ප්‍රගීත් එක්නැලිගොඩ පැහැරගෙන යාම සම්බන්ධයෙන් නඩු විභාගය පැවැත්වෙන හෝමාගම උසාවිය අවට රැස්වීම් හා පෙළපාළි තහනම් කරමින් හෝමාගම වැඩබලන මහේස්ත්‍රාත් ප්‍රියංකා මද්දුමපටබැඳි මහත්මිය අද නියෝගයක් නිකුත් කළාය.
නඩු විභාගය සඳහා එම සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් යුද හමුදා නිලධාරීන් තිදෙනා හෝමාගම උසාවියට සඳුදා(6) රැගෙන ඒමට නියමිත අතර ඊට විරුද්ධව පෙළපාළි හා විරෝධතා සූදානම් කරතියි සැකයක් මත ජාතික නිදහස් පෙරමුණේ පියසිරි විජේනායක, ප්‍රබෝධ පීරිස්, ප්‍රියංගා කොතලාවල හා බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම් ගලබොඩඅත්තේ ඥානසාර හිමි යන පිරිසට එසේ තහනම් නියෝගයක් පනවා ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒක හොඳයි. උද්ඝෝෂණ දැන් රැල්ලක් වෙලා (නි)
රණවිරුවා වුණත් එක එක අයගේ කීමට වැරදි කර තිබේ නම් දඩුවම් දෙන්න ඕනෑ. ඒකයි නීතිය. (නි)
වැරැද්දක් කළා නම් දඬුවම් දීම නීතියේ වගකීමක් බව නොදන්නා අයත් සිටිති ලොවේ (නි)
බොරුවට උද්ඝෝෂණ කරන එකේ තෙරුමක් නෑනේ. ඒ නියෝගය ගෙන ආ එක හොදයි. (හේ)
ඇයි මේ අහිංසක රණවිරුවන් රඳවාගෙන ඉන්නේ පරගැති කොටියන් නිදහස් කරනවා උන්ගෙන් ඡන්දේ අරන් දිනපු නිසා අපිට අපේ රණවිරුවන් ලොකුයි මෙයාලට වුවමනා විදියට නටන්න දෙන්න බැහැ රණවිරුවන්ට ජයවේවා (බ)
උසාවිය කියන්නේ ගෞරවනීය තැනක්. එතනට උද්ඝෝෂණ අවශ්‍ය නැහැ (නි)
උද්ගෝෂණ කරන එක මානුෂික අයිතියක් නොවේද? (නි)