දෙමටගොඩ ශ්‍රී බෝධි විහාරයට ගොස් රුපියල් 22000ක සිවුරු හා අටපිරිකර සොරා ගත් බව කියන හිමි නමක් බුද්ධ ශාසන අමාත්‍යංශයේදී අද අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි.
දෙමටගොඩ ශ්‍රී බෝධි විහාරයට ගොස් රුපියල් 22000ක සිවුරු හා අටපිරිකර සොරා ගත් බව කියන හිමි නමක් බුද්ධ ශාසන අමාත්‍යංශයේදී අද අත්අඩංගුවට ගත් බව දෙමටගොඩ පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කෝ අර සේනාව. එක්කෝ හාමුදුරුවෝ දඹදිව චාරිකා සංවිදානේ කරලා කියක්වත් හොයාගන්නවා. එක්කෝ සල්පිලක් දානවා. එක්කෝ බෝධි පුජාවක් තියලා කියක්වත් ගලවා ගන්නවා. සේනාව මේවට කෙදිරියක්වත් ගාන්නේ නැහැ. ඒ මොකෝ නොර්වෙන් එපා කීවද.(නදී)
ඇති යන්තම්. හොරා අතටම අහු වුනා (නි)
ජනතාව යාපත් විදියට ජීවත් වෙන්නේ කෙසේද ?(අ)
පද්ම, ඔයාලට දැන්ද තේරුණේ? අපිට නම් මුලින්ම තේරුණා. (නි)
ගොඩක් චණ්ඩින්ට සිවුරු දාලා පාරට එවන්න පුළුවන්. එතකොට සැක කරන්නේ නැහැනේ. සල්ලි යන්නෙත් නැහැනේ හොරෙන් ගත්තම (නි)
කෝ අර පිටිගල මිලානෝ කියන මන්දමානසිකත්වයෙන් පෙලෙන කෙනා? (නි)
නීල්, ඔබත් ධර්මය ගැන අනවබෝධයකින් පෙලෙන බව නම් පැහැදිලියි.බුද්ධ ධර්මය ආර්යය සත්‍ය සතර මත පදනම්ව ඇති බවයි තථාගතයන් වහන්සේ දේශනා කර ඇත්තේ.ඒ වගේම මේ ධර්මය උතුම් වූ නුවනැත්තන් විසින් ප්‍රත්‍යක්ෂ වශයෙන් දතයුතු යැයි දහමේ ඇති ගුණයක් ලෙස තථාගතයන් වහන්සේ විසින් දේශනා කළා. (නි)
මෙන්න මේවා අපේ වගකිවයුතු හාමුදුරුවන්ට පෙනෙන්න ඕනෑ. පහු ගිය කාලේ රට දෙවනත් කරපු බලකායට පුළුවන් මේ සිවුරු දාගත් හොර සාදුට දඬුවම් දෙන්න. (නි)
මේකෙන්ම පේනවා අපේ සිවුරු දාගත් අය අතරෙත් හොරු තක්කඩි ඉන්නවා කියලා. අදින්නා දානා වේරමණී සික්කා පාදන් සමාදියාමි කියලා වැඩක් නැහැ (නි)
ඔයාලා ඔහොම එක එක කතා කියනවා නම් මේ "මහා ජාතියේ" මුර දේවතාව හාමුදුරුවෝය කියමින් පදනමක් හදන්නේ මොකෝ. (නි)
ගිනි තියගත්තාණන් ඉවරනේ, (අ).
පන්සල් වල එකතු වෙන සල්ලි දුප්පටුන්ටවත් නොලැබෙන නිසා හොරකම් කලාට නම් නැහැ.
මෙතන වෙන ප්‍රශ්නයක් තියෙන වගේ පේන්නෙ. එක්කෝ මෙයා හාමුදුරු කෙනෙක් නෙමෙයි, සුළු ගානක් හොයා ගන්න සිවුරක් දාගෙන පොඩි හොරකමක් කරපු කෙනෙක්. හොරකමක් කරලා බුද්ධ ශාසන අමාත්‍යංශයට ගියා නම් මොලේ හොඳ නැතුව ඇති. අට පිරිකර නිකම් ලැබෙන එකේ ඇයි හොරකම් කරන්නේ? (නි)
චන්ද්‍ර , ඔබේ අදහස් ඉතා කාරුනිකයි.ඔබ සැබවින්ම බුදු හිමියන්ගේ දහම අනුගමනය කරන කෙනෙක්. නීල් ඔබේ අදහස් ඉතා අගයමි. තවත් ලියන්න. ලොකු බණක් අහනවට වඩා මේ අදහස් ඉතා සරලය (අ).
මංජු,ඔබේ කථාවට එකඟයි (නි)
පනාගොඩ කෙනාගෙ බුදු දහම ගෙන තියෙන දැනුම අන්තිමයි. අනිචවත සංකාරා කියන්නේ සියලු සංස්කාරයන් අනිත්‍යයයි කියන එක. (ත)
අනේ අන්නිච්චන් සංසාරේ! (නි)
හොරකම් කරලා තියෙන්නේ හාමුදුරුකෙනෙක්. හොර බඩු සිවුරු සහ අට පිරිකර. හොරකම් කරගෙන තියෙන්නේ පන්සලකින්. ඔක්කොටම වැඩිය අත්අඩංගුවට අරන් තියෙන්නේ බුද්ධ ශාසන අමාත්‍යංශයේදී. මේකයි අපේ අනාගතය. (නි)
. සේනාව ඉන්නවා ඔයවගේ සිල්ලර වැඩ වලට නෙමේ. හොඳ ජාත්‍යන්තර වැඩක් කියන්න එන්නම්. (අ)
මනෝජ්, එහෙනම් හොරු ඉස්සෙලම පන්නින්න ඕනෑ අහවල් පැලස් එකටනේ. නිකන් මෝඩ කතා කියන්න එපා. (නි)
අනුර පනාගොඩ මොකද නිකන් කින්ඩියට වගේ ? මනුස්සයෝ මේ සිවුරක් ඇඳගත්ත කුඩු කාරයෙක්. නැතුව සාමනේර නමක්වත් උපසම්පන්දා භිත්ෂුවක්වත් නෙවි.(නදී)
පද්මා කිව්වට ඔය පද්මා ගේ අදහස් නොවන බව කවුරුත් දන්නවා.(නදී)
ඒ හාමුදුරුවෝ සිල්වත්නම් ,අදින්න සිවුරු උවමනානම් මම කැමැති ඒසල්ලි ගෙවල හාමුදුරුවන්ට උදව් කරන්න . සොයල බලල නැවතත් ලියන්න . තෙරුවන්න් සරණයි සියලුම දෙනාට. (අ)
මුස්ලිම් සහෝදරයන්ගෙන් ඉල්ලීමක් කරන්න කැමතියි. කරුණාකර ඇවිලෙන ගින්නට පිදුරු දමනවා වගේ අනවශ්‍ය අදහස් ලියන්න එපා. පුවත්පත් කියවන්නේ දැනුම වර්ධනය කිරීම සදහා පමණි. අනුන්ව සමච්චලයට ලක් කරන්න නොවේ. මෙය එක්තරා සිද්ධියක් පමණයි. ආගම් වලට අපහාස කිරීම වැරදියි. (නි)
දැන් පංසල් බොහොමයක බිස්නස් මධ්‍යස්ථාන (අ)
තව ලියන්න කියා ඉල්ලීමක් ඇති නිසා එක් වැකියක් ලියමි. විශ්වයේ පරම සත්‍ය ඉතා සරල නිසා අවබෝධ වන්නාට ක්ෂණයෙන් එය වැටහෙන නමුත් එසේ නොවන තැනැත්තාට විස්තර කිරීමේදී ඒ සඳහා වචන භාවිතා කරන ප්‍රමාණය වැඩිවන තරමටම කරුණ සංකීර්ණ භාවයෙන් තවත් සංකීර්ණ භාවයට පත්වේ. (නි)
තත්වය පරීක්ෂා කරන්න ගෙනිච්චද දන්නෙ නැහැනේ (නි)
මේකට බුද්ධාගමට බැනල වෙඩක් නැහැ . සෑම ආගමකම ඉන්නවා ඔය වගේ හොරු තක්කඩි . වැරැද්ද කරන්නේ මනුස්සයෝ. ආගම් නෙමේ. (ත)
මට හාමුදුරුවො ගැන දුක හිතෙනවා (අ)
ජනිත් මම කිව්වේ කාට වුනත් අනේ අනිච්චාවත සංසාරේ කියල නැතවඅපහාසයකට නොවේ. තොප්පිය හරිනම් දා ගත්තට කමක් නෑ එහෙම දාගත්තොත් ඔයාටත් ඉතින් අනේ අනිච්චන් සංසාරේ තමා (අ)
කෝ මේ නොයෙක් සංවිධාන? (ත)
සිවුරක් දා ගත්ත පලියට බුද්ධ පුත්‍රයෙක් වෙන්න බැහැ. අද වගේම බුදුන් දවසත් මෙවැනි අය හිටියා. දෙව්දත් කියන්නෙත් චීවරධාරියෙක්. ඒත් එක්කම අට පිරිකර ගොඩ ගහගෙන බිස්නස් කරන බොහෝ පන්සල් එම ක්‍රියාව ගැන නැවත සිතන්නට කාලය ඇවිත් (නි)
අයියෝ ,මගේ රටට මොකද මේ වෙලා තියෙන්නේ? පොලිසියත් හොරකම් කරනවා මදිවට දැන් හාමුදුරුවොත් හොරකම් පටන් ගත්තද ? බුදු හාමුදුරුවනේ දැන් වඩින්න කාලය ඇවිත් වගේ. (ත)
යමක් දැක්කද දැක්කා පමණයි යමක් ඇසුනාද ඇසුනා පමණයි යමක් දැනුනද දැනුනා පමණයි අප ඉන් ඉදිරියට කිසිවක් සිතීම අවශ්‍ය නොවේ... මතුවට විදීමට ඉතුරු කරගැනීම නිෂ්පල දෙයකි!(අ)
පන්සලකට ගිහින් මෙහෙම දේවල් කරන්න බැහැ. මෙය නගරයක බෝධියක් වෙන්න ඇති. (ත)
ස්වාමින් වහන්සේලාට මොකද මේ වෙලා තියෙන්නේ? සමහර අය ගහ ගන්නවා, හොරකන් කරනවා, බලෙන් වන්දවාගෙන සමාව ඉල්ලා ගන්නවා, ගිනි තියා ගන්නවා... මේවාද බුදුන් වහන්සේ දේශනා කරලා තියෙන්නේ? (නි)
අපට තියෙන්නේ නිකම් බල ගෙන ඉන්න එක. හොඳ හොඳ දේවල් එළිවෙන ජාමෙට කිව්වලු (අ)
මේ ස්වාමින් වහන්සේනමට තම ගෞරවය ගැනවත් හිතුනේ නැද්ද මන්දා? මේවයින් වෙන්නේ බහුතරයක් වූ ස්වාමින් වහන්සේලව අපහසුතාවයටත් අවමානයටත් පත් වීමයි (නි)
අනේ සරත් ඩු, වටිනාකම තියෙන්නේ සිවුරේ කියලා හිතාගෙන ඉන්න ඔහේලා වගේ අය නිසා තමයි බුද්ධ ශාසනය විනාස වෙලා තියෙන්නේ. බුදු දහම තියෙන්නේ සිවුරේ නෙමේ, මොකේද කියලා දැනගන්න ඕනෑ නම් කියවනවා. දැන් මුළු ධර්මයම (සුත්‍ර, අභිධම්ම) සිංහලට පරිවර්තනය වෙලා තියෙන්නේ (නි)
පිටිගල සහෝදරයා ඔබගේ නියම නම යොදා අදහස් දැම්මා නම් වටිනවා. (නි)
රොකි ඔබ හරි. කෝ අපේ සේනාව? (නි)
රු:22,000/= කියන්නේ 8 පිරිකර 5,6 ක වටිනාකමක්. වාහන පර්මිට් නායක හිමිවරුන්ට ලැබෙන කාලේ පොඩි නමක් කල පොඩි වැඩේට සමාවක් දීලා, ඉල්ලා අස්කරගන්න හාමුදුරුවනේ.(නදී)
තියෙන පන්සල් වලට තියෙනවා නැති එකාට හුළං. වෙසක් එකට ගමේ කුඩුවක් හැදුවත් ඒක වටේ ඉටිරෙදි එල්ලලා පුංචි දොරකින් ඇතුල්වෙන්න සලස්වල එතන ඉඳන් සල්ලි එකතුකරනවා. බුදුදහම දඩ මීමා කරගෙන මුදල් උපයන ව්‍යාපාරයකුයි බුද්ධ සාසනය විදිහට ප්‍රයෝගිකව කෙරීගෙන යන්නේ. දහමේ මුලික අරමුණ වන නිර්වාණය ගැන හිතන ගිහියොත් නැහැ පැවිද්දොත් නැහැ. මැරුණට පස්සේ විතරක් නිවන් සැප ලැබේවා කියා බැනර් එකක් ගහනවා. සාසනය ව්‍යාපාරයක් උනහම චීවරධාරීන් ව්‍යාපාරිකයන් බවට පත්වෙනවා. අසාර්ථක උනහම හොරුවෙනවා. මෙයයි කවුරුත් දැනගෙන නොදන්නවා වගේ ඉන්න යථාර්තය.(නදී)
ඕනෑ ආගමක ඔය වගේ අය ඉන්නවා. මතකනේ බෝගහපැලැස්සේ ළමා නිවාසය. මීගමුවේ ළමා අපයෝජන. අනික බුද්ධාගම කියන්නේ හාමුදුරුවරුන්ව බල බලා ඉන්නවට නෙමෙයි. බුද්ධාගම දැනගන්න අභිධර්මය කියවන්න ඕනෑ. (නි)
බුදුදහම කවදත් උතුම්ම ධර්මයයි. (නි)
මේ රටේ දෙශපලකකුට කාට ද අතතියන්න පුලුවන් ඒ වගේ රටටට එපා කරපු දුසකයෝ කීදෙනෙක් ඔය වටින සිව්රට මුවාවෙලා ඉන්නවද? බුදු දහමට අනුව අපි කව්රුත් මැරුණට පස්සේ කොහාටද යන්න ඕනේ කියලා අපිටම තම තීරණයක් ගන්න වෙන්නේ? (අ)
පිටිගල මිලානෝ. ඔබ තුමා මේ සිද්දිය ගැන මොකද කියන්නේ? වෙන ආගමක ජාතියක යම්කිසි දෙයක් උනොත් ඔබ තුමා ඔබ තුමාගේ පණ්ඩිත කම් පෙන්නනවා කොටින්න්ම කිවොත් මිලානෝ නගරයේ පාතාලය ගැන මිට ඉහත සිද්දි 3,4 වාර්තා උනා ඒ ගැන තුමා එක අදහසක්වත් ඉදිරිපත් කලේ නැහැ. මට නම් හැගෙන විදියට ඔබ තුමා බියගුල්ලෙකි සහ ජාති ආගම් වාදියකි.(නදී)
නොදුන් දෙය ගැනීම විශේෂයෙන් බුද්ද පුත්‍රයෙකුට නොගැලපෙන ක්‍රියාවක්....මේවා දකින්න අපත් පව් කරලා ඇති..(අ)
අපේ ලොකු හාමුදුරුවරු එලියට පැමිණිය යුතු කාලය ඇවිත් ඇත. (අ)
හාමුදුරුවරුනම් දැන් දැන් සිවුර පොරවාගෙන නරක වැඩ කරනවා වැඩියි. ඒත් මේවට මුකුත් කියන්න බැරි බුද්දාගම ආරක්ෂා කර ගන්න හාමුදුරුවරු සුලු සංක්‍යාවක් හරි ඉන්න නිසා.(නදී)
බුදුදහම දඩ මීමා කරගෙන මුදල් උපයන ව්‍යාපාරයක් බුද්ධ සාසනය විදිහට ප්‍රයෝගිකව කරගෙන යන්න පහසු වෙලා තියෙන්නේ බුදුදහම දැනගන්න නම් අභිධර්මය දැනගත යුතුමයි යන මිත්‍යා දෘෂ්ටිය සම හරක් හිතා මතාම පතුරුවන නිසා. පුරාණ ඍෂිවරු සිය දේශනා සඳහා එය වටහා ගත හැකි බුද්ධිමතුන් පමණයි තෝරා ගත්තේ. නමුත් බුදුන් ධර්මය දේශනා කලේ උගත් නුගත් කුලීන කුලහීන සියලුදෙනා සඳහා. ඒ නිසාම බුදුදහම පවතින්නේ කාටත් වටහාගත හැකි සරල පදනමක් මත මිස කීපදෙනෙකුට පමණක් අවභෝධ වේයැයි පාරම්බාන අභිධර්මය මත නොවේ. ලොව පරම සත්‍ය බුදුදහම බව බුදුන් වත් දේශනාකර නැහැ. එය විශ්වයේ ස්වභාවය නම්වූ ත්‍රිලක්ෂණය මත පදනම්ව එයින් මිදීමේ මගක් හෙවත් නිර්වාණයට මගවූ ආර්ය අෂ්ටාංගික මාර්ගය පෙන්වදෙන්නක්. නමුත් ගැටලුව වන්නේ ත්‍රිලක්ෂණය හරි හැටි අවභෝධ කරගත් කීදෙනෙක් ගිහියන් අතර හෝ පැවිද්දන් අතර හෝ සිටීද යන්නයි. (අ)