයන්ගෙන් වෙන්වී සියලු අකුසල් වලින් වෙන්වී දයාව මෛත්‍රිය සිත් තුළ පුරවාගෙන ඉන්න මේ අවස්ථාවේ ඔවුන්ගේ චිත්ත ප්‍රසාදය කඩන්න හොඳ නැහැ අපි (නි)
තහනම් නම් කොයි සතාත් මරන්න තහනම්. එ්කට උකුස්සා, කුකුළා, හරකා, ඌරා කියලා වෙනසක් නැහැ. (නි)
මේ අපරාධය කළ අයට වැඩිකල් නොගොස් දිට්ට ධම්ම වේදනීය කර්මය පටිසන් දේවා! (නි)
මේ මිනිසුන්ට හොඳක් නම් වෙන්න එපා මේ කළ අපරාධයට! (නි)
මේ තියෙන්නේ සාක්කි. උකුස්සා මරන්න ගත් ආයුධ ගැන සොයාබලන්න අරගෙන යන්න තියෙන්නේ (නි)
පෙනෙන්නේ නැද්ද දැනටත් කකුල් වලට හැදිලා තියෙන ලෙඩ. තවත් ඉදිරියේදි විඳවන්න වෙයි (නි)
පින්තුරය ගන්න වෙලාවේ නම් සතා මැරිලා වගේ. මරණයට හේතුව තමයි හොයන්න ඕනේ. (ර)
හොර හරක් වදහිංසා දීලා මරල කන රටේ අයටනම් මේක හඬක් වීම පුදුමයක් (අ)
මේ සතා මොන හිතකින් හම ගැහුවද කියන එකයි මට හිතාගන්න බැරි (නි)
මෙතන කමෙන්ට් දාන වැඩිදෙනා හරි අවබෝධයකින් කරනව කියන්න බැහැ, බලන්න මේ සතා හමගහන්න කලින් මැරිලා නේද ඉන්නේ. පණපිටින් හමගැහුව කියල මේ මිනිස්සුව හම ගහනව නේද ? පණපිටින් ඉන්නනම් ඔහොම ෆොටෝ ගන්න බැහැ .බලන්න සතාගේ බෙල්ලත් කඩන් වැටිලා නේද තියෙන්නේ. මම මෙයා පිරිසිදුයි කියනවා නෙමේ දැනුවත්ව කමෙන්ට් දාන්න (බ)
මේ වගේ දරුණු මිනිස්සු අතින් මොන වගේ අපරාධ ඉදිරියට සිදුවෙන්න පුලුවන්ද? (නි)