හෝමාගම මීගොඩ කජුගහයටදෙණියේ යාච්ඥා මධ්‍යස්තානයකට බලෙන් ඇතුළු වී අලාභ හානි කළැයි කියන සිද්ධියේ සැකකාර විහාරාධිපති හිමියන් ඇතුලු පිරිස හෝමාගම උසාවියට අද (13) ඉදිරිපත් කරනු ලැබුහ.
ඔවුන් උසාවියට එද්දී බෞද්ධ කොඩි රැගත් පිරිස් උසාවිය අවට මහ පාරේ රැස්ව සිටියහ.ඇප ලැබීමෙන් පසු හෝමාගම සීලවංශ හිමියන් දැක බලා ගැනීමට මහා සංඝ රත්නය ඇතුළු පිරිස් පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගොඩාක් දෙනෙක් භික්‍ෂූන් වහන්සේට බණ කියන්න හදනවා. මේ රටට විපතක් පැමිණි හැම මොහොතකම උන්වහන්සේලා මේ රට ජාතිය රැක ගත්තා. (නි)
මේ වගේ අය හින්දා තමයි අද රටේ ප්‍රශ්න වැඩිවෙලා තියෙන්නේ. (නි)
කුමන්ත්‍රණ තියෙන නිසා තමයි කුමන්ත්‍රණ කියන්නේ. හාමුදුරුවන්ව අපහසුවට පත් කරන්න අටවපු කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන් මේක.. (නි)
මේක නිදහස් රටක්. ඕනෑම කෙනෙකුට තමන් කැමති ආගමක් අදහන්න අයිතිය තිබෙනවා. (නි)
මට මතකයි මෙවැනි මධ්‍යස්ථානයක් වටලපු වෙලාවේ, එතනට ඇවිල්ලා හිටිය අහිංසක මිනිස්සු. මන්ද බුද්ධික, කොර, ගොළු, බිහිරි, අඳ, ඔක්කොම හිටියා. මේවගේ කරන්නේ ප්‍රධාන වශයෙන්, සුව කරන්න බැරි ලෙඩ දුක් සුවකරන බවට ප්‍රචාර යවා මිනිසුන් මුලාකොට පවුල් පිටින් ආගමට හැරවීමයි. (නි)
අපි වචන පාවිච්චි කළ යුත්තේ ඒ වචන වල නියම තේරුම දැනගෙන. එසේ නොමැති වුවොත්, එය භාෂාවටත් කරන අසාධාරණයක් වෙනවා. අනික මෝඩයෙකු හා තර්ක කිරීමෙන් ඔප්පු කළ හැක්කේ එතන මෝඩයින් දෙදෙනෙකු සිටීම පමණක් යැයි මා අසා තිබෙනවා. (නි)
අපේ පැරණි හාමුදුරුවරු සුද්දන්ට කරපු දේවල් අද හාමුදුරුවරු කලාට හරියන්නේ නැහැ.(නදී)
සිවුර දුටුවිට රටේ තිබුණ භක්තිය දැන් නැතිවෙනවා මේ දේවලින් (නි)
අවිහිංසාවාදී කියනවා මමනම් මේ වෙනතෙක් ඒවගේ දෙයක් දැක්කේ නැහැ ?සමහරු ප්‍රචණ්ඩත්වයේ හැසිරෙනවා හැරෙන්න (දී)
රෝමානු කතෝලික අයත් සමග බොදු සිංහල අයට කිසිම ප්‍රශ්නයක් නැහැ. ඒ අය එකම කාසියක දෙපැත්ත වගේ. (නි)
අප සැමදා ඔබ වහන්සේ සමගයි. (නි)
බුදු දහම විනාශ කරන්න වුවමනාව තිබෙන පිරිසක් ඉන්නවා. (නි)
නිකම්ම කන්න හම්බවෙන කොට දිරවගන්නත් මොනවා හරි කරන්න ඕනේ නේ එකයි .(දී)
අනිත් ආගමකට ගරු කරන්න දන්නෙ නැතුව කොහොමද බුදු බණ මිනිස්සුන්ට කියා දෙන්නෙ. (ස)
ස්වාමීන් වහන්සේ නමක් මීට වැඩියේ ගුණ ගරුක අවිහිංසාවෙන් ප්‍රශ්න විසඳන අයෙක් වුනා නම් නේද ආදර්ශවත් (ස)
ඇත්තටම මොකක්ද වුනේ? පැහැදිලි නැහැ. (ස)
සමහරු හරිම පුදුම කතා කියන්නේ. (නි)
ඇත්ටම ඔය ශිලය රකින ඇත්තම බුද්ධ පුත්‍රයින්ද ? ඔය රටේ පුවත් පත්වල අදත් තියෙනවා මහලු අම්මා කෙනෙක් දුෂණය කරලා, වයස තුනක් කුඩා දැරියක් කෙලෙසලා. ඉතින් ඒවාට නීති ගෙන්න කියලා කෑ මොර දෙන්න බැරිද ? (ස)
බුදුන් වහන්සේ දේශනාකළේ මේකද අපේ හාමුදුරුවනේ (දී)
රට යන අත! අවවාදයයි... හැමවිටම පෙනෙනවාට වඩා යමක් දිය යට පවතී, කැලැඹුන විට පෙනෙනු ඇත (නි)
මේ විදිහට අදහස් පල කරන එක නතර කල යුතුයි මොකද කියනවා නම් මේකෙන් සමහර පුද්ගලයන් අදහස් ප්‍රකාස කරන විට අනවශ්‍ය දේ ප්‍රකාශ කරනවා මෙය මගේ පුද්ගලික මතයවේ (අ)
මේ යාඥා මඩු නම් මහා වදයක්. මිනිස්සු අමු අමුවේ මරණවා මේ පාදිලා. මැරුණාම දෙවියන්ගේ කැමත්ත කියලා පැත්තකට වෙනවා. මේකද කිතුණු හරය??? සාක්ෂි ඇතුව කියන්නෙ? (ස)
මෙවැනි දේ ශිෂ්ඨ සම්පන්න සමාජයක සිදු නොවිය යුතුයි. (නි)
හැමෝම හාමුදුරුවන්ට එරෙහිව කතා කළාට ඇත්ත සිද්ධිය මොකක්ද දන්නේ නැහැ. මේක බොරු කුමන්ත්‍රණයක් වෙන්නත් පුළුවන් (නි)
සිවුර දුටුවිට රටේ තිබුණ භක්තිය දැන් නැතිවෙනවා මේ දේ වලින් දැන් දැන් ප්‍රචන්ඩ ක්‍රියා වෙන්නේ පන්සල් වල ඉන්න හාමුදුරැ වරැන්ගෙන් නේ හාමුද්‍රරැවනේ තමන් දන්න බුදු දහමක් නැති නිසයි මේ දේ වල් වෙන්නේ බුදු දහම තියෙන්නේ පාඩම් කරන්න නෙමෙයි පිලිපදින්න පිලි පැදලා ගිහියන්ට ගිහි ජිවිතය ගත කරනවනමි එය කරන්නේ කොහොමද කියලා පැහැදිලි අවබෝධයක් ලබා දෙන්න . ඔබ වහන්සේලා මේ වගේ වැඩ කරද්දි කොහොමද අපේ සමාජය හදා ගන් නේ අපට ලැජිජායි.(දී)
ෂෝන් තේරුමක් නැතුව ලියල තියනවා,කුසුම් හරි,ආගම පටලව ගන්න එපා ,ඕනෑම ආගමක් අදහන්න මිනිස්සුන්ට අයිතියක් තියනවා,පන්සලට සෙනග අඩුවුණා කියල පල්ලි කඩන්න බැහැ,මාදුළුවාවේ සොබිත හිමි කියල තියනවා පන්සලෙන් හරි පල්ලියෙන් හරි ජනතාවට වෙන්න ඕන සේවය හරියට වෙනවනම් කවුරුත් ආගම වෙනස් කරන්නේ නැහැ, මේවැනි හාමුදුරුවෝ බොරුවට කැගැහුවට වැඩක් කරන්නේ නැහැ ,පන්සලෙන් ජනතාවට වෙන්න ඕන සේවය හරියට කළා නම් පල්ලි කඩන්න ඔන නැහැ ,පල්ලියටත් එටිකම තමයි කියන්න තියෙන්නේ , (දී)
චතුල වෙරෝනා, සෑම්, අදහස් දමන්න කලින් ටිකක් හිතලා බලන්න. කොහොමත් ඔය දෙන්නම බුද්ධාගමේ නෙමෙයි කියලා නම් පෙනෙනවා. (නි)
බුද්ධාගම කියන්නේ අවිහිංසාවාදී ආගමක්. සිවුරක් දාගත්ත පලියටම බුද්ධ පුත්‍රයෙක් වෙන්න බැහැ. එහෙම නම් ඔය සිවුරු පෙරවා ගෙන රඟපාන අයත් හමුරුරුවරුද?ලැජ්ජාවක් කියලා දෙයක් තියෙනව නම් මෙහෙම සිවුරට කෙළෙසමින් ඉන්න තක්කඩි බලන්න නියම හාමුදුරුවරු නම් එන එකක් නැහැ. (ස)
පළමුවෙන්ම හාමුදුරුවරු බෞද්ධ දර්ශනය ඉගෙන ගන්න. එය ජනතාවටත් හරියට කියලා දෙන්න. එතකොට ඔය යාඥා කරන කෙනෙක් කරගනීවි. ඒවාට බෞද්ධයෝ යන එකක් නෑ. බෞද්ධ දර්ශනය දන්නා අය ඕවට හරවගන්න බෑ. එනිසා වරද තමන්ගේම මිසක් යාඥා කරන මිනිසුන්ගේ නොවෙයි. මේ ස්ථාන බිඳිය යුත්තේ අතින් පයින් නොවෙයි. ධර්මයෙන්. (ස)
හාමුදුරුවරුන්ට පුළුවන් ක්‍රිස්තියානි අයට සහ මුස්ලිම් අයට බුද්ධාගම උගන්වන්න. එහි හරය කියා දෙන්න. (නි)
අපි ගිහියන් වශයෙන් මහා සංඝයාගේ වැරදි කීම පාපයක්. නමුත් මේ සිවුරු ඇඳ ගෙන චණ්ඩිකම් කරන අය නිසා අවිහිංසාවාදී බුද්ධ දර්ශනයට වෙන අවැඩ ගැන නම් කියල වැඩක් නැහැ (නි)
ඊයේ පන්සල ගිනිට තියපු අයව අල්ලන්න බැරි වුනා. මේකේ විහාරාධිපතිව අල්ලලා. මොනවා උනත් ඇත්තටම මේ වැඩේ කලේ මෙයා නම් සිවුරු ද ගත්ත චන්ඩියෙක්...එහෙම අයව බලන්න එන්නෙත් නියම හමුරුවරු නම් නෙමෙයි.සාසනේ විනාශ කරන්න ආවා අය. (ස)
බටහිර රටලව තරුණයෝ බුද්ධාගම ඉගෙන ගන්න කැමතියි. හැබයි මේවා දැක්කොත් එයාලා මොනව හිතයි ද?. මම හිතන්නේ මේවා බුද්ධාගමේ නම කැත කරන්න කුමන්ත්‍රණ කියලා. (ස)
කොහෙද තියෙන්නේ ලංකාවේ බුදුහාමුදුරුවෝ දේශනා කළ බුදුදහම? පාපයේ ජීවත්වෙලා කට්ටඩියන් හා දේවාල පස්සේ ගිහින් බොරුවට අපි බෞද්ධ කියලා නහින්න හදනවා. (නි)
හාමුදුරුවන්ට නීතිය උගන්වන්න දැන් කාලය ඇවිත් වගේ. ආගමයි නීතියයි දෙකක්. (ස)
බෞධාගම කියන්නේ අවිහිංසාවාදී ආගමක්. සිවුරක් දාගත්ත පළියට බෞද්ධ පුත්‍රයෙක් වෙන්න බැහැ. (නි)
දැන් ඔය හාමුදුරුවෝ විතරද වැරදියට හැසිරෙන්නේ? (නි)
අපිට තනි අතින් අප්පුඩි ගහන්න බෑ රටේ ලොක්කන්ගේ අවදානය මවට යොමු විය යුතුයි නේද?(අ)
මේ රටේ ආගමක්වත් අදහන්න අයිතියක් නැහැ.පන්සලට මිනිසුන් එන්නේ නැති නිසා අනිත් ආගම් වලට තහංචි දැමීම හොඳ නැහැ. (නි)
බුදුන් වහන්සේ දේශනා කළේ මේවද ? (නි)
බලන්න. අපේ සිසුන් සහ තරුණ පරපුර වැඩි පිරිසක් මත්පැන් කුඩු නොයෙක් නොමනා ක්‍රියාවලින් කොතරම් ජිවිත අහිමි වෙනවාද? රෝගී වෙනවාද? ආගමකින් වෙන්නේ දහම් සිතුවිල්ලක් (නි)
තිලක්, ඔයා හරි, හැබැයි ගොඩක් අයට ඕවා තේරෙන්නේ නැහැ (නි)
ගොඩක් අදහස් වලින් පෙනෙන්නේ මේ ප්‍රශ්නය හරියට තේරුම් අරගෙන නැති බවයි. අන්‍යගමිකරන පනත ගෙනල්ලා මේ ප්‍රශ්නය විසදනවා නම් ගොඩක් පින්. අපිට අහිංසක දුප්පත් බෞද්ධයෝ ටික රැක ගන්න පුළුවන්. කෙනෙක්ට තර්ක කරන්න පුළුවන් යන කෙනෙක්ට යන්න දෙන්න කියලා, එහෙත් මේ ප්‍රශ්නය දිහා ගැඹුරින් හිතන්න. එතකොට පැහැදිලි වෙනවා අන්‍යාගමිකරණයේ ආනිසංස. (නි)
ශෝන්, ඔබ කියලෙ තියන විදියට මෙවැනි යැදුම් මධ්‍යස්ථාන මගේ ආගමික ප්‍රතිපත්තියටත් පටහැනියි. නමුත් එහෙම කියලා ඒ තැන් වලට ගිහිල්ල ඒවා විනාශ කරන එක අපේ ධර්මයේ හරයට එකඟද? එහෙම කරන එක හරිද? මේ පාස්ටර් වරු මෙහෙයවන මධ්‍යස්ථාන වලින් වැඩිපුරම පහර වැදී තිබෙන්නේ කතෝලික පල්ලියට. කතෝලික පල්ලියේ අඩුපාඩු ඉස්මතු කරමින් ජනතාව ඔවුන් වෙත නතු කර ගන්න අවස්ථා ඕනෑ තරම් තියනවා. නමුත් කතෝලික පල්ලිය මේ ගැන සැලෙන්නේ නැහැ. සැලෙන්නේ හේතුවකුත් නැහැ. කවර හෝ ලෙඩෙකු තම කැමැත්තෙන් ලෙඩේට බෙහෙත් ගැනීම පසුකලා, දෙවියන් යැදීමෙන් සුවය ලැබෙනවා යැයි විශ්වාස කොට එම මධ්‍යස්ථානයකට යනවා නම් එක ඒ අයගේ කැමැත්ත. එතන යම් අඩුපාඩුවක් උනොත් ඒක ඒ අය බලා ගනීවි. රටේ නීතියක් තිබෙන බව අමතක නොකරන්න. ජනතාව යම් මුලාවිමකට යොමුවෙලා යැයි ආගමික නායකයින් හට හැඟෙනවා නම්, ඔවුන් කලයුතු වන්නේ තම ධර්මයෙන් අධර්මය ජය ගැනීමයි. (ස)
ඒ හිමි නම ප්‍රධානත්වය ගත්තා කියමුකෝ, මේ වැඩේට ගමේ මිනිස්සුත් සහාය දීලා තියෙනවා (දී)
මේ හාමුදුරුවෝ හොඳ සිල්වත් හාමුදුරු කෙනෙක්. එහෙම නැත්නම් මේ හාමුදුරුවරු දායකයෝ මෙහෙම බෞද්ධ කොඩිත් අරන් බලන්න එයිද? පුරාණ විහාරයක දීර්ඝ කාලයක් වැඩවසන හාමුදුරු නමක්. මොකක් හරි දෙයක් මෙතන තියෙනවා කුමන්ත්‍රණයක් වගේ එකක්.මේ ජ්‍යෙෂ්ට දායක මහත්වරු එන්නේ නැහැ මේ හාමුදුරුවෝ වැරදි නම්. (ස)
මේ යන්නේ හොඳ පාරක නෙමෙයි. (නි)
හාමුදුරුවෝ බුද්ධාගමේද (දී)
පල්ලියට ගොඩ වැඩි වෙනකොට කවුරුත් කට අරීද? විනාශයේ කට විනාශ කරන්නම ඕනා මොකද ඉතිරි මිනිස්සුන්ට වත් යහපතක් වෙන්න. කුසුම් ඕකට කියන්නෙ ආත්මාර්තකාමී කම. ඔයාව මරලා ඒක දෙවියන් වහන්සේගේ කැමැත්ත කියනවාට ඔයා කැමතිද? (ස)
බෞද්ධයන් හැමවිටම කියන්නේ කුමන්ත්‍රණ කියලා ,එහෙම වන්නේ පාට කන්නාඩි වලින් බලන ,අඩු අධ්‍යාපන ලාභීන් උනාම. (ස)