මහරගම හෝටලයක් හිම් කතකගෙන් රුපියල් තුන්ලක්ෂයක අල්ලසක් ගත්තැයි සැක පිට රිමාන්ඩ් බාරයේ සිටි හෝමාගම දිසා විනිසුරු සුනිල් අබේසිංහ රුපියල් ලක්ෂ 50 බැගින් වු ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා නියෝග කළේය.
විදේශ ගමන් බලපත්‍රය උසාවි භාරයට ගත් අතර සාක්කිකරුවන්ට බලපෑම් කළහොත් ඇප අවලංගු කරන බවද මහේස්ත්‍රාත් ප්‍රකාශ කළේය. ඇපකරුවන් දෙදෙනා ළගම ඥාතීන් විය යුතු බවටද නියමයක් පැනවිණි.
පළමුවැනි සැකකරු පොලිස් කොස්තාපල් මහින්ද කිත්සිරි ලබන 24 වැනිදා තෙක් යළි රිමාන්ඩ් කරනු ලැබීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ අයව තව සොයා බලා අල්ලන්න. උසාවි වල නඩු කල් යනන් හේතුව ඕක තමා මගේ හිතේ. (නි)
අන්තිමට කොස්තාපල් වැරදිකරු වේවි. අල්ලස් දීමට උත්සහ කිරීමට හොටල් හිමිකරුත් වරදකරු වේවි.(නදී)
මේ පිලිබඳ ඉතාමත් සුක්ෂම පරීක්ෂණයක් සිදු කළ යුතු වේ. මොකද ලක්ෂ 3 ක් කියන්නේ විනිසුරුට ලොකු ගානක් නෙමෙයි. ඒක නිසා මේක ලොකු වෑයමක් විය හැකියි. තවද අර කාන්තාවගේ වටපිටාව ගැනද සොයා බැලිය යුතුයි (නි)
මේ නඩු අවරුදු ගණන් කල්දමා දමා ඉන්න එපා ඉක්මනට අහල තීන්දුවක් දෙන්න.(ස)
දිසානායක,ඔයා කොහොමද දන්නේ මම එහෙම කෙනක් කියලා. නිකන් විහිලු කරන්න එපා! මම හරිම සැහැල්ලුවෙන් ජීවත්වෙන කෙනක්.ඒක වෙන්න ඇති මම ඒ වගේ අදහස් දාන්නේ. (නි)
නීතිය ක්‍රියාත්මක කරන්න ඉන්න මේ වගේ අයත් මේ වගේ වැඩ කරනවා නම් අන් අය ගැන කවර කතාද? උපරිම දඬුවම් දිය යුතුයි සෙසු අයට ආදර්ශයක් වෙන්න. රට හදන්න බැහැ නැත්නම් (නි)
හාල්මැස්ස අහු වෙලා .(නදී)
දඩෙයි, ශරීර ඇපෙයි වෙනස දන්නේ නැති මිනිස්සුත් අපි අතර ඉන්නවනේ? (නි)
නීතිය සාධාරණව ජනතාවට තීන්දු ප්‍රකාශ කිරීමට ශපත කර දිව්රා පොරොන්දු වුන කෙනෙක් මෙලෙස නීතිය මුදලට විකුණුව නේද ? (නි)
මුදල් මත පදනම් උන ආර්ථික රටාවක ඔබ වැනි උගත් අය කරන්නා වූ මෙවැනි පහත් ක්‍රියාවන්ට ලැබුණු හොද දඩුවමක් ලෙස මෙය මා දකිමි. (ස)
ඇයි ලොක්කට විතරක් ඇප දෙන්නේ, කොස්තාපල් අඩු කුලේද?(නදී)
නියම දඩය. (ස)
මේක විහිලු කතාවක් හෝ බොරුවක් මේ මනුස්සය අමාරුවේ දන්නා කරපු උගුලක්.(නදී)
ලොකු තල් මසුන් දැවටුන පොඩි මාළු දැලේ - පොඩි පොඩි පාරු සෙලවී පෙරළෙනවා බොලේ.(නදී)
මොහු මේ දේ කළා කියල හිතන්න මගේ හිත නම් ඉඩ දෙන්නේම නැහැ. මේ වගේ මුදලකට තම ආත්ම අභිමානය කෙලෙසා ගන්න මෙවැනි උගත් පුද්ගලයෙකුට පුළුවන්ද? (නි)
ගාමිණී -සිරි, ඔතන තියෙන්නේ තමන්ගේ වගකීම හා රැකියාවේ ඇති ගරුත්වය මුදලට පාවාදීමක් නේද? (නි)
ඔය අහුවෙලා ඉන්නේ හාල් මැස්සෙක් පමණයි ....ඔය වගේ වැඩ කරන තෝරු මෝරුන් කොච්චර රටේ ඉන්නවද? උන් කවදාවත් දැල්වලට අහු වෙන්නෙම නැහැ. (ස)
ඇයි කොස්තකාපල් ආපහු කුඩුවට ගියේ? (අ)
හොරා නිදහස්. අහිංසකයා හිරේ.(නදී)
ගිහාන් පිලපිටිය කියන්නේ නොම්මර එකේ ව්නිසුරුවරයෙක් , යාළුකමට උදව් නම් ලැබෙන එකක් නැහැ ඔන්න. (ස)
රංජනීගේ අදහස් හරිම ලාමකයි සෞම්‍යයයි ,මටසිලුටුයි, ලස්සනයි... මම හරි කැමැතියි (නි)
මේ පොලිස් කාරයෝ, නඩුකාරයෝ, නීති තැරව් කාරයෝ එකතු වෙලා මිනී මැරුම්, වන්දි ,හොරකම් නඩු තීන්දු වෙනස් කොලේ පහු ගිය ආණුඩුව තිබුන කාලේ ඉඳලා. පාතාලේ අය හරහා මුදල් බෙදා දුන්නේ. දැන් මේ තනියෙන් කන්න ගිහින් වැඩේ වරද්දගත්තා. නයා තනියෙන් නටන්න ගියාම ඔහොම තමා.(නදී)
මෝරා දැන් එළියේ හාල්මැස්සා තාම ඇතුලේ. (නදී)
මෙතන ඉන්න හැමෝම අදහස් දාලා තියෙන්නේ හරියට තීන්දුව දුන්නා වගේනේ. අපි ටිකක් ඉවසා ඉදිමු. හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමේ කියනවනේ. (නි)
ජීවත්වීමට සරිලන වැටුප් කාටත් ඕනය. සල්ලි මිනිසා දෙවියකු හෝ තිරිසනකු කරති.(ස)
බොහෝ කලක පටන් අපේ රටේ මුළු නීති ක්ෂේත්‍රයම පල් ගදගහන මඩ ගොහොරුවක් වැනිය, කිසිදා නීතියේ පිළිසරණක් නොපතමි.(නදී)
එසැනට පින්සිද්ද වෙන්න ,රටේ සිද්ධීන් ක්ෂණයකින් කියවනවා.පියෙක් හැටියට උසස් නිලධාරියෙක් මුහුනපාපු ඉරණම ගැන මම කම්පාවටත් ,දැඩි සංවේගයටත් ,දුකටත් පත් උනා. මින් ඉදිරියටවත් "අසේව නාච බාලානං - පණ්ඩිතා නන්ච සේවනා " බණ පදය අපි කාටත් පාඩමකි ! (ස)
ඉර හඳ සහ සත්‍යය දීර්ගකාලයක් ලොවෙන් වසන්කල නොහැක. (ස)
මහජන මුදල් කෝටි ගණනින් ගසාකන දේශපාළුවන් ගැනද සොයාබැලීම වටී (නි)
නීතිය කාටත් එකම විදියට ක්‍රියාත්මක කරනවා කියලා හොද ආදර්ශයක් ලබා දුන්න ගිහාන් පිලපිටිය ගරු විනිසුරුතුමාට අපේ උපහාරය. (නි)
රජිත්-ඉතාලි පුතේ,අල්ලස් ගැනීමත්, අල්ලස් දීමත් දඬුවම් ලැබියයුතු වරදක්. ඔබ කියනදේ හරි. අපි කව්රුත් මාර්ග ඵල වලට පැමිනිලා නැහැ. නමුත් මෙතන කිසියම් අකටයුත්තක් ,අසාධාරණයක් ,වෙලා තියෙන බව පෙනීයනවා. දුරකථන සංවාද,සාක්ෂි මෙහෙයවන තෙක් බලන් ඉඳිමු පුතේ ! (නි)